ඩුබායි ආණ්ඩුවට පෙත්සමක්වත් ලියන්ඩ වෙයිද?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඩුබායි ආණ්ඩුවට පෙත්සමක්වත් ලියන්ඩ වෙයිද?

    ඩුබායි ආණ්ඩුවට පෙත්සමක්වත් ලියන්ඩ වෙයිද මන්ද මුන්ව මෙහෙට එවන්ඩ එපා කියලා?????:confused:
    හෙන සෙට් එකක් ඉන්නවලු බන්.ලංකාවේ ප්‍රධාන බිස්නස් කාරයෝ හැත්ත බුරුත්ත බර ගානක් මාට්ටු වෙනවලු මූ කට ඇරියොත්.දැන් ෆුල් ගේම් එක මෙහාට ගෙන්නව ගන්න එක.


    picture.php





    මාකඳුරේ මධූෂ් ඇල්ලීම ගැන ලකුණු දමා ගැනීමේ නීච තරඟය..! ලක්ෂ්මන් යාපාට මධූෂ්ගෙන් ලැබුණු ප්‍රතිඋපකාරය..! පාතාලයන් බේරා ගැනීමට මහින්ද අමරවීර නිවසේ කළ රහස් සාකච්ඡාව..!
    -චන්ද්‍රප්‍රදීප් ලියයි-

    (ලංකා ඊ නිව්ස් -2019.පෙබ.09, ‌පෙ.ව.4.50) ලංකාවේ අපරාධ රාශියකට වගකිව යුතු මෙන්ම මත්ද්‍රව්‍ය රජෙකු වන පාතාල නායක සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත ‌හෙවත් මාකඳුරේ මධූෂ් සහ පාතාල හැත්ත බුරුත්තක්ම අබුඩාබි පොලිසිය මගින් අත් අඩංගුවට ගැනීමත් සමග මධූෂ්ගේ පසුපස ඔහුගෙන් යැපෙමින් ඔහුට ආවරණය සපයමින් සිටි දේශපාලුවන් සහ පොලිසියේ ඉහලම ඇවරිය නන්නත්තාර වෙමින් තම තමන්ගේ සම්බන්ධතා හෙළිදරව්වේවි යැයි බියෙන් විවිධ බොරු ප්‍රචාර ගොතද්දී මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙකු එල්ලා මරනවාමයි කියමින් පම්පෝරි ගසන පොළොන්නරුවේ සිරා මධූෂ් ලංකාවට ගෙන්වා ඔහුගෙන් තම දේශපාලන හිරි ඇර ගැනීමේ කුමන්ත්‍රණයක යෙදෙමින් සිටී.

    ප්‍රධාන වශයෙන්ම මධූෂ් ඇල්ලුවේ එස්ටීඑෆ් කොමඩාන් ලතීෆ්ගේ කණ්ඩායම නොව තමා යැවූ ත්‍රස්ත විමර්ශණ කණ්ඩායමේ (ටීඅයිඩී) පිරිසක් යැයි රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය ආරම්භයේදීම ගෝඨාභයට සැලියුට් ගැසූ කෝළම් පොලිස්පති වරයා ලකුණු දමා ගැනීමේ වෑයමක යෙදෙමින් සිටී.

    පොලිස්පති සහ සට්ටැඹියන්ගේ වැල් බයිලා
    -----------------------------------
    ලංකා ඊ නිව්ස් ලියූ පෙර ලිපියේ දී ජ්‍යෙ.නි.පොලිස්පති ලතීෆ් මේ සඳහා සිය මෙහෙයුම දියත් කෙළේ පොලිස්පතිවරයාද නොදැන යයි කළ සඳහනට කම්පිත වූ පොලිස්පතිවරයා සිය ඥාති සොහොයුරෙකු යැයි කියා ගත් කවුදෝ ලවා පුවත නිවැරදි කරන්නැයි කියා සිටියේ ය. ලංකා ඊ නිව්ස්හි පුවතක් නිවැරදි කිරීමට නම් ඊට අදාල පුද්ගලයා නිල වශයෙන් ප්‍රතිචාර දැක්වූවහොත් මිස ඔහුගේ ඥාතීන් යැයි කියා ගත් පුද්ගලයන්ගේ ප්‍රතිචාර දැක්වීම් පිළිගන්නේ නැත. පොලිස්පතිවරයා සම්බන්ධ ප්‍රවෘත්තියක් නිවැරදි කිරීමට නිල බලය හිමි වන්නේ පොලිස්පතිවරයාට හෝ ඔහුගේ නිල කාර්ය මණ්ඩලයේ අයෙකුට හෝ නිල පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයාට ය. එසේ නොමැතිව අන් සට්ටැඹියන් කියන කතා ලංකා ඊ නිව්ස් පිළිගන්නේ නැත.

    පොලිස්පතිවරයාගේ සට්ටැඹියන් කියන කතාද පරස්පර විරෝධී ය. ඊයේ ඥාතියා කියූ කතාවට සම්පූර්ණ පරස්පර විරෝධී නාටකානුසාරී චිත්‍රපට කතාවක් අද තවත් සට්ටැඹි නි.පොලිස්පතිවරයෙකු පවසා සිටී. ඒවා පිළිගැනීමට තරම් ලංකා ඊ නිව්ස් අඳබාල නොවේ.

    (ජඩමාධ්‍ය වලටද කියා ඔවුන් රස කර වාර්තා කර ඇති මේ කතා කෙතරම් පරස්පරද යත් ඒ ගැන වෙනම ලිපියක් ලිවිය යුතුය. සුළුම උදාහරණයක් වන්නේ එස්එස්පී වරුණ ජයසුන්දර මේ මෙහෙයුම මාස 6 කට පෙර දියත් කළ බව කියන නමුත් ඔහු ටීඅයිඩියට පත් වන්නේ මාස 3-4 කට පමණ පෙරය. ඔහු මාස 6 කට පෙර යාපනයේ සාමාන්‍ය රාජකාරි කරමින් ‘කළු සාගර’ ඩුබායි යැව්වේ ද? කළු සාගර ටීඅයිඩීයට බැඳුනේ කවදා ද? මේවා නාමල්කුමාර වර්ගයේ සුරංගනා කතා ය. )

    ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග දීර්ඝ කලක් තිස්සේ සම්බන්ධතා ඇති බවට සාක්කි තිබෙන, මත්ද්‍රව්‍ය ජාවාරමුන් සමග තිබූ සම්බන්ධතා නිසාම තම සහෝදර පොලිස් නිලධාරීන්ගේ ඝාතන වලට සහාය දුන් බවටද නම සඳහන් පූජිත් ජයසුන්දර පොලිස්පතිවරයා, මධූෂ් අත් අඩංගුවට ගැනීමෙන් පසු ඒ පිලිබඳ ලකුණු දමා ගැනීමට ගන්නා නිෂ්ඵල වෑයම ලංකා ඊ නිව්ස් එක හෙළා පිළිකුල් සහගත ලෙස ප්‍රතික්ෂේප කරන්නෙමු.

    යහපාලන වීරයෙකු ලෙස පෙනී හිඳ, ඔක් 26 කුමන්ත්‍රණය ස්ථාවර යැයි සිතා එසැන රාත්‍රීයේ ඇමරිකානු ගෝඨාභය වැනි චෞර මිනීමරු නීචයෙකුට සැලියුට් ගැසීමට තරම් දීන වූ පූජිත් ජයසුන්දරට යලි යහපාලනප්‍රේමීන්ගේ විශ්වාසය දිනා ගැනීම කුමන වැල් බයිලා ගෙතූවද කිසිසේත් නොහැකි බව ඔහු නලලේ කොටා ගත්තාට වරදක් නැත. බොරුවට හඬන පූජිතට වඩා දඩාවතේ යන බල්ලන්ට කොලිටියක් තිබේ.

    31 න් 30 ක්ම පොසිටිව්
    --------------------------
    මාකඳුරේ මධූෂ්ට ආවරණය දුන් දේශපාලුවන් දැන් සලිත වී සිටී. ඒ ගැන වාර්තා කිරීමට පෙර මධූෂ් සහ අත් අඩංගුවට ගත් පිරිවර ගැන අලුත්ම වාර්තා හෙළි කළ යුතුය.

    අබුඩාබි පොලිසිය විසින් මධූෂ් සහ පිරිවර අත් අඩංගුවට ගනිද්දී සියයකට අධික පිරිසක් වටලා රඳවා ගත් අතර පිරිස තියුණු පරීක්ෂාවන්ට ලක් කරමින් ප්‍රථමයෙන් රඳවා ගත්තේ 25 ක පිරිසකි. ලංකා ඊ නිව්ස් පෙර වාර්තාවකින් සඳහන් කළ මාකඳුරේ මධූෂ්, කංජිපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක, අංගොඩ ලොක්කාගේ දකුණු අත ඇතුළු පාතාලයන් පිරිස ද අමල් පෙරේරා , ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සහ රයන් නමැති ටෙලි නළුවාද රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් තිබූ කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයාද ඒ අතර වූහ.

    පසුව මාකඳුරේ මධූෂ්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් අනුව තවත් 6 දෙනෙකු අත් අඩංගුවට ගත්හ. ඒ අනුව දැන් වන විට රඳවා ගෙන ඇති පිරිස 31 කි. 08 වෙනිදා රාත්‍රී වන විට එකී 31 න් 30 ක්ම මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් පොසිටිව් අය ලෙස අබුඩාබි පොලිසිය හඳුනාගෙන තිබේ.

    කොළඹ අයිස්ලන්ඩ් ගොඩනැගිල්ලේ සිට හසුවූ විදේශීය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනාට ගමන් පහසුකම් සපයා තිබුනේ අද අත් අඩංගුවේ පසුවන රයන් නමැත්තා ය.

    මේ අතර මධූෂ් සමග අත් අඩංගුවට ගත් පුද්ගලයන්ගේ ලංකාවේ නිවෙස් අද පරීක්ෂාවට ලක් කළ අතර මාතර පදිංචි මධූෂ්ගේ එක් ගෝලයෙකුගේ නිවසින් හමුදා ඇඳුම් සහ ගිනි අවි සොයාගෙන තිබිණ. මධූෂ් සමග අත් අඩංගුවට පත් ගායක අමල් පෙරේරාගේ නිවසින් කොකේන් ඔතනු ලැබූ කොපු සොයා ගෙන තිබූ අතර ටෙලි නළු රයන් නමැත්තාගේ නිවසින් මත්ද්‍රව්‍ය කිරන ඩිජිටල් තරාදියක් සොයාගෙන තිබිණ.

    අමල් පෙරේරා දිගු කලක් මධූෂ් නමැති පාතාල නායකයාගේ සහායකයෙකු ලෙස ක්‍රියා කර ඇත. මත්ද්‍රව්‍ය වල මුදල් සංසරණය කර ඇත්තේ අමල් පෙරේරා විසිනි. ඒ සඳහා තම කලාකාර කම ඔහු ආයුධයක් කරගෙන තිබිණ. ඔහුට ඒ සඳහා නොමඳ මිලක් ගෙවා තිබිණ.

    මාකඳුරේ මධූෂ් ලක්ෂ්මන් යාපාට ණය ගෙවූ හැටි..!
    ----------------------------------
    පොලිස්පතිවරයාගේ සට්ටැඹියන් අද ජඩමාධ්‍ය හරහා පට්ට පල් බොරු ගොතන නමුත් ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට ව්‍යාජ පාස්පෝට් එකක් හදා මධූෂ් ලංකාවෙන් පිටකර ඇත්තේ අන් කවරෙකු හෝ නොව ලක්ෂ්මන් යාපා අබේවර්ධන ය. රාජපක්ෂ යුගයේ ඇමැතියෙකු වූ ලක්ෂ්මන් යාපා තම වාහනයේ නංවාගෙන කටුනායක ගුවන් තොටුපොල දක්වා මධුෂ්ව ගෙනැවිත් ඇමැති බලතල භාවිතා කර මධූෂ්ව ගුවන්තොටින් නිරුපද්‍රිතව රටින් පිට කර තිබේ.

    ඊට ප්‍රති උපකාර ලෙස ලක්ෂ්මන් යාපාගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍ය සඳහා සම්පූර්ණ හෝටල් ගාස්තු ගෙවා ඇත්තේ මාකඳුරේ මධූෂ්ය. ලක්ෂ්මන්ගේ පුත් පසඳ සහ ජනක මල්ලිමාරච්චිගේ දියණිය ජනාශි අතර 2017 දෙසැම්බර් මාසයේ දී වූ ඒ විවාහ උත්සවය ෂැන්ග්‍රිලා හෝටලයේ පැවැත්වූ මුල්ම මංගල උත්සවය වූ අතර ඒ සඳහා දහසක් දෙනාට ආරාධනා කර තිබිණ. සියළු වියදම දැරුවේ මාකඳුරේ මධූෂ් ය.

    මාතර පැවැති මධූෂ්ගේ පියාගේ අවමංගල උත්සවයේ දී හෙලික‌ොප්ටරයකින් ගුවනින් මල් ඉසීමේ සිද්ධියත් සමග හෙළි වූයේ ඒ මල් ඉසීමේ වගකීම බාරව සිටියේ මාතර දිස්ත්‍රික් එජනිස මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න බවයි.

    මධූෂ් බේරා ගැනීමට මහින්ද අමරවීරගේ නිවසේ කුමන්ත්‍රණයක්; ජනාධිපති බෑණාත් සම්බන්ධ වේ
    ------------------------------------
    මේ සිදුවීම් වලින් මාකඳුරේ මධූෂ් සහ එජනිස දේශපාලුවන් අතර තිබූ සම්බන්ධය මැනැවින් සහතික වේ. තිබූ සම්බන්ධය මෙන් නොව දැන් අත් අඩංගුවට ගත් පිරිස බේරා ගැනීමේ මෙහෙයුමේ ඉන්නේ ද එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය.

    ඉන් පළමුවැන්නා වන්නේ මන්ත්‍රී මහින්ද අමරවීර ය. අමල් පෙරේරා සහ රයන් මධූෂ්ගේ පාටිය සඳහා විදෙස් ගතවීමට යද්දී කිසියම් වීසා ගැටළුවක් ඇති වී එය විසඳා දී තිබුනේ මහින්ද අමරවීර ය. පෙරේදා (06) රාත්‍රී මහින්ද අමරවීරගේ ස්ටැන්මෝ ක්‍රෙසන්ට් නිවසට රැස්වූ තිලංග සුමතිපාල, නිරෝෂන් ප්‍රේමරත්න, ක්ලබ් වසන්ත, ක්ලබ් වසන්තගේ ලේකම්වරයෙකු ලෙස ක්‍රියා කරන මධූෂ්ගේ ගෝලයෙකු වන සුරංග ප්‍රේමලාල්, මහින්ද අමරවීරගේ පුත් පසන් අමරවීර (කතරගම හෝටලයක හිමිකරු) ඇතුළු පිරිසක් මාකඳුරේ මධූෂ් කෙසේ හෝ ලංකාවට ගෙන්වා ගැනීමට සැලසුම් දියත් කළ බව මේ ලියුම්කරු කියන්නේ ඉතාමත් වගකීමෙනි.

    මෙකී සාකච්ඡා වලට දුරකථන මාර්ගයෙන් සිරිසේනගේ ඩීල් බෑණා තිළින සුරංජිත් ද සම්බන්ධ විය. තිළිනගේ වෑයම නම් දැනට මධූෂ්ට අයිතිව ශ්‍රී ලංකාවේ තිබෙන දේපොල වලට වැඩේ දීමයි.

    මේ අපරාධකරුවන් ලංකාවට ගෙන්වා ගැනීමට වළිකන හේතු කිහිපයක් තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් එල්ලා මරන්නවා යැයි පම්පෝරි ගහන ජනාධිපති සිරිසේන වලිකන්නේ බෑණා සමග එක්වී කුඩ්ඩන්ගේ දේපොල වලට වැඩේ දීමත් මධූෂ් ඉත්තා කරගෙන දැනටමත් ගොතා ඇති සිරිසේන මරන්නට කුමන්ත්‍රණය කළ නාටකය ජීවමාන කිරීමත් ඒ හරහා එක්සත් ජාතික පක්ෂයට බැට දීමත් ය. මහින්ද අමරවීරලාට, ලක්ෂ්මන් යාපලාට තිලංගලාට මධූෂ් සහ පිරිවර ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍යව ඇත්තේ ඩුබායිහිදී මධූෂ්ගෙන් මොන මොනවා හෙළිවේවිද? ඒ සමග තම තමන්ගේ සම්බන්ධතා හෙළිවේවිද? කියන සැකය නිසා ය.

    කෙසේ වෙතත් 08 දා සවස වන විට ලංකාවේ පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ උපදේශය වී තිබුනේ මේ පිරිස ලංකාවට ගෙන ඒමට උනන්දු නොවී එරටේ දඬුවම් ලබා දී ලංකාවේ පොලිසියට අවශ්‍ය ප්‍රශ්න කිරීම් ඒ පොලිසිය හෝ බන්ධනාගාර හරහා සිදු කිරීම වඩා සුදුසු බවයි. මන්ද යත් මේ සාහසිකයන් පිරිස ලංකාවට ගෙන ආවද බන්ධනාගාර ගත කළද ලංකාවේ බන්ධනාගාර මොවුන්ගේ පාරාදීස කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරම පෙර පරිදිම කරගෙන යනු ඇති බව ඔවුන්ගේ මතය වී තිබිණ. ඒ බව ඔවුන් අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට දැනුම් දී තිබිණ.

    නමුත් ව්‍යාජ මත්ද්‍රව්‍ය විරෝධයක් පාමින් ලක්ෂ්මන් යාපලා, මහින්ද අමරවීරලා තිලංග සුමතිපාලලා ක්ලබ් වසන්තලා සමග එක පතේ කන ජනාධිපති සිරිසේන මෙහිදීද නීති විරෝධී සට කපට තක්කඩි දේශද්‍රෝහී ක්‍රියාවක යෙදෙනු නිසැක ය.

    -චන්ද්‍රප්‍රදීප්-

    lankaenews



    බලපන්කෝ සුදු ඇඳගෙන ශාන්තුවරු වගේ ඉන්නේ:(
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ධර්මාධිකරණයට කැදවීමි ස්වාමීනි මෑ...
    මැගේ නම ලංකාය... ඉන්දියන් සාගරේ වසන්නී...
    මුසාවෙන් මුළාවී සිටින්නී... විමුක්තිය නාමයෙන් හඬන්නී...

    උපත ලැබ බොහෝ කල් සොම්නසින් විසුවාය මෑ...
    මල්වරව නාඹරව බබළමින් සිටියාය මෑ...
    සල්ලාල පාෂයෙන් බොහෝ වර මිදුණාය මෑ...
    සිත දුබල වූ දිනෙක වියවුලෙහි වැටුණෑය මෑ...

    කුමරි බඹසර පුදා නෙක ගැහැට වින්දාය මෑ...
    සලෙළුනට රැවටෙමින් සිය රුසිරු පිදුවාය මෑ...
    ඉසුරු සඳ හා ඔවුන් උගසට ද තැබුවාය මෑ...
    අසරණව අද මෙසේ මහමඟට වැටුණාය මෑ...

    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
    සංගීතය - ඔස්ටින් මුණසිංහ
    ගායනය - නන්දා මාලනී
     
    Last edited:

    Similar threads