ට්‍රම්ප්ගෙන් තවත් තර්ජනයක්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,166
    46,939
    113
    Happy Donald Trump GIF by Team Trump

    අමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සැලකෙන්නේ දැඩි මත සහිත නායකයෙක් ලෙසයි.

    දේශපාලනඥයෙක් ට වඩා ව්‍යාපාර මනසින් කරුණු දකින ට්‍රම්ප්, මේ වනවිට ලෝකයේ ප්‍රබල රටවල් රැසක් සමඟ සෘජුව වෙළෙඳ යුද්ධයකට මුල පුරා සිටී.
    ඒ එරට ප්‍රධාන සැපයුම්කරුවන් වන රටවල් රැසකට බදු පිට බදු පනවමින්.
    ඒ අනුව අසල්වැසි කැනඩාව, මෙක්සිකෝව යන රටවල ආනයන මත දැවැන්ත තීරුබදු පැනවීමට ඔහු දැනටමත් කටයුතු කර තිබේ.

    මේ අතරතුර විවිධ රටවලට විවිධ බදු පනවන බවට ඔහු කළ තර්ජන ද එමටයි.
    එවන් පසුබිමක දැන් ට්‍රම්ප්ගේ අවධානය යොමුව ඇත්තේ වසර ගණනාවක් පුරා ඔවුන්ගේ සමීපතම මිතුරන්ව සිටි යුරෝපා කලාපයයි.

    ඒ අනුව යුරෝපානු කලාපීය මත්පැන් මත සියයට 200ක දැවැන්ත තීරුබදු පනවන බවට ට්‍රම්ප් දැන් තර්ජනය කරයි.
    මෙම අර්බුදය මෙතරම් තීව්‍ර වූයේ ලෝක ඕනෑම රටක සිට අමෙරිකාවට ආනයනය කරන ලෝහ සහ ඇලුමිනියම් මත සියයට 25ක ස්ථිර තීරුබදු පැනවීමට අමෙරිකාව පසුගියදා නිල වශයෙන් පියවර ගැනීමත් සමගිනි.

    ඊට ප්‍රතිචාර ලෙස අමෙරිකාවේ නිෂ්පාදිත විස්කි ආනයන මත සියයට 50ක බද්දක් පනවන බවට යුරෝපා සංගමය පසුගියදා තර්ජනය කර තිබේ.ට්‍රම්ප් මෙතරම් කුපිත වී ඇත්තේ එය ඇසීමෙනි.

    ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කරන්නේ මේ කෘර බදු ඉවත්කිරීමට යුරෝපා සංගමය වහාම කටයුතු කළ යුතු බවය.එම කලාපීය රටවල් ඉතා සතුරු සහ දූෂිත ලෙස මෙතෙක් අමෙරිකාවෙන් ප්‍රයෝජන ගත් බවත්, මෙහිදී ට්‍රම්ප් චෝදනා කර සිටියේය.

    නිල වාර්තාවලට අනුව අමෙරිකාව වාර්ෂිකව ඩොලර් බිලියන 4.89ක වටිනාකමකින් යුතු වයින් යුරෝපයෙන් ආනයනය කරයි.එහිදී වැඩි වශයෙන්ම ආනයනය කරන්නේ ප්‍රංශ වයින්.
    මේ අනුව අමෙරිකාවේ යුරෝපානු මත්පැන්වල ප්‍රධානතම වෙළෙඳපොළක් කීම නිවැරැදිය.මේ හේතුවෙන් මෙවන් තීරුබදු පැනවුවහොත් එය දෙරටටම ගෙන එනු ඇත්තේ හානියක්.

    ඒ අනුව ගැටලුව සමග අමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට යුරෝපා සංගමය මේ වනවිට සැලසුම් කර තිබේ.ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළත් දෙපාර්ශ්වය අතර මෙවැනිම ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වුණි.

    එහිදී යුරෝපය අමෙරිකානු විස්කි ආනයන මත සියයට 25ක තීරු බදු පැනවීමට යුරෝපය පියවර ගත් අතර, එහිදී යුරෝපා කලාපයේ විස්කි පරිභෝජනය සියයට 20කින් පහත වැටුණි.එහිදී විස්කි අලෙවියෙන් උපයාගත් මුදල මිලියන 552 සිට 440 දක්වා පහත වැටීම ද විශේෂත්වයකි.කෙසේ නමුත් ට්‍රම්ප් ධූරයෙන් ඉවත්වීමෙන් පසුව එම තීරුබදු ඉවත්කිරීමට යුරෝපා කලාපය පියවර ගත්තේය.

    දෙවැනි ධුරකාලයට පත්වීමෙන් පසු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණාත්මක තීන්දු රැසක් ගත් අතර එහිදී ඔහු හා විරසක වූ රටවල් අතරට, කැනඩාව, මෙක්සිකෝව, චීනය ඇතුළු රටවල් රැසක් අයත්ය.

    එම රටවල් ද ට්‍රම්ප් පැනවූ බදුවලට ප්‍රතිචාර ලෙස ප්‍රති බදු පනවා ඇති අතර, එහිදී රටවල් රැසක්ම අමෙරිකානු නිෂ්පාදන ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පත්වෙතැයි බියක් ද නිර්මාණය වී තිබේ.
    විවිධ රටවල් සමඟ වෙළෙඳ යුද්ධයේ සිටින පසුබිමක අමෙරිකාව මේ වසර තුළ ආර්ථික අවපාතයකට මුහුණපෑමේ අවදානමක් පවතින බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා පැවසුවේය.
    ඒ සමග අමෙරිකාවේ කොටස් වෙළෙඳපොළ ද කඩා වැටී තිබුණේ අමෙරිකාවේ අනාගතය ගැන සැක මතුකරමින්.ඒ අනුව දිනකදී අමෙරිකානු කොටස් වෙළඳපොළ වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.7 කින් පහත වැටී තිබුණි.
    එහි වැඩිම බලපෑම එල්ල වුණේ ට්‍රම්ප්ගේ මිතුරා වන බිලියනපති ඊලෝන් මස්ක්ගේ ටෙස්ලා සමාගම, එන්වීඩියා සමාගම ඇතුළු සමාගම්වලට.

    එමෙන්ම අනෙකුත් තාක්ෂණ දැවැන්තයින් වන මෙටා සහ ඇමසන් සමාගම්වල ද කොටස් පහත වැටී තිබුණි.

    ට්‍රම්ප් විදෙස් ආනයන මත පැනවූ බදු භාණ්ඩ මිල ඉහළ යාමට සහ ආර්ථික අවපාතයකට මග පාදනු ඇතැයි ආයෝජකයින් කනස්සල්ල පළ කරයි.
    එම තත්ත්වය මග හරවා ගැනීමට ට්‍රම්ප් පරිපාලනය සතුව නිසි සැලැස්මක් නොමැති වීම ආයෝජකයින්ගේ කනස්සල්ල ඉහළ යාමට හේතු වී ඇති බව විශේෂඥයින් පෙන්වා දෙයි.එමෙන්ම ට්‍රම්ප් පරිපාලනය අනුගමනය කරන දැඩි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ඉදිරි වසර තුළ අමෙරිකානු ආර්ථිකය සියයට 30කින් කඩාවැටීමේ සම්භාවිතාවක් පවතින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama

    ට්‍රම්පා නවතින්නේ, ඇමරිකාවත් දෙකේ කොලෙට දාලා, යුරෝපේ යි චිනයයි හොදම එකෙන් එකතු කරලා, රුසියානු විරෝධයක් නැවත ඇමරිකාව තුල ලෙසටම පැල කරලා.
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,185
    8,184
    113
    M-Town
    ට්‍රම්පා නවතින්නේ, ඇමරිකාවත් දෙකේ කොලෙට දාලා, යුරෝපේ යි චිනයයි හොදම එකෙන් එකතු කරලා, රුසියානු විරෝධයක් නැවත ඇමරිකාව තුල ලෙසටම පැල කරලා.
    Sirawatama
     
    • Like
    Reactions: emoji diaries