ඩේටා බැකප් කරමු..

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ඩේටා බැකප් කරමු..


    IT ෆීල්ඩ් එකේදි අපිට වැදගත්ම දේ තමයි පරිගණකයේ තියෙන ඩේටා කියන්නේ මොකද සොෆ්ට්වෙයා හාඩ්වෙයා නෙට්වර්ක් ඇතුලෙ හැමවෙලේම මුලිකම දේ වෙන්නේ මේ ඩේටා නිසා. ඉතින් මෙච්චර වටිනා අපේ ඩේටා ෆයිල්ස් කොහොමද ආරක්ෂිතව බැකප් කරන්නේ කොහොමද කියල තමයි මන් අද කියන්න යන්නෙ. අපිට මේක කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා.

    1. Local Backup
    2. Cloud Backup

    ලෝකල් බැකප් මෙතඩ් එකේදි බැකප් මීඩියම් එක විදියට අපිට එක්ස්ටනල් හාඩ් ඩිස්ක් එකක්, පෙන් ඩ්‍රයිව් හෝ නෙට්වර්ක් ස්ටෝරේජ් එකක් යොදාගන්න පුළුවන්. ඒ වගේම ක්ලවුඩ් බැකප් කරනවානම් අපිට Google Drive, Mega Sync, One Drive එකේ සර්විස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් බලමු මේක කරන්නෙ කොහොමද කියල. මේකට මන් පාවිච්චි කරන්නෙ ගූඩ් සින්ක්GoodSync කියන සොෆ්ට්වෙයා එක.

    මේ සොෆ්ට්වෙයා එකේ විශේෂත්වය තමයි අපිට පුළුවන් අපි සින්ක් කරන ඩේටා වලට සමාන කොපි එකක් අනික් ඩ්‍රයිව් එකේ හැදෙනවා වගේම වෙනස් උන, අලුත් ෆයිල්ස් විතරක් නැවත බැකප් වෙන එක. ඒ කියන්නේ කලින් බැකප් වෙලා කිසිම වෙනසක් නොවුන ෆයිල්ස් ආපහු කොපි වෙන්නෙ නැහැ. ඒ නිසා අපිට ගොඩක් කාලය ඉතිරි වෙනව වගේම නෙට්වර්ක් එකක් හරහා බැකප් කරනවානම් බෑන්ඩ්විත් එකත් ගොඩක් අවම වෙනවා. මේකෙන් බැකප් කරන්න අපිට ඔප්ෂන් දෙකක් දෙනවා.

    1. Backup
    මේකෙදි වෙන්නේ අපි බැකප් කරන ඩේටා එක දිශාවටකට විතරක් බැකප් වෙන එක. ඒ කියන්නේ ෆයිල් සෝස් එක අප්ඩේට් උනාම ඩෙස්ටිනේෂන් එක අප්ඩේට් උනාට ඩෙස්ටිනේෂන් ෆයිල් අප්ඩේට් උනොත් සෝස් ෆයිල් වල කිසිම වෙනසක් වෙන්නේ නැහැ.

    2. Synchronization
    මේකෙදි අපේ ඩේටා සෝස් එකත් ඩෙස්ටිනේෂන් එකත් අතර දෙපැත්තටම සින්ක් වෙනවා. මේක අපිට යූස් කරන්න පුළුවන් අපේ ඔෆිස් එකේ වැඩ කරන ෆයිල්ස් පෙන් එකකටත්, පෙන් එකේ තියෙන ෆයිල්ස් පර්සනල් පීසී එකකටත් සින්ක් කරන්න.


    qa8FO8lm.png


    PMSXvUa.png



    ගූඩ් සින්ක් එක ඉන්ස්ටෝල් කරාම අපිට මේ වගේ ඉන්ටෆේස් එකක් දකින්න පුළුවන්. අලුත් බැකප් ටාස්ක් එකක් හදන්න, New Job බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ අහනවා බැකප් කරනවද සින්ක් කරනවද කියල. මෙතනින් ඔයාගේ අවශ්‍යතාවය අනුව කැමති එකක් සිලෙක්ට් කරන්න, මේක අපිට පස්සේ වෙනස් කරන්නත් පුළුවන්. ජොබ් එක ඇඩ් උනාම මේ විදියට පෙන්නයි ෆයිල් ෆෝල්ඩර් වල පාත් පෙන්නන්න කියල.

    DF3hrD5.png

    ලේෆ්ට් ෆෝල්ඩර් එකෙන් My Computer සිලෙක්ට් කරලා ඔයාට බැකප් කරගන්න ඕන ඩේටා තියෙන ෆෝල්ඩර් එක තෝරගන්න. (මෙතැනදී ඩේටා සෝස් එක නෙට්වර්ක් පීසී එකක එකක් නම් මේ වගේ වින්ඩෝස් ශේයාස් සිලෙක්ට් කරලා පාත් එක විදියට \\"Computer_Name"\"Drive_Letter"$\"Folder_Path" දෙන්න. ඔයාලට මෙතනින් බලාගන්න පුළුවන් මේ සොෆ්ට්වෙයා එක සපෝට් කරන අනික් ස්ටෝරේජ් සර්විසස් එහෙමත්..
    දැන් රයිට් ෆෝල්ඩර් එකත් මේ විදියටම සිලෙක්ට් කරන්න කොතනටද බැකප් වෙන්න ඕනේ කියල. මෙතැනදී අපි පෙන් ඩ්‍රයිව් එකක් හරි පෝටබල් හාඩ් එකක් හරි දෙනවනම් අපිට පුළුවන් ඒක ප්ලග් කරපු ගමන්ම ඔටෝ බැකප් වෙන්න හදන්න.


    මම කලිනුත් කිවුව වගේ, මේ පාත් දෙක මැද්දේ තියෙන ඇරෝ එක ක්ලික් කරලා බැකප් වෙන දිශාව වෙනස් කරගන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද මේ හදාගත්තු ජොබ් එක රන් කරන්නේ කියල. වම් පැත්තේ අපි හදාගත්තු ජොබ් එක ක්ලික් කරලා ඇනලයිස් කරන්න මුලින්ම. මේකෙදි වෙන්නේ අපි මුලින් සිලෙක්ට් කරපු ෆෝල්ඩර් දෙකේ තියෙන ෆයිල්ස් වල ලිස්ට් එකක් අරන් කම්පෙයා කරන එක.

    0rzewUf.gif

    ඇනලයිස් උනාම මෙහෙම පෙන්නනවා. මෙතනින් බැකප් වෙන්න ඕන නැති ෆයිල් තියෙනවනම් මේ විදියට Don't Copy කියල මාර්ක් කරලා Sync බටන් එක ක්ලික් කරන්න.


    6IRxk4S.png


    qa8FO8lm.png

    අපි දැන් බලමු කොහොමද මේක ඔටෝමැටික් බැකප් කරන්න සෙටින්ග්ස් හදන විදිය. මුලින්ම ඔයා හදාගත්තු බැකප් ජොබ් එක සිලෙක්ට් කරලා දකුණු පැත්තේ තියෙන ඔප්ෂන්ස් බටන් එක ක්ලික් කරලා Auto මෙනු එක තෝරගන්න. මන් මෙතැනදී වැඩියෙන්ම වැදගත් ඔප්ෂන් 4 විතරක් විස්තර කරන්නම්.

    g6HWhm2.png

    1. මේකෙදි වෙන්නේ ඔයාගේ ඩේටා අප්ඩේට් වෙන සැනින් බැකප් වෙන එක. ඒ කියන්නේ ඔයාගේ ඩේටා රියල් ටයිම් බැකප් වෙනවා.
    2. මෙතැනින් අපි බැකප් ඩෙස්ටිනේෂන් එක විදියට පෙන් ඩ්‍රයිව් එකක් හරි පෝටබල් හාඩ් එකක් හරි දෙනවනම් අපිට පුළුවන් ඒක ප්ලග් කරපු ගමන්ම ඔටෝ බැකප් වෙන්න හදන්න.
    3. යම්කිසි පැය ගණනකට වතාවක් බැකප් වෙන්න නම් මේක.
    4. මෙතනින් පුළුවන් මාසෙකට හෝ සතියකට සැරයක් වගේ බැකප් වෙන්න හදන්න.

    qa8FO8lm.png

    Remote Sync/Backup
    මේකෙ තියෙන තව විශේෂාංගයක් තමයි අපිට පුළුවන් ඉන්ටනෙට් හරහා ෆයිල්ස් බැකප්/සින්ක් කරන්න. උදාහරණයක් විදියට ගත්තොත්, අපේ ගෙදර පීසී එකේ තියෙන ෆයිල් ඔෆිස් එකේ පීසී එකත් එක්ක සින්ක් කරන්න පුළුවන්. මේකට අපිට ගූඩ් සින්ක් අකවුන්ට් එකක් හදන්න වෙනවා.

    Tools > GoodSync Account Setup > Create New GoodSync Account
    මෙතනට ගිහින් අලුත් අකවුන්ට් එකක් හදල පීසී එකේ ඇඩ්මින් යුසර්නේම් පාස්වර්ඩ් දෙන්න. ඊටපස්සේ ඒ හදපු අකවුන්ට් එකට ගූඩ්සින්ක් එක ලින්ක් වෙනවා. දැන් බැකප් කරන්න ඕන අනික් පීසී එකෙන් මේ විදියට ෆෝල්ඩර් එක විදියට ගූඩ්සින්ක් කනෙක්ට් තෝරලා ලොග් උනාම, කලින් අකවුන්ට් එක හදපු පීසී එකේ බැකප් කරන්න ඕන ෆයිල්ස් සිලෙක්ට් කරගන්න පුළුවන්.


    5UvWVk7.gif

    තව මේකේ ගොඩක් ෆීචර්ස් තියෙනවා ඔයාලත් ට්‍රයි කරලා බලන්න. :)

     
    Last edited:

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Patta....:love::love::love::love:



    ☆☆☆27+ From NK123 ☆☆☆





    Good work bro
    I am going to purchase google cloud license for 10TB with ad

    watinawa machan...

    තෑන්ක්ස් හැමෝටම :love: REP ADDED +