ඩුබායිහි ඉදිවන ලොව උසම කුලුන

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    ඩුබායිහි ඉදිවන ලොව උසම කුලුන

    2020 දී ලොව උසම කුලුන ඩුබායි නගරයේ ඉදිකිරීම ආරම්භ කරමින් එම ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා වන මුල්ගල තැබීම ඩුබායි පාලකයා හා එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් අග්‍රාමාත්‍යවරයා වන ෂෙයික් මොහොමඞ් බින් රෂීඞ් මක්ටූම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සඳුදා (10) සිදුකෙරුණි.

    image_ba2ae5e25e.jpg

    ඇමෙරිකා ඩොලර් බිලියනයක් (රුපියල් කෝටි 14900 ක ) වියදමක් දරමින් මෙම ලෝකයේ උසම කුලුන ඉදිකිරීමට නියමිතය. ස්පාඤ්ඤ - ස්විස් සම්භවයකින් යුතු ලොව ප්‍රකට ගෘහනිර්මාණ ශිල්පියෙකු වන සන්තියාගේ කාලාට්‍රාවා ගේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුකූලව නිර්මාණය කෙරෙන අතර සුඛෝපභෝගී හෝටල් ,එල්ලෙන උද්‍යාන ,ඩුබායි නගරයේ සුන්දරත්වය නැරඹිය හැකි නිරීක්ෂණ අට්ටාල ඇතුළු සංචාරක ආකර්ෂණයෙන් යුතු ස්ථාන රැසක් මෙම උසම ගොඩනැගිල්ලේ ඉදි කිරීමට නියමිතය.

    මෙය ඩුබායි නගරයේ සුවිශේෂී පිහිටීමක් වන ඩුබායි ක්‍රීක් වරාය ආසන්න භූමියක ඉදිකිරීමට නියමිතය.එම ස්ථානය ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට විනාඩි 10 ළගාවිය හැකිය. සන්තියාගේ කාලාට්‍රාවා යනු ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ ලෝක වෙළද මධ්‍යස්ථානය ,නිව්යෝක් නුවර ප්‍රධාන මධ්‍යම ගමනාගමන මධ්‍යස්ථානය ඇතුළු ස්වීඩනය ,කැනඩාව ,බ්‍රසීලය ඇතුළු රටවල් කිහිපයකම විශිෂ්ඨ ගණයේ ගෘහනිර්මාණ ශිල්පයෙන් යුතු ඉදිකළ ගොඩනැගිලි වල ගෘහනිර්මාණ ශිල්පියාය.

    ලොව දැනට උසම කුලුන ලෙස සැලකෙන්නේද ඩුබායි නගරයේ පිහිටි මීටර් 828ක් එනම් තට්ටු උසැති බර්ජ් කලීෆා ගොඩනැගිල්ලයි.එය පරදවමින් මෙම නව ගොඩනැගිල්ල ඉදි කිරීමට තීරණය කළ බව මෙහි ඉදිකිරීම් සිදු කරන ඩුබායි හි පිහිටි ලෝක ප්‍රසිද්ධ එමාර් ඉදිකිරීම් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.


    image_cf2d316e51.jpg

    එසේම මෙය නවීකරණය හා අතිශය විශිෂ්ඨ ගොඩනැගිලි ඉදිකිරීමේ ගෘහනිර්මාණය කිරීමේ ශිල්පීය සමස්ත එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ආඩම්බර වනු ඇතැයි ද එමාර් සමාගම කියා සිටී. ඊට වඩා මීටර් 100 කට වැඩි උසින් යුක්ත වන අතර, එහි අපේක්ෂිත උස මෙතෙක් හෙළිදරව් කර නැහැ.

    වසර 2020දී ඩුබායි හි පැවැත්වෙන ලෝක අපනයන ප්‍රදර්ශනයට (එක්ස්පො) පෙර එහි ඉදිකිරීම් අවසන් කිරීමට එම ඉදිකිරීමේ සමාගම බලාපොරොත්තු වේ.

    ( තිළිණි ද සිල්වා )

    කලීජ් ටයිම්ස් ඇසුරෙනි..
     
    • Like
    Reactions: jmzsl

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    ආරංචියේ හැටියට මේක කිලෝමීටරයකට වඩා උසලු.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලෝකේ හැමරටක්ම අනිත් රටවල් පරයා නැගී සිටින්න වෙර දරද්දී සිරි ලංකාව වෙන රටවල් වලට තැන දී පල්ලම් බහිනවා :dull: