ඩ්රෝවින් එක ප්රින්ට් කරගමු (IV) - AutoCAD Tutorial
අලංකාර හුරුබුහුටි නිවසක් නිර්මාණය කරගැනිමේ පාඩම් මාලාවේ හතරවන හෙවත් අවසාන පාඩම විදිහට අද කියලා දෙන්න යන්නේ, අපේ සැලසුමේ විස්තර දාගෙන කේජ් එකක් සහ සැලසුම කොලේකට ස්කේල් එකකට හදාගෙන ප්රින්ට් කරගන්නේ කොහොමද කියලා. ගොඩක් අයට අමාරුයි කියපු වැඩක්. ක්රම 3ක් කියලා දෙනවා. ගැලපෙන ලේසි එකක් තෝරගෙන අද ඉදන් හරියට වැඩේ කරමු.
අපි කලින් පාඩම් වලදි කතා කරා කොහොමද ප්ලෑන් එක, සෙක්ෂන් එක, එලිවේෂන්, ෆවුන්ඩේෂන්, ලේ අවුට්, සයිට් ප්ලෑන් ඇදගන්නේ කියලා. මම හිතනවා මේ වෙනකොට ඔයාලා ඒ ටික බලල ඇති කියලා. බැලුවේ නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ඒවා ටික බලාගන්න පුලුවන්.
මම විඩියෝ එකේදි කිවා AutoCAD ෆයිල් එක ඔයාලට දෙනවා කියලා. ඒක මම පහලින් දානවා. එක අරගන්න. මොනවා හරි ගැටලු ඇති වුනොත් එතනිනුත් ඔයාලට බලාගන්න පුලුවන්. ගොඩක් දේවල් ඔයාලට ඒකෙන් ඉගෙන ගන්න පුලුවන් මම මේ කියලා දුන්න දේවල් වලට අමතරව. Line Thickness, Dimension Style, Text Sizes... වගේ ගොඩක් දේවල් බලාගන්න පුලුවන් එතනින්. ඉගෙන ගැනීම සදහා පමණක් එය භාවිතා කරන්න. එය කිසිවෙකුගෙන් කොපි කරගෙන කරපු නිර්මාණයක් නොවේ. ඔයාලට ඉගැන්වීම සදහා මමම නිර්මාණය කරපු දෙයක්.
AutoCAD Drawing File - New Project 01 (.dwg)
Google Drive
Mediafire
Mega
හැමදාම වගේ ඔයාලගේ අදහස් කියාගෙන යන්න.
උපුටා ගැනීම : Saagaraya Blog
වැඩි විස්තර : ඩ්රෝවින් එක ප්රින්ට් කරගමු (IV) - AutoCAD Tutorial

