ඩොට්ට

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඩොට්ට


cartoon-doctor-stethoscope-vector-illustration-30595681.jpg




ග්‍රාමීය ප්‍රදේශ වල ජනයා වෛද්‍යවරුන්ට ගරු සත්කාරව සලකති. ඔවුන් කටපුරා දොස්තර මහත්තයා , අපේ මහත්තයා, සෑර් කියා වෛද්‍යවරු අමතති. එහෙත් සමහරක් ජනයා ඩොට්ට , දොස්ට , කියාද ආමන්ත්‍රණය කරනවා මම අසා තිබේ. වරක් ග්‍රාමීය රෝහලකදී තරුණයෙකු " දොට්ට මට යන්න ඕනේ " කීවේය​. මෙසේ කීවේ රෝහලේ නේවාසිකව සිටි තරුණ රෝගියෙකි. එවිට මට ගත් කටටම " දොට්ට යන්න ඕනේ නම් අන්න අර තියෙන්නේ " කියා රෝගීන් ගේ වැසිකිලිය පෙන්නුවෙමි. එහෙත් අද දිනයේ එය සුදුසු පිලිතුරක් බව මම නොසිතමි.


ඒ කාලයේ බොහෝ වෛද්‍යවරු ඩොට්ට , දොස්ට කියා ආමන්ත්‍රණය කිරීමේදී අසතුටු වූහ​. නමුත් අධ්‍යාපන මට්ටමින් අඩු එතරම් සමාජ දැණුමක් නැති ගැමියන් ඩොට්ට , දොස්ට කීවාට ඒවා ගනනකටවත් නොගෙන ප්‍රතිකාර කටයුතු කිරීමට පසුව මට හැකි විය​.


ඩොට්ට , දොස්ට ආමන්ත්‍රණ වලට අමතරව සමහර වෛද්‍යවරු ඩොක්ට යන නිල නාමයට වඩා සර් යන වචනයට කැමතිය​. විශේෂඥ මනෝ වෛද්‍ය ලලින් ප්‍රනාන් දු මහතා සමග මීගමුව රෝහලේ මනෝ වෛද්‍ය සායනයේ වැඩ කරන සමයක රෝගියෙකු සම්බන්ධයෙන් දැනුම් දීමට මම උතුරු කොලඹ මහ රෝහලේ මානසික සෞඛ්‍ය වාට්ටුවට දුරකථනයෙන් කතා කලෙමි. ඇමතුම ගත්තේ විශේෂඥ මනෝ වෛද්‍ය අසෝක කුරුප්පු ආරච්චි මහතාය​. ඒ බව නොදත් මම ඔහුට ඩොක්ට කියා කතා කලෙමි. එවිට මනෝ වෛද්‍ය අසෝක කුරුප්පු ආරච්චි මහතා " කන්සල්ටන්ට් කෙනෙක්ට කතා කරන්න ඉගෙන ගන්න" කියා මට තදින් කීවේය​. මම ඔහුගෙන් සමාව ඉල්ලුවෙමි.


කොලඹ යුද හමුදා රෝහලේදී වෛද්‍ය සායනයකදී වෛද්‍ය කපිතන් ගංගා සටන් ඒකකයක මේජර් වරයෙකුට වෛද්‍ය උපදෙස් දෙමින් සිටියාය​. මෙම වෛද්‍ය උපදෙස් දෙන විට ඔහුට සර් නොකීම ගැන මේජර්වරයා උරණව ගංගාට වෛද්‍ය උපදෙස් පසෙක තබා බැන වැදුනේය​. පසුව එතන සිටි වෙනත් හමුදා වෛද්‍යවරයෙකු පහත් හඞින් කීවේ ඕ ලෙවල් පාස් වී හමුදාවට ගොස් වෛද්‍යවරුන් ලවා සර් කියවා ගැනීමේ හීනමානයක් මෙම මේජර්වරයාට තිබෙන බවය​.


රෑන්ක් එකෙන් මේජර් වරයෙකු වූ මම කර්නල් රුවන් මිල්ලවාන , කර්නල් සූරියකුමාර යන නිලධාරීන්ව කඳවුරෙන් පිටතදී පවා අමතන්නේ සර් කියාය​. සිවිල් ජීවිත වලදී ඇති තරම් ගරුත්වය ලබා සිටි මෙම නිලධාරීන් කඳවුරෙන් පිටතදී සර් කියා ඔවුන් අමතන විට මාව කාරුනික ස්වරයෙන් අධෙර්‍යමත් කරති.



කැනඩාවේ සව්ත්ලේක් රෝහලේ මනෝ වෛද්‍ය ගෞරව් මේතා මනෝ චිකිත්සනය සඳහා මට රෝගීන් යොමු කරයි. මනෝ වෛද්‍ය මේතා ඉන්දියාවේද , එංගලන්තයේද ඇමරිකාවේද මානසික රෝහල් වල සේවය කොට විශාල අත්දැකීම් ලබා තිබෙන ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකි. මම ඔහුව අමතන්නේ සර් කියාය​. එහෙත් සර් කියා ඇමතූ මුල් දිනයේම වෛද්‍ය මේතා " ජේ ( ඔහු මට කතා කරන්නේ ජේ කියාය​) මේ එංගලන්තය නොවෙයි කැනඩාව​. ඒ නිසා මට මේතා කියා කතා කරන්න කියා " සිනහ මුසුව කීවේය​.


එංගලන්තයේ විටිංටන් රෝහලට ගිය අවස්ථාවක් මට සිහිපත් වෙයි . එහි සිටි ඉන්දියානු කණිෂ්ඨ වෛද්‍යවරු ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු ඇමතුවේ සර් කියා හෝ ඩොක්ට කියාය​. වෛද්‍ය මේතා විසින් කියන ලද්දේ මෙකී පුරුද්දයි. එහෙත් ලංකාවේ මේ පුරුද්ද ඉහවා ගොස් ඇති බව ඔහු නොදනී.


වරක් වෙස්ටන් රෝඩ් සායනයේදී හෙදියක වූ කැමිලා වෛද්‍ය මිශෙල් ක්ලේමන් අමතන ලද්දේ " මිශෙල් " කියාය​. ලංකාවේ හෙදියක වෛද්‍යවරියකගේ මුල් නමින් කතා කලහොත් සිදු වන්නේ ගිණි විජ්ජුම්බරයකි.


ලංකාවේ රෝහල් වල වෛද්‍යවරියන්ට මිස් හෝ මිසී කියා ආමන්ත්‍රණය කිරීමද බොහෝ විට ඔවුන් ගේ කෝපයට හේතු වෙයි. සහකාර වෛද්‍ය නිලධාරී දිනේජ් චන්ද්‍රසිරි කියූ කතාවක් මට මතක් වෙයි. වරක් විජයකටුපොත ග්‍රාමීය රෝහලේ සහකාර වෛද්‍ය නිලධාරී දිනේජ් චන්ද්‍රසිරි විශාදයෙන් පෙලෙන රෝගියෙකු හලාවත රෝහලේ එවකට සේවය කල මනෝ වෛද්‍යවරිය වෙත යොමු කලේය​. මෙම රෝගියා මනෝ වෛද්‍යවරියට මිස් කියා කතා කිරීම නිසා ඇය කෝප ගත්තාය​. මේ නිසා රෝගියාගේ ප්‍රතිකාරයද හරි හැටි වූයේ නැත​. පසුව මෙම විශාද රෝගියා සායනයට ඒම නවතා දැමුවේය​.


වෛද්‍යවරියන් පමණක් නොව සමහර ජ්‍යෙෂ්ඨ හෙදියන් ද මිස් කියනවාට කැමති නැත​. ජ්‍යෙෂ්ඨ හෙදියක වූ බාලසූරිය මිය රෝගීන් සහ ඔවුන් ගේ ඥාතීන් මිස් කියා කතා කරන විට " අනේ මම මිස් නෙවෙයි නාකි ගෑණියෙක් " කියා කියන්නීය​. මේ නිසා තක්කු මූකු වන රෝගීන් කුමන නමකින් ඇයව ආමන්ත්‍රණය කරන්නද කියා නොදනිති. වරක් මම වාට්ටුවේ රෝගියෙකු ක්ලාක් කරමින් සිටියෙමි. එක් ග්‍රාමීය කාන්තාවක් බාලසූරිය මිය " හාමිනේ" කියා ඇමතුවාය​. රෝගියා ක්ලාක් කරමින් සිටි මට " බුග්" ගා සිනහවක් ගිය අතර සිනහව පාලනය කිරීම සඳහා මම පෑන තදින් විකුවෙමි.


වෛද්‍ය රුවන් එම් ජයතුංග


 
  • Like
Reactions: WhiteWalker

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,128
    113
    ලංකාවේ ඉන්න ගොඩක් ඩොට්ට ලගෙ සෑහෙන්න ගෑස්. ඔය ගෑස් බස්සන්න අනිවා PMC ගේන්න ඔ්න (කරට කර act16 වගේ exams ලියන්න pmc එවුනුත් ready වෙන්න ඔ්න හැබැයි) :lol:
     
    Last edited:

    umedhah

    Active member
  • Jun 14, 2006
    466
    207
    43
    AKL, NZAA
    lankawe inna docala godak oluwata aran inne.... balu doctorla un.... i dont have a single respect on them... of course there are few that are sooo good. I respect them a lot. bahutharaya pissu hutan Balu docala.... Kanata gahala lankawen dotta danna ona dottawa