ඩොකෙක් කි‍යපු කතාවක්

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
ඩොකෙක් කි‍යපු කතාවක්

SAITM අනම් මනම් හින්දා හිත රිදුණු ඩොකෙක් Facebook දාපු ටිකක් අමුතු විදි‍යේ කතාවක්..

"සයිටම් ප්‍රශ්නෙ අස්සේ වෛද්‍යවරුන්ට එක එක විදිහට මාධ්‍ය / සෝශල් මීඩියා වලින් ඇඟිලි දික්වෙනවා. ඒ අය කරන එක චෝදනාවක් තමයි ඩොක්ටර්ස්ල හිනාවෙලා කතා කරන්නෑ කියන එක. සාධාරණ චෝදනාවක් ,වෙද්‍යවරයෙක් ළඟට රෝගීන් එන්නේ දෙගිඩියාවෙන්, අපහසුවෙන් සරණක් බලාපොරොත්තුව . සමහරු කියනව ප්‍රයිවට් හොස්පිටල් එකේදි හොදින් කතා කරන ඩොක්ටර් ගවර්න්මන්ට් ආවම මූන බලන්නෑ කියලා

මං මේ ගැන කතා කරන්න හිතුවෙ මේ දවස් වල සයිටම් අරගලය අස්සේ වෛද්‍යවරුන්ට නැගෙන චෝදනාවක් නිසා. අවුරුදු හයක් ලංකාවෙ රජයේ රෝහල් වල සේවය කරත් මම දැනට වැඩ කරන්නේ ඕස්ට්‍රේලියාවෙ පබ්ලික් හොස්පිටල් එකක.
මේ චෝදනා කරන අයට මෙම ප්‍රතිචාරය දක්වද්දි කියන්න ඕන මේක රෝගීන්ට කෑ ගහන එක සාධරණිය කරනය කිරීමක් නොවන බවත් කියන්නම් වාලේ චෝදනා කරනවාට වඩා සිතා බැලීලමට යමක් පෙන්වා දීම අරමුණ වූ බවත්. දිග වෙන නිසා කෙටියෙන් කියන්නම්..

1. ලංකාවෙ රජයේ වෛද්‍ය වරයෙක් තම සේවා මුරය තුළදී බලන රෝගීන් සංඛ්‍යාව හා පෞද්ගලික් අංශය /විදේශ වෛද්‍ය වරයෙකු පරීක්ෂා කරන රෝගීන් සංඛ්‍යාව

OPD ඩොක්ටර් කෙනෙක් උදෑසන සේවා මුරයකදී රෝගීන් 200-300 ක් වගේ ප්‍රමාණයක් පරීක්ෂා කරනවා. උදාහරනයකට මගේ බිරිද සේවය කරන බිබිලෙ රෝහලේ අද උදෑසන OPD රෝගීන් සංඛ්‍යාව 550යි. වෛද්‍යවරු දෙන්නයි. පැය 6යි. ගණන් දන්නවනම් හදල බලන්න එක රෝගියෙකුට ලැබෙන වෙලාව .
ලංකාවෙ රෝහලක සාමාන්‍යයෙන් පූර්ව ප්‍රසව සායනයක රෝගීන් 80ක් විතර ඉන්නවා. මෙඩිකල් clinic එකක නම් රෝගීන් 500 කට ආසන්නව ඉන්නවා. මා දැනට සේවය කරන විදෙස් රෝහලේ ප්‍රසව සායනයක එක වෛද්‍ය වරයකුට රෝගීන් 5-6 k වගේ තමයි උදේ සායනයකට. මා කලින් සේවය කළ ඇඹිලිපිටිය රෝහලේ theater list එකක ජේශ්ඨ සීමාවාසික වෛද්‍යවරයෙක් සීසර් 10-12 ක් දිනකට සිදු කරනවා.( මේ ශල්‍ය කර්ම වලට නිර්වින්දනය සපයන වෛද්‍යවරු ඊටත් වඩා ලොකු රිස්ක් එකක් අරන් වැඩ කරන්නේ) .ඒත් ඕස්ට්‍රේලියාවේ තෘතීක රජයේ රෝහලක ඒ සේවා මුරයේදිම වැඩිම උනොත් සීසර් ශල්‍ය කරම කෙරෙන්නෙ තුනයි. බොහෝවිට 2යි. නිර්වින්දනයට පමණක් විනාඩි 45 ක් ගන්නවා.
ඒත් ලංකාවෙ මේ විදිහට වැඩ නොකොලොත් රෝහල හා රෝගී සේවා පවත්වාගෙන යන්න බෑ.ඒක වෙනස් කරන්න ආණ්ඩුවට විසදුමක්/ වැඩ පිළිවලකුත් නෑ.

2. ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි(ඔළුවෙන් ඉන්නවා කියන්නේ)

තමන් දෙන්නේ සේවයක් කියලා තම පාරිභෝගිකයන්ට ගරුත්වයෙන් කතා කරන තැන්/ආයතන ලංකාවෙ කීයක් තියනවද?
ඒ arrogance එක අපේ ජාන වලින් එන එකක්. මිනිස්සුන් එක්ක ගැටෙන වෘත්තීන් වලදි මේක දක්කින් පුළුවන්
බස් දහයකට නැග්ගොත් හොදින් කතා කරන කොදොස්තරල කීයක් ඉන්නවද? ත්‍රී වීල් එකක සල්ලි දීල යන්නත් කොච්චර පිං සෙණ්ඩු වෙන්න ඕනද? ඔය කියන අය තැපැල් කන්තෝරුවකට ගිහින් මුද්දරයක් අරං තියනවද? ලයිට් බිල/ටෙලිකොම් බිල් ගෙවන්න පෝලිමේ ඉදලා නැද්ද .
ලංකාවෙ මනුස්සයෙකුට ගරු කරන්න හිගන්නෙක්වත් දන්නේ නෑ. බොරුනම් හිගන්නෙකුට රුපියල් දෙකක් දීල බලන්න.සමහර පෞද්ගලික ආයතනවල (බැංකුවල පවා) පවා සේවාදායකයන් උඩින් පහත් වුනා වගේ ඔළුවෙන් ඉන්න සේවකයො නැද්ද?

දැන් ආයෙත් ඉස්පිරිතාලෙට ආවොත් සිකුරිටි ගේ ඇටෙන්ඩන්ට්ගෙ නර්ස්ගෙ ඉදන් මිනිස්සු රැවුම් ගෙරවුම් අපහසු තාවයන්ට පත්වෙනවා නොවේද. නිකං හිතල බලන්න, අදුරන කෙනෙක් නෙවෙයිනම් ඉස්පිරිතාලෙදි ටිකක් හරි හොදින් කතා කරන්නේ කවුද කියලා. ( ඒත් රාජ්‍ය ආයතන වල මේ තත්වය දැන් දැන් හොද අතට හැරෙනවා,) වැඩිය ඕන්නෑ චැන්ලින් සෙන්ටර් එකේ දොස්තරව/ලෙඩ්ඩුන්ව ඇතුලට දක්කන්න ඉන්න නංගිලගෙ පාර්ට්/ කැෂියර් එකේ තුණ්ඩු දෙන්න ඉන්න අක්කලගෙ පාර්ට් දැකලා ඇතිනෙ. හිනා වෙලා කතා කරනවද? තරාතිරම ඇදුම බලලා නේද පොලීසිය උනත් කතා කරන්නෙ. ( ෆෝන් එකට සර්/මැඩම් කිව්වට)

මේ බරපතල සමාජීය අවුල දොස්තරලට ලඝු කරන්න හදනවනම් ඒ එක්කෝ ඒ කුහක කමට නැත්නම් නොදැනුවත් කමට. සදළු තලවලින් බැහැලා රජයේ ඉස්පිරිතාවලට ගිහින්, බස් වල ගිහින් බලන්න. ගොඩක් දෙනෙක් ප්‍රයිවට් කරනවට විරුද්ධව කතා කරත් ඒ අය ඉස්පිරිතාලෙකට යන්නේ ලෙඩෙක් බලන්න විතරයි. ඒ ගොල්ලො ඉස්පිරිතාල කියල දන්නේ චැනල් සෙන්ටර් විතරයි, කැස්සටත් VP හම්බෙන්න යන්නේ ඉතිං හිතට අමාරුයි.

පසු සටහන
දැන් අහයි ඔච්චර අමාරු නම් ඇයි සයිටම් දොස්තරල එනවට විරුද්ධ කියලා. කුහකයි නේද කියලා. ඒකට වෙනම ජාතක කතාවක් ලියන්න ඕන.
ප්‍රශ්නෙ ප්‍රමිතියනෙ. ප්‍රමිතිය ගැන හැමෝම කතා කරන නිසා මොකුත් නොකියා ඉන්නම්.
ලංකාවෙ දොස්තරල බෙදීයාමේ ලොකු ගැටළුවක් තියනවා. කොළඹ හා ප්‍රධාන නගර මූලික කරන් වෘත්තිකයො ඝනත්වය වැඩි වෙනවා. ඒකයි ප්‍රශ්නය. ඉදිරි වසර කීපය තුළදි වෛද්‍යවරයකුට රෝගීන් අනුපාතය ලංකාවෙ ප්‍රශස්ත මට්ටමකට එනව. ඒත් ඈත පිටිසර හද්ද කැලේට රාජ කුමාරයො/කුමාරියො වඩින්නෙ නෑ, වැඩියත් ආපහු කොළඹට ට්‍රාන්සර් වෙනකං නින්ද යන්නෑ. විදෙස් වෛද්‍ය විද්‍යාල වලින් එළියට එන ශිෂ්‍යයන් පවා ඈත රෝහල් වල රජයේ රැකියා නොගෙන පෞද්ගලික රෝහල් වලට යොමුවීම දැන් ට්‍රෙන්ඩ් එකක්. ඩොක්‍ටර්ස් ල ආනයනය හෝ ආප්ප දානව වගේ බුරුතු පිටින් හැදීම මේ ප්‍රශ්නයට උත්තරය නෙවෙයි.
රෝහල් වල( සහ විශ්ව විද්‍යාලවල) යටිතල පහසුකම් වැඩි කරන්න ඉන්න ඇමතිලා තමන්ට අයිති ඒ රාජකාරිය පැත්තකින් තියල සයිටම් එකට කඩේ යනකං ඔය ප්‍රශ්න විස දෙන්නෙත් නෑ."

Supun Anuruth Warusavithana
feeling worried.
Yesterday at 3:58pm
 
  • Like
Reactions: xxc and other guy

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඒකාලේ එලකිරිය රන් කරපු පොරක් තමා ඔය ලියල තියෙන්නේ :cool:
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    මිනිහම කොච්චර වැරදිද ..... නිකන් ඉගෙන ගෙන දැන් ඕස්ට්‍රේලියාවේ වැඩලු....
    මට නම් අහන්න තියෙන්නේ මෙච්චරයි ..... ඔච්ච්චරම හිගයක් තියෙනවා නම් ප්‍රමිතියක් ඇතුව දොස්තරලා බිහි කරනවා වෙනුවට වහන්න වහන්න කියන්නේ ඇයි.... මිනිස්සු ගැන හිතලා රෝහල් වල පහසුකම් වැඩි කරන්න කියලා එක උද්ගෝෂණයක් කරන්නේ නැත්තේ ඇයි ??? සයිටම් වහන්න කියලා දුප්පත් මිනිහා බෙහෙත් ගන්න එන ඉස්පිරිතලේම ස්ට්‍රිය්ක් කරන්නේ ඇයි .... ඕකට කියන්නේ කුහකකම.... තව කෙනෙක් ඉගෙන ගන්නවාට තියෙන අකමැත්ත.... ඉස්සරම සයිටම් කියන ඕනේ එකක් කරා ඒ කාලේ act 16 කරපන් කියලා කොන්දේසියක් දැම්මා නම් උන් එක පිළිගෙන.... එත් අපේ උන් මොකද්ද කරේ වහලා දාපන් වහලා දාපන් කිව්වා.... දැන් උසවියේම ටොපිය දුන්නා... දැන් පිස්සු බල්ලෝ වගේ පාරේ කෑගහල නානවා.... ගොන් හැත්තක්...
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    මිනිහම කොච්චර වැරදිද ..... නිකන් ඉගෙන ගෙන දැන් ඕස්ට්‍රේලියාවේ වැඩලු....
    මට නම් අහන්න තියෙන්නේ මෙච්චරයි ..... ඔච්ච්චරම හිගයක් තියෙනවා නම් ප්‍රමිතියක් ඇතුව දොස්තරලා බිහි කරනවා වෙනුවට වහන්න වහන්න කියන්නේ ඇයි.... මිනිස්සු ගැන හිතලා රෝහල් වල පහසුකම් වැඩි කරන්න කියලා එක උද්ගෝෂණයක් කරන්නේ නැත්තේ ඇයි ??? සයිටම් වහන්න කියලා දුප්පත් මිනිහා බෙහෙත් ගන්න එන ඉස්පිරිතලේම ස්ට්‍රිය්ක් කරන්නේ ඇයි .... ඕකට කියන්නේ කුහකකම.... තව කෙනෙක් ඉගෙන ගන්නවාට තියෙන අකමැත්ත.... ඉස්සරම සයිටම් කියන ඕනේ එකක් කරා ඒ කාලේ act 16 කරපන් කියලා කොන්දේසියක් දැම්මා නම් උන් එක පිළිගෙන.... එත් අපේ උන් මොකද්ද කරේ වහලා දාපන් වහලා දාපන් කිව්වා.... දැන් උසවියේම ටොපිය දුන්නා... දැන් පිස්සු බල්ලෝ වගේ පාරේ කෑගහල නානවා.... ගොන් හැත්තක්...


    Sampoorna aththa bro:yes:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    kathawa aththa bn. kochchara kattiya kiwwath minissunge salli walin igena gena wada karanna kiyala lankawe minissunta hondak karala kawadawath prasansawak labenna.idala hitala ekkenek dennek weradi kala kiyala okkotama banina eka chater
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මිනිහම කොච්චර වැරදිද ..... නිකන් ඉගෙන ගෙන දැන් ඕස්ට්‍රේලියාවේ වැඩලු....
    මට නම් අහන්න තියෙන්නේ මෙච්චරයි ..... ඔච්ච්චරම හිගයක් තියෙනවා නම් ප්‍රමිතියක් ඇතුව දොස්තරලා බිහි කරනවා වෙනුවට වහන්න වහන්න කියන්නේ ඇයි.... මිනිස්සු ගැන හිතලා රෝහල් වල පහසුකම් වැඩි කරන්න කියලා එක උද්ගෝෂණයක් කරන්නේ නැත්තේ ඇයි ??? සයිටම් වහන්න කියලා දුප්පත් මිනිහා බෙහෙත් ගන්න එන ඉස්පිරිතලේම ස්ට්‍රිය්ක් කරන්නේ ඇයි .... ඕකට කියන්නේ කුහකකම.... තව කෙනෙක් ඉගෙන ගන්නවාට තියෙන අකමැත්ත.... ඉස්සරම සයිටම් කියන ඕනේ එකක් කරා ඒ කාලේ act 16 කරපන් කියලා කොන්දේසියක් දැම්මා නම් උන් එක පිළිගෙන.... එත් අපේ උන් මොකද්ද කරේ වහලා දාපන් වහලා දාපන් කිව්වා.... දැන් උසවියේම ටොපිය දුන්නා... දැන් පිස්සු බල්ලෝ වගේ පාරේ කෑගහල නානවා.... ගොන් හැත්තක්...

    pramithiyak athuwa long term karan yanna ba ban not-for profit or government nemeinam
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    pramithiyak athuwa long term karan yanna ba ban not-for profit or government nemeinam

    ayi ee bari :) api hithamu saitm chora kiyala act 16 hari mokak hari thiyena standard exam eken thogeta fail :) ithing kawuruth yanne na ne ban igena ganna ethanata :) million ganan dila fail wena thanakata yanne kawuda rata yanawane :)
    udaharanekata SLIIT yanna kalin ahanawa eke ayata job denawada kiyala ee mokada eke unta job naththum lamayi yanne na mokada salli dila igena gena job naththum kuburu kotannada :) ekai SLIIT APIIT IIT unge standards hadan inne :) uba kiyana non profit inne sliit vitharai anith bahuthare profit :) BOI projects :)
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,762
    1,385
    113
    Sri Lanka
    ලක්ෂ 120ක් දීල කවුරුත් උපාධිය නැතුව එන්න නම් කැමති වෙන්නේ නෑ.
    අනික act 16 exam එක සමත් වෙන්නේ පිටරට ගිහින් එන අයගෙන් 15-20%ක් විතර. act 16 exam එක ලියන්න පුළුවන් වෙන්නෙත් වෛද්‍ය සභාවේ අනුමැතිය තියන පිටරට වෛද්‍ය විද්‍යාල වලට විතරනේ....
    15-20%ක් පාස් වෙන එකට නම් සයිටම් එකේ අය එකට නම් කොහොමත් කැමති වෙන්නේ නෑ.......

    සයිටම් එකෙන් අසාධාරණේ වෙන්නේ පොඩි ලකුණු ගානක් අඩු වෙලා මෙඩිසින් යන්න බැරි වෙන අයට. මොකෝ ඒ අයට වඩා අඩු සුදුසුකම් තියන අය උපාධිය ගන්න නිසා.

    විකුණන එකටම විරුද්ධ වෙනවා නම් ඉතින් පිටරට ගිහින් එන එකටත් විරුද්ධ වෙන්න ඕන. එකකට විතරක් විරුද්ධ වෙලා බෑ....
    ඇත්තම කියනවා නම් ඉතින් SLITT, APITT, ICBT වගේ හැම කෙනෙක්ටම නිදහස් අධ්‍යාපනය යටතේ උගන්නන්න ඕන..... මම නම් හිතන්නේ නෑ ඒ වැඩේට private degree කරන කවුරුත් විරුද්ධ ඇති කියල. මොකෝ උසස් පෙළ ලකුණු අඩු වුන පලියට ජීවිත් විනාස කරගෙන බෑ.... ඒ නිසයි private degree වලට යන්නේ.... ලංකාවේ උසස් පෙළ අසමත් කියන්නේ ජීවුතේම ඉවරයි.....

    නමුත් ඉතින් ඒක ප්‍රායෝගිකව කරන්න ඉතාම අමාරු දෙයක්...... එහෙම කරන්න නම් ඉතින් අද්ධ්යාපනයට වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කරලා ඒ වැඩේ කරන්න වෙනවා..... මොකෝ කිසිම උපාධියක් පහත මට්ටමට දාන්න කෙනෙක්ට බෑ. හැම උපාධියම වටිනවා........ අපේ කාලකන්නි ගව මඩුවේ ඉන්න ඇමතියෝගේ මුදල් නාස්තිය අඩුකරානම් මේක කරන්න තිබුන..... ඒක ඉතින් මේ කපේදී වෙන එකක් නෑ......

    අනිත් එක තමා වෛද්‍ය හිඟය බලපාන්නේ දුෂ්කර පළාත් වලට.
    ඒ පළාත් වල මේ ප්‍රශ්නේ සයිටම් දැම්ම කියල විසඳෙන්නෙත්' නෑ.

    දැන් ඉතින් මට බණින්න පටන් ගන්න එපා මචං........ මගේ අදහස මම කිව්වේ......
    මම දරන මතය අනුව සියලු දෙනාට නිදහස් අද්ධ්‍යාපනය හිමි විය යුතුයි. කලාද, වානිජද, මෙඩිසින් ද කියන එක නෙවේ වැදගත්.... හැමෝටම මුදල කියන සාධකයෙන් තොරව නොමිලේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය ලබාදීම.. ඒකට මුදල කියන සාධකය බලපාන්න හොඳ නෑ......

    අන්තිමට කියන්න තියෙන්නේ ඉතින් දේසපාලුවෝ ඉන්නකම් මේක කරන්න ගොඩක් අමාරු වෙයි.... සයිටම් එකේ දැනට ඉන්න ළමයින්ට නිසි පරිදි පුහුනුව ලබා දීල, විභාගයක් තියල ඒ අය අරන්, ඒ faculty එක රජයට පවරාගෙන එකත් රජයේ විශ්ව විද්යාල පද්ධතියට එකතු කරන එක තමා කල යුතු හොඳම දේ මම නම් හිතන්නේ.......
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    There is some truth in the statement. In Sri Lanka specially in the govt service most places are like that. Go to a School how many students are in a class, go to a court , how many cases are listed for a day. The problem is that no proper evaluation and proper resource allocation, but try to do what ever from the limited resource. eg if there are 200 passengers we try to provide transport using existing two buses. Ultimately this is not only a strain to the passengers and the driver even the bus may not work to its full potential life time.
    There are certain govt places that this pressure is not present,but even they work lethargically. At the same time it is not always that all govt officers work hard . Some do not work at all or if you are very smart know how to get around with the boss and do not work at all. So this work is also passed to others. So, a person who works will never relieved with the work.
    I agree that in other countries the work load is less, but again if you work hard others are happy to leave work to you!
    By working hard you get lot of experience and can handle any situation. The people who do not work do not learn anything,though they may be senior.
    In sri Lanka now we have lot of senior people who did not work hard thus they cannot work properly in their senior position. This has also created some pressure to the people at the bottom.
    I still consider our govt sector is far superior to the private and they are the unsung heroes eg Govt hospitals , schools are better than counterparts with limited or no resources.
    One last thing,- Every year there is budgeting and we do not consider this important. I think this is very important. We should be able to budget properly and seek additional funding and the head of the dept should be able to justify his budgeting. I have seen that most of them cannot do that as they pay less attention for this. This had happened for more than a generation and present generation is also continuing the same old method of budgeting , while they are victims of the people who passed them the baton.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අනේ යකෝ මූ අපේ සල්ලි වලින්ම ඉගෙනගෙන දැන් පිටරට ආතල් එකේ ඉඳගෙන.මෙහෙ ප්‍රශ්න ගැන කතාකරන්න එනවනෙ.සයිටම් එකේ ප්‍රශ්නෙ පැත්තකට දාමුකො.මූවගේ එවුන් හින්ද තමයි ලංකාවට කෙලවෙලා තියෙන්නෙ.......:angry::angry::dull::(