ඩීසල් පාර්ටිකියුලර් ෆිල්ටර්(DPF)
ඩීසල් පාර්ටිකියුලර් ෆිල්ටර්(DPF)
ඩීසල් පාර්ටිකියුලර් ෆිල්ටර් එහෙම නැත්නම් DPF කියලා කියන්නේ මොකක්ද?
ඩීසල් මෝටර් රථ වල පිටාර වායුවේ අඩංගු වෙන ඩීසල් අංශුමය කොටස් ඉවත් කිරීමට සැලසුම් කරලා තියෙන උපාංගයට කියනවා ඩීසල් පාර්ටිකියුලර් ෆිල්ටර් එහෙම නැත්නම් DPF කියලා.
මේ DPF ලිපිබඳව මුලින්ම කථා බහට ලක්වෙන්නේ 1970 දශකයේ දී.ඒ අනුව 1980 දී නාවික යාත්‍රා,ඉදිකිරීම් සහ ගොවිපල වාහන,දුම්රිය එනජින් සහ ස්ටේෂනරි එන්ජින් ආදිය සඳහා මුලින්ම භාවිතා කිරීම ආරම්භවෙලා තියෙනවා.ඊට පස්සේ 1985 දී විතර තමයි මෝටර් රථ සඳහා ද මේ DPF තාක්ෂණය භාවිතා කිරීම ආරම්භකරලා තියෙන්නේ.
2009 යුරෝ 5 වායුවිමෝචන තත්ව පාලනය හඳුන්වාදීමත් සමග සෑම ඩීසල් මෝටර් රථයකටම මේ DPF ෆිල්ටර් ඇතුලත් කරලා තියෙනවා.මේ DPF ෆිල්ටර් එක මගින් වායු විමෝචනයේ අහිතකර අංශුවලින් 80% විතර අඩු කිරීමේ හැකියාව තියෙනවා.ඒ කොහොම වුණත් DPF අර්ධවශයෙන් අවහිර වීම නිසා පිරිසුදු කිරීමට සහ මිළ අධික අලුත්වැඩියාවන්ට මුහුණදීමට සිදුවන බව බොහෝ මෝටර් රථ හිමියන් පවස නිසා මේ තාක්ෂණය ටිකක් මතභේදයට හේතුවෙලා තියෙන කාරණයක්.
කාර්‍ය්‍යයක්ෂම ක්‍රියාකාරිත්වයක් තියෙන මේ DPF එකට ධාවන පුරුදු මගින් බලපෑමක් ඇති කරන්න පුලුවන්.ඒ නිසා මේ ඩීසල් මෝටර් රථ බොහෝ දුරට ජනාකීර්ණ නාගරික සහ අර්ධ නාගරික පරිසරය තුළ සහ කෙටි ගමන් බිමන් සඳහා හොඳම විකල්පයක් නම් නෙවෙයි.
මේ DPF ෆිල්ටර් එක කියන්නේ මෝටර් රථයේ පිටාර පද්ධතිය හරහා ගමන් කරන අහිතකර දැලි අංශු වායුගෝලයට මුදා හැරීම නතර කිරීමට තියෙන යාන්ත්‍රණයක් එහෙමත් නැත්නම් දැලි අංශු අල්ලගන්න හදලා තියෙන උගුලක් කියලා හඳුන්වන්න පුලුවන්.ඒ නිසා මේ ෆිල්ටරය කාලයක් යනකොට අවහිර වීම සිදුවෙනවා.ඒ අවහිරවීම නැතිකරන්න මේ DPF ෆිල්ටර් එක රීජෙනරේෂන් නමැති ක්‍රියාවලියකින් පිරිසිදු කරන්න සිදුවෙනවා.මෝටර් රථයේ DPF ෆිල්ටරය ඉහළ උෂ්ණත්ව රත් කරලා ෆිල්ටර් එක ඇතුලේ හිරවෙලා තියෙන දැලි අංශු පුච්චලා දාන එකට කියනවා DPF රීජෙනරේෂන් කරනවා කියලා.
කොහොමද මේ DPF එක රීජෙනරේෂන් කරන්නේ?
නවීන ඩීසල් මෝටර් රථ වල පැසිව් සහ ඇක්ටිව් කියලා DPF රීජෙනරේෂන් කිරීම සඳහා භාවිතා කරන ක්‍රම දෙකක් තියෙනවා.
මේ පැසිව් ක්‍රමයේ දී මෝටර් රථය ඉහල වේගයෙන් ධාවනය කරන කොට එම ක්‍රියාවලිය ස්වයංක්‍රීයව සිදුවෙනවා.
ඒත් බොහෝ මෝටර් රථවල මෙය කලාතුරකින් පමණක් සිදුවෙන අතර මේ සඳහා අවශ්‍ය වැඩසටහන් නිෂ්පාදකයන් විසින් එන්ජින් කළමනාකරණ පද්ධතියට(ECU)ඇතුලත් කරලා තිබිය යුතුවෙනවා.
ඇක්ටිව් රීජෙනරේෂන් ක්‍රිමයේ දී DPF ෆිල්ටර් එකේ ධාරිතාවය 45% පමණ සීමාවකට පැමිණ ඇති බව ECU එකට දැනෙන විට පිටාර පද්ධතියේ උෂ්ණත්වය වැඩි කිරීමට ඉන්ධන වීදීම වැඩි කරලා පසු දහන ක්‍රියාවලිය(post combustion process)ආරම්භකර රීජෙනරේෂන් කිරීම සිදුකරනවා.මේ ඇක්ට්ව් රීජෙනරේෂන්
ක්‍රියාකාරිත්වය සම්පූර්ණ කිරීම සඳහා යම් කාලයක් ගතවෙනවා.ඒ අතර තුර දී මේ පද්ධතිය ද ගැටලු සහගත වෙන්න පුලුවන්.සමහර මෝටර් රථ මෙම රීජෙනරේෂන් ක්‍රියාවලිය සිදුවෙන විට අසමත් වුණොත් මේ DPF ෆිල්ටරය අර්ධවශයෙන් අවහිර වෙලා කියලා අනතුර ඇඟවීමට මීටර් බෝඩ් එකේ DPF වර්නින් ලයිට් එක පත්තු කිරීමට හැකියාව තියෙනවා.ඒ වගේම වැරදි එන්ජින් ඔයිල් භාවිතා කිරීම හෝ ප්‍රමාණවත් තරම් ඉන්ධන නොමැතිව ධාවනය කිරීම ද ඒ සඳහා බලපෑමක් ඇති කරන්න පුලවන්.වඩාත් නවීන ඩීසල් මෝටර් රථවල මේ ඇක්ටිව් රීජෙනරේෂන් කිරීමේ ක්‍රියාවලිය සඳහා ඇඩ් බ්ලූ ටැංකියේ ද ප්‍රමාණවත් තරම් ඇඩ් බ්ලූ මට්ටමක් තිබිය යුතුවෙනවා.
ඇක්ටිව් රීජෙනරේෂන් කිරීම කල හැකි ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි ස්කෑන් ටූල් එකක් හරහා DPF එක රීජෙනරේෂන් කිරීම.මෝටර් රථය විසින් අවශ්‍ය කොන්දේසි සම්පූර්ණ කරලා තියෙනවා නම් ඒ කියන්නේ ඉන්ධන ටැංකියේ ඩීසල් මට්ටම සහ ඇඩ් බ්ලූ මට්ටම(ඇඩ් බ්ලූ තියෙනවා නම්)ටැංකියෙන් බාගයකට වඩා තිබිය යුතු අතර කූලන්ට් ටෙම්පරේචර් එක සෙල්සියස් අංශක 80 කට වඩා වැඩි විය යුතු වෙනවා.ස්කෑන් ටූල් එක හරහා රීජෙනරේෂන් කිරීමේ දී පිටාර පද්ධතියේ උෂ්ණත්වය ඉහල නැංවීමට ස්වයංක්‍රීයව එන්ජින් වේගය ඉහල නංවන අතර රීජෙනරේෂන් ක්‍රියාවලිය සම්පූර්ණ වූ පසු එන්ජින් වේගය ක්‍රමයෙන් අඩු කර අයිඩල් මට්ටමට දක්වා ගෙන ඒම සිදුකරනවා.සාමාන්‍යයෙන් මේ ඇක්ට්ව් රීජෙනරේෂන් කිරීමේ දී DPF පද්ධතිය සෙල්සියස් අංශක 350 කට පමණ රත්වීම සිදුවෙන අතර බොහෝ මෝටර් රථ ඇක්ටිව රීජෙනරේෂන් කිරීමේ ක්‍රියාවලියට විනාඩි 30-40 ක පමණ කාලයක් ගන්නවා.
බෝහෝ ඩීසල් ට්‍රක් රථ වල මේ ඇක්ටිව් රීජෙනරේෂන් කිරීම සඳහා වෙනම රීජෙනරේෂන බටන් එකක් ඩෑෂ් බෝඩ් එකේ තියෙනවා.
අක්ටිව් රීජෙනරේෂන් කරන්න පුලුවන් අතින් ක්‍රමය තමයි මැනුඅල් ක්‍රමය.ඒ කියන්නේ ස්කෑන් ටූල්එකක් නැතුව මෝටර් රථය පැ.කි 50 ට වැඩි වේගයෙන් විනාඩි15-20 ක් පමණ ධාවනය කිරීම.ඒ වගේම තවත් විකල්පයක් ලෙස,ඉහල උෂ්ණත්වයක් නිෂ්පාදනය කිරීමට අඩු ගියරයක එන්ජින් ආර්.පී.එම් එක 2000 ක පමණ වේගයක් සහිතව විනාඩි 10-15 ධාවනය කිරීමේන් මේ ඇක්ටිව් රීජෙනරේෂන් චක්‍රය සම්පූර්ණ කරලා DPF වර්නින් ලයිට් එක ඉවත් කිරීමේ හැකියාව තියෙනවා.
හැබැයි මේ DPF වර්නින් ලයිට් එක පත්තුවීම ගණන් නොගෙන සිටීමට හොඳ නැහැ.ඒකට හේතුව තමයි DPF වර්නින් ලයිට් එකට ප්‍රතිචාර දැක්වීම ප්‍රමාද වීමෙන් ඒ කියන්නේ රීජෙනරේෂන් කිරීමට අසමත් වීමෙන් මේ DPF ෆිල්ටර් එකකේ දිගටම දැලි අංශු එකතු වෙලා ඒ ප්‍රමාණය 75 % ක් පමණ ප්‍රමාණයකට ලං වුණාහාම DPF දෙවෙනි වර්නින් ලයිට් එක(රතුපාට DPF වර්නින් ලයට් එක)පත්තුවෙලා මෝටර් රථයේ කාර්‍ය්‍යය සාධනය 50% කින් පමණ සීමාකරනවා.මේ වගේ අවස්ථාවල දී මේ DPF ෆිල්ටර් එක පිරිසිදු කිරීම වඩාත් සංකීර්ණ ක්‍රියාවක් බවට පත්වෙනවා.හැබැයි මේ DPF ෆිල්ටර් එක එහි ධාරිතාවයෙන් 85 % ක පමණ ප්‍රමාණයට ලඟාවෙලා නම් මේ DPF ෆිල්ටර් එක ගලවලා මැනුඅල් ක්‍රමයට පිරිසිදු කිරීමට හෝ මාරැ කිරීමට සිදුවෙනවා.සාමාන්‍යයෙන් මේ DPF ෆිල්ටර් එක මිළ අධික අමතර කොටසක් වෙනවා.
නවීන මෝටර් රථ වල ස්කෑන් ටූල් එක මගින් මේ DPF ෆිල්ටර් එකේ තැන්පත්වෙලා තියෙන දැලි අංශු ප්‍රමාණය(Ash Loading/Soot Level)පරීක්ෂා කරලා බලන්න පුලුවන්.සමාන්‍යයෙන් මේ DPF ෆිල්ටර් එක කි.මී100,000 විතර පාවිච්චි කරන්න පුලුවන්.වඩාත් හොඳින් නඩත්තු කරන මෝටර් රථයක නම් ඊටත් වඩා වැඩි කාලයක් මේ DPF ෆිල්ටර් එක පාවිචිචි කිරීමේ හැකියාව තියෙනවා.
(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)
06/03/2017