අන්තර්ජාලයේ සුපිරි තාරකාව ඩර්බි
මෙතෙක් කලක් සාමාන්‍ය සුනඛයකු මෙන් නිදහසේ කෙළිදෙලෙන් දුව පැන ඇවිදීමේ හැකියාව අහිමිව සිටි ඩර්බි මුද්‍රණ යන්ත්‍රයකින් මුද්‍රණය කරනු ලැබූ ඉදිරිපස ගාත්‍රා යුවළක ආධාරය ඇතිව දිව යන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් පසුගිය දිනවලදී අන්තර්ජාලය ඔස්සේ අතිශය ජනප්‍රිය විය. මිලියන පහකට අධික පිරිසක් යූ ටියුබ් වබේ අඩවිය ඔස්සේ නෙතට කඳුළු නංවන මෙම සංවේදී වීඩියෝ පටය නරඹා තිබුණේ දින කිහිපයක් තුළ ඩර්බි අන්තර්ජාල තරුවක් බවට පත් කරමිනි.
ඇවිදීම සිහිනයක්ව තිබුණු ඩර්බිට අනපේක්ෂිත ලෙස මෙම විරල වාසනාව හිමිවූයේ ඇමරිකාවේ දකුණු කැලිෆෝනියා ප්‍රදේශයේ පිහිටි ‘ත්‍රීඩී සිස්ටම්ස්’ ආයතනයේ සේවයේ නියුතු ‘ටාරා ඇන්ඩර්සන්’ ඩර්බිව හදා වඩා ගැනීමට ඉදිරිපත් වීමත් සමගය. එහෙත් කලක් සත්ව අනාථාගාරයක් තුළ එකම තැනකට කොටුවී සිටි ඩර්බිටද සෙසු සුනඛයන්ට මෙන් පහසුවෙන් එහා මෙහා ඇවිදීමේ හැකියාව ලබාදීමට අදිටන් කර ගත් ටාරාගේ මුල්ම අදහස වූයේ මෙබඳු ආබාධිත සුනඛයන්ට ඇවිදීම පහසු කරවන සුනඛ කරත්තයක් ඩර්බිගේ සිරුරට සම්බන්ධ කිරීමයි. නමුත් ඉන් ඩර්බිට සිතුසේ නිදහසේ දුවපැන ඇවිදීමට උපරිම ඉඩකඩක් ලැබෙන්නේ නැති බව අවබෝධ කරගත් ටාරා ත්‍රිමාණ මුද්‍රණයෙන් ඩර්බිට කෘත්‍රිම පෙරපාද යුවළක් නිර්මාණය කිරීමට සත්ව විකලාංග වෛද්‍යවරයකු වන ඩෙරීන් කැම්පානාගේ සහය පැතුවාය. ඩර්බිට කෘත්‍රිම පෙර පාද යුවළක් ලැබුණේ වෛද්‍ය කැම්පානා හා ත්‍රී ඩී සිස්ටම්ස් ආයතනය එක්ව දැරූ උත්සහයක ප්‍රතිඵලයක් ලෙසය.
මීට පෙර සිදුකළ ආකාරයට කෘත්‍රිම ගාත්‍රා අතින් සැකසීමේදී මෙන් නොව පරිගණකගත මුද්‍රණ යන්ත්‍ර ආධාරයෙන් මුද්‍රණය කිරීම වඩාත් පහසු එමෙන්ම කාර්යක්ෂම වූ ක්‍රමයකි. සුනඛයා ශරීර ප්‍රමාණයෙන් වර්ධනය වද්දී පරිගණකගත දත්ත, මිනුම් ආධාරයෙන් එක් එක් අවධියේදී ඔහුට වඩාත් උචිතම ගාත්‍රා නිර්මාණය කරදීමට ඉන් ඉඩකඩ සැලසේ. දැනටමත් ඩර්බි වෙනුවෙන් ඉදිරියේදී භාවිතා කිරීමට ආකාර හතරක පෙර පාද යුවළවල් නිර්මාණය කිරීමට ත්‍රී ඩී සිස්ටම්ස් ආයතනය සමත්ව සිටියි.
ආබාධිත සතුන් වෙනුවෙන් කෘත්‍රිම අවයව නිර්මාණය කරදීමට ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය ඉදිරියේදී ඉතා සාර්ථක ලෙස යොදා ගැනීමට හැකි බවට ඩර්බිගේ සිද්ධිය හොඳම නිදසුනක් බව වෛද්‍ය කැම්පානාගේ විශ්වාසයයි.