ඩෙංගු ගැන බස්නාහිර පළාතේ ජනතාවට අනතුරු ඇඟවීමක්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මාරාන්තික ඩෙන්ගු රෝගය ආයෙත් පෑතිරෙන්න පටන් අරන්.. කොරොනා අස්සේ ඩෙන්ගුත් ආවම බඩුම තමයි.. ඒ හින්දා හෑමෝම පරිස්සම් වෙන්න ,. තමන්ගේ නිවස අවට මදුරුවන්ට රෑදෙන්න තියෙන තෑන් විනාශ කරලා දාන්න

    1627560780244.jpeg


    පවතින වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය හිස ඔසවමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

    අද (29) කොළඹ පැවති වැඩසටහනකදී හෙළිවූයේ මේ වසර තුළ මේ දක්වා ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන් 16,500ක් වාර්තා වී ඇති බවය.

    ඉන් බහුතරය බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර ඊයේ වනවිට එම අගය 3,000 ඉක්මවා තිබුණි.

    කොළඹින් පමණක් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 1,125ක් පමණ වෙයි.

    ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය පැවසුවේ ඒ ගැන ජනතාව අවධානයෙන් කටයුතු කිරීම වැදගත් බවය.