ඩුබායි ගුවන් තොටුපලේදි ගෝඨා පිනට සැප ඉල්ලලා…

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113

    ඩුබායි ගුවන් තොටුපලේදි ගෝඨා පිනට සැප ඉල්ලලා…​

    • ගෝඨා හිටපු ජනපතිවරයෙක් ලෙස ඩුබායි රාජ්‍ය පිළිගෙන නෑ… ගුවන් තොටුපල ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා…

    ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් වෙත යාමේ බලාපොරොත්තුවෙන් පසුගියදා මෙරටින් ඩුබායි රාජ්‍යය බලා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපතිවරයකු ලෙස තමන්ට ලබා ගත හැකි රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද ඩුබායි රාජ්‍යයෙන් ලබා ගැනීමට උත්සාහ දරා ඇති බවත් එහිදී ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ විශේෂ අමුත්තන්ගේ ආලින්දය මුදල් ගෙවීමකින් තොරව භාවිත කිරීමට ඔහු කළ ඉල්ලීම ඩුබායි බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරන ලද බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ තත්ත්වය හේතුවෙන් ඔහු ට ඒ සඳහා ගාස්තු ගෙවීමට සිදුව අති අතර එම ගාස්තු ඩොලර්වලින් නොව රුපියල්වලින් ගෙවීමට අවස්ථාව ලබා දී ඇති බවත් ඒ අනුව රුපියල් 260,00ක මුදලක් ගෙවා ඇති බවත් දේශපාලන අරංචි මාර්ග උපුටා දක්වන සන්ඩේ ටයිම්ස් පුවත්පත සඳහන් කරයි.

    ශ්‍රි ලංකාවේ වර්තාමනයේ නිර්මාණය වී ඇති අතිශය සංකීර්ණ පීඩාකාරී ආර්ථික පසුබිම ට වගකිව යුතු බවට චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපතිවරයා පසුගිය දෙසැම්බර් 25 වැනිදා සවස් යාමයේ ශ්‍රි ලංකාවෙන් පිටව ගියේ ඔහුගේ බිරිය වන අයෝමා රාජපක්ෂ සහ පුත් මනෝජ් රාජපක්ෂ, ලේලිය සහ මුණුපුරා සමගිනි.

    කෙටි නිවාඩුවක් සඳහා ගෝඨාභය රාජපක්ෂගේ පුත්‍රයාගේ පවුල ශ්‍රි ලංකාවට පැමිණ සිටි අතර ඔවුන්ද ඒ අනුව ඩුබායි බලා පිටත්ව ගොස් ඇත්තේ එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකනි.

    එහි ව්‍යාපාරික පන්තියේ ආසන පහසුකම් ලබාගෙන ඇති හිටපු ජනාධිපතිවරයා තමන්ට හිටපු රාජ්‍ය නායකයකු ලෙස ලබා ගත හැකි රාජ්‍ය තාන්ත්‍රික ප්‍රසාද ලබා ගැනීමට උක්සාහ දරා ඇති බව එම පුවත්පතේ දේශපාලන තීරු ලිපියෙහි සඳහන් වේ.

    කෙසේ වුවද ඩුබායි රාජ්‍යය ඔහු ශ්‍රි ලංකාවේ හිටපු ජනාධිපතිවරයකු ලෙස පිළි නොගන්නා පසුබිමක් නිර්මාණය වීම නිසා ඔහුට එලෙස රාජ්‍ය තාන්ත්‍රික පහසුකම් ලබා දීම ඩුබායි රාජ්‍යය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමට හේතුව බව සඳහන් වේ.

    ඔහුගේ කාලය තුළ කොවිඩ් වසංගතය කාලයේ ඉස්ලාම් භක්තිකයන්ගේ දේහ භූමදානය කිරීමට ඉඩ නොදීම, ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරණයේදී ක්‍රමෝපායික ලෙස ජාතීන් අතර අසමගියක් ඇති කිරීම ඇතුළු කරුණු ඊට බලපා ඇති බව සඳහන් වේ.

    කෙසේ වුවද රටේ පවතින විදේශ සංචිත අර්බුදය හමුවේ ගෝඨාභය රාජපක්ෂට ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ ප්‍රෙද්ශය පරිහරණය කිරීම සඳහා අදළ ගාස්තු ඩොලර්වලින් නොව රුපියල්වලින් ගෙවීමට අවස්ථාව ලබා දී ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

    - https://lankasara.com/si/පුවත්/ඩුබායි-ගුවන්-තොටුපලේදි-ග/

    ඒකාලේ ගෙම්බර් :ROFLMAO:

    මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි කිව්වේ අවුරුදු 8කට කලින් :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කතාවේ නොගැලපෙන තැන් තියෙනවා. මේක ඉරෝසන්ලගේ ටීම් එකෙන් ගොතපු කතාවක් වෙන්න ඇති

    200w.gif

    ටිකක් අවුල් වගේ නේද ? මම දවස් කීයක් කිව්වද උඹ ගුපියා කියල. 🤭
     
    • Haha
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    200w.gif

    ටිකක් අවුල් වගේ නේද ? මම දවස් කීයක් කිව්වද උඹ ගුපියා කියල. 🤭
    එරෝසන් කිව්වෙත් නෑ උන් හදපු කතාවක් නෙවෙයි කියල. මේ මෝඩ ගුපියෝ ලණු ගිලින්න දස්සයි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එරෝසන් කිව්වෙත් නෑ උන් හදපු කතාවක් නෙවෙයි කියල. මේ මෝඩ ගුපියෝ ලණු ගිලින්න දස්සයි

    බයියෙක් ඔහොම නාන thread එකක් දැම්මනම් උඹ උඩ පැනගෙන තලනවා. @monson ගුපියා යි @SLK_sri Media Unit කාරයයි දෙන්නම අද නෑව thread දාලා. ඒකත් එරෝසන් ට බැර කරනවා. කුජීතයි නේ. 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,773
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    බයියෙක් ඔහොම නාන thread එකක් දැම්මනම් උඹ උඩ පැනගෙන තලනවා. @monson ගුපියා යි @SLK_sri Media Unit කාරයයි දෙන්නම අද නෑව thread දාලා. ඒකත් එරෝසන් ට බැර කරනවා. කුජීතයි නේ. 🤭

    ඔය සේරම ජෙප්පන්ගෙ කුමන්ත්‍රණ. අහිංසක මිනිස්සු අමාරුවෙ දානවා. :dull:
     
    • Haha
    Reactions: Cypress

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බයියෙක් ඔහොම නාන thread එකක් දැම්මනම් උඹ උඩ පැනගෙන තලනවා. @monson ගුපියා යි @SLK_sri Media Unit කාරයයි දෙන්නම අද නෑව thread දාලා. ඒකත් එරෝසන් ට බැර කරනවා. කුජීතයි නේ. 🤭
    gupi bias
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ලන්කාවෙදි මෝඩ මූසල අඩුකුලේ වහල් තැරි බයොන්ට වැලි දාලා ඇරලා පිනට කාලා පුරුද්දට උද්දච්ච පිංගුත්තර නාකි වේස පකයා හැම රටෙන්ම පිනට කන්න ට්‍රයි එක 🤣🤣🤣🤭🤭🤭
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,321
    113
    දෙහිවල
    ලන්කාවෙදි මෝඩ මූසල අඩුකුලේ වහල් තැරි බයොන්ට වැලි දාලා ඇරලා පිනට කාලා පුරුද්දට උද්දච්ච පිංගුත්තර නාකි වේස පකයා හැම රටෙන්ම පිනට කන්න ට්‍රයි එක 🤣🤣🤣🤭🤭🤭
    හෝව් හෝව්, මොකෝ මේ නහුතෙට නැගලා
     
    • Haha
    Reactions: Cypress

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    කතාවේ නොගැලපෙන තැන් තියෙනවා. මේක ඉරෝසන්ලගේ ටීම් එකෙන් ගොතපු කතාවක් වෙන්න ඇති
    අනිවා.. මේ ටික දෑක්ක ගමන් ශුවර් කවුරුහරි ගොබිලෙක් ලිව්ව එකක් කියලා

    ඔහුගේ කාලය තුළ කොවිඩ් වසංගතය කාලයේ ඉස්ලාම් භක්තිකයන්ගේ දේහ භූමදානය කිරීමට ඉඩ නොදීම, ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරණයේදී ක්‍රමෝපායික ලෙස ජාතීන් අතර අසමගියක් ඇති කිරීම ඇතුළු කරුණු ඊට බලපා ඇති බව සඳහන් වේ.