ඩෙබිට් කාඩ් සෙල්ලම්
ඩෙබිට් කාඩ්වලින් දාන්න පුළුවන් සෙල්ලම්
අප ලබාගත් ඩෙබිට් කාඩ්පත භාවිත කරන අයුරුද දැනගත යුතුය. මුළු ලෝකයම මුදල් රහිත ලෝකයකට ඇදී යයි. බොහෝ ගනුදෙනු කාඩ්පත් හරහා සිදුවෙයි. දැන් බොහෝ ආයතනවල වැටුප් මුදලින් ගෙවන්නේ නැත. කෙළින්ම අදාළ සේවකයන්ගේ ගිණුම්වලට බැර කරයි. ඔවුනට මුදල් ලබා ගැනීමේ කාඩ්පතක් ලබාදෙයි. එබැවින් අද අපි කාඩ්පත භාවිතයේදී දැනගත යුතු කරුණු කිහිපයක් ගැන කතා කරමු.
කාඩ්පත කුමන බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් ලබා ගත්තත් ඊට ආවේණික දේවල් කිහිපයක් ඇත.
කාඩ්පතේ දෛනික මුදල් ලබා ගැනීමේ සීමාව.
කාඩ්පතේ දෛනික ගනුදෙනු කිරීමේ (භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේ) සීමාව.
අන්තර්ජාල ගනුදෙනු සඳහා භාවිත කිරීමේ හැකියාව.
ජාත්‍යන්තර ගනුදෙනු කිරීමේ හැකියාව.
මේ යම් යම් කරුණු කාඩ්පතට අදාළ කොටගෙන ඇත්තේ ගනුදෙනුකරුගේ මුදල්වල ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් බව අප වටහා ගත යුත්තකි.
මේ සීමාවන් හා හැකියාවන් කාඩ්පතට අදාළව තීරණය කරන්නේ ගනුදෙනුකරුවන්ගේ දෛනික අවශ්‍යතා සලකා බැලීමෙනි. උදාහරණයක් ලෙස බැංකුවක ඩෙබිට් කාඩ්පතක දෛනික මුදල් ලබා ගැනීමේ සීමාව රු. 40,000ක් යැයි සිතමු. මෙය ගනුදෙනුකරුවකුට සාමාන්‍ය තත්ත්වය යටතේ භාවිතයට තැනී ඇත. ඔවුන් නිවාස ණයක් ගත් අවස්ථාවකදී නම් මුදල් ලබා ගැනීමට මේ සීමාව ප්‍රමාණවත් නොවනු ඇත. එවැනි අවස්ථාවකදී අදාළ බැංකුව අමතා තම අවශ්‍යතාව පරිදි සීමාව වැඩි කරගත හැකිය. අප තේරුම්ගත යුතු කරුණ වන්නේ මේ සීමාවන් අපගේ ගනුදෙනු සීමා කිරීමේ අරමුණින් පනවා ඇති බවයි. කාඩ්පත නැති වුවහොත් වැරැදි භාවිතයක් සිදුවුවහොත් සිදුවන පාඩුව වළක්වා ගැනීම සඳහා පමණක් ඉහත සියලු සීමාවන් පනවා ඇති බව වටහාගත යුතුය.
ඩෙබිට් කාඩ්පතින් මුදල් ලබා ගැනීමට කාඩ්පතට අදාළ රහස්‍ය අංකය අවශ්‍ය බව අපි දනිමු. රහස්‍ය අංකය අපගේ මතකයේ පමණක් තබාගත යුතුය. කොටින්ම කියතොත් බැංකුවලින් ගනුදෙනුකරුවන්ට උපදෙස් ලබා දෙන්නේ රහස්‍ය අංකය ලැබෙන ලිපිය පවා අංකය මතක තබාගෙන ඉරා දමන ලෙසයි. අපට ලැබෙන රහස්‍ය අංකය මාරු කිරීමේ හැකියාව දැන් සෑම බැංකුවකින්ම පාහේ සලසා ඇත. මේ සඳහා කාඩ්පත සමඟ ටෙලර් යන්ත්‍රයක් භාවිත කළ යුතුය. මෙහිදී ගනුදෙනුකරුට මතක තබාගත හැකි අංකයකට රහස්‍ය අංකය මාරු කළ හැකිය. කිසි විටෙකත් රහස්‍ය අංකය අන් සතු නොකළ යුතුය. මෙසේ රහස්‍ය අංකය අන් අයට ලබාදීමෙන් ගනුදෙනුකරුවන් ප්‍රශ්නවලට මුහුණදී ඇති අවස්ථා රාශියක් මම අත්දැක ඇත්තෙමි.
අපි ඇයට කමණි යැයි කියමු. අෑ පිළිගත් ආයතනයක පිළිගත් රැකියාවක් කළාය. අෑ සතුව එක් බැංකුවකින් නිකුත් කර ඇති කාඩ්පතක් තිබිණි. අෑ නිතරම මේ කාඩ්පත භාවිත කළාය. වරෙක අෑට බැංකුවට ගොස් මුදල් ගැනීමට නොහැකි දිනෙක තම යෙහෙළියකට කාඩ්පත ලබාදුන්නේ තමාට අවශ්‍ය මුදල රැගෙන එන ලෙස පවසමිනි. අෑ රහස්‍ය අංකයද මිතුරියට පැවැසුවාය. ටික දිනක් ගත විය. කමණිගේ කාඩ්පත නැති වී ඇති බව ඇයට වැටහුණාය. මේ බව ඇය ඇගේ මිතුරියටද පැවැසුවාය. එවිට මිතුරිය යෝජනා කළේ එය බැංකුවට දැනුම්දෙන හැටියටයි. බැංකුවට දැනුම් දීමේ කාර්යයද මිතුරිය භාරගත්තාය. අෑ ළඟම ඇති දුරකතනයෙන් බැංකුවට ඇමතුමක් ගෙන කතා කළාය. සියලු විස්තර කමණිගෙන් අසා බැංකුවට ලබාදුන්නාය. තවත් ටික දිනක් ගතවිය. ටික දිනකට පසු කමණි තම පාස්පොත යාවත්කාලීන කිරීම සඳහා බැංකුවට ගියාය. සිදුවී ඇති දේ දුටු විට ඇය තුෂ්ණිම්භූත වූවාය. රුපියල් ලක්ෂයකට අධික මුදලක් ඇගේ ගිණුමෙන් අඩු වී තිබිණි.
මේ ගනුදෙනු සිදුවී තිබුණේ කාඩ්පත බැංකුව අමතා අවලංගු කළ දිනට පසුවයි. මෙය බැංකුවේ වරදක් යැයි සිතූ ඇය මේ ගැන විමසීමට බැංකුවට පැමිණියාය. ඇය කාඩ් අංශයට යොමු කෙරිණි. වැඩිදුර පරීක්ෂණවලින් හෙළි වූ කරුණු මෙසේය. ඇගේ කාඩ්පතින් මුදල් ගෙන තිබුණේ ඇගේ යෙහෙළියයි. කාඩ්පත සොරකම් කර තිබුණේද ඇයයි. බැංකුවට අමතා ඇමතුම පැවැතී ඇත්තේ තත්පර 12ක කාලයකි. ඇය බැංකුව හා සම්බන්ධ වී නැත. කමණීව රැවටීම සඳහා තනියම දුරකතනයේ රැඳෙමින් බැංකුව සමඟ කතා කරන ලෙසින් රඟපා ඇත. කමණී සිතා සිටියේ තම මිතුරිය බැංකුව සමඟ කතා කර කාඩ්පත නවතා ඇති බවයි. අවසානයේ මේ කරුණු විස¼දා ගැනීමට පොලිසියේ සහාය පැතීමට කමණිට සිදුවූවාය.
මේ කතාව ඔබටත් සිදුවන්නට හැකියාව ඇති කතාවකි. මෙවන් කතා රැසක් අපේ අත්දැකීම්වල එකතු වී ඇත. කාඩ්පතකට අදාළ රහස්‍ය අංකයේ වටිනාකම ඔබට ඉහත කතාවෙන් වැටහෙන්නට ඇතැයි සිතමි. කිසි දිනෙක රහස්‍ය අංකය අන්සතු නොකළ යුතුය. සමහර ගනුදෙනුකරුවෝ රහස්‍ය අංකය කාඩ්පත පිටුපස ලියා තබති. ලිපියේ මින් ඉහත සඳහන් කළ පරිදි රහස්‍ය අංකය තමාට මතක තබාගත හැකි අංකයකට මාරු කිරීම මීට හොඳම විකල්පයයි.
ඩෙබිට් කාඩ්පතින් භාණ්ඩ මිලදී ගැනීමේදී රහස්‍ය අංකය අවශ්‍ය නොවන බව අපි දනිමු. මේ නිසාම කාඩ්පත ආරක්ෂා කරගත යුතු බව පැහැදිලි වෙයි. මක්නිසාද යත් එම ගනුදෙනුවට අවශ්‍ය වන්නේ කාඩ්පත පමණක් බැවිනි. සාමාන්‍යයෙන් කාඩ්පතින් භාණ්ඩ මිලදී ගැනීමකදී රිසිට්පතේ තබන්නා වූ අස්සන කාඩ්පතේ පිටුපස ඇති අස්සන සමඟ සැසඳිය යුතුය. එහෙත් වෙළෙඳ අයකැමිවරුන් එය නොකරන අවස්ථා අපි කොතෙකුත් දැක ඇත්තෙමු. ව්‍යාජ අස්සන් යොදා ගනුදෙනු සිදු කිරීමේ අවදානමද මේ සමඟ ඉහළ නඟී.
බැංකු විසින් ගනුදෙනුකරුවනට යවනු ලබන ලේඛනවල නිතරම සඳහන් කරන දෙයක් තිබේ. එනම් තම ඩෙබිට් කාඩ්පත මුදල් හා සමානවම ආරක්ෂා කරගන්නා ලෙසයි. කාඩ්පත් හා සම්බන්ධ වැරැදි භාවිතයන්හි ඉදිරියෙන්ම ඇත්තේ පවුලේ අය හා මිතුරන්ගෙන් සිදුවන වැරැදි භාවිතයන්ය. මේවා ජ්පඪඥදඤඵ } ටචථඪතර ටපචභඤ ලෙස හැඳින්වේ. මින් පෙනී යන්නේ වැඩියෙන්ම තම කාඩ්පත ආරක්ෂා කරගත යුත්තේ පවුලේ අයගෙන් හා මිතුරන්ගෙන් බවයි. මේ කියමන සමඟ සමහර විට ඔබ එකඟ නොවන්නටද පුළුවන. එහෙත් මේ කියමන සහතික කිරීමට කාඩ් ක්ෂේත්රය තුළ අප ලබාගත් අත්දැකීම් ප්රමාණවත්ය.
ඔබ ඒඊර් යන්ත්‍රයකින් මුදල් ගන්නේ යැයි සිතමු. එවිට ඔබ රහස්‍ය අංකය ඇතුළත් කළ යුතුය. එයත් අන් අයට නොපෙනෙන ලෙස ඇතුළු කිරීමට හැම විටෙකම වගබලාගන්න. ලැබෙන මුදල් ලද වහාම පරීක්ෂා කරන්න. නියමිත මුදල නැති නම් ඉතා ඉක්මනින් බැංකුව දැනුවත් කරන්න. මෙය නිතරම සිදුනොවන්නක් වුවත් අප කල්පනාකාරී වීම අතින් අපටම වාසියක් සැලසෙනු ඇත. ඔබගේ පැමිණිල්ල බැංකුවේ ඒඊර් දත්ත සමඟ සස¼දා බලා බැංකුව අවශ්‍ය කටයුතු සිදුකරනු ඇත.
ඔබ විදේශ රටක සංචාරය කරන විටකදී ඔබගේ ඩෙබිට් කාඩ්පත භාවිත කළ හැකිද?
ඔබට ලබාදී ඇති කාඩ්පත ජාත්‍යන්තර (ධ්දබඥපදචබඪධදචත) කාඩ්පතක් නම් විදේශ රටවල එම කාඩ්පතක් භාවිත කිරීමට පුළුවන. එහෙත් ගනුදෙනුකරුවන්ගේ මුදල් ආරක්ෂාව පතා සමහර කාඩ්පත් විදේශවල භාවිතය අක්‍රිය කොට පවතී. ඔබ විදේශගත වන්නේ නම් ඔබගේ බැංකුව අමතා කාඩ්පත විදේශ ගනුදෙනු සඳහා සක්‍රිය කරගැනීමට ඔබට පුළුවන. එමඟින් විදේශයකදී ඔබට සිදුවන අපහසුතා මඟහැර ගැනීමට ඔබට හැකිය. විදේශයකදී ඒඊර් යන්ත්‍රයකින් මුදල් ලබා ගන්නේ නම් ඒ සඳහාද රහස්‍ය අංකය අනිවාර්ය වේ. එහිදී ඔබ අවශ්‍ය මුදල් ප්‍රමාණය සඳහන් කළ යුතු වන්නේ අදාළ විදේශ මුදල් වර්ගයෙනි. ඔබට අවශ්‍ය විදේශ මුදල් ප්‍රමාණයට සමාන මුදලක් ඔබේ ගිණුමේ තිබේ නම් එම මුදල ඔබට ලැබේ. නිකුත් කරන ලද විදේශ මුදල් ප්‍රමාණය අදාළ විනිමය අනුපාතයට අනුව රුපියල්වලට පරිවර්තනය වී ගනුදෙනුව ලංකාවට ප්‍රේෂණය වේ. මෙහිදී යම් ප්‍රමාණයක විනිමය අලාභයක් ගනුදෙනුකරුට සිදුවීමේ ඉඩකඩක් ඇත.
කාඩ්පත භාවිතයෙන් විදේශ රටකදී මුදල් ගැනීමේදී හෝ භාණ්ඩ මිලදී ගැනීමේදී සිහි තබාගත යුතු කරුණු කීපයක් තිබේ.
තම පෞද්ගලික වියදම් සඳහා පමණක් මුදල හෝ භාණ්ඩ ලබාගත යුතුය.
මේ සඳහා වෙනමම සීමාවන් පනවා ඇත. එක් ගනුදෙනුවක් සඳහා සීමාව ඇමෙරිකානු ඩොලර් 3,000කට සමාන මුදලකි. මසක කාලයක් තුළ ගනුදෙනු කළ හැකි උපරිම ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් 5,000කට සමාන මුදලකි.
මීට වඩා වැඩිපුර භාවිත කරන්නේ නම් ඒ මුදල් වියදම් කළ ආකාරය හෝ භාණ්ඩ මිලදී ගත් රිසිට්පත ළඟ තබාගත යුතුය. ඒ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පරීක්ෂණයක් කරනු ලැබුවහොත් ලබාදීම සඳහාය.
ඉහත සඳහන් ප්රමාණයන්ට වඩා වැඩි ගනුදෙනු අදාළ ආයතන (බැංකු හෝ මූල්‍ය ආයතන) මඟින් ශ්‍රී ලංකා මහ බැංකුවට දැනුම්දිය යුතුය. මෙය කාඩ්පත් නිකුත් කරන්නන් (ධ්ඵඵභඥපඵ) සඳහා බලපැවැත්වෙන නීතියකි.
කිසිම විටෙක මුදල් විශුද්ධිකරණය සඳහා කාඩ්පත භාවිත නොකළ යුතුය. ඉහත සඳහන් විදේශ විනිමය රෙගුලාසිවලට අනුකූලව භාවිත කළ යුතුය.