ඩාවින් දශාවතාරම් නැරඹුවේද ?

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ඩාවින් දශාවතාරම් නැරඹුවේද ?

    චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය කොපමණ තර්ක විතර්ක වලට මැදිව වුවත් මිනිසාගේ පරිණාමය පිළිබඳව පිළිගත හැකි විද්‍යාතමක එළැඹුම වසයෙන් තවමත් පවතී. මුළුමනින්ම බටහිර විද්‍යාත්මක දැනුම මත පිහිටා ඉදිරිපත් කෙරුණු පරිණාමවාදය හින්දුන්ගේ සුප්‍රකට ඉගැන්වීමක් හා විශ්වාසයක් වන විෂ්නුගේ දශාවතාරය සමග අපූරුවට ගැළපෙන බව මා දැනගනු ලැබූයේ ඉතාම මෑතකදීය. එහෙත් මා හට උපකල්පනයක් ගොඩ නහා ගත නොහැකි වූයේ නිර්මාණ්වාදයේ අග්‍රඵලයක් වන හින්දු දහම සහ නිර්මාණවාදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන පරිණාමවාදය එක පෙළට මෙතරම් සමාන්තරව ගැට ගැසෙන්නේ කෙසේද යන්නයි.

    හින්දු මනුස්මෘතියේ මෙසේ සදහන් වෙයි.
    බ්‍රහ්ම පළමු කොට ජලය මවා බ්‍රහමාණ්ඩය එහි හෙළීය.
    මෙහි බ්‍රහ්මාණ්ඩය යනු ජීවයට උපත ලබා දෙන බිජුවයි. බිජුවෙන් උපන් අණ්ඩජ වේ.
    පරිණාමවාදයට අනුව ආරම්භක ජීවියා ජලජ සතවයෙකි. විෂ්නුගේ පළමු අවතාරයද මත්ස්‍යාවතාරයයි. විෂ්නු මුලින්ම ලොව පහළ වනුයේ මාළුවකුගේ වෙසෙනි.
    Matsya_by_miss_luna.jpg

    පරිණාමවාදය අනුව දෙවන එහි දෙවන අවධිය දිය -ගොඩ දෙකෙහිම ගැවසෙන තරමක් දියුණු ජීව විශේෂයකි.විෂ්නුගේ දෙවනි අවතාරය වන්නේ කුර්ම අවතාරයයි. කුර්ම යනු ඉදිබුවාට එන තවත් පර්‍යාය පදයකි. ඌ දිය ගොඩ දෙකෙහිම වාසය කරයි.
    hindu10-6.jpg

    පරිණාමවාදයට අනුව ඊටත් උසස් අවදියකට ජීවය පරිණාමය වන්නේ මුළුමනින්ම පස් පොළව මතයි.විෂ්නුගේ තෙවනි අවතාරය වන්නේ වරාහ අවතාරයයි. වරහා යනු සූකරයා හෙවත් ඌරාට කියන තවත් නමකි. සූකරයන් ගොඩබිම මෙන්ම මඩෙහි ද ජීවිතය ප්‍රිය කරන්නෙකි. සත්වයෙක් වශයෙන් ගත් කළ සූකරයා ඉදිබුවාට වඩා පරිණාමීය වශයෙන් ඉදිරිගාමී එකෙකි. දත් ,හිස් කබල ,කශේරුකාව ආදීය නියම වශයෙන් පරිණාමයට භාජනය වීඇති අතර පිටකටුව වෙනුවට ගනකම් සමක් තිබේ.
    or-s06close1.jpg

    පරිණාමවාදයට අනුව සිව්වන උසස් අවදිය විශේෂිත එකක් වෙයි. සත්වයා දෙපයින් සිට ගැනීමේ සිට අත් සහ ඇගිලි වැඩී වර්ධනය වීම මෙන්ම වර්ධනය වෙමින් තිබෙන මොළයේ ප්‍රාථමික අවස්ථා මෙම අවදියේදී දැක ගැනීමට හැකි වීම ඊට හේතුවයි. ඊට ගැළපෙන ලෙස විෂ්නුගේ සිව්වන අවතාරය වන්නේ වානර අවතාරයයි.
    vamana_avatar_wd26.jpg

    පරිණාමවාදයට අනුව ඊළග දියුණු අවදිය ලෙස එළඹෙන්නේ අර්ධ මිනිස් අර්ධ තිරිසන් යුගයයි. දැන් ක්‍රමිකව වැඩුණු මොළය යම් තාක් දුරකට දියුණු වී තිබේ ස්වයං යැපීම පිණ්ස අහාර සොයා යන මේ සොබාදහමේ ජීව කලළය තම මව් වූ සොබාදහම සමග ගැටීමක් ඇතිකර ගත්තේය. මෙ අවධිය වනවිට වානරයාගේ තියුණු කෘන්තක හා රදනක දත් වෙනස් වී ,,කොදු ඇට පෙළ දිග හැරී වළිගය හැළී දත් සැකසී අත් පා ඇගිළි වල වෙනස් කම් සිදුවී ,සංඥා නිකුත් කිරීම හා ගැනීම ද දියුණු වී තිබුණි. මේ තත්වයන්ට ගැළපෙන්නේ විෂ්නුගේ පස්වැනි අවතාරය වන්නේ නර සිංහ අවතාරයයි. නොඑසේ නම් අර්ධ මිනිස් අර්ධ තිරිසන් යුගයයි.
    250px-Narasimha_oil_colour.jpg

    පරිණාමවාදයට අනුව මානවයා තම ප්‍රගමනයේ ඉදිරි පියවරක් තබන්නේ උහු ගින්දර නිපදවා ගැනීමට සමත් වීමත් සමඟය. ගින්දර සොයා ගත් මානවයා තමන් මෙතෙක් අමු අමුවේ අනුභව කළ මස් හා වෙනත් ආහාර ගින්දර උපයෝගී කරගෙන තම්බාගෙන සහ පුළුස්සාගෙන කෑමට පටන්ගත්තෙය. එපමණකින් නොනැවතී විවිධ සරල උපකරණ ප්‍රයෝජනයට ගැනීමටද මානවයා මේ අවදියේදී උගෙන හුන්නේය. විෂ්ණුගේ පරශු රාම හෙවත් සයවෙනි අවතාරය ගැළපෙන්නේ මෙම ප්‍රගමන අවදියත් සමඟිනි.පරශු යනු පොරවට කියන තවත් නමක් වෙයි. පොරව මිනිසා භාවිතා කරන ලද සරල උපකරණයක පරිණාමීය තත්වයකි . .රාම යනු බුද්ධිමත් කම අඟවන සංකේතයකි.සත්තකින්ම පරශු රාම යනු පොරවක් අතින් ගත් බුද්ධිමත් මිනිසා යන අරුත ගෙන දෙයි. විෂ්නුගේ සය වෙනි අවතාරය පරිණාමවාදයේ ක්‍රමික විකශනය සමඟ ගැළපෙන්නේ එලෙසිනි.
    images.jpg

    පරිණාමවාදයේ ඉක්බිති පිවිසීම වන්නේ ශිෂ්ටාචාරීයය යුගයටයි. මානවයා රංචුවක් වශයෙන් එකව සතුන් ඇති කරන ගොවිතැන් කරන යුගය මෙම අවදියය. සමාජයක් වශයෙන් මානවයා සංවිධානය වීමට පටන් ගන්නේ මෙම යුගයේදීය ..විෂ්ණුගේ සත්වෙනි අවතාරය වන රාම අවතාරයද මිලෙච්ජත්වයට එරෙහිව සටන් කරන්නෙකු සංකේතවත් කරයි. රාමායණය අනුව රාම රාවණ නැමති මිලෙච්ජ රජුට එරෙහිව යුධ වදින්නේය. ( දැන් අපේ හෙළ පරපුරේ සහ යක් පරපුරේ ඇත්තන් මා සමඟ වලියට එන්නට කලබල නොවන්න. )
    250px-Lord_Rama_with_arrows.jpg

    මානව සමාජය ක්‍රමිකව සංවිධානය වෙමින්ගොඩ නැගෙත්ම විවිධ බුද්ධිමය බලවේග බිහිවෙමින් සත්‍ය සොයා යන්නට, ලෝකයේ අරුත් පසිදින්නට ,දර්ශනය ආදී විශයයන් බිහිවෙන්නට පටන් ගනියි. ලෝකය බුද්ධිමය සංවාද වලින් පිරී යයි. විෂ්ණුගේ ඊළග අවතාරය වන්නේ කෘෂ්ණාවතාරයයි. ශ්‍රී කෘෂ්ණා යනු බුද්ධියේ උල්පතයි. ඔහු සත්‍ය සොයා යන ආත්ම ගවේෂකයෙක් වෙයි.
    Krishna_1.267153834_std.jpg

    පරිණාමවාදයට අනුව දැන් භෞතික ත්ත්වයේ ජෛවවේදී සාධක ඉක්මවමින් මිනිසාගේ මොළයේ වැඩීම සිදුවෙන යුගයයි. ලෝකය හැසිරවෙන්නේ ඔහුගේ බුද්ධිය ට සමගාමීවය. මෙම යුගයට සාපේක්ෂ වන විෂ්ණුගේ නව වන අවතාරය වන්නේ බුද්ධ අවතාරයයි. බුද්ධ යනු මානව බුද්ධියේ උපරිම තත්වය හෙවත් එහි විකසිත භාවය සංකේතවත් කරන්නාවූ සාධකයකි. දැන් මානවයා ගතකරනු ලබන්නේ එම බුද්ධියේ උපරිම තත්වයේය.
    buddha_avatar_wd32sm.jpg

    අවසාන විෂ්ණු අවතාරය වන කලකී අවතාරය තවමත් ලෝකය තුළ පහළ වී නොමැත.පරිණාමවාදය අනුව ගත් කළ අනතුරුව එළඹෙන මානව පරිණාමය තීරණය කරනු ලබන්නේ මිනිසා නොව ඔහු විසින් හසුරවනු ලබන විද්‍යාව හා තාක්ෂණයයි. කල්කී යන්නේන් කාලය හා අවකාශය ඉක්මවා යන ත්තවයක් පිළිබදව ඉඟිකරනු ලබයි. වර්තමාන ලෝකයේ විද්‍යා හා තාක්ෂණය දියුණුඅ වන්නේ කාලයා හා අවකාශය යන සාධක ද්විත්වය මූලික කරගෙනය. බටහිර විද්‍යාවේ සුසුමාදර්ශීය වෙනසක් සිදුකල අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය පදනම්ව ඇත්තේ කාලය සහ අවකාශය යන සාධක දෙක මතය. (මෙය ඉතා සරල හැදින්වීමක් පමණය)
    Kalki-apocalypse%25255B14%25255D.jpg

    සමෝධානය
    පරිණාමවාදය සහ උක්ත හින්දු සංකල්පය අතර සමානකම් මතු කිරීම ඔස්සේ මට මතු කිරීමට අවශ්‍යය වූ කාරණා මොනවාද ? ඒ එකිනෙකට ප්‍රතිවිරුද්ධ සංකල්පයන් ද්විත්වයක් එකම වස්තු විශයයක් කෙරෙහි පෙන්වනු ලබන සාදෘශ්‍යතාවයන් ඔස්සේ මතු කොට දැක්වෙන්නේ ආසියාතිකයන් වන අප ආගමික හෝ සංස්කෘතික සාධක මත නොසලකා හරිනු ලැබූ දැනුම බටහිරයයන් විසින් ඔවුන්ගේ බුද්ධි මණ්ඩලයන් දියුණු කර ගැනීම සදහා දායක කරගෙන ඇති අන්දමය. හින්දූන් සත්‍ය වශයෙන්ම විෂ්ණුගේ දශාවතාර සංකල්පය විශ්වාස කරන්නේ නම් ඔවුන් සියල්ලෝම බෞද්ධයන්ව සිටිය යුතුය. එපමණක් නොව බටහිර දැනුම මත පිහිටා නොව තමන්ගේම දැනුම් කළලයක් ගොඩනගාගෙන තමන්ටම ආවේණික විද්‍යා හා තාක්ෂණික දැනුම පද්ධතියක් ගොඩනගාගෙන සිටිය යුතුය. නමුත් ආගමික හා සංස්කෘතික සාධකයන්ට මුල් තැන ලබා දීම ඔස්සේ ආසියාතිකයින් එම අනර්ඝ අවස්තාව අහිමි කරගෙන තිබේ. දැන් ආචාර්‍ය නලින් ද සිල්වා වැන්නන් නැවත්ත් යෝජනා කරමින් කියා සිටීන්නේ මේ මගහැරුණු කාරණාවට එළබෙන්නට කියාය. නමුත් ඔහුට වැරදුණු තැන නම් මුලුමනින්ම බටහිර දැනුම ප්‍රතික්ෂේප කොට අළුතිම සල්ලං වන්නට සිටියහොත් සිදුවන්නේ පය ගසා සිටි අත්තත් අහිමි වෙන බවය..


    චින්තක ටිකිරිබණ්ඩාර

    source-http://rathurajarata.blogspot.com/

    හොදනම් කමෙන්ට් එකක් දාලා රෙප් එකක් දිගෙනම යන්න
     
  • Jul 6, 2012
    10,693
    2,918
    113
    අපට කිසිවිටෙකත් අතීතය අමතක කර අනාගතය කරා පියමැනිය නොහැක
    ඉතිහාස කතා තුළ සත්‍යය මෙන්ම මුලාව ද පවතී
    එය තෝරා බේරා ගෙන ඉදිරිපත් කළ හැකි නම් ලෝකයේ සංවර්ධනය කරා ලොකු දෙයක් කළ හැකිය
    අතීතයෙන් උකහා ගත යුතු බොහෝ දේ ද පවතී

    හොඳ ත්‍රෙඩ් එකක්
    :):):)
     
    Last edited: