ඩෙංගු හා ඉඩම් සුද්දකිරිම (නීතිය?) ...

Starry Night

Well-known member
  • Mar 8, 2017
    5,305
    5,977
    113
    Nawala
    මගේ ඉඩමක් තියනවා ගම්පහ. මම ඉන්නේ කොලබ. ඉඩම වැටක් ගසා වෙන්කරලා තියෙන්නේ. එකේ කිසිම දෙයක් වගාකරලා හෝ ඉදිකිරීමක් කරලා නෑ. මම ටික කාලෙකට කලින් බැකෝ දාලා ඒක සම්පුර්ණයෙන්ම සුද්ද කලත් දැන් ආයෙත් එකේ කැලෑවක් වැවිලා. අනිත් වැටේ ඉන්න මිනිහා කියනවා කැලේ වැහිලා සුද්දකරන්න කියලා. මිනිහගේ ඉඩමයි මගේ ඉඩමයි ලොකු තාප්පෙකින් වෙන්වෙලා තියෙන්නේ.

    මට තියන ප්‍රශ්නය කවුරුත් කියන කියන පලියට අපි ගිහින් අපේ පුද්ගලික ඉඩම සුද්ද කරන්න ඕනෙද ? ඔය ඩෙංගු කියන ප්‍රශ්නය මෙතනට ඇදලා අපිව හිරකරන්න පුලුවන්ද ? ඩෙංගු සම්බන්දයෙන් අලුත් නීති තියනවද ?
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,915
    1,142
    113
    මගේ කාමරේ
    අනිත් ඉඩමෙ එකා කියනවා නම් ඔක සුද්ද කරලා දාපන්. කැලේ වැවුනාම උබට අවුලක් නැති උනාට වටේ ඉන්න අයට කරදරයි. මදුරුවො සත්තු බෝවෙනවා.

    ඌට පුලුවන් මදුරු කීටයො ඉන්න පොල් කටු ටිකක් උබේ ඉඩමේ තියල PHI ට කතා කරන්න. එතකොට උබ ඉවරයි.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,027
    113
    මගේ ඉඩමක් තියනවා ගම්පහ. මම ඉන්නේ කොලබ. ඉඩම වැටක් ගසා වෙන්කරලා තියෙන්නේ. එකේ කිසිම දෙයක් වගාකරලා හෝ ඉදිකිරීමක් කරලා නෑ. මම ටික කාලෙකට කලින් බැකෝ දාලා ඒක සම්පුර්ණයෙන්ම සුද්ද කලත් දැන් ආයෙත් එකේ කැලෑවක් වැවිලා. අනිත් වැටේ ඉන්න මිනිහා කියනවා කැලේ වැහිලා සුද්දකරන්න කියලා. මිනිහගේ ඉඩමයි මගේ ඉඩමයි ලොකු තාප්පෙකින් වෙන්වෙලා තියෙන්නේ.

    මට තියන ප්‍රශ්නය කවුරුත් කියන කියන පලියට අපි ගිහින් අපේ පුද්ගලික ඉඩම සුද්ද කරන්න ඕනෙද ? ඔය ඩෙංගු කියන ප්‍රශ්නය මෙතනට ඇදලා අපිව හිරකරන්න පුලුවන්ද ? ඩෙංගු සම්බන්දයෙන් අලුත් නීති තියනවද ?
    අපේ ගෙවල් වටේටම ඩෙංගු. දැන් කවුරුත් ගනන් ගන්නෑ සල්ලි නැති නිසා වෙන්න ඇති. ඔය වගේ හිස් ඉඩම් තයනවනම් මාස තුන හතරකට සැරයක් ගිහින් සුද්ද කරපන් මචන්. අහල පහල ඉන්න එවුන්ට සාපයක්
     
    • Like
    Reactions: Starry Night

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,198
    93
    වතුර රැදිලා ඒවායේ මදුරු බිත්තර, කීටයෝ ඉන්නවා නං නඩු දාන්න පුළුවන්.

    ඔයාට යන්න බැරි නං කරන්න තියෙන හොදම දේ තමයි ඔයාට කෝල් කරපු කෙනාට කියලා ඒ පැත්තේ කෙනෙක් දම්මලා ඉඩම සුද්ද කරන එක. වියදම ඔයා යවන්න. දවසෙන් සුද්ද කරන්න පුළුවන් නං දවසේ පඩිය 2,500 ක් වගේ යවන්න. එතකොට සුහදතාවයත් තියෙනවා. මේ වගේ දේවල් නිසා මිනිස්සු එක්ක රණ්ඩු වේවි ඉන්නේ අපරාදේ.

    සල්ලි වලට වඩා රණ්ඩු වේවි ඉන්න ගියාම නැති වෙන මානසික නිදහස ගැන හිතන්නකෝ.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,305
    5,977
    113
    Nawala
    Thanks මචංලා..!

    අපි වගකීමක් තියන මිනිස්සු විදිහට ජිවත් වෙනකොට අනිවාර්යෙන්ම කරන්න වෙනවා , හා මම කරලා තියනවා. නමුත් මට මේ මනුස්සයා කතාකරපු tone එකට මලපැන්න. එකපාරටම ගිහින් කරොත් මු කරේ නගින්න එයි කියලා හිතෙනවා . ඌට ඕන ඕඅන වෙලාවට ඉඩම සුද්දකරග්න්න call කරයි ද දන්නේ නෑ.
     
    • Love
    Reactions: hasithayad

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,765
    6,954
    113
    මුත් මට මේ මනුස්සයා කතාකරපු tone එකට මලපැන්න
    ගරා යකෙක්ගෙ මූනක් එල්ලපන් ඔකගෙ ගෙගාව නැත්තම් කුකුල් සායම් ගාපු දෙහිපලු ටිකක් ගෙ ඉස්සරහට දාන්න එතකොට ඔකා බය වෙනවා
     
    • Like
    Reactions: Starry Night

    Tikiril

    Well-known member
  • May 14, 2021
    420
    779
    93
    අපේ අල්ලපු වත්තෙත් ඔය වගේම එකක්, ගත්තු එකා හොයල බලන්නෙ නෑ, ඔහේ කැලේ වැවෙන්න දීල. අහල පහල ගෙවල් වලට මදුරුවො සාපයක් වෙලා,
    අන්තිමට මටයි මාස 10ක් උන මගෙ පොඩි එකාටයි දෙන්නටම ඩෙංගු හැදුන. නවලෝකෙ සතියක්.
    තව වට පිට කීප දෙනෙක්ටත් හැදුන. වටේම උන් කොච්චර හොදට තියන් හිටියත් වැඩක් නෑ, අනිත් උන් ගැන හිතන්නෙ නැති එක කාලකන්නියෙක් හිටියම. :angry:
    ඉඩම අයිති එකාව පොලිසියෙන් ගෙන්නල සුද්ද කෙරෙවුව, දැන් මාස 3ට සැරයක් ඇවිල්ල පිලිවෙලට සුද්ද කරල යනව. එහෙම නැති උනොත් අහල පහල එකෙක්ගෙන් පොලු පාරක් කාල සමාදානෙ සැතපෙන්න තමයි වෙන්නෙ උට.