මහවැලි ගල් අලියා?

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,489
    6,562
    113

    මහවැලි ගඟෙ ආනකල්ලු ප්‍රදේශයෙන් මතු වූ ස්වබාවික අලියෙකු මෙන් නිර්මාණය කල ' ගල් අලියාට' මොකද වුනේ?

    වර්ෂ 1897 පින්තුරයක්.

    galaliya-01-1024x624.jpg

    මෙම සුවිශේෂී නිර්මාණය පිළිබඳ අද වන විට ඉතිරී වී ඇති තොරතුරු අතරින් මෙම ආනකල්ලු ගල් අලියා සොයාගොස් සටහන් තැබූ විශ්‍රාමික පුරාවිද්‍යා කොමසාරිස්වරයකු වන එච්.සී.පී.බෙල් මහතාගේ සටහන් ඉතා වැදගත්වේ. බෙල් මහතා පුරාවිද්‍යා කොමසාරිස් ලෙස කටයුතු කරන සමයේ තමන්කඩුව එගොඩපත්තුව මුතුගල ප්‍රදේශයෙහි ගවේෂණ කටයුතුවල නිරත වෙමින් සිටියදී මේ අපූර්ව නිර්මාණය සොයා ගිය බෙල් මහතා 1897 සැප්තැම්බර් 23 දින සිය දින පොතෙහි මේ පිළිබඳව බොහෝ තොරතුරු අඩංගු සටහනක් තබා තිබේ. මෙම සටහනට අනුව මෙම සුවිශේෂී ශෛලමය ඇත් ප්‍රතිමාව මුතුගල සිට තරමක් දුරින් කටුවන්විල නම් මුස්ලිම් ගම්මානය සමීපයේ මහවැලි ගඟේ දකුණු ඉවුරේ නිර්මාණය කොට තිබී ඇත. මෙම ස්ථානයේ තරමක විශාලත්වයකින් යුත් ගල් හතක් හෝ අටක් එකිනෙකට සමීපව තිබෙන බවත් එක ගලක බෑවුමේ පාදම දිගේ (එය ගිනිකොන දෙසට වර්තමාන ජල මට්ටමට වඩා අඩි 15 ක් පමණ ඉහළට නැගි ඇත. නමුත් ගොඩබිම පැත්තෙන් අංශක 45 ක ආනතියකින් යුතුය) ඇලියක් කපා තිබෙන බවත් ගල් පර්වතයේ දකුණු කෙළවරේ කුලුනු සඳහා කුඩිම්බි සහිත නොගැඹුරු පියවර නවයක් දෙපස කපා තිබූ බවත් බෙල් මහතා වාර්තා කර තිබේ. බෙල් මහතාගේ නිරීක්ෂණයට අනුව කිසියම් ගොඩනැගිල්ලක් මෙහි තිබී ඇති අතර එය බොහෝ විට ගඟ නිරීක්ෂණය සඳහා වන මුරගෙයක් හෝ ආරක්ෂක කුටියක් විය හැකි බව ඒ මහතා සඳහන් කරයි.

    “ගල් අලියා” යනුවෙන් හඳුන්වනු ලැබූ ශෛලමය ඇත් රූපය මෙම ගල් කුළු අතරින් කුඩා ප්‍රමාණයේ එකක නිර්මාණය කොට තිබී ඇති අතර එය මඳක් ප්‍රක්ෂේපණය වී අඩි කිහිපයක් උඩින් පැවති බව බෙල් මහතාගේ සටහනෙහි දක්වා තිබේ. ක්‍රමයෙන් ඉවුරේ වැලි එකතුවීම නිසා මෙම ගල් අලියා බෙල් මහතාගේ නිරීක්ෂණයට ලක්වන විට අලියාගේ හිස ප්‍රදේශය දක්වා වැලිවලින් වැළලී ගොස් තිබී ඇත. ඒ නිසා ඒ මහතාට දක්නට ලැබී ඇත්තේ අලියාගේ හිස කොටස පමණි. ගල් අලියා දකුණු-ගිනිකොන දෙසට මුහුණලා කෙළින්ම දිය පහරට මුහුණදී සිටින ලෙස නිර්මාණය කොට තිබී ඇති අතර අලියා දණ නමාගෙන සිටින ස්වරූපයෙන් හා හිස තරමක් දකුණට නැඹුරුවන ලෙස (උඩුගම් බලා සිටින ලෙස) නෙළා ඇතිබව මගපෙන්වන්නන් පැවසූ බවද බෙල් මහතා දක්වා තිබේ.

    සමස්තයක් ලෙස සැලකූ විට අලියාගේ හිස විස්මයදනවන නිර්මාණයක් බව සඳහන් කරන බෙල් මහතා එහි සැකිල්ල හා ප්‍රමාණය අනුව මෙම අලි රූපය ජීවමාන අලියකුට සමාන බව සඳහන් කරයි. බෙල් මහතාගේ නිරීක්ෂණයට ලක්වන විට මහවැලි ගඟ පිටාර ගලා ඇති නිසා අලියාගේ ඇස් සහ කන්වලට පහළින් සියල්ලම ජලයෙන් යටවී තිබී ඇති අතර අලියා සම්පූර්ණ නිරීක්ෂණයට ලක්කිරීමට ඒ මහතාට නොහැකි වී තිබේ. ජීවමාන ප්‍රමාණයේ සත්ව මූර්ති ශිල්පයේ අද්විතීය නිර්මාණයකට උදාහරණයක් ලෙස දැක්විය හැකි මෙම නිර්මාණයේ කාලය පිළිබඳ නිශ්චිත හෝඩුවාවක් සොයා ගැනීම සඳහා යාබද ගල් පර්වත පරීක්ෂා කළ නමුත් ඒවයේ කිසිදු සෙල්ලිපියක් සොයාගත නොහැකි වූ බවද බෙල් මහතා සටහන් කොට තිබේ. දැනට මෙම ගල් අලියා පිළිබඳ දක්නට ඇති එකම ඡායාරූපයද බෙල් මහතාගේ ඡායාරූපයකි. එහි මෙම ගල් අලියාගේ හිස මත තරුණයකු නැග සිටින ආකාරය නිරූපිත අතර එම තරුණයා හා සැසඳීමේදීද ගල් අලියා ජීවමාන අලියකුට සමාන බව පැහැදිලි වේ. බෙල් මහතා දක්වා ඇති පරිදි එම ඡායාරූපයේ දැක්වෙන්නේ අලියා මත නැගී ප්‍රීතිමත් තරුණයෙකි. ඔහුද මෙම ගල් අලියා සොයා ගිය සවාරියේ ප්‍රීතිය විඳිමින් සිටින බව පෙනෙන්නේ යැයි බෙල් මහතා සඳහන් කර තිබේ. සම්පූර්ණ අලියා නිරීක්ෂණයට අවස්ථාව හිමි නොවූවද බෙල් මහතා අලි හිසෙහි මිනුම්ද ලබා ගෙන තිබේ.

    මෙම ගල් අලියා සම්පූර්ණ ලෙස නිරීක්ෂණය කිරීමට බෙල් මහතාට අවස්ථාව නොලැබුණද මෙම අලියා සොයා ගිය එච්. ස්ටෝරි (H. Storey) මහතා සහ කැමරන් නම් පුද්ගලයාට සම්පූර්ණ අලියා නිරීක්ෂණයට හැකියාව ලැබී තිබේ. එච්. ස්ටෝරි විසින් 1907දී පළකරන ලද “Hunting and Shooting in Ceylon” ග්‍රන්ථයේදී ඔහු විසින් 1904 වසරේදී මෙම අලියා බැලීමට ගිය ගමන පිළිබඳ තබන ලද සටහනක් හමුවේ. එහි දැක්වෙන අන්දමටද මෙම අලි ප්‍රතිමාව සජීවී ප්‍රමාණයේ ඇත් රූපයකි. මෙම අලියාගේ දළ සහිත වක්‍රාකාරව නැමුනු හොඬවැල ඉතා විශිෂ්ට කලාත්මක අන්දමින් නිර්මාණය කොට තිබූ බවද ස්ටෝරි සඳහන් කරයි. ස්ටෝරි පෙන්වා දෙන ආකාරයට ගඟෙහි වතුර මේ තරම් අඩුවීම ඉතා කලාතුරකින් සිදුවන සිදුවීමක් වන අතර මේ නිසාම කැටයම සම්පූර්ණයෙන්ම මතුවී ඉදිරි පාද සම්පූර්ණයෙන්ම මතුවී පෙනුණු බව සඳහන් කරයි. අවාසනාවකට මෙන් අලියාගේ ඉදිරි පාද එතරම් හොඳින් කැටයම් කර නොතිබූ බව පවසන ස්ටෝරි සඳහන් කරන්නේ දණගසා සිටින අලියා නැගී සිටීමට උත්සාහ දරන ආකාරයක් මින් නිරූපණය කිරීමට උත්සාහ දරා ඇති බවයි. මෙම අලියාගේ ජලයෙන් යටවන වන කොටස, උඩ කොටස හා සංසන්දනය කරන විට එතරම් නිර්මාණශීලී නොවන බව පවසන ස්ටෝරි මහතා අලියාගේ පාද හිසේ ප්‍රමාණයට සමානුපාත නොමැති බවත් සඳහන් කරයි.
    1950 දශකයේදී මහවැලි ගඟ දිගේ ඔරුවලින් ගිය විස්තරයක් ඇතුළත් කරමින් “වන නදිය” නම් ග්‍රන්ථය රචනා කරන ඇස්. ඩී. ද ලැනරෝල් මහතා මෙම ගල් අලියා දුටු බව සඳහන් කරයි. ඒ අවස්ථාවේදීද ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබූ බැවින් ඔහුට දක්නට ලැබෙන්නේද ගල් අලියාගේ හිස සහ පිට ප්‍රදේශය පමණි. 1953 ආචාර්ය පී.දරණියගල මහතා මෙම ස්ථානයේ සිදුකළ නිරීක්ෂණයකදී මෙම ඇත් රූපය 4 වන සියවසේදී පමණ නිර්මාණය කරන්නට ඇති බවට මතයක්ද ඉදිරිපත් කර තිබේ.

    මෙම ස්ථානය ආශ්‍රිතව ගොඩනැගිල්ලක පාදමක් ගල් කණු සහ ගල් පඩි තිබූ බවටද සාධක හමුවී තිබේ. මුතුගල අසල මහවැලි ගං ඉවුරේ ගඟට නෙරූ මනරම් ගල්තලාවක් පවතින බවත්, ගඟ එක්වරම ගල්පරයක හැපීම නිසා වක් ස්භාවයක් ගන්නා බවත්, මෙම ගල්තලාව මත සිට ගඟට නැමී දිය බොන ඉරියව්වෙන් ජීවමාන ප්‍රමාණයේ අලි රූපයක් නෙළා තිබූ බවත්, එය බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක් බවත්, ප්‍රදේශවාසී ද්‍රවිඩ ජනයා එය “ආනකල්ලු” වශයෙන් හැඳින්වූ බවත් ජයසිංහ බාලසූරිය මහතාගේ “මහවැලිය සහ ඓතිහාසික පොළොන්නරුව” නම් ග්‍රන්ථයයෙහි සඳහන් කොට තිබේ.

    මෙම ගල් අලියාගේ කුස තුළ ඇතෙක් බරට වස්තුව ඇතැයි පැවති මිත්‍යා මතයක් නිසා නිධන් කොල්ලකරුවන් එම ධනය ලබා ගැනීමට මෙම ඇත් රූපය වෙඩි බෙහෙත් දමා පුපුරුවා හැරි අතර මෙරට නිර්මාණ ශීල්පීන්ගේ අපූර්ව නිර්මාණයක් සුනු විසුනු වී මහවැලි ගං පතුලේ සැඟවී ගියේය. නිධන් හොරුන්ටද ගැනීමටද කිසිවක් එහි නොවීය. එය අද දක්වාම තිබුණේ නම් එය නැරඹීමට එන්නන් නිසා මෙරට ආර්ථිකයට ලැබීමට තිබූ මහා නිධානයද අහිමි වී ගියේය. අද ඒ පිළිබඳව ඇත්තේ මෙවැනි කෙටි ස්මරණයක් පමණි.

    උපුටාගනිමකි mawratanews.lk​
     
    Last edited:

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,489
    6,562
    113
    1960 wage wenakan thibba iyala thamaa kiyanne

    higana geri sinhalu pupurawanna athi, nodakin
    ඔව් වෙස හුත්තිගේ පුත්තු බෝර ගහල කුඩු කරලා.
    මේ අලි රූපේ තනිකරන natural අලියෙක් වගේ අබපු එකක්ලු.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    15,150
    26,281

    උපුටාගනිමකි​

    mehema ekak ahuweth adai.

    TFS.