ඩෙංගු රෝගය හඳුනා ගනිමු

benq123

Active member
  • Mar 17, 2019
    59
    110
    33
    ඩෙංගු රෝගය හඳුනා ගනිමු
    https://healthisthewealthforall.blogspot.com

    1631469317918.png



    ඩෙංගු රෝගය යනු මදුරුවන් මඟින් පැතිරීයන වෛරසයක් මඟින් බෝවන රෝගී තත්වයකි. මෙම රෝගයේ රෝග ලක්ෂණ මතුවීම සාමාන්‍යයෙන් වෛරසය සිරුරට ආසාදනය වී දින තුනේ සිට දහහතර දක්වා කාලයකදී සිදු වේ.මෙම රෝග ලක්ෂණ අතර අධික උණ, හිසරදය, වමනය, මස්පිඬු හා අස්ථි වේදනාව සහ සමමත ඇතිවන දද වැනි ලක්ෂණ බොහෝවිට ඇති වේ.සුව වීම සාමාන්‍යයෙන් දින දෙකේ සිට හත දක්වා කාලයකදී සිදු වේ.

    ඩෙංගු සුවකල හැකි ද?
    සාමාන්‍යයෙන් සතියක පමණ කාලයකදී ඩෙංගු රෝගය සම්පූර්ණයෙන්ම සුව වේ. නමුත් සමහර අවස්ථාවලදී රෝගය උත්සන්න වී, මරණය පවා උදාවන අවස්ථා ද ඇත. එනිසා රෝග ලක්ෂණ උත්සන්න වන්නේ නම් (උදා - දින තුනකට වඩා පවතින උණ) හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවීම හා උපදෙස් හා ප්‍රථිකාර ලබා ගැනීම වැදගත්ය. ඩෙංගු රෝගය සුවකල හැකි කිසිදු ඔසුවක් හෝ එන්නතක් මෙතෙක් සොයාගෙන නැතිබව කරුණාවෙන් සලකන්න. කෙසේ නමුත් සිරුරෙන් පිටවන හා සිරුරට ලබා ගන්නා තරල ප්‍රමාණය යාමනය කරමින් හා රෝග ලක්ෂණ වලට ප්‍රථිකාර සලසමින් අතුරු ආබාධ හා සංකූල අවම වන පරිදි රෝගය සුවකර ගැනීමට උපකාරී වීම බටහිර වෛද්‍ය ක්‍රමය මඟින් සිදු කරයි.

    එසේම,
    ඔබට උණ තිබේනම් පැරසිටමෝල් හැර වෙනත් ඖෂධවර්ග වෛද්‍ය උපදෙස් වලින් බැහැරව ලබා නොගැනීමට තරයේ කටයුතුකල යුතුය. විශේෂයෙන් ඇස්ප්‍රීන් වැනි ඖෂධ නොගැනීමට කටයුතුකල යුතුය. ඩෙංගු නිසා ලේ ගැලීම් ඇතිවය හැකි අතර ඇස්ප්‍රීන් වැනි ඇතැම් ඖෂධ එම තත්ව්ය වඩාත් බරපතල කරයි.

    ඩෙංගු වෛරසයේ ප්‍රභේද මොනවා ද?
    මෙම වෛරසයේ ප්‍රධාන වශයෙන් ප්‍රභේද 4ක් දැකිය හැක. ඒවා DENV-1, DENV-2, DENV-3, සහ DENV-4. ලෙස වර්ගකල හැක.

    ඩෙංගු රෝගය රෝග ලක්ෂණ වලින් තොරව පැවතිය හැකි ද?





    සමහර අවස්ථාවලදී, විශේෂයෙන් තරුණ ප්‍රජාව අතර කිසිදු රෝග ලක්ෂණයකින් තොරව මෙම රෝගය වැළඳී තිබීම සිදුවිය හැක.

    එක් මදුරු දෂ්ඨනයකින් පමණක් ඩෙංගු රෝගය වැළදීම සිදුවිය හැකි ද?
    ඔව්. එය සිදුවිය හැක. ඩෙංගු කිසිදුවිටක රෝගියෙකුගෙන් තවත් අයෙකුට කෙලින්ම බෝවීම සිදු නොවේ. සෑම විටම එය සිදු වන්නේ රෝගී පුද්ගලයෙකුගෙන් ලේ උරා ගන්නා මදුරුවා (Aedes aegypti නම් මදුරු ප්‍රභේදයේ ගෑණු සතා පමණක් ඩෙංගු රෝගය බෝ කිරීම සිදු කරයි) මඟින්ම පමණි.

    ගස්ලබු කොලවල යුෂ මඟින් ඩෙංගු රෝගය සුව වෙනවා ද?
    දේශීය වෛද්‍ය සාස්ත්‍රයට අනුව, ගස්ලබු කොළවලට රුධිර පට්ටිකා ප්‍රමාණය (platelet count) ඉහල නැන්වීමේ හැකියාව ඇත. එසේම මැලේරියාව මර්ධනයට අවශ්‍ය සන්ඝටක ද ගස්ලබු කොළවල පවතින බවක් කිය වේ.

    පොල් වතුර?
    ඩෙන්ගු රෝගයට එරෙහි තවත් ප්‍රකට බීමක් වන්නේ පොල් වතුරයි. සැබැවින්ම පොල් වතුර වල විටමින් ඒ, බී හා සී ද විවිධ ඛණිජලවණ වර්ග ද අඩන්ගු ය. එනිසා එය නියත වසයෙන්ම පෝෂණීය පානයකි.

    ඩෙන්ගු රෝගය භයානක වන්නේ කෙසේ ද?



    ඩෙන්ගු උණ රෝගයේ මූලික අවස්ථා පසු වීමෙන් අනතුරුව සමහරක් අයට ඩෙන්ගු රක්තපාත තත්වය නම් වඩාත් භයානක තත්වයට මුහුණ දීමට සිදු වේ. මෙම තත්වයේ දී සිරුරේ අභ්‍යන්තර අවයවවලට හානි සිදුවීම්, රුධිර වහනයන්, විජලනයට පත්වීම මෙන්ම මරණය සිදුවීම ද සිදුවිය හැක. මෙම තත්වය වලක්වා ගැනීමට නිසි පරිදි වෛද්‍ය උපදෙස් වලට යොමු වීමෙන් පහසුවෙන්ම හැකිය.




    ඩෙන්ගු රෝගයේ අවස්ථා මොනවා ද?



    ඩෙන්ගු රෝගය ප්‍රධාන අවස්ථා නැතහොත් අවධි 3කට බෙදා දැක්වේ. මුල්ම අවධිය උණ සහිත අවධිය (febrile phase) වන අතර දෙවන අවධිය උග්‍ර අවධිය (Critical phase) ලෙසත් අවසාන අවධිය සුව වීමේ අවධිය (Recovery phase) ලෙසත් හැඳින් වේ. අධික උණ, ඇඟපත කැක්කුම හා හිසරදය වැනි රෝග ලක්ෂණ ඇතිවන්නේ පලමු අවධියේ දී වේ.

    ඩෙන්ගු රෝගය එක්වරකට වඩා ඇතිවිය හැකි ද?
    ඩෙන්ගු රෝගය වෛරස් ප්‍රභේද 4ක් මඟින් ඇතිකරන නිසා එක් වරකට වඩා ඩෙන්ගු වැළඳීමේ අවධානමක් ඇත.

    ඩෙන්ගු රෝගියෙකුට ආහාරයට ගැනීමට නුසුදුසු ආහාර මොන වා ද?
    ඩෙන්ගු රෝගයෙන් පෙලෙන රෝගියෙකුට වඩාත් සුදුසු වන්නේ සැහැල්ලු ආහාර වේල් ගැනීමයි. තෙල් හා මිරිස් අධික ආහාර වලින් වැලකී සිටීම වඩාත් උචිතවන අතර මෙවැනි ආහාර මඟින් රුධිර පීඩනය අධික කිරීම හා රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම වැඩි කිරීමක් බලාපොරොත්තු විය හැක. මෙමගින් රෝගය සුවවිම ප්‍රමාධ වන අතර ප්‍රථිශක්තීකරණ පද්දතිය දුර්වල වීමක් සිදු වේ.



    පළමු වරට පසුව වැළඳෙන ඩෙන්ගු වඩාත් භයානක ද?
    ඩෙන්ගු වැලඳුනු පුද්ගලයෙකුට නැවත ඩෙන්ගු රෝගය වැළඳීම වඩාත් භයානක ප්‍රථිපල උදා කරන බව විවිධ සමීක්ෂණයන් මඟින් සොයාගෙන ඇත. එම අවස්ථාවේ දී ප්‍රථිශක්තීකරණ පද්ධතිය මඟින් ලබාදෙන ආරක්ෂාව ද මුල් අවස්ථාවට සාපේක්ෂව අවමවන බව අනාවරණ කරගෙන ඇත.