ඩුබායි රටේ තරු පහේ හෝටලයක් හැදු මැදවච්චි&#3514

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ඩුබායි රටේ තරු පහේ හෝටලයක් හැදු මැදවච්චි&#3514

    අගෝස්තු 06 වැනිදා 18-25 පැයට අප රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 225 යානය ඩුබායි අන්තර්ජාතික ගුවන්තොට කරා ගමන් ඇරැඹුවේය.ශ්‍රී ලංකාවේ මාධ්‍ය කණ්ඩායමකට ඩුබායි රටට පැමිණෙන ලෙස ආරාධනාව ලැබුණේ ඔරුවල වානේ සංස්ථාව මඟිනි. ඒ ඇරයුම තුළ මහා අසිරිසිරියක්, ගැඹුරක්, චමත්කාරයක් තිබුණේය.

    විදේශයක පිහිටි තරු පහේ සුපිරි හෝටලයක් හිමිකරගත් ප්‍රථම ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයාගේ ඇරයුමෙන් අපි ඩුබායි දේශයට රාත්‍රි 10.15ට පමණ පා තැබුවෙමු. ආගමන විගමන කටයුතුවලින් බැහැරව ඉතා කෙටි කාලයක ගමනකින් පසු අප සිටියේ ඩුබායි නගරයේ මැරියට් අල් ජඩාෆ් සුවිසල් තරු පහේ හෝටලය අබියස. නිරතුරු ළගන්නා සිනාවකින් මුව සරසාගෙන සිටිනා ආගන්තුක සත්කාර ප්‍රධානී බ්‍රයන් ඩිසූසා අපව පිළිගත්තේ ගෞරව පෙරදැරිවය.

    ඔහුගේ ආගන්තුක සත්කාරයෙන් අපගේ විඩා සරතැස දාහය නිවී ගියේය. එසේ 'විඩා දාහය' යනුවෙන් වචන භාවිතයට හේතුවක් තිබිණි. අපි ඩුබායි රටට පා තබනා එදවස එරට උෂ්ණත්වය සෙන්ටිගේ‍ර්ඩ් අංශකය 42කි. ආර්ද්‍රතාව සෙන්ටිගේ‍ර්ඩ් 92කි. විඩා දාහයේ තරම කෙසේ විණිදැයි ඔබට සිතාගත හැකිවනු ඇත.

    මැරියට් (Marriott) තරු පන්ති හෝටල සමූහ ව්‍යාපාරයට රටවල් 60ක හෝටල 500ක් අයත්ය. ඒ ඒ රටවල (Marriott) වෙළෙඳ නාමය ඔස්සේ පවත්වාගෙන යයි. ඒ අතරින් ඩුබායි හි මැරියට් අල් ජඩාෆ් තරු පහේ හෝටලය ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂය.

    ශ්‍රී ලාංකික ධජය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවනේ ලෙළදෙන ස්ථාන දෙකකි. එක් ස්ථානයක් වනුයේ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයි. අනෙක් ස්ථානය ඩුබායි මැරියට් අල්ජඩාෆ් තරු පහේ හෝටලයයි.

    මැරියට් හෝටලය පිහිටා ඇත්තේ ෂෙයික් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්කුම් නම් වූ රජතුමාගේ මාලිගය සමීපයේය. ඩුබායි මෝල් (Bubai Mall) ඩුබායි ගෝල්ඩ් සුක් (Dubai Gold Souaq) බර්ජ් කලීෆා ලෝකයේ උසම ගොඩනැඟිල්ල (Burj khalif world Tallest Building) එමිරේට්ස් මෝල් (Mall of the Emirates) වයිල්ඩ් වාඩී (wild wadi) ෆෙස්ටිවල් සිටි (Festival City) වයිෆයි මෝල් (Wafi Mall) ජුමේරා බීච් පාර්ක් මේ ආදී මනස්කාන්ත සංචාරක පාරාදීසයකට සහ අන්තර්ජාතික ඩුබායි ගුවන් තොටට මැරියට් හෝටලයේ සිට උපරිම විනාඩි දහයක ගමනෙකි.

    ඩුබායි මැරියට් හෝටලය මහල් 8කින් යුක්තය. එහි කාමර 351කි. ඩියුලක්ස් කින්ග්ස් 192කි. ඩියුලක්ස් ඩබල්ස් 107කි. විධායක සූට්ස් (Executive Suites) 38කි. ආබාධිතයන්ට පරිහරණය කළ හැකි අන්දමේ පහසුකම් සහිත කාමර 11කි. මේවා අතරින් සුඛෝපභෝගීි සයනයන් සහිත කාමර තුනක්, විසිත්ත කාමරයක්, මුළුතැන්ගෙයක්, සුවිශේෂී අංගෝපාංග සහිත නාන කාමර සහ සියලු විද්‍යුත් සන්නිවේදන පහසුකම් සහිත සංකීර්ණ, කාමර දෙකක් සහිත සංකීර්ණ සහ තනි කාමර සංකීර්ණ (Apartments) 128ක් සහිතය. මේ එපාර්ට්මන්ට්හි කාමර තුනේ කවුළු අතරින් හාත්පස පෙනෙනා දර්ශනයන් එකිනෙකට වෙනස්ය.

    ලොව නවීනතම සන්නිවේදන පහසුකම් සහිත සම්මන්ත්‍රණ ශාලා, සාකච්ඡා පහසුකම්, ව්‍යාපාරික සමුළු සහ පෞද්ගලික සාකච්ඡා වෙනුවෙන් සැකසුණු කලාපයන් අටක් සහ ඒ වෙනුවෙන්ම වෙන්වූ ආහාර කලාපයන්ද පුහුණු සේවක පිරිසක්ද වෙන්ව සිටිති.

    ශරීර සුවතා, සම්බාහන, ශාරීරික අභ්‍යාස සඳහා පැය 24 පුරාම හෝටලයේ රැඳී සිටින්නන් වෙනුවෙන් සේවය සැපයේ.

    උඩුමහලක පිහිටි ළදරු සහ වැඩිහිටි පිහිනුම් තටාක සුවිශේෂී අත්දැකීමක් ගෙන එයි. එහි සිටිනා ජීවිතාරක්ෂකයන් බොහොමයක්ම ශ්‍රී ලාංකික තරුණයන්ය.
    ඩුබායි මැරියට් හෝටලයේ ආහාර පාන ගැනීම සඳහා වෙන්ව ඇත්තේ ද මාර්කට් ප්ලේස් (The Market Place) කලාපයයි. ලොව සියලු රටවල සුවිශේෂ ආහාර වර්ග එහි අන්තර්ගතය. සංචාරකයන් සිතැඟි පරිදි වුවමනා සහ අවශ්‍යතාවන් අනුව ඕනෑම රසයක ඕනෑම පන්නයක ආහාර එහි අන්තර්ගතව ඇති අතර ඕනෑම ආහාර වර්ගයක් ක්‍ෂණිකව සකසා දීම සඳහා විශේෂඥ සූපවේදීහු පිරිසක් සැදී පැහැදී සිටිති. ඒ අතර සිටි ශ්‍රී ලාංකික සූපවේදී තරුණයන් පිරිස අප වෙත දැක්වූ ළෙන්ගතු මිත්‍රශීලීත්වය අපගේ රස මතකයෙකි. සේවකයන් 550ක ප්‍රමාණයක් ඩුබායි මැරියට් කාර්ය මණ්ඩලයට අයත්ය. අති නවීන ලෝකයට ගැළපෙන පරිදි සියලු සුඛෝපභෝගී පහසුකමින් යුතු තරු පහේ ඩුබායි මැරියට් හෝටලය විවෘත කළේ මේ වසරේ ජනවාරි මාසයේය. ඩුබායි මැරියට් හෝටලයේ ඇති සුවිශේෂ සංචාරක වාසිය වනුයේ එහි පැමිණෙන්නන් හට ඉල්ලුම් කළ විට ඩුබායි රටට පැමිණීමට මැරියට් හෝටල් ජාලය හරහාම වීසා (Visa) ලබාගැනීමට ඇති හැකියාවය. සංචාරක සමයේ වුවද ඩොලර් 180කට අති සුඛෝපභෝගීි කාමරයක් වෙන්කර ගත හැකිය.

    මේ සියලු පහසුකම් සහිත අති සුඛෝපභෝගී ඩුබායි මැරියට් අල් ජඩාෆ් තරු පහේ හෝටලයෙන් අප හට ශ්‍රී ලංකාවේ ඔරුවල වානේ සංස්ථාව මඟින් පැමිණීමට ආරාධනා ලද බව මීට පෙර පැවැසුවෙමි. ඔරුවල වානේ සහ ඩුබායි මැරියට් හෝටලය අතර ඇති සබඳතාව ඥාතිත්වය කුමක්ද? ඒ ඥාතිත්වයේ කතාව කුමක්ද?
    ඒ ඥාතිත්වයේ කතාව උට්ඨාන වීරියෙන් යුතු උත්සාහවන්ත මිනිසකුගේ දිරිය කතාවයි.

    ඒ උත්සාහවන්ත මිනිසා ඇමෙරිකානු ඩොලර් මිලියන 35කට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ අල් ජඩාෆ්හි මධ්‍යම රජයෙන් සින්නක්කර ඔප්පු පිට ලබාගත් භූමියක ඇමෙරිකානු ඩොලර් මිලියන 225ක් ආයෝජනය කරමින් තරු පහේ ඩුබායි මැරියට් හෝටලය අරඹයි.
    මේ සියල්ල ලංවා වානේ පන්නරයෙන් හරි හම්බ කරගත් මුදල්ය.

    මේ ආශ්චර්යවන්ත, උත්සාහවන්ත ගැමි සිංහල බෞද්ධයා ඩුබායි මැරියට් හෝටලයේ 7 වැනි තට්ටුවේ අංගණයකදී අප අභිමුවට පැමිණයේය. ඒ වනවිට මැරියට් හෝටලයේ සුවිශේෂත්වය නැරැඹීමේ උදෑසන ඇරැඹි අපගේ ගමනේ අවසානය දකිමින් තිබිණි. සිසිල් කළ ඇපල් යුෂ වීදුරුවක් අප වෙත පිරිනැමූ මේ ප්‍රියමනාප පුද්ගලයා අප ඉදිරියේ පුටුවකට බර දුන්නේය.

    ඔහු නමින් නන්දන ලොකුවිතානය. වෙනත් අයුරකින් කිවහොත් සාජාහි ඔනෙක්ස් ඉන්ඩ්‍රස්ටීස්, ඔනෙක්ස් බිල්ඩින් සිස්ටම්ස්, ඔනෙක්ස් ඉලෙක්ට්‍රොනිකල් සර්විස්, නිලෝනා හෝල්ඩිංස් සහ ශ්‍රී ලංකාවේ ඔරුවල වානේ සංස්ථාව සහ සිලෝන් හෙවි ඉන්ඩස්ටී්‍රස් සහ කන්ස්ට්‍රක්ෂන් ව්‍යාපාරයන්හි හිමිකරුවාය. ලොව ඉසියුම් ව්‍යාපාර රැසක් හිමි අවිවේකී මිනිසා නන්දන ලොකුවිතාන ඩුබායි මැරියට් හෝටලයේ පාලනය පවරා ඇති චන්දන ජයබාහු ලොකුවිතාන තම සහෝදරයා සමඟ අප අභිමුවෙහි සිටී.

    තම සහෝදරයාද සාක්ෂියට තබාගෙන දැඩි නිර්ව්‍යාජත්වයෙන් යුතුව නන්දන මහතා දිරියක කතාව අප වෙත දිග හැරියේය.
    'මගේ පියා පියදාස ලොකුවිතාන විදුහල්පතිවරයෙක්. දැන් වසය 82යි. අම්මා ගෘහණියක්ව හිටියේ. නම මල්ලිකා තෙන්නකෝන් ගුණවර්ධන. අම්මාගේ වයස දැන් හැත්තෑවක්. අපේ පවුලේ පස්දෙනයි. ඉතා ග්‍රාමීය පරිසරයකයි අපි හැදුණේ. මැදවච්චිය කොබිටියගොල්ලෑව ගමේ තමයි අපේ බාල කාලය ගෙවුණේ.
    විශාල ආඪ්‍ය සම්පන්න ජීවිතයක් අපට තිබුණේ නෑ. වැහි පීලි වෙනුවට කිතුල් ගස් දෙකට පළලා සුද්ද කරලා දමාගත් පරිසරයක ජීවත් වුණේ. අපට හේන් තිබුණා. මේ හේන්වල දඬු වැට, අලි වැට, කැලෑ වැට තිබුණා. අපි ඒ වගේ වැඩ කළා. හේනට එන සත්තු එළවපු විදිය තාමත් හොඳට මතකයි. හේන් ගිනි තියපු හැටි සහසුද්දෙට මතකයි. පස සාරවත් නොමැති තැන්වල කුරක්කන් දැම්මා. සාරවත් ප්‍රදේශවල මිරිස් දැම්මා.

    මගේ මේ ව්‍යාපාරික කතන්දරයට මෙය අයිති නෑ මට හිතෙන විදියට. නමුත් මම මේක කියන්නේ මගේ මානසිකත්වය තවම එතැන. මගේ සිතුවිලි තවම ගමේමයි කියන එක හදවතේ ගැඹුරුම තැනින් තියන්න.

    මම මූලික අධ්‍යාපනය ලැබුවේ පිහිඹියගොල්ලෑව පාසලෙන්. එහිදී මම පහේ ශිෂ්‍යත්වය සමත් වෙනවා.
    ශිෂ්‍යත්වය සමත් වුණාම මාව යවනවා තාත්තගෙ ගමට. හොරණට. හොරණ ජනාධිපති විද්‍යාලයේ 9 වැනි ශේ‍ර්ණිය දක්වා අවුරුදු හතරක් ඉගෙන ගන්නවා. උසස් පෙළට විශ්වවිද්‍යාල ප්‍රවේශයට ලකුණු දීමේ ක්‍රමවේදය ඒ කාලේ තිබුණ නිසා මම සාමාන්‍ය පෙළ හදාරන්නේ අනුරාධපුර නිවන්තක චේතිය විද්‍යාලයෙන්. උසස් පෙළ කළේ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන්.

    තාත්තාගේ සිහිනය තිබුණේ මාව ඉන්ජිනේරු අංශයෙන් ඉහළට යවන්න. 1987දී N. D.T කිරීමට අවස්ථාව උදා වුණා. 87/88 කියන්නේ අපේ රටේ බිහිසුණු පරිසරයක් තිබුණු කාල පරිච්ඡේදයක්. මාව කොළඹට එව්වා. කොළඹ ඉන්න අතරේ අමතර ආදායමක් හොයා ගන්න ගෙවල්වලට ගිහිල්ලා සාමාන්‍ය පෙළ ගණිතය විෂයට ටියුෂන් දුන්නා.

    ඒ අතරවාරයේ කඳවල සර්ජෝන් කොතලාවල පීඨයේ පාඨමාලාවක් හැදෑරුවා. ඒ අතර වාරයේ මම මහරගම හයිඩ්‍රාමනි ආයතනයට අනුබද්ධ සිලෝන් නිට්ට්‍රේඩ් සමාගමේ කෙටි කාලයක් සේවය කළා. මම බොහෝ දේ ඒ කෙටි කාලය තුළ වුවත් එම සමාගමෙන් ඉගෙන ගත්තා.

    1989 මම ඩුබායි රටේ අජ්මාන් ප්‍රදේශයේ සමාගමක නිෂ්පාදන සහකාරවරයකු ලෙස සේවයට පැමිණියේ මවුපිය විරෝධතාව මත. ඒ කාලේ ඩුබායි යනවා කියනකොටම හිත්වල පහළ වන්නේ ගෘහසේවක, සේවිකා මානසිකත්වයක්. ඒ නිසා තමයි තාත්තා කැමැති වුණේ නැත්තේ. මම ගුවන් තොටුපොළට ආවෙත් තනියම.

    ඉතා මහන්සිවෙලා වැඩ කළා. පැය 14 - 16 වැඩ කළා. ඒ කාලයේම ඇමෙරිකානු වෙළෙඳ මෙහෙයුම් සමාගමක සේවයට ගියා. මම පියවරෙන් පියවර ඉදිරියට ගියා. නිෂ්පාදන සහායක නිෂ්පාදන කළමනාකරු වුණා. නිෂ්පාදන කළමනාකරු, සාමාන්‍යාධිකාරී වුණා. ඉන්පසුව කලාප කළමනාකරු (Country Manager) ලෙස උසස්වීමක් ලැබුවා.

    1989දී මම ඩුබායි අජ්මාන්වලට ආවේ. වසර 2000දී අවුරුදු එකොළහකට පස්සේ නිලෝනා පැෂන් නමින් සේවකයන් 400 කගෙන් යුක්තව ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ඇරඹුවා. එය පිහිටියේ සාජා නිදහස් වෙළෙඳ කලාපයේ. මේ සේවක සේවිකාවන්ට ආහාර ලබාදීමේ ප්‍රශ්නයක් ටික කාලයකදී ආවා. එතැනදී චන්දන මල්ලිව ගෙන්නගෙන කේටරින් සර්විස් එකක් ආරම්භ කරලා ඒක මල්ලිට භාර දුන්නා. සමාගම් රැසකට ආහාර සැපයීමට හැකිවුණා. ඒ ව්‍යාපාරය තවමත් කරනවා. ඒ අතර වාරයේ රෙදි සේදීමේ කම්හලක් ඇරඹුවා. ඒකත් නිලෝනා නමින් තමයි ඇරඹුවේ. ඒවා හොඳට කරගෙන ගියා. මමත්
    නිෂ්පාදන කළමනාකාරවරයෙක් නිසා විෂය දැනුම තිබුණා.

    ඉන්පසුව ඔනෙක්ස් ඉන්ඩස්ටී්‍රස් ආරම්භ කළා. යකඩ නිෂ්පාදනය සහ ඉදිකිරීම් කටයුතු ඒ සමාගමෙන් කළා.
    නන්දන ලොකුවිතාන මුහුණේ සිහින් සිනහ රේඛාව තවමත් පෙර පරිදිම ඇඳී ඇත. ඔහු ඉතා නිර්ව්‍යාජ ලෙස නිර්ලෝභීව සිය ධන රේඛාවේ ගමන් මඟ එසේ පැහැදිලි කළේය.

    2003 - 2004 වසර ඩුබායි රාජ්‍යය ශීඝ්‍රයෙන් දියුණුවන සංවර්ධන සංග්‍රාමික සමය වූයේය. ඩුබායි රට වර්තමානයේ ශීඝ්‍ර දියුණුවක් ලැබගත් රටකි. මේ සියලු දියුණු තත්ත්වයන් ඇතිවූයේ 1971 දෙසැම්බර් 2 වැනි දින ලැබූ නිදහසින් පසුවය. ඒ නිදහස සමරනුවස් ඩුබායි නගරයේ දෙසැම්බර් 02 නමින් මාවතක් නම් කර ඇත්තේය. ඩුබායි රටේ වර්තමානයේ ඇත්තේ නිදහසින් පසු රම්‍ය නගරයක් වූ වසර 42ක සමෘද්ධියේ මහිමයයි. මේ සමෘද්ධිය තුළ සිතා ගත නොහැකි අරුම පුදුමයන්ද ඇතුළත්ය.

    ඩුබායි ශීඝ්‍ර සංවර්ධනයට නන්දන මහතාගේ ඔනෙක්ස් ඉන්ඩස්ටී්‍රස් සමාගමට විශාල කාර්යභාරයක් කිරීම ඉඩ සැලසුණි. එය නන්දන මහතාගේ ව්‍යාපාර ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යය වූයේය.

    මේ ආතරවාරයේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා සමඟ සමීප විශ්වාසයක් ගොඩනැඟී තිබිණි. එය විශේෂ වූ ගෞරවයක, භක්තියක, සත්කාරයක අතුරු කතාවෙකි.

    කොරියානු සමාගමක් විසින් පවත්වාගෙන ගිය ඔරුවල වානේ සංස්ථාව ඔවුන් විසින් විකුණන අවස්ථාවේ මිලදී ගැනීමට නන්දන ලොකුවිතාන මහතාට හැකියාව ලැබුණේය. අක්කර දෙසීයක භුමි ප්‍රමාණය සහ වානේ කම්හල වෙනත් සමාගමක් විසින් ලබාගෙන කම්හල වසා දමා ඉඩම් කෑලි කඩා විකිණීමේ පිඹුරුපත් සැකසෙමින් තිබුණු වකවානුවක නන්දන මහතාට එය මිලදී ගැනීමට ඉහළම රාජ්‍ය අනුග්‍රහය ලැබිණි. එය ඔහුගේ ජීවිතයේ විශාල භාග්‍යයකි.

    වර්තමානයේ ලංකා වානේ සංස්ථාවේ යකඩ නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ සියයට හතළිහක පමණ වුවමනාවන් සපුරා ලන්නේය. නිතරම ඉදිරිය පෙනෙන නන්දන මහතාට යමක් දැනුණේය. ශීඝ්‍ර දියුණුවක් සමඟ ඩුබායි රාජ්‍ය ලෝකයේ ප්‍රධාන සංචාරක රාජ්‍යයක් බවට පත්වෙමින් පවතින බවය. එරට ජාතික ආදායම තෙල් නිෂ්පාදනයට වඩා සංචාරක ව්‍යාපාරයෙන් සැපිරෙන තත්ත්වයන් මතුව එන්නේය. තරු පන්තියේ සුපිරි හෝටලයක් ඩුබායි නගරයේ අල් ජදාෆ් ප්‍රදේශයේ ඉදිවන්නේ නන්දන මහතාගේ ඔරුවල වානේ පන්නරයේ මහිමයෙනි. එහි පරිපාලනය සහ මෙහෙයුම් කටයුතු සඳහා සහාය කර ගත්තේ ලොව පසිඳු මැරියට් තරු පහේ හෝටල් සමූහ ව්‍යාපාරයයි. ඔවුහු නන්දන මහතාගේ සිහිනය සැබෑ කරමින් අධි සුඛෝපභෝගී, අධි ආරක්‍ෂිත නවීනතම තරු පහේ හෝටලයක් සහ සේවාවන් ඔරුවල වානේ සංස්ථාවට ලබාදී ඇත්තේය. එනිසාම එය ඔරුවල වානේ සංස්ථා අනුබද්ධිත ඩුබායි මැරියට් අල් ජදාෆ් තරුපහේ හෝටලය නම් වන්නේ ශ්‍රී ලාංකේය අභිමානයත් සමඟිනි.

    එදා 1989 වසරේ වැඩිමහල් පුතා ඩුබායි රටට පිටත්වන මොහොතේ අකැමැත්ත නිසා ඔහු ඇරලවන්නට ගුවන්තොටට නොපැමිණි සෙනෙහෙ පිරුණු අම්මා, තාත්තා තම පුතුන්ගේ දියුණුව දෙස සතුටු කඳුළු පිරුණු දෙනෙතින් බලා සිටී. මාස හතරකට වරක් ආදරණීය මවුපිය යුවළ ඩුබායි රටට ගෙන්වා ගනී. දින කිහිපයකදී ඔවුන් ආපසු මවු රට වන ශ්‍රී ලංකාවට යායුතු බව පවසන බව නන්දන මහතා පැවැසුවේ මාතු පාදා, පීතු පාදා සිතින් නමස්කාර කරමිනි.

    1989 වසරේ ඩොලර් 225ක වැටුපකට ඩුබායි රටට පා තැබූ ශ්‍රී ලාංකික පුත්‍රයා වසර 25 කට පසුව ඇමෙරිකානු ඩොලර් මිලියන 225ක ආයෝජනයක් එරට තුළම කර ගනිමින් ශ්‍රී ලාංකික ධජය ළෙලදෙන්නට සැලසීම අභිමානයට තරුණක් නොවන්නේද?
    අප හටද අප උපන් රටෙහි ජනිත වූ මේ අසහාය උත්සාහවන්ත පරිත්‍යාගශීලී මිනිසා පිළිබඳ ආඩම්බරයක් ඇතිවෙයි. ඩුබායි මෙරියට් හෝටලයේ මුදුන් මහලේ සිට කවුළුවකින් හාත්පස බැලුවෙමි. ලොව උසම ගොඩනැඟිල්ල වූ ඩුබායිහි පිහිටි බර්ජ් කලිෆා (Burj Khalifa) ඇතුළු අහස සූරණ ගොඩනැඟිලිවලින් පිරුණු නගරයේ චමත්කාර දර්ශනය නෙත් මාන ඉසව්වේ පෙනේ.

    'ව්‍යාපාර ලෝකයේ මගේ ජීවිතය සහ පෞද්ගලික ජීවිතය දෙකක්. අදටත් කොළඹ ගියාම, හොරණ ගියාම රබර් සෙරෙප්පු දෙකක් දාගෙන පාරේ ඇවිදගෙන ගිහින් 'දුවනගිරි'යෙන් වඩේ එකක් කාලා ප්ලේන්ටි එකක් ගහන මානසිකත්වයකයි මම ජීවිතය ගෙවන්නේ.'
    නන්දන මහතා සැහැල්ලු සිතින්, සිනා වතින් යුතුව කියයි.
    ඔබේ ව්‍යාපාරික දියුණුවේ රහස මොකක්ද...?
    මම ප්‍රශ්න කළෙමි.

    '1989 ඉඳල මම මෙතැනට ආවේ වාසනාව නිසාම නෙමෙයි. මහන්සි වෙලා වැඩ කිරීම නිසා. ඇත්තෙන්ම ඔබේ ප්‍රශ්නයට ඍජු පිළිතුර නම් මගේ ව්‍යාපාරික රහස පසු විපරම සහ කැපවීමයි'

    පසුදින අප සියල්ලෝම ලොව උසම තැන සිට සැළලිහිණි ඇසකින් පහත බැලුවෙමු. හරිත වර්ණයෙන් බබළන ඩුබායි නගරයේ අයස්කාන්ත, මනස්කාන්ත ස්ථාන නැරඹුවෙමු. රත්රන් කඩ වීදිය දිගේ පිය මැන්නෙමු. මේ සියල්ලටම අපට පහසුකම් සපයා දෙමින් අප එරටට ගෙන්වා ගත්තේ නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත් ශ්‍රී ලාංකික බෞද්ධයාය. ඔහුගෙන් සමුගන්නා විට පැවැසූ වදන් සිත්හි තදින් සනිටුහන් වී ඇත.

    'ඔබතුමාලගෙ කෙනෙක්ගේ දෙයක් බලන්න ආවට ස්තුතියි.' —​

    උපුටා ගැන්මකි....
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    supirii dial ekakne. eth muta kohenda mechchara salli

    " සාජාහි ඔනෙක්ස් ඉන්ඩ්‍රස්ටීස්, ඔනෙක්ස් බිල්ඩින් සිස්ටම්ස්, ඔනෙක්ස් ඉලෙක්ට්‍රොනිකල් සර්විස්, නිලෝනා හෝල්ඩිංස් සහ ශ්‍රී ලංකාවේ ඔරුවල වානේ සංස්ථාව සහ සිලෝන් හෙවි ඉන්ඩස්ටී්‍රස් සහ කන්ස්ට්‍රක්ෂන් ව්‍යාපාරයන්හි හිමිකරුවාය "

    සල්ලි ලැබෙන එක අහන්නත් දෙයක්ද බන් :D:D
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ෆට්ට යකෝ.........!!!!!!

    හිටු, මමත් දවසක ඇෆ්ගනිස්ථාන්වල ෆයිව්-ස්ටාර් හොටෙල් එකක් ඕපන් කරනවා.....!!!!

    "මිනිස්ට්‍රි ඔෆ් පෝර්ක්"

    ප:ලි:- නිවුස් එක බීබීසී එකේ ගිහින්, ටයිම්ස් සඟරාවේ මුල් පිටුවේ මගේ සුන්දර සේයාරුව පලවෙද්දි ඒක දකින බොලාගේ පපු කැනතු ඉරිසියාවේ පැලෙයි නේද???

    හික්ස්!!!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    තුන්වේල ගෙදරින් තම්බලා දෙන කමට ගිල ගිලා මේකේ තව්සන්ඩ් ටෝක් දදා ඉන්න උන්ට හොද ආදර්ශමත් චරිත කතාවක්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබලා සිංහලයට ජය වේවා කියනවා
    මන් කලින් වැඩ කරපු තැන අයිතිකාරයා තමයි ඔය හොටෙල් එක දාලා තියෙන්නේ
    ලංකා වනේ සංස්ථාවේ
    ආණ්ඩුවේ තියන කාලේ අවුරුදු 10කත කලින්
    මිනිස්සුන්ට හොදට පඩි ගෙවුවා
    බෝනස් දුන්නා
    පුස්තකාලයක් පවා තිබුන
    රුසියාවේ ගිහින් ඉගනගෙන එන්න චාන්ස් පවා තොබුනා

    එට පස්සේ චන්ද්‍රිකා වික්ක කොරියන් කාරයන්ට
    කොරියන් කාරයෝ ඒ විදියටම අරන් ගියා
    ලැබේ වැඩි කළා, මිනිස්සුන්ට පඩි බෝනස ගෙවුවා හූරන් කෑවේ නැහැ

    එට පස්සේ අපේ ජනදිපතිතුමාගේ හිතවත් කමක් ( නැසීගිය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ගේ සහයෙන්)
    මේ කට්ටිය ගත්තේ යාන්ත්‍ර වල යකඩ වටිනකම්ටත් වඩ අඩුවෙන් කියනවා.
    මිනිස්සු ඉම්බා කකුල් දෙක සිනහලා රත්තරන් මහත්තය කියලා
    ( ගොට්ට අල්ලන බලන් හිටපු අය)

    මුලින්ම කලේ පුස්තකාලේ වහපු එක
    එට පස්සේ අලුතින් එන සේවකයන් ස්ථිර කරන එක නැවත්තුවා
    පඩි වැඩි කරලා නැහැ අවුරුදු 7කටම පඩි වැඩි කලෙ2000

    ඒවාට කතා කරන මිනිස්සුන්ගෙන් පලි ගත්ත
    ලිපිකාරයෝ ආපු මිනිස්සු ගබඩා වල බඩු පටවන්න දැම්ම
    තාක්ෂණික පුහුණු සේවකයෝ කම්කරූ වැඩ වලට අනියුක්ත කළා
    කොන්ත්‍රාත් ඉන්න කෙනෙක් තමාගේ ප්‍රශනයක් කතා කලොත් බැරිනම් යන්න කියනවා
    ස්ථිර නම් සතියක් 2ක් වැඩ තහනම්
    මගේ යාළුවෙක් කලින් දවසේ පාටි එකකදී බිලා පහුවඩා වැඩට ඇවිල්ලා
    ( උ ටිකක් කතා කරන මිනිසුන්ගේ ප්‍රශ්නයක් අවම ඒවාට ඉදරිපත් වෙන කෙනක්)
    උ කලින් දවසේ බිවුව කියලා දැනගෙන( ඔත්තු කාරයෝ ඉන්නව)
    උගේ blood test කරලා රාජකාරි වෙලාව ඇතුලත් බිලා හිටියා කියලා වැඩ තහනම් දැන් මස 6ක්.
    හෝමාගම හොස්පිටල් එකේ ඩොක්ටලා බහ කියලා තියනවා hr මැනේජර් එය අදුරන කෙනෙක් මාරගෙන් තායි රිපෝට් එක ගත්තේ

    මිනිස්සුන්ට බල්ලට වගේ කතා කරනේ
    ඔක්කොම සිංහල මිනිස්සු හිටියේ ඉස්සර
    දැන් ලංකාවේ අය අයින් කරලා ඉන්දියන් කම්කරුවෝ ගේනවා
    මිනිස්සු හුරන් කනවා

    ඔන්න ඕකයි සින්හලගේ තත්වය

    වෙසක් එකට දන්සලක් දෙනවා
    වෙසක් කුඩු තරග තියනවා
    හොද ට පෙනී ඉන්නව බුද්දාගමේ වගේ

    මිනිසුන්ව හූරන් කනවා

    මන් කියන ඒවා විශ්වස නැත්තම්
    වැඩ කරපු හෝ ජ්කරන කෙනෙක් ගෙන අහන්න

    කාටහරි පන්න පුළුවන් මේක කුහක කතාවක් වගේ
    එත් හොදට තිබ්බ රාජ්ජ ආයතනයක් සල්ලි බලෙන් ලබාගෙන
    රටේ මිනිස්සුන්ටම බුක්තිවිදින්න තියන ලාබය
    එක තැනකට එකතු කරගන්නවා
    කොච්චර හම්බ කරත් කමක් නැහැ සේවකයන්ට සාදාරණනව සලකනවා නම්

    මේ කට්ටියගේ සිංහල කම නමටවිතරයි

    ඔය ලියුමත් සල්ලි දීලා ලියවපු එකක් වෙන්න ඇති
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හයිය ඇති කාලේ මැරීගෙන වැඩ කරපං රාලේ.............
    එතකොට හයිය නැති වෙන කාලේ ආතල් එකේ හිටය හැකි වන්නේ........
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    උබලා සිංහලයට ජය වේවා කියනවා
    මන් කලින් වැඩ කරපු තැන අයිතිකාරයා තමයි ඔය හොටෙල් එක දාලා තියෙන්නේ
    ලංකා වනේ සංස්ථාවේ
    ආණ්ඩුවේ තියන කාලේ අවුරුදු 10කත කලින්
    මිනිස්සුන්ට හොදට පඩි ගෙවුවා
    බෝනස් දුන්නා
    පුස්තකාලයක් පවා තිබුන
    රුසියාවේ ගිහින් ඉගනගෙන එන්න චාන්ස් පවා තොබුනා

    එට පස්සේ චන්ද්‍රිකා වික්ක කොරියන් කාරයන්ට
    කොරියන් කාරයෝ ඒ විදියටම අරන් ගියා
    ලැබේ වැඩි කළා, මිනිස්සුන්ට පඩි බෝනස ගෙවුවා හූරන් කෑවේ නැහැ

    එට පස්සේ අපේ ජනදිපතිතුමාගේ හිතවත් කමක් ( නැසීගිය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ගේ සහයෙන්)
    මේ කට්ටිය ගත්තේ යාන්ත්‍ර වල යකඩ වටිනකම්ටත් වඩ අඩුවෙන් කියනවා.
    මිනිස්සු ඉම්බා කකුල් දෙක සිනහලා රත්තරන් මහත්තය කියලා
    ( ගොට්ට අල්ලන බලන් හිටපු අය)

    ඔය වානේ සංස්ථාව ගැන කියන එකනම් ඇත්ත:yes:
    අනිත් ඒවානම් දන්නේ නෑ:yes:
     
    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ

    :eek::eek::eek::eek::eek::eek::eek:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    kelawela nati banbastana wenna giya eka u kohomahari naggala gattane :D
    anduwa karapu kale wage padiya aran kale kaka cool eke inna ba ithin private unama anduwe kanthoruwa wage :P
    watichcha eka godagannakan bonus dila daranna bari padi dila sewakayo huratal karanna ba ne :D
    eka nisa ithin owai depattak athi ;)
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    kelawela nati banbastana wenna giya eka u kohomahari naggala gattane :D
    anduwa karapu kale wage padiya aran kale kaka cool eke inna ba ithin private unama anduwe kanthoruwa wage :P
    watichcha eka godagannakan bonus dila daranna bari padi dila sewakayo huratal karanna ba ne :D
    eka nisa ithin owai depattak athi ;)

    :rofl::rofl::rofl:

    සංස්ථාව රුසියාවෙන් ලන්කවට ලැබුන තෑග්ගක්

    ඔව් එතින් මිනිසුන්ගේ දීමන කපලා
    බෝනස් නැති කරලා
    සේවක ස්ථිර කිරීම් නැති කරලා

    තායි ඒවා කලේ
    සන්ස්ත්වට කෙල වෙලාතිබ්බේ නැහැ බන් කවදාවත්
    හැමද්ම හොද තත්වයේ තිබුනා

    මිනිහා ව්‍යාපාරිකයෙක් විදියට කරන දේහරි වෙන්න පුළුවන්
    එත් සිංහල කම් ගාවගෙන කෑගහන නිසයි මම එක කිවුවේ

    සංස්ථාවේ වැඩ කරපු ඕනි කෙන්ක්ගෙන් අහපන්
    සිංහල කම් බේරෙනවා රෙද්දපල්ලෙන්
    සේවක ෂමය පට්ට විදියට තුරන් කකා පොඩි ගහලා යවන්නේ පිටරටට
    මන් අහන්නේ එකෙතියන සිංහල කම් ගැන
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ගොඩක් ලොකු ආදර්ශයක් අපි හැමෝටම දෙන කතාවක් .

    බොහොම ස්තුති බෙදාගත්තට
    :yes:
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    :rofl::rofl::rofl:

    සංස්ථාව රුසියාවෙන් ලන්කවට ලැබුන තෑග්ගක්

    ඔව් එතින් මිනිසුන්ගේ දීමන කපලා
    බෝනස් නැති කරලා
    සේවක ස්ථිර කිරීම් නැති කරලා

    තායි ඒවා කලේ
    සන්ස්ත්වට කෙල වෙලාතිබ්බේ නැහැ බන් කවදාවත්
    හැමද්ම හොද තත්වයේ තිබුනා

    මිනිහා ව්‍යාපාරිකයෙක් විදියට කරන දේහරි වෙන්න පුළුවන්
    එත් සිංහල කම් ගාවගෙන කෑගහන නිසයි මම එක කිවුවේ

    සංස්ථාවේ වැඩ කරපු ඕනි කෙන්ක්ගෙන් අහපන්
    සිංහල කම් බේරෙනවා රෙද්දපල්ලෙන්
    සේවක ෂමය පට්ට විදියට තුරන් කකා පොඩි ගහලා යවන්නේ පිටරටට
    මන් අහන්නේ එකෙතියන සිංහල කම් ගැන
    Oya koi comapniyath udata awith tiyenne oya wage deal tami. Dan balanna apple . Diyunu wena minihage hati. Etakota ohoma selfish wenna wenawa. Netanam dean deyak kala wena deyak wenakan balan inna wenne.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Oya koi comapniyath udata awith tiyenne oya wage deal tami. Dan balanna apple . Diyunu wena minihage hati. Etakota ohoma selfish wenna wenawa. Netanam dean deyak kala wena deyak wenakan balan inna wenne.

    උබ කියන්නේ හැම කෝම්පනියම එක කලා කියලා එක හරි කියන එකද?
    හරි මේ වයාපරිකයා දියුණුව ලබාගත්ත
    ඇයි සිංහල කියා කියා උඩ පනින්නේ
    එකෙන් සිංහලයට වෙන සේවය මොකද්ද

    මිනිහෙක් අවංකවම දියුණුවෙනවා නම් සතුටුයි තමයි මචං
    එත් සේවකයන්ව තාඩන පීඩන දාලා
    හයි කාරකමෙන් වැඩ ගන්න කෙනෙක් දියුණු වුනා කියලා
    සිංහල මිනිස්සුන්ට හොදක් වෙනවද

    මේකේ දැන් ගොඩක් ඉන්දියානු කම්කරුවෝ වැඩ කරනවා

    වයාපරිකයායෙක් විදියට හරි වෙන්න පුළුවන්
    එත් මහලොකුවට සිංහල කියලා අපි කගන එක ත්රුම් ගන්න බැහැ

    දන්සල් දෙනවා
    වෙසක් කුඩු තරග තියනවා
    පන්සල් වලට ආදර දෙනවා

    මේවා නම්කරනවා

    ගොඩක් ලංකාවේ බෞද්ධයෝ දැන් මනින්නේ බාහිර පිට ඔපෙන්
    ඕකයි සිංහලයට
    බෞද්දයට මෙච්චර ප්‍රශ්න වෙන්නේ
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උබලා සිංහලයට ජය වේවා කියනවා
    මන් කලින් වැඩ කරපු තැන අයිතිකාරයා තමයි ඔය හොටෙල් එක දාලා තියෙන්නේ
    ලංකා වනේ සංස්ථාවේ
    ආණ්ඩුවේ තියන කාලේ අවුරුදු 10කත කලින්
    මිනිස්සුන්ට හොදට පඩි ගෙවුවා
    බෝනස් දුන්නා
    පුස්තකාලයක් පවා තිබුන
    රුසියාවේ ගිහින් ඉගනගෙන එන්න චාන්ස් පවා තොබුනා

    එට පස්සේ චන්ද්‍රිකා වික්ක කොරියන් කාරයන්ට
    කොරියන් කාරයෝ ඒ විදියටම අරන් ගියා
    ලැබේ වැඩි කළා, මිනිස්සුන්ට පඩි බෝනස ගෙවුවා හූරන් කෑවේ නැහැ

    එට පස්සේ අපේ ජනදිපතිතුමාගේ හිතවත් කමක් ( නැසීගිය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ගේ සහයෙන්)
    මේ කට්ටිය ගත්තේ යාන්ත්‍ර වල යකඩ වටිනකම්ටත් වඩ අඩුවෙන් කියනවා.
    මිනිස්සු ඉම්බා කකුල් දෙක සිනහලා රත්තරන් මහත්තය කියලා
    ( ගොට්ට අල්ලන බලන් හිටපු අය)

    මුලින්ම කලේ පුස්තකාලේ වහපු එක
    එට පස්සේ අලුතින් එන සේවකයන් ස්ථිර කරන එක නැවත්තුවා
    පඩි වැඩි කරලා නැහැ අවුරුදු 7කටම පඩි වැඩි කලෙ2000

    ඒවාට කතා කරන මිනිස්සුන්ගෙන් පලි ගත්ත
    ලිපිකාරයෝ ආපු මිනිස්සු ගබඩා වල බඩු පටවන්න දැම්ම
    තාක්ෂණික පුහුණු සේවකයෝ කම්කරූ වැඩ වලට අනියුක්ත කළා
    කොන්ත්‍රාත් ඉන්න කෙනෙක් තමාගේ ප්‍රශනයක් කතා කලොත් බැරිනම් යන්න කියනවා
    ස්ථිර නම් සතියක් 2ක් වැඩ තහනම්
    මගේ යාළුවෙක් කලින් දවසේ පාටි එකකදී බිලා පහුවඩා වැඩට ඇවිල්ලා
    ( උ ටිකක් කතා කරන මිනිසුන්ගේ ප්‍රශ්නයක් අවම ඒවාට ඉදරිපත් වෙන කෙනක්)
    උ කලින් දවසේ බිවුව කියලා දැනගෙන( ඔත්තු කාරයෝ ඉන්නව)
    උගේ blood test කරලා රාජකාරි වෙලාව ඇතුලත් බිලා හිටියා කියලා වැඩ තහනම් දැන් මස 6ක්.
    හෝමාගම හොස්පිටල් එකේ ඩොක්ටලා බහ කියලා තියනවා hr මැනේජර් එය අදුරන කෙනෙක් මාරගෙන් තායි රිපෝට් එක ගත්තේ

    මිනිස්සුන්ට බල්ලට වගේ කතා කරනේ
    ඔක්කොම සිංහල මිනිස්සු හිටියේ ඉස්සර
    දැන් ලංකාවේ අය අයින් කරලා ඉන්දියන් කම්කරුවෝ ගේනවා
    මිනිස්සු හුරන් කනවා

    ඔන්න ඕකයි සින්හලගේ තත්වය

    වෙසක් එකට දන්සලක් දෙනවා
    වෙසක් කුඩු තරග තියනවා
    හොද ට පෙනී ඉන්නව බුද්දාගමේ වගේ

    මිනිසුන්ව හූරන් කනවා

    මන් කියන ඒවා විශ්වස නැත්තම්
    වැඩ කරපු හෝ ජ්කරන කෙනෙක් ගෙන අහන්න

    කාටහරි පන්න පුළුවන් මේක කුහක කතාවක් වගේ
    එත් හොදට තිබ්බ රාජ්ජ ආයතනයක් සල්ලි බලෙන් ලබාගෙන
    රටේ මිනිස්සුන්ටම බුක්තිවිදින්න තියන ලාබය
    එක තැනකට එකතු කරගන්නවා
    කොච්චර හම්බ කරත් කමක් නැහැ සේවකයන්ට සාදාරණනව සලකනවා නම්

    මේ කට්ටියගේ සිංහල කම නමටවිතරයි

    ඔය ලියුමත් සල්ලි දීලා ලියවපු එකක් වෙන්න ඇති
    :oo:
    මෙව්වාට මොනවා කියන්නද කියලා තේරෙන්නේ නැහැ බන් ..
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ෆට්ට යකෝ.........!!!!!!

    හිටු, මමත් දවසක ඇෆ්ගනිස්ථාන්වල ෆයිව්-ස්ටාර් හොටෙල් එකක් ඕපන් කරනවා.....!!!!

    "මිනිස්ට්‍රි ඔෆ් පෝර්ක්"

    ප:ලි:- නිවුස් එක බීබීසී එකේ ගිහින්, ටයිම්ස් සඟරාවේ මුල් පිටුවේ මගේ සුන්දර සේයාරුව පලවෙද්දි ඒක දකින බොලාගේ පපු කැනතු ඉරිසියාවේ පැලෙයි නේද???

    හික්ස්!!!

    :P:P උබ එහෙනම් මන් පාකිස්තානේ දාන්න හිතන් ඉන්න ඌරන් අභිජනන මධ්‍යස්ථානයෙන් ඌරන් ගනින්. අඩුවට දෙන්නම් :P:rofl:

    රත්තරං;17026308 said:
    තුන්වේල ගෙදරින් තම්බලා දෙන කමට ගිල ගිලා මේකේ තව්සන්ඩ් ටෝක් දදා ඉන්න උන්ට හොද ආදර්ශමත් චරිත කතාවක්

    අනිවා අයියේ.. සිරා කතාව :yes::yes:

    තැන්ක්ස් මචන්.. :yes::yes:
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    උබලා සිංහලයට ජය වේවා කියනවා
    මන් කලින් වැඩ කරපු තැන අයිතිකාරයා තමයි ඔය හොටෙල් එක දාලා තියෙන්නේ
    ලංකා වනේ සංස්ථාවේ
    ආණ්ඩුවේ තියන කාලේ අවුරුදු 10කත කලින්
    මිනිස්සුන්ට හොදට පඩි ගෙවුවා
    බෝනස් දුන්නා
    පුස්තකාලයක් පවා තිබුන
    රුසියාවේ ගිහින් ඉගනගෙන එන්න චාන්ස් පවා තොබුනා

    එට පස්සේ චන්ද්‍රිකා වික්ක කොරියන් කාරයන්ට
    කොරියන් කාරයෝ ඒ විදියටම අරන් ගියා
    ලැබේ වැඩි කළා, මිනිස්සුන්ට පඩි බෝනස ගෙවුවා හූරන් කෑවේ නැහැ

    එට පස්සේ අපේ ජනදිපතිතුමාගේ හිතවත් කමක් ( නැසීගිය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ගේ සහයෙන්)
    මේ කට්ටිය ගත්තේ යාන්ත්‍ර වල යකඩ වටිනකම්ටත් වඩ අඩුවෙන් කියනවා.
    මිනිස්සු ඉම්බා කකුල් දෙක සිනහලා රත්තරන් මහත්තය කියලා
    ( ගොට්ට අල්ලන බලන් හිටපු අය)

    මුලින්ම කලේ පුස්තකාලේ වහපු එක
    එට පස්සේ අලුතින් එන සේවකයන් ස්ථිර කරන එක නැවත්තුවා
    පඩි වැඩි කරලා නැහැ අවුරුදු 7කටම පඩි වැඩි කලෙ2000

    ඒවාට කතා කරන මිනිස්සුන්ගෙන් පලි ගත්ත
    ලිපිකාරයෝ ආපු මිනිස්සු ගබඩා වල බඩු පටවන්න දැම්ම
    තාක්ෂණික පුහුණු සේවකයෝ කම්කරූ වැඩ වලට අනියුක්ත කළා
    කොන්ත්‍රාත් ඉන්න කෙනෙක් තමාගේ ප්‍රශනයක් කතා කලොත් බැරිනම් යන්න කියනවා
    ස්ථිර නම් සතියක් 2ක් වැඩ තහනම්
    මගේ යාළුවෙක් කලින් දවසේ පාටි එකකදී බිලා පහුවඩා වැඩට ඇවිල්ලා
    ( උ ටිකක් කතා කරන මිනිසුන්ගේ ප්‍රශ්නයක් අවම ඒවාට ඉදරිපත් වෙන කෙනක්)
    උ කලින් දවසේ බිවුව කියලා දැනගෙන( ඔත්තු කාරයෝ ඉන්නව)
    උගේ blood test කරලා රාජකාරි වෙලාව ඇතුලත් බිලා හිටියා කියලා වැඩ තහනම් දැන් මස 6ක්.
    හෝමාගම හොස්පිටල් එකේ ඩොක්ටලා බහ කියලා තියනවා hr මැනේජර් එය අදුරන කෙනෙක් මාරගෙන් තායි රිපෝට් එක ගත්තේ

    මිනිස්සුන්ට බල්ලට වගේ කතා කරනේ
    ඔක්කොම සිංහල මිනිස්සු හිටියේ ඉස්සර
    දැන් ලංකාවේ අය අයින් කරලා ඉන්දියන් කම්කරුවෝ ගේනවා
    මිනිස්සු හුරන් කනවා

    ඔන්න ඕකයි සින්හලගේ තත්වය

    වෙසක් එකට දන්සලක් දෙනවා
    වෙසක් කුඩු තරග තියනවා
    හොද ට පෙනී ඉන්නව බුද්දාගමේ වගේ

    මිනිසුන්ව හූරන් කනවා

    මන් කියන ඒවා විශ්වස නැත්තම්
    වැඩ කරපු හෝ ජ්කරන කෙනෙක් ගෙන අහන්න

    කාටහරි පන්න පුළුවන් මේක කුහක කතාවක් වගේ
    එත් හොදට තිබ්බ රාජ්ජ ආයතනයක් සල්ලි බලෙන් ලබාගෙන
    රටේ මිනිස්සුන්ටම බුක්තිවිදින්න තියන ලාබය
    එක තැනකට එකතු කරගන්නවා
    කොච්චර හම්බ කරත් කමක් නැහැ සේවකයන්ට සාදාරණනව සලකනවා නම්

    මේ කට්ටියගේ සිංහල කම නමටවිතරයි

    ඔය ලියුමත් සල්ලි දීලා ලියවපු එකක් වෙන්න ඇති

    එහෙම scene එකක් නම් මන් දන්නේ නැ මචන්.. මොනා උනත් මිනිහට හොද business මොලයක් තියෙනවා. එකයි ඔච්චර ලොකු තත්වෙකට එන්න පුළුවන් උනේ මට හිතෙන විදිහට :yes::yes:

    තැන්ක්ස් මචන්.. :yes::yes:

    හයිය ඇති කාලේ මැරීගෙන වැඩ කරපං රාලේ.............
    එතකොට හයිය නැති වෙන කාලේ ආතල් එකේ හිටය හැකි වන්නේ........

    අනිවාරෙන්ම කිබුලයියේ.. සහතික ඇත්ත. නැත්තම් ඉතින් අනිවා පසුතැවෙන්න තමා වෙන්නේ :yes::yes:
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ඔය වානේ සංස්ථාව ගැන කියන එකනම් ඇත්ත:yes:
    අනිත් ඒවානම් දන්නේ නෑ:yes:

    මන් වානේ සංස්ථාවේ scene එකත් හරියට දන්නේ නැ මචන් :yes::yes:

    :rolleyes::rolleyes:

    තැන්ක්ස් මචන්.. :yes::yes:

    ගොඩක් ලොකු ආදර්ශයක් අපි හැමෝටම දෙන කතාවක් .

    බොහොම ස්තුති බෙදාගත්තට
    :yes:

    තැන්ක්ස් මචන්.. :yes::yes:

    anna macan minissu
    agaya karanna adarsayata ganna watinawa

    අනිවාරෙන්ම මචන්.. මොනා උනත් එල පොරක් මට නම්..

    :oo:
    මෙව්වාට මොනවා කියන්නද කියලා තේරෙන්නේ නැහැ බන් ..

    :baffled::baffled::oo: මටත් ඒ ගැන නම් අදහසක් නැ මචන්