ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජීවිත කතාව

Alu kurulla

Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජීවිත කතාව

    ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජීවිත කතාව කෙටියෙන්

    donald_trump_flag.jpg


    ප්‍රකෝටිපති ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් පිය උරුමයෙන් ව්‍යාපාර කරගෙන යන අතර දරුවන් පස්දෙනකුගෙන් යුතු පවුලක ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් ඉපැදුණේ 1946 වසරේ ජුනි 14 වැනිදාය. මේ වනවිට වයස අවුරුදු හැටනමයක් වන ඔහු තෙවරක් විවාහවී සිටින අතර ඔහුට පුතුන් තිදෙනෙක් හා දියණියන් දෙදෙනකි. ඔහුගේ වත්මන් බිරිය මෙලානියා යුගෝස්ලාවියාවේ උපත ලැබූ හිටපු මෝස්තර නිරූපිකාවක් මෙන්ම ආභරණ හා ඔරලෝසු සැලසුම් ශිල්පිනියකි. ට්‍රම්ප්ට මුනුපුරු මිනිපිරියන් අටදෙනකි රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු හා ‍ලේඛකයෙකුද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ව්‍යාපාරික සමාගම ද ට්‍රම්ප් ඕගනිසේෂන් නමින් ලොව පුරා ප්‍රකටය. එහි සභාපතිවරයා ලෙස ඔහු කටයුතු කරන අතර නිව්යෝර්ක් නගරයේ ඔහු සතු තට්ටු පනස් අටකින් යුතු තට්ටු නිවස හැඳින්වෙන්නේද ට්‍රම්ප් ටවර්ස් ලෙසටය.
    කිව් ෆොරස්ට් පාසලෙන් හා නිව්යෝර්ක් නගරයේ හමුදා ඇකඩමියෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඩොනල්ඩ්ට වයස අවුරුදු දහතුනේදී කිව් ෆොරස්ට් පාසලින් අස්වන්නට සිදුවූයේ ඔහුගේ දඩබ්බරකම් නිසාය. පසුකලක ඔහු ෆෝඩ්හැම් හා පෙනිසිල්වේනියා විශ්ව විද්‍යාලවලින් ඉගෙනුම ලැබුවේය. 1968 වසරේදී උපාධිය ලැබූ ඔහු තම පියාගේ සමාගමට සම්බන්ධ වූ අතර පසුව එහි සභාපතිත්වය ලබාගත්තේය. ඉන්පසු ඔහු මතෛක් එලිසබෙත් ඇන්ඩ් සන් ලෙස නම් කොට තිබූ එහි නම ට්‍රම්ප් ඕගනිසේෂන් ලෙස වෙනස් කළේය. මේ වනවිට ට්‍රම්ප් නමින් කැසිනෝ,ගොල්ෆ් පිටි, හෝටල් හා තවත් ව්‍යාපාර රැසකි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5ක් ලෙස සටහන් වෙයි. විනිසුරුවරියක වන මේරිඈන් ට්‍රම්ප් බැරි ඩොනල්ඩ්ගේ වැඩිමහල් සොයුරිය වන අතර ඔහුගේ එක් සොයුරෙක් 1981 වසරේදී මියගියේය. ද ආට් ඔෆ් ද ඩීල් නමින් ලියූ ‍පොතෙහි ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බොහෝ තොරතුරු සඳහන් කරයි.
    ට්‍රම්ප් හිටපු බොක්සිං ශූර මයික් ටයිසන්ගේ ආර්ථික උපදේශක ලෙසද කලක් කටයුතු කළේය. විශ්ව රූ රැජිණ තරගයේ හිමිකරු ලෙස ඔහු කටයුතු කළද මැතිවරණ අපේක්ෂකත්වය සමග ඔහු කළ ආන්දෝලනාත්මක කතා හේතුවෙන් ප්‍රශ්න ඇති වීමත් සමග ඔහු ඉන් ඉවත්විය.රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ඔහු දෙවරක් එම සම්මානය සඳහාද නිර්දේශවී තිබේ. ද එපේ‍රරෙන්ටිස් නමින් ඔහු ඉදිරිපත් කළ රියැලටි වැඩසටහන ලොව පුරා බෙහෙවින් ජනප්‍රිය විය.


    http://www.lakbima.lk/index.php/%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8-%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B7%8A/2782-2016-11-11-06-34-58
     
    Last edited:
    • Like
    Reactions: Fernando100

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    ට්‍රම්ප් නිසා ඉතිහාසයේ පළමු වතාවට ඇමරිකාවට කළු පැල්ලමක් එකතු වෙනු ඇත.
    පළමු වතාවට කළු පැල්ලමක් -අනේ හුකේ
    ඇමෙරිකාවේ ඔක්කොම සුදු පැල්ලම් තියෙන්නේ එහෙනම්
     
    • Like
    Reactions: Alu kurulla

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    පළමු වතාවට කළු පැල්ලමක් -අනේ හුකේ
    ඇමෙරිකාවේ ඔක්කොම සුදු පැල්ලම් තියෙන්නේ එහෙනම්


    අන්තවාදීන්ට ඇමරිකාව පෙන්නේ කළු පල්ලමල් ලෙස තමයි. ඇමරිකාව නැත්නම් පකෝ මුස්ලිම් උන් මේ මුළු ලෝකෙටම ඇරලා ගොඩක් කල්.