ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් ජනපති සටනට..⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ට්‍රම්ප් නිල වශයෙන් ජනපති සටනට

    නොවැම්බරයේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ව නිල වශයෙන් නම් කර තිබේ.

    ඒ රිපබ්ලිකන් පක්ෂ සම්මේලනයේ දී ය.

    ඒ අනුව ඔහුගේ උපජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස සෙනෙට් සභික ජේඩී වාන්ස් නම් කර තිබේ.

    රිපබ්ලිකන් පක්ෂය මෙම තීරණයක් ගෙන ඇත්තේ, පසුගිය දා ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ මැතිවරණ රැළියකට වෙඩි ප්‍රහාරයක් පවා එල්ල වී ඇති පසුබිමකය.

    පෙන්සිල්වේනියාවේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර දී එම වෙඩි තැබීම වාර්තා වූ අතර ඉන් හිටපු ජනාධිපතිවරයාගේ කනක් තුවාල වී තිබුණි.

    එහිදී වෙඩි ප්‍රහාරය එල්ල කළ බවට සැක කෙරෙන අයෙකු බුද්ධි අංශ ස්නයිපර් වෙඩික්කරුවෙකු විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබුණි.

    සැකකරු 20 හැවිරිදි තෝමස් මැතිව් කෲක්ස් නැමැත්තෙකි.

    මෙම සිද්ධියේදී රැලිය නැරඹීමට පැමිණ සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලැබීය.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,487
    15,452
    113
    Gampaha
    මේකම තමයි ලපයාත් කරන්නේ .. තුවක්කු උස්සන් ආවට ලපයාව නවත්තන්න බෑ.. ලපයාගේ කේන්දරෙත් බලවත්... 8-)