ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තියා අැත්තේ යුක්‍රේනයට සහය දක්වන අයෙක්..⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඝාතනය කිරීමට නැවතත් උත්සාහයක් ?

    හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඝාතනය කිරීම සඳහා නැවත වරක් උත්සාහයක් ගෙන ඇති බව වාර්තා වෙයි.

    විදෙස් මාධ්‍ය සඳහන් කළේ ෆ්ලොරිඩා හී පිහිටි ඔහුගේ ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී එම උත්සාහය ගෙන ඇති බවයි.

    නමුත් එහිදී හිටපු අමෙරිකානු ජනාධිපතිවරයාට කිසිදු හානියක් සිදුව නොමැති අතර ආරක්ෂක නිලධාරීන් විසින් සැකකරුවෙකු යැයි සැලකිය හැකි පුද්ගලයෙකුව පසුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

    එරට මාධ්‍ය සඳහන් කළේ බුද්ධි අංශ නිලධාරීන් විසින් තුවක්කුකරුවෙක් සිටින බවට හඳුනාගෙන ඒ දෙසට වෙඩිතබා ඇති අතර එහිදී සැකකරු සිය තුවක්කුව සහ වෙනත් භාණ්ඩ කිහිපයක් එම ස්ථානයේ දමා පැනගොස් තිබුණි.

    අමෙරිකානු බලධාරීන් පවසන්නේ සැකකරු සතුව AK-47 වර්ගයේ රයිෆලයක් තිබූ බවයි.

    සැකකරු මෝටර් රථයකින් එම ස්ථානයෙන් පළාගොස් තිබූ අතර පසුව ඔහුව අත්අඩංගුවට ගැනීමට බලධාරීන් සමත්විය.

    එම සැකකරු රයන් රූත් ලෙස හඳුනා ගැනුණි. 58 හැවිරිදි රයන් හවායි හි පදිංචිකරුවෙකි.

    ඔහු රුසියානු - යුක්‍රේන යුද්ධයේදී යුක්‍රේනයට සහාය දක්වන අයෙකි.

    මේ අතර පසුගිය ජුලි මාසයේදී ද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල විය.

    ඒ ට්‍රම්ප් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේදී සහභාගී වූ මැතිවරණ රැලියක් අතරතුරදීය.

    එම වෙඩි තැබීමෙන් ට්‍රම්ප් ගේ කනකට තුවාල තුවාල සිදුවිය.

    වෙඩි තැබීම සිදුකළ සැකකරු ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරවලින් මියගොස් තිබුණි.

    එම වෙඩිතැබීම සිදුකර තිබුණේ 20 හැවිරිදි තෝමස් මැතිව් කෘෘක්ස් නැමැත්තෙකි.

    එම සිද්ධියේදී රැලිය නැරඹීමට පැමිණි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලැබීය.

     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    කමලක්කගේ හබියා යුදෙව්වෙක් නේද කමලාට ඕක නිසා ඉශ්‍රයෙල් සපෝට් එක තියනවලු
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    රටේ තුවක්කු විකුනන්න දීලා උන්ගෙ නායකයො මෙහෙම බේරිලා ඉන්න එකම ඇති