ඩොබ්රි සීයා

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    66631163_1453132854839616_345996964728406016_n.jpg

    මහ පාරේ හිගා කමින් සිටින මේ මිනිසාට වයස අවුරුදු 100 ක් වෙනවා. නමුත් ඔහු මෙලෙස හැමදාම හිගා කා සල්ලි එකතු කිරීම පිටුපස විශාල උවමනාවක් තිබෙනවා. ඒ එයාට මොනවා හරි දෙයක් මිලදි ගන්න නම් නෙමෙයි... දැනට ලොව ත්‍යාගශීලි / නිර්ලොභිම මිනිසා ලෙස හදුන්වන්නේ මොහුයි.

    මේ සීයාගේ නම ඩොබ්රි... ඩොබ්රි සීයා ජිවත් වෙන්නේ බල්ගේරියාවේ.
    දෙවන ලෝක යුද්ධ සමයේදී ඔහු හමුදා සෙබලෙක් ලෙස සේවය කරලා තියෙනවා. යුද්ධය නිසා ඔහුගේ කන් ඇසීම ඔහුට සම්පුර්ණයෙන්ම අහිමි උනා.

    හැමදාම මේ ඩොබ්රි සීයා ඔහු ජිවත් වෙන ගමේ ඉදන් කිලෝමීටර් 25 ක් දුර පයින් එනවා...
    බල්ගේරියාවේ අගනුවර වන සොෆියා නගරයට.
    ඒ වෙන මොකටවත් නෙවෙයි හිගා කාලා කීයක් හරි එකතු කරගන්න
    නමුත් ඩොබ්රි සීයා මේ සල්ලි එකතු කරන්නේ ඔහුට කන්න බොන්න අදින්න පළදින්න නම් නෙවෙයි.
    ඒ දේවල් කර ගන්න ඩොබ්රි සීයාට තම ඩොලර් 100ක් වූ විශ්රාම වැටුප තාම ලැබෙනවා.

    ඩොබ්රි සීයා දවස පුරා හිගා කාලා එකතු කරන සල්ලි සේරම බල්ගේරියාවේ තියෙන වියදම් දරා ගත නොහැකි අනාත නිවාස වලට පරිත්යාග කරනවා....

    ඩොබ්රි සීයා මේ දේ කරන්නේ වසර ගණනාවක සිටයි.
    මේ වන විට ඔහු හිගා කාලා එකතු කරපු යුරෝ 400 000ක් විතර බල්ගේරියාවේ තම වියදම් දරා ගත නොහැකි /මුදල් හිගකම් පවතින අනාත නිවාස වලට පරිත්යාග කරලා තියෙනවා. ...
    එකතු කර ගන්න මුදල් වලින් සතයක් වත් ඩොබ්රි සීයා තියා ගන්නේ නෑ, ඔක්කොම ටික බිල් ගෙවා ගන්න බැරි අනාත නිවාස වලට දෙනවා.
    එම රටේ බොහෝ දෙනෙක් ඩොබ්රි සීයාව හදුන්වන්නේ මිහිපිට ජිවත් වෙන නත්තල් සීයා ලෙසින්....

    තම සුවපහසුව ගැන පමණක් හිතන ලෝකයේ බහුතරයක් මිනිසුන් අතරේ ඩොබ්රි සීයා හිතා ගන්න බැරි තරම් පරමාදර්ශී චරිතයක්....
    හිතලා බලන්න...
    කාටද පුලුවන් කිලෝමිටර 25ක් ඇවිදලා ඇවිත් හිගාකාලා ලැබෙන මුදල එකතු කරලා ඒක දන් දෙන්න....
    ---------------------------------------------------
    අනෙකා විනාශ කරන මිනිස්සු ඉන්න ලෝකය ඇතුලෙම හුගාක් ලස්සන හදවත් තියෙන මිනිස්සු තාමත් ජිවත් වෙලා ඉන්නවා...

    වැදගත්ම කාරනය ඒක නෙමෙයි... තරුණ කොල්ලෝ කෙල්ලෝ ලවු එකක් කැඩුනාම - තනිකමක් දැනුනම - රස්සාවක් - තත්වයක් නැති වුනාම - කවුරුවත් ගනන් ගන් නැ කියලා දැනුනම කොච්චර නම් වැටෙනවද....

    ජීවිතේ අත්හැරලා ජීවත් වෙන කොයිතරම් නම් මිනිස් ජීවත ඇත්ද...
    සමහර තරුණ කොල්ලෝ / කෙල්ලෝ වයස 25 - 30 පැන්නම කතා කරන්නේ ජිවිතය ඉවර වුන ගානට...
    ඒත් වයස 100ක් වෙච්ච මේ සීයා අදටත් මහන්සිවී ලෝකයට යමක් කරනවා.

    FB උපුටාගැනීමකි.
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Average human walking speed eka 5Km/h unoth 25Km yanna paya 5k yanawa.
    Eth meyage wayasath ekka eka degunayak wage wenna ona. ehema unoth up n down 50Km set wenawa. e kiyanne paya 20k ma awidina eka karanne. ithuru paya 4ma higaa kanawanam me manussaya me weddi marila inna onene. :confused: