ඩුබායි බැංකුවකින් USD කෝටි 63ක් රුසියාවට මාරු
පැවැති ආණ්ඩුවේ ප්‍රබලයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 630ක් වටිනාකමකින් යුත් ගිණුමක් ඩුබායි බැංකුවකින් හදිසියේම රුසියාවේ බැංකුවකට මාරු කර තිබේ. මේ ප්‍රබලයාගේ ඥාතියකු විසින් "ඇටර්නි" බලපත්‍රයක් මඟින් අදාළ ගිණුම තමන්ගේ නමට පවරාගෙන ඇති අතර ඉන්පසු වහාම එය අදාළ බැංකු ජාලයට අයත් රුසියාවේ බැංකුවකට මාරු කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් හෙළිදරවු වෙයි.
මීට සති දෙකකට පෙර නීතිඥයන් දෙදෙනකු සමඟ ඩුබායි ගිය අදාළ ඥාතියා, මීට අදාළ සියලු කටයුතු සිදු කර ඇති බවට ආණ්ඩුවට තොරතුරු වාර්තා වී තිබේ. මේ ඩුබායි ගිණුම සම්බන්ධයෙන් සියලු තොරතුරු හෙළිදරවු වීමත් සමඟ ආණ්ඩුව එම ගිණුම ඇතුළු ගිණුම් තුනක් රජයට පවරා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් සිටි බවද අනාවරණය කරන අදාළ ආරංචි මාර්ග මේ නිසා මෙලෙස අදාළ ගිණුම රුසියාවට පැවරීමට කටයුතු කර ඇති බවට ආණ්ඩුව සැක පහළ කරයි.
- http://mawbima.lk/54-79814-news-detail.html