ඩිලන්ත මාලගමුවගෙ කැරැට්ටුව

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    yako mu hoda ekek kiyala mechchara kal hithan hitiye. Salli kadara kamata maara wada karanne minissu. Ane manda.
    මමත් හිතන් හිටියේ එහෙමයි බන්, මේක මීට කලින් එළකිරි එකේ දාලා තිබ්බා
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,602
    6,366
    113
    ඩිලන්ත මාලගමුව හෙවත් ‘නීලකාස හොරා රටක් අන්දා නීතියෙන් රිංගූ හැටි

    (ලංකා ඊ නිව්ස් - 2018.අගෝ.29, ප.ව.1.25)

    ඩිලන්ත රන්ජුල බණ්ඩාර මාලගමුව හෙවත් ඩිලන්ත මාලගමුව ගැන ලංකාවම දන්නේ මෝටර් රථ ධාවන ශූරයකු හැටියටය. එහෙත් ඔහු අනුන්ගේ මුදල් හා දේපළ බලෙන් අත්පත් කරගැනීමට හා වංචා කිරීමටද එවැනිම ශූරයකු බව බොහෝ දෙනා නොදන්නවා විය හැකිය.

    යොෂියාකි හයාෂි (Yoshiyaki Hayashi) ජපන් ජාතිකයෙකි. මොහු මාලගමුව දැන හැඳිනගන්නේ ඔහු රේස් පැදපු නිසාය. එවකට මාලගමුව විවාහ වී සිටියේද ජපන් ජාතික කාන්තාවක් සමගය. විටින් විට මාලගමුවට උපකාර කරන හයාෂිව 2005 වසරේ දී මෙරටට කැඳවාගෙන එන මාලගමුව, වෛද්‍ය අජිත් රණවක හරහා එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාර සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 100 ක් වාරික දෙකකින් ලබා දී ඇත. ඒ සමගම මාලගමුව හයාෂිට පෙන්වා ඇත්තේ ඔහු ජනාධිපති රාජපක්ෂගේ ළඟම හිතවතෙකු වශයෙනි. මෙය පාවිච්චි කරමින් ඔහු හයාෂිට ලංකාවේ ආයෝජනය කිරීමට යෝජනා කර ඇති අතර එම ආයෝජන සියල්ලේම ඇටර්නි බලය මාලගමුව විසින් පවරාගෙන ඇත. ඒ ඔස්සේ පිහිටවූ ‘ඕක් හවුස්’ නම් සමාගමට අදාළ මුදල් බැර කොට ඇත්තේ NDB බැංකුවේ කුරුණෑගල ශාඛාවටය.

    ජපන් ජාතික යහාෂිගේ මුදල් වංචනික ලෙස භාවිත කරමින් ඩිලන්ත මාලගමුව කළ කී දේවලින් කිහිපයක් පහත දැක්වේ.

    01 තමා ජාත්‍යන්තර කීර්තියට පත් රේස් පදින්නකු බැවින්, බැසිල් රාජපක්ෂ තමාට හයාෂිගේ මුදලින් ලැම්බෝගිනි රථයක් ලබාගන්නා ලෙස දැනුම් දුන් බවත් එම මුදල් මසක් ඇතුළත බැසිල් රාජපක්ෂ ගේ මැදිහත් වීමෙන් හයාෂිට ගෙවන බවට පොරොන්දු වූ බවත් පවසා ලැම්බෝර්ගිනි රථයක් මිලට ගැනීම.

    මේ අමූලික බොරුවෙන් හයාෂි රැවටූ මාලගමුව NDB කුරුණෑගල ශාඛාවෙන් කෙළින්ම ඉතාලියේ ලැම්බෝගිනි සමාගම වෙත ඇ:ඩො: 350,000ක් ගෙවා ඇත. පසුව දරුවාගේ ඉගෙනීමේ කටයුතුවලටයැයි කියා හයාෂිගෙන් තවත් ඇ:ඩො: 100,000ක් ඉල්ලාගෙන ඇත.

    02 NDB කුරුණෑගල ශාඛාවේ තිබූ ගිණුම පිළිබඳ ඇටර්නි බලය මිත්‍රයෙකුට පවරා ගිණුමෙන් රුපියල් මිලියන 200 ක පමණ මුදලක් වරින් වර ලබාගැනීම.

    මිත්‍රයා පසුව ප්‍රකාශ කර ඇත්තේ එම මුදල් සියල්ල ඔහු මාලගමුවට ලබා දුන් බවයි.

    03 හයාෂිගේ මුදල් වැය කොට කුරුණෑගලින් අක්කර 14 ක ඉඩමක් මිල දී ගෙන නිවසක් තැනීම.

    04 හයාෂිගේ මුදල්වලින් ලක්ෂ 650 ක් ගෙවා ‘මොන්ටක්‍රිස්ටෝ’ වත්ත, ‘ඕක් හවුස්’ සමාගමට ලබාගෙන ඇත. එවකට එහි හිමිකාරිත්වය දැරූ තිලකවර්ධන ටෙක්ස්ටයිල් හිමිකරුට මුළු මුදලම එක චෙක්පතකින් ගෙවා ඇති අතර මෙය කලකට පෙර JCB සමාගම සතුව තිබූ වත්තකි. එම මිලදී ගැනීමෙන් පසු ‘මොන්ටක්‍රිස්ටෝ’ වත්තේ ‘සෙන්ට්‍රල් ප්ලාන්ටේෂන්’ හි අධ්‍යක්ෂක තනතුරක් හයාෂි විසින් මාලගමුවට ලබා දෙන ලදී. පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණ වලින් හෙලි වූයේ මාලගමුව හොර රහසේ ඔහුගේ නමට එම ඉඩම ලියාගෙන තිබෙන බවයි.

    මෙය දැනගත් හයාෂි කුරුණෑගල උසාවියට, මාලගමුව සැකකරුවෙක් කර බී වාර්තාවක් ඉදිරිපත් කර ඇත. එමෙන්ම NDB බැංකුවෙන් මුදල් ගැනීම පිළිබඳවත් හයාෂි කුරුණෑගල උසාවියට බී වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

    05 ඉහත වංචා හසුවීමට පෙර මරදානේ ගොඩනැගිල්ලක් ලබා දෙනවායැයි කියා සිවජෝති නමැත්තෙකු හා එක්ව මාලගමුව විසින් ඇ:ඩො: 600,000ක් හයාෂිගෙන් ලබාගෙන ඇත. පසුව පොලිස් විමර්ශනවලින් හෙළි වූයේ එම ලිපිනයෙහි එවැනි ගොඩනැගිල්ලක් නොමැති අතර ලබාගත් මුදල් වාෂ්ප වී ඇති බවයි. එහිදී මාලගමුවගේ මිත්‍ර සිවජෝති හයාෂිට පොරොන්දු වී ඇත්තේ ලබාගත් මුදල වන ඇ:ඩො: 600,000 වෙනුවට මසක් ඇතුළත ඇ:ඩො: 840,000ක් ලබාදෙන බවයි. මෙසේ තිබියදී මාලගමුව හයාෂි රැගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් සිවජෝති විසින් එම මුදල වංචා කළේයැයි පැමිණිලි කොට ඇත. එම පැමිණිල්ල මත අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රිමාන්ඩ් භාරයට පත් කොට සිටි සිවජෝති ඇප මත මුදා හැර ඇත. සිවජෝති දුන් කටඋත්තරයට අනුව එම මුදලින් වැඩි කොටසක් ලබාගෙන ඇත්තේ මාලගමුව විසිනි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාලගමුවද එම නඩුවේ සැකකරුවකු ලෙස ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

    06. මුදල් වංචාවලට හසු වී නඩුහබවලට පැටලී ඇති නිසා රටේ සිටින්නට නොහැකි වූ මාලගමුව සිය ජපන් බිරිඳ ද හැරදමා මලයාසියාවට පලා ගියේ හයාෂිගේ මව්රට වන ජපානය තුළද තමාට ආරක්ෂාවක් නැති බව දැනගෙන ය. උසාවියට කට්ටි පැන අලුත් බිරිඳක් සමග මලයාසියාවේ වාසය කළ මාලගමුව ලංකාවේ CSN Night Race පැවැත්වෙන බව දැනගෙන නවතම සැලසුමක් දියත් කරමින් නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ අල්ලාගෙන යලි ලංකාවට පැමිණියේ ය.

    නීතිය නැවූ රාජපක්ෂ පුතුන් ගුවන් තොටුපළේදීම අත්අඩංගුවට පත් වීමට නියමිතව සිටි මාලගමුව නිරුපද්‍රිතව ලංකාවට ගෙන්වා නයිට් රේස් පැද්දේ ය. නිකම්ම නොව මහනායක හිමිවරුන් එපා කියද්දීත් දළදා මාළිගාව වටා ද නයිට් රේස් පැද්දේ මේ ඩිලන්තම ය.

    මොන්ටක්‍රිස්ටෝ වත්තේ වංචාව සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහා අධිකරණයේද හයාෂි මහතා මාලගමුවට එරෙහිව නඩුවක් පවරා ඇත. මොන්ටක්‍රිස්ටෝ වත්ත බලහත්කාරයෙන් අත්පත්කරගැනීම පිළිබඳව නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේද නඩුවක් තිබේ.

    07. ඩිලන්ත මාලගමුව සිය මව සමග කුරුණෑගල මිහිඳු මාවතේ පිහිටි නිවසක බලහත්කාරයෙන් රැඳී සිටීම නිසා නැසීගිය ජනාධිපති නීතීඥ අර්ඩ්ලි පෙරේරා මහතාගේ බෑනනුවන් විසින් ගොනු කළ නඩුවක් විනිශ්චය කළ කුරුණෑගල දිසා අධිකරණය ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

    ඉහත කී කෝටි ප්‍රකෝටි ගණන් වංචා පමණක් නොව ඔහුට ඔබ හසුවුනහොත් ඔබ අතේ ඇති රුපියල් 2000 ටද වංචා කරනවා සිකුරුය. එවැනි තොරතුරු ද රාශියකි.

    මොහුගේ රේස් ජයග්‍රහණ ගැන ද යමක් කිව යුතුය. රේස් තරඟ ෆික්සින් වලට ප්‍රසිද්ධ රටවල හැර මොහු වෙනත් රටවල තරඟ ජයගෙන ඇත්තේ 2 ක් පමණි. කෙදිනකවත් යුරෝපයේ රටක ජයග්‍රහණයක් අහලකටවත් පැමිණ නැත. යුරෝපයේ අවුරුදු විසි තිස් ගණන් වල තරුණ කොල්ලන් මෝටර් රේස් ජයග්‍රහණ දිනද්දී වයස අවුරුදු 55 ක නාකියෙක් රේස් ෆික්සින් වලට ප්‍රසිද්ධ රටවල තරඟ දිනීම වෙනම සැලකිය යුතු කාරණයකි.

    මේ තරම් නීලකාස වංචාකාරයෙක් වූ මාලගමුව අවසානයේ යහපාලන ජනාධිපති සිරිසේන නමැති මෝඩයාගෙන් ස්පෝර්ට් ඇම්බැසිඩර් කමක් ද රැගෙන උසාවි යන්නේ නැතුවම යලිත් ලංකාවේ කොඩිය ගහගෙන රේස් පැද්දේ ය. ඒ නිකම් නොව ‘නිහතමානී ශ්‍රී ලාංකිකයා’ ද කියා ගසාගෙනය. ඇත්තටම ඔහු ගසාගත යුතු නම වූයේ ‘නීලකාස ශ්‍රී ලාංකිකයා’ කියා ය. තම වංචා යලිත් පසුපස එන බව දන්නා මේ නීලකාසයා ලා බාල මාධ්‍ය පිංපියන්ද අල්ලාගෙන තමන්ව මරන්නට පාතාලයට කොන්ත්‍රාත්තුවක් දී ඇතැයි පට්ටපල් බේගලයක් ජනගත කරමින් මෝඩ යහපාලකයන්ගෙන් පොලිස් ආරක්ෂාවක්ද ලබා ගෙන ඇතැයි දැන ගන්නට ඇත. සියළු ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ නම කැත කරන මේ වංචනිකයා ගැන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදීන් ඉතා හොඳින් දන්නේ වී නමුත් කට පියාගෙන සිටීම ගැටළුවකි.

    මොහු ඊයේ පෙරේදා කළ හොරකම පහත දිගුවෙන් බලන්න
    https://www.facebook.com/share/p/1FDq4zLa9p/

    Source - https://www.facebook.com/share/1EUimhkAaP/
    ane ban me
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,185
    13,900
    113
    පෘථිවිය
    ඩිලන්ත මාලගමුව කියන්නේ මුස්ලිම් කෙනෙක්
    මෙයා ගැන මම කලින් කියල තියෙනවා
    මෙයා මැලේසියාවේ හිටියා කාලයක්
    ලඟින්ම ආශ්‍රය කලේ කුඩු රජෙක්, මුස්ලිම් කුඩු රජෙක්
    දැන් තේරෙනවනේ
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    585
    232
    43
    41
    Kalutara
    මුගේ රේස් දිනිල්ලත් ඒ වගේම තමයි.තුන් දෙනෙක් ඉන්න රේස් එකේ මූ තුන් වෙනියා.ඒක තමයි මූ මාකට් කලේ.
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,158
    1
    28,770
    113
    මූ හෙන scam එකක් පටන් ගත්තා නේද ලංකාවේ EV factory එකක් දානවා කියලා සල්ලි ආයෝජනය කරන්න කියලා
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,365
    9,161
    113
    Around the world
    මුගේ රේස් දිනිල්ලත් ඒ වගේම තමයි.තුන් දෙනෙක් ඉන්න රේස් එකේ මූ තුන් වෙනියා.ඒක තමයි මූ මාකට් කලේ.
    ඩිලන්ත මාලගමුව ලැම්බොගිනි රේස් එකේ එක් වටයකින් තුන් වෙනියා සහා අනෙක් වටයෙන් දෙවනියා කියලා හිරු දෙරණ බෙර ගැහුවා.
    ඇත්තටම වෙලා තියෙන්නෙ මොකක්ද? ඩිලන්ත මාලගමුව AM CUP කාන්ඩයෙන් තරඟ වැදුනේ එකෙ පළවෙනි වටයේ තරඟෙට හිටියෙ තුන්දෙනයි ඒ වටයේ ඩිලන්ත මාලගමුව තුන😊ඒ කියන්නෙ අන්තිමයා.
    දෙවනියා ගත්ත වටයේ උනේ තුන්දෙනෙක් හිටියා. එක කාර් එකක් මගදි කැඩුනා ඉතිං මාලගමුව දෙක උනා😊එකෙනුත් එහෙම බැලුවම අන්තිමයා.
    සමස්ත තරඟාවලියේ තරඟකාරයො 17 හිටියේ ඒකෙනුත් ඩිලන්ත මාලගමුව 14 වෙනියා.
    රටේ මහජන මුදල් මිලියන ගානක් වියදම් ස්පොන්සර් කරලා අවුරුදු 30ට පස්සෙ රාජ්‍ය අනුග්‍රහය ලැබුනා කියලා තමයි ගියේ.ගිහිං දෙක උනා තුන උනා කියලා බොරු කියනවා.
    මෑනුත් අගමැතිට සහා වත්නම් ක්‍රිඩා ඇමති නාමල් රාජපක්ෂට ස්තූති කලා මිනිහා එක වටයකින් දෙක සහ අනෙක් වටෙන් තුන උනා කියලා මෙහෙම බලනකොට මිනිහා වට දෙකේම අන්තිමයා වෙලා තියෙන්නෙ😀.
    ක්‍රීඩාවකින් රටක් වශයෙන් ඉදිරියට එන එක ජයග්‍රහන ගන්න එක වෙනම කතාවක් හැබැයි රටේ මිනිස්සුන්ගෙ සල්ලි කාබාසිනියා කරලා එක එකාගෙ දෙශපාලන ප්‍රොපගැන්ඩා වෙනුවෙන් කෙප්ප කෙලියන එක වැරදි.

    D.R. Gamlath
     
    • Wow
    Reactions: War Fighter

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,399
    1,999
    113
    ජපනගෙන් සල්ලි අරගෙන රටට ගෙනැල්ලා මිසක් රටේ සල්ලි කාබාසිනියා කරලා නෑ නොවැ..
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,035
    550
    113
    Nugegoda
    ජපනගෙන් සල්ලි අරගෙන රටට ගෙනැල්ලා මිසක් රටේ සල්ලි කාබාසිනියා කරලා නෑ නොවැ..
    අපේ රටේ එකෙක් අපේ රටේ සල්ලි හොරකම් කරොත් ඌ රට ඇතුලෙ විතරයි හොරෙක් වෙන්නෙ. හැබැයි වෙන රටවල එවුන්ගෙ සල්ලි හොරාකාල කියන්නෙ ඒකෙන් රටට වෙන කැළල ගැන හිතල බලපන්.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,893
    3,084
    113
    colombo
    කියෙව් වේ නැහැ ඒත් කොහොමද බාන් ඔච්චර ඉඩම් ලියාගන්න. අනෙක් බිශ්නස්කාරයියෝ මෝඩයො නෙමේ නේ. 😬
     

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,510
    667
    113
    India
    ඕනවට වඩා හොදයි , නිහතමානී කියන එවුන් ඔක්කොම හොරු තමා