ඕනෙම field එකක් කාලෙත් එක්ක update වෙනවා. ඒ update වෙන වේගෙන්ම තමනුත් update වෙන එක රැකියාවේ සුරක්ෂිත භාවයට බලපාන්නෙ IT, electronic... වගේ ක්ශේත්‍ර කීපයකට පමණයි. අනිත් රැකියාවලට එහෙම වේගෙන් update නොවුනත් survive වෙන්න පුලුවන්.
කෘෂි, ධීවර කර්මාන්ත අරගෙන බලන්න. මීට අවුරුදු 10කට කලින් තිබුනු තාක්ෂණය සහ මෙවලම් නෙවෙයි අද තියෙන්නෙ. ඒත් ලෝකය update වෙන වේගයෙන්ම අපේ වගේ තුන්වන ලෝකෙ රටවලට update වෙන්න බැරි නිසා දැනට අවු 10කට කලින් මාලු අල්ලපු විදියටම අදටත් මාලු අල්ලල ධීවරයට survive වෙන්න පුලුවන්.
අධ්‍යාපනය අරන් බලන්න. අවුරුදු 30-40ක් ගියත් update නොවී, කිසිම හැදෑරීමක්, වෘත්තීය සුදුසුකමක්, එකතුකරගන්නෙ නැතුව ගුරුවරයෙකුට ක්ශේත්‍රයේ රැඳෙන්න පුලුවන්. හැබැයි software engineering වගේ ක්ශේත්‍රයක එහෙම බෑ.
ඔයා අහල තියෙන වෛද්‍ය ක්ශේත්‍රය ගත්තොත් ලෝකයේ සිදුවන update නොසලකා හැරල ඔයාට survive වෙන්න පුලුවන්. වැඩිවෙන ඉල්ලුමට නොගැලපෙන සීමිත සැපයුම නිසා (ජනගහන වර්-ධනයට සාපේක්ශව වෛද්‍යවරු බිහි නොකරන නිසා) මේක තවත් උග්‍ර වෙල තියෙනව.
උදාහරණයක් විදියට ලෙඩ වල root cause, side effects, medicine, prevention methods එහෙම ලෝකෙ නිරන්තරයෙන් කරන research වලින් update වෙනව. ඒත් අපේ වෛද්‍යවරු තාම තමන් කැම්පස් එකේ ඉගෙන ගත්තු දේවල්ම ලෙඩාට කියනව.
ඉතින් ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේ, ඔව්, ලංකාවෙ වෛද්‍යවරයෙක් වෙන්න නම් කටපාඩම් කිරීමේ හැකියාව සහ මතක තබා ගැනීමේ හැකියාව තමයි ප්‍රධාන වෙන්නෙ. Problem-solving and analytical skills එච්චර ඕන වෙන්නෙ නෑ. ( engineering වලට සාපේක්ශව.) වෛද්‍ය විතරක් නෙවෙයි ගොඩක් ක්ශේත්‍ර මෙහෙමයි.