ගිය නුවන ඇතුන් ලවාවත් ඇද ගන්න බැහැ කියලා කතාවක් තියෙනවනෙ මචන්,
@U.N.C.L.E . ඒක නිසා රුපියලට සාපේක්ෂව ඩොලර් එක ආයෙමත් අඩුම රු. 150ටවත් ගේනවා නම් ඒ වෙනුවෙන් කරන්න පුලුවන් ප්‍රායෝගික දේවල් මොනවද කියලා සරලව පැහැදිලි කරපන්කො.
ඇත්ත කතන්දරේ නම් එක සැරේටම එහෙම කරන්න බැහැ. ඒක අඩුම තරමින් අවුරුදු 5ක කෙටි කාලීන සැලසුමක් සහ අවුරුදු 25ක දීර්ඝ කාලින සැලසුමක් ලෙස ක්‍රියාත්මක වියයුතුයි.
මුලින්ම අත්‍යාවශ්‍යය නොවන ආනයන නවත්තන්න වෙනවා. අත්‍යාවශ්‍යය නොවන කියන්නෙ බෙහෙත්, ඉන්ධන, පෝර වගේ දේවල් නෙවෙයි. 2019 මහ බැංකු වාර්ථාවට අනුව ලංකාවේ ප්‍රධාන ආනයන 5ක් හදුනා ගෙන තිබෙනවා. ඒ අනුව සහල් මෙට්‍රික් ටොන් 24000ක් ගෙනල්ලා තියෙනවා. වටිනාකම රු මිලියන 527.61. තිරිගු මෙට්‍රික් ටොන් 1159000ක් ආනනයකිරීමේ වියදම රු මිලියන 268.96. සීනී මෙට්‍රික් ටොන් 556000ක් ගෙනල්ලා තියෙන්නෙ රු මිලියන 358.93ක් ගෙවලා. බොරතෙල් බැරල් මිලියන 14ක් ගෙනල්ලා තියෙන්නෙ රු මිලියන 971ක්. පොහොර මෙට්‍රික් ටොන් 707000ක් ගෙනල්ල තියෙන්නෙ රු පියල් මිලියන 313.26කට. මේවා අතුරින් ඉන්ධන ගෙන්වන එක නවත්තන්න බෑ. හැබැයි තිරිගු, සීනී, සහල් ගෙන්වන එක අඩු කරගන්න පුළුවන්. හැබැයි රජය කලේ පොහොර ගෙන්වන එක නතර කරපු එක.පොහොර ගෙන්වීම නතර කලාම ආයි සැරයක් ඵලදාව අඩු වෙලා අපිට වැඩි පුර සහල් ගෙන්වන්න සිද්ධ වෙනවා. ඉතින් මේවා පොඩ්ඩක් මොලේ කල්පනා කරලා බැළුවා නම් තේරෙනවා කරන්න ඕනේ මොකද්ද එපා මොකද්ද කියලා.
ඊළගට ඉතින් පුළුවන් හැටියට දන්න කියන රටවල් වලට වැදලා හරි ණය නොවන ප්‍රධාන ලෙසින් මුදල් ලබා ගැනීම කරන්න ඕනේ. ඊටත් පස්සෙ පුළුවන් තරම් අඩු පොලියට ණය ලබා ගැනීම සදහා කරන්න පුළුවන් උපරිමය කරන්න ඕනේ. අපි අයි.එම්.එෆ්. එක එපා කිව්වට අපිට අයි.එම්.එෆ් එකෙන් අඩු පොළියට ණය ලබා ගන්න පුළුවන්.
සංචාරක ව්‍යාපාරය පුළුවන් තරම් පුළුල් කරලා උපරිම තත්වයෙන් අවුරුදු 5ක් වැඩ කරන විදියට සැලසුම් හා ප්‍රතිපත්ති සකස් කරගන්න ඕනේ. ලෝකේ කොහෙන් හරි සංචාරකයෝ ගෙන්න ගන්න උපරිම උත්සහය දරන්න ඕනේ.
ඊළගට ඉතින් අපේ විදේශ විණිමය උල්පත වුනු විදෙස් ශ්‍රමිකයන්ට කොහොම හරි පිට රටවල් වල රස්සා ටිකක් හොයලා දෙන්න ඕනේ. කොරියන් ඇබැර්තු, ජපන් ඇබැර්තු වගේ ඒවාට ඉන්දියානුවන් හෝ බංගලියන් පනින්නට පෙර අපේ අයව ඒවට යවන්න තානාපති කාර්යාල ඇතුළු සියළු දෙනා කැපවෙලා කටයුතු කරන්න ඕනේ.
රටේ නිශ්පාදනයත් ඉහල නංවා ගන්න උපරිම උත්සහ කරන්න ඕනේ. මං දැක්කා ලංකාදීප පත්තරේ ලිපියක් තියෙනවා දුම් රිය එන්ජින්, දුම් රිය මැදිරි, සිල්පර කොටන් වෙනුවට රබර් හා ප්ලාස්ටික් වලින් නිමැවුනු කොටන් ආදිය නිපදවීම ලංකාවේදීම කරන්න පුළුවන් කියලා. මේ වගේ ව්‍යාපෘති දියත් කලොත් අනිවාර්යෙන් අපිට තවත් විදෙශ විණිමයක් හොයා ගන්නත් පුළුවන් වෙයි. දීර්ඝකාලීන සැලසුමක් ලෙස. කෘශි කර්මාන්තය, තොරතුරු තාක්ෂණ සේවා වගේ දේවල් දියුණු කරලා අපනයන ප්‍රමාණය වැඩි කරගන්න ඕනේ.
ඔය සියල්ල අස්සෙ අපි මූල්‍යය විනයක් ඇති කර ගත යුතුයි. හිතෙන හිතෙන විදියට මුදල් අච්චු ගහන් නැතුව, හිතෙන හිතෙන විදියට රාජ්‍යය වියදම් වැඩි කරගන්නෙ නැතුව උපරිම කැපවීමේන් අවුරුදු 5ක් ඉන්න වෙනවා.
ඒ වගේම ප්‍රධාන රාජ්‍යය ආදායම වුනු බදු ප්‍රතිපත්ති නැවත් සකස් කරලා සෘජු බදු වැඩි කරගෙන වක්‍ර බදු අඩු කරගන්න ඕනේ. ඒක ජනතාවටත් සහනයක් ලැබෙන දෙයක්.
ඊ ලඟට තියෙන්නේ ගොඩ දෙනෙක් අකමැති උනත් සමෘද්ධි සහණාධාර වගේ සහණාධාර යලිත් තක්සේරු කරලා අනවශ්‍යය අයට ලබා දෙන සහනාධාර කපා හැරලා රාජ්‍යය වියදම අඩු කරගන්න එක.
තවත් ගොඩ දෙනෙක් අකමැති දෙයක් තමයි පෞද්ගලික අධ්‍යාපන ආයතන. නමුත් පෞද්ගලික අධ්‍යාපන ආයතන පිහිටුවලා අනිකුත් රටවල් වල ශිෂ්‍යයන් ලංකාවට ඇද ගැනීමේ වැඩ පිලිවෙලක් ක්‍රියත්මක කරලා ලංකාව අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් කරගන්න ඕනේ.
සෞඛය අංශයත් නැවත ප්‍රතිව්‍යුහගත කරලා පෞද්ගලික සෞඛ්‍යය කේන්ද්‍රස්ථානයක් බවට ලංකාව පත්කර ගන්න ඕනේ.
ඔය ටික කරගත්තොත් අපිට දුර ගමනක් යන්න පුළුවන් වෙයි.