ඩිමාන්ඩි_භූතයා

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    ඩිමාන්ඩි_භූතයා

    ඔන්න එකෝමත් එක රටක, ජනතාවගෙම බදු මුදල් වලින් ගත්තු උණ්ඩ වලින් ජනතාවටම වෙඩි තියල මරලා, සරමෙ කක්කි නාගෙන හිටපු, මහා මහින්ද කියලා රජ්ජුරුකෙනෙක් ගෝල්පේස් එකේ ඇවිද ඇවිද ඉන්නකොට කකුලෙ වැදුනලු පට්ට පරණ ලාම්පුවක්. මූදු වෙරළෙදි ලාම්පුවක් වැදුණොත් ඉතිං ඒක ඇතුළෙ භූතයෙක් ඉන්නම ඕනෙ නිසා රජතුමා ලාම්පුව අරගෙන පිරිමැද්දලු. එතකොටම භූතයෙක් (-දන්නවනෙ අර නිහාල් සිල්වා දාන හිනාව දා ගෙන-) ආවලු ලාම්පුවෙන් එළියට. මේ භූතයා ඔය වෙන භූතයො වගේ නෙමේ- පට්ට ඩිමාන්ඩිංලු- "මම එකම එක වරමක් දෙනවා- ඒක හරියට ප්‍රයෝජනයට ගන්නව- නැත්නම් මං ආයි ලාම්පුවට රිංගනවා" කියලා දැඩි ලෙස අවධාරණය කෙරුවලු.

    ඉතිං රජතුමා සාටකේ කකා කල්පනා කලාලු. ඒත්, කිසිම දෙයක් ඔලුවට ආවේ නෑලු. අන්තිමට ටොයිලට්-දිය-වඩන නිලමේ ධුරන්දර ඩලා බෝයිට කෝල් එකක් ගැහුවලු මොනවද බං ඉල්ලන්නෙ ඉල්ලනවත් වෙලා මූව කොර වෙන්ඩ යමක් ඉල්ලන්ඩ ඕනෙ නේද කියලා. ඩලා බෝයි දක්සයා- පැනපු ගමං කිවුවලු එහෙනං සර් කොළඹ ඉඳං නිව්යෝක් වලට කාර් එකෙන් යන්ඩ පුළුවං වෙන්ඩ මූද උඩිං පාලමක් හදලා ඉල්ලන්ඩ කියලා. රජතුමා ඩලා බෝයි කිවුව ඉල්ලීම භූතයට කිවුවහම භූතය අර කින්ඩි හිනාව එහෙම දාලා කිවුවලු මෙහෙම.

    "අය්යෝ රජතුමනි, මොන භූතයටද ඔහොම පාලමක් හදන්ඩ පුළුවන්? ජුංඩක් ප්‍රායෝගික වෙන්ඩකෝ. ඔය මහ සාගරයක් මැද්දෙං පාලමක් හදන්ඩ මොන කොන්ක්‍රීට් කන්දරාවක් යකඩ කන්දරාවක් ඕනෙද? හපෝ ඒක නම් බැහැ. තව එකම එක චාන්ස් එකක් දෙන්නං. භූතයෙකුට කරන්න පුළුවං වැඩක් කියන්ඩ..."

    අඤ්ඤකොරොස් වෙච්චි රජතුමා ආයෙමත් කල්පනා කරාලු. ඒ පාර එතුමට මතක් වුනාලු මාගම්පුරේ හදපු මළපාළුවට ගිය නැව්තොටයි- දඬුමොණර තොටයි. කන තරමක් කින්ඩි කන්නේ මේ පාළු තොටුපොළවල් දෙක හන්දා නේද කියලා මතක් වෙච්චි රජතුමා භූත්ගෙන් මෙහෙම ඉල්ලුවලු.

    "භූත් ඔයා දන්නවනෙ මාගම්පුරේ නැව්තොටයි. දඬුමොණරතොටයි. ආසාවට නැවක් දඬුමොණරයන්තරයක් එන්නෙ නෑ. තමුන්නාන්සෙට පුළුවන්නං මට ඔය දෙකට එකම එක නැවකුයි, දඬුමොණරයන්තරේකුයි ගෙන්නවලා දෙන්ඩ."

    රජ්ජුරුවො කියලා ඉවර වෙන්ඩත් කලිං කලබල වෙච්චි භූත් වෙව්වලන කටහඬින් මේං මෙහෙම ඇහුවලු...

    "රජතුමාට ඕනෙ ලේන් දෙකක් තියන පාලමක් ද හතරක් තියන පාලමක්ද?"
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    1005784_158799534309054_549806124_n.jpg