ඩොලරයට රුපියල් 230ක් , IMF එක කිව්වේ 260ක් ලු....

dilann

Well-known member
  • Jul 6, 2018
    68,017
    167,855
    113
    එකමත් එක රටක
    මහ බැංකුව මාර්තු 7 සඳුදා සාර්ව ආර්ථික ස්ථායීතාව ශක්තිමත් කිරීම සඳහා විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලී බවක් සඳහා ඉඩ හැරියේය. ඒ අනුව අමෙරිකානු ඩොලර්යට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 230ක් දක්වා අවප්‍රමාණය කර ඇත.

    ආර්ථීක විශ්ලේශකයින් පැවසුවේ රුපියල සියයට 14කින් අවප්‍රමාණය කිරීමට ගත් තීරණය ඉතාමත් කාලෝචිත බවත් එමගින් රටේ විනිමය අනුපාතිකයට නිසි අගයක් ලැබෙන බවයි. එහෙත් ඩොලරයට රුපියල් 230ක අගය නිසි අගයද යන්න ඔවුන් ප්‍රශ්නකර සිටියේය.
    මෙතෙක් විනිමය අනුපාතිකය අස්වාභාවිකව 198.50ක ඉතා පහළ මට්ටමක තබාගැනීම හේතුවෙන් කළු වෙළඳපොලේ අමෙරිකානු ඩොලරයට රුපියල් 240 ත් 260ත් අතර මිලක් ගෙවීම හේතුවෙන් නිත්‍යානුකූල බැංකු පද්ධතියට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමිවී ගියේය.
    මහ බැංකුව මෙතෙක් යථාර්ථ නොවූ මිලකට විදේශ විනිමය අනුපාතිකය පවත්වාගැනීම හේතුවෙන් රටට විශාල සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් ද අවහිර වූ බව විශ්ලේෂකයෝ පැවසූහ.

    "වහාම ක්‍රියාත්මක වන පරිදි, විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළඳපොළට ඉඩ සලසනු ලැබේ," යනුවෙන් මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳුදා සවස පැවසීය.
    "විදේශ විනිමය ගනුදෙනු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230 කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයි ද මහ බැංකුව අපේක්ෂා කරයි."
    සඳුදා (මාර්තු 7) එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 198.50ක් වූ අතර විකුණුම් මිල 203ක් ලෙස ගණුදෙනු විය.
    මහ බැංකුව මෙම තීරණය ගනු ලබන්නේ මාර්තු 4 වන දා පැවති මුල්‍ය ප්‍රතිපත්ති තීරණය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් දැඩි කිරීමෙන් අනතුරුවයි.

    එහිදී මේ වසරට දෙවන වරටත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 බැගින්, පිළිවෙළින්, සියයට 6.50 සහ සියයට 7.50 දක්වා ඉහළ දැමිණි.
    "බාහිර කම්පනවල දැඩි බව සහ දේශීය ආර්ථිකයේ මෑත කාලීන ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, එවැනි ආර්ථික තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2022 මාර්තු 04වන දින පුළුල් ප්‍රතිපත්ති මාලාවක් ප්‍රකාශයට පත්කරන ලදි. ශ්‍රී ලංකා මහ බැංකුව ගෝලීය මෙන්ම දේශීය වශයෙන් ඇතිවෙමින් පවතින සාර්ව ආර්ථික සහ මූල්‍ය වෙළඳපොළ ප්‍රවණතා සමීපව නිරීක්ෂණය කරන බවට නිවේදනය කරන ලද අතර, උද්ධමනය, විදේශීය අංශය සහ මූල්‍ය අංශයේ ස්ථායීතාව ළඟා කර ගැනීමේ අරමුණින් තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බවද සඳහන් කළේය."
    රටේ පවතින අස්ථාවරභාවයන් හා විනිමය අනුපාතිකය ඉතා සීග්‍රයෙන් අවප්‍රමාණය වී ඇතත් වාණිජ බැංකු වෙළදපල විනිමය අනුපාතිකයට නිසි අගයට වඩා අඩු අගයක් ගෙවීමත් හේතුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ප්‍රේෂණ අයථා ක්‍රම හරහා ශ්‍රී ලංකාවට එවීම නිසා මේ වන විට එම මුදල් නීත්‍යානුකුල මුල්‍ය පද්ධතියෙන් බාහිරව සංසරණය වීම හේතුවෙන් රජයට එම විදේශ විනිමය අහිමිවී ඇත.

    ඒ අනුව 2021 වසරේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සියයට 22 කින් පහත වැටී ඇති බවට මහ බැංකු වාර්තා පෙන්නුම් කරයි. ඒ අනුව 2020 වසරේ ඩොලර් බිලියන 7.1ක් වැ පැවති විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2021 වසරේදී ඩොලර් බිලියන 5.5ක් දක්වා අඩුවී ඇත,ආර්ථික විශ්ලේශකයින් පවසන්නේ ඒ විදේශ සේවා නියුක්තිකයන් තම ප්‍රේෂණ උණ්ඩියල් වැනි අවිදිමත් ක්‍රම හරහා වැඩි මිලකට මෙරටට එවීම තුළින් එය විදිමත් බැංකු පද්ධතියට අහිමිවී ගිය බවයි.
    ශ්‍රී ලංකාවේ රුපියල අවිදිමත් වෙළඳපොලේ විශාල වශයෙන් නිල නොවන ලෙස අවප්‍රමාණය වී තිබුණු බව විදේශ විනිමය තැරැව්කරුවෝ බීබීසී සිංහල සේවය සමග පැවසූහ.
    රටේ පැනනැගී ඇති විදේශ විණිමය අර්බුදය හේතුවෙන් මේ වන විට රටේ බැංකු පද්ධතිය තුළ විශාල විදේශ විණිමය හිඟයක් ගටගෙන ඇති බවත් විදේශ විණිමය තැරැව්කරුවන් බීබීසී සිංහල සේවය සමග පැවසීය.

    ආනයන වියදම් වැඩි වෙයි​

    "ඩොලර් එක රුපියල් 230 කියලා කියන්නේ අපේ විදේශ ප්‍රේෂණ බැංකුවලට ගෙන්ව ගන්න පුළුවන් වෙයි. බ්ලැක් මාර්කට් එවනවට වැඩිය සාධාරණ ගාණක් දුන්නොත් ඒ ටික එයි. අපේ අපනයන කරුවන් ලංකාවට ගෙනාපු නැති සල්ලි ලංකාවට එන්න පුළුවන්. එත් බ්ලැක් මාර්කට් ප්‍රයිස් එක තාම වැඩියි ඒක රුපියල් 260 විතර තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තුවෙන තරම් සුන්දර පරිසරයක් නිර්මාණය වෙන්නේ නැහැ," වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැවසීය.
    ඔහු තවදුරත් පවසා සිටියේ මහ බැංකුවේ නව තීරණයත් සමග ආනයන වියදම් දැඩි ලෙස ඉහළ යා හැකි බවයි.

    "IMF එක කිවේ මේක රුපියල් 260ට ගේන්න, එහෙම නැත්තම් සම්පූර්ණයෙන්ම පා කරන්න කියලා. මේ කරලා තියෙන්නේ භගයක් කරන එක. ඒක කොහෙට යයිද දන්නේ නැහැ."
    "අනික් පැතැතෙන් ලංකාවට වන බලපෑම ඩොලර් බිලියන 51ක විතර විදේශීය ණය තියෙනවා ලංකාව. සම්පූර්ණ ණය තියෙනවා ට්‍රිලියන 18ක් විතර රුපියල් වලින්. මේකත් සමග විදේශීය ණයවල රුපියල් වටිනාකම විශාල වශයෙන් ඉහළ යනවා. ඒක ලොකු බලපෑමක්. ආනයන වියදම් ඒ ඔක්කම වැඩි වෙනවා."

    මේක තවත් අර්බුදයක ආරම්භයක්​

    මහාචාර්ය අමින්ද මෙත්සිල පවසා සිටියේ "මෙහි හොඳ පැත්ත බලාපොරොත්තු වෙන්න අමාරුයි. නරක පැත්ත වැඩියි. මේක තවත් අර්බුදයක ආරම්භයක් වෙන්න පුළුවන්. තීන්දුවක් භාගෙට ගන්න එක තීරණය නොගෙන ඉන්නවට වඩා නරකයි."
    ඔහු තවදුරත් පවසා සිටියේ ශ්‍රී ලංකාව බහුතර ද්‍රව්‍ය ආනයන කරන රටක් බැවින් බෙහෙත්, සීනි හාල් මිරිස් වැනි ආනයනය කරන ආහාර ද්‍රව්‍ය මෙනම ඛණිජ තෙල් මිල වැඩි වී රට විශාල අර්බුදයකට පත් විය හැකි බවයි.
    "මේකත් එක්ක අනිවාර්යෙන් ඉන්ධන මිල වැඩි කරන්න වෙයි. ගෑස් මිල වැඩි වෙන්න පුළුවන්. බෙහෙත් ද්‍රව්‍ය ඇතුළු සියලු ආනයනික භාණ්ඩවල මිල වැඩි කිරීමක් වෙනවා."

    "හැබැයි අපනයනකරුවන්ට වාසි තියෙනවා. ඔවුන්ට අපනයන සඳහා ඩොලර් එකකට ලැබෙන රුපියල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මේකෙන් අපනයනකරුවන් දිරිමත් වෙයි. නමුත් අපි රුපියල් 100ක් අපනයනය කරන කොට රුපියල් 200ක් ආනයන කරනවා."
    "මේකත් එක්ක ආනයන වියදම් වැඩිවීමත් සමග උද්දමනය දරුණු වෙන්න පුළුවන්. ජීවන වියදම වැඩි වෙන්න පුළුවන්" මහචාර්යවරයා සඳහන් කළේය.
    2019 දෙසැම්බරයේ සිට මේ වනතෙක් ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 22කට වැඩි ප්‍රමාණයකින් අවප්‍රමාණ වී ඇති බැවින් රටේ බොහෝ ආනයනික භාණ්ඩවල මිල ගණන් ඉතා සීග්‍රයෙන් ඉහළ ගොස් ඇත.

    source : BBC නිව්ස් සිංහල
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    ඔහොම කරල ප්‍රශ්නෙ වැවෙන එක විතරයි වෙන්නෙ. නිදහසේ යන්න ඇරිය නන් ටික දවසක් අමාරුවෙන් ගිහින් සෙට්ල් වෙනව. දැන් සෙට්ල් වෙන්නෙත් නෑ ප්‍රශ්නෙ හැදෙන එක නවතින්න්නෙත් නෑ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔහොම කරල ප්‍රශ්නෙ වැවෙන එක විතරයි වෙන්නෙ. නිදහසේ යන්න ඇරිය නන් ටික දවසක් අමාරුවෙන් ගිහින් සෙට්ල් වෙනව. දැන් සෙට්ල් වෙන්නෙත් නෑ ප්‍රශ්නෙ හැදෙන එක නවතින්න්නෙත් නෑ.
    Another version of Printing local money 😂😂😂... Truly he has 7 brains
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    විදේශ විනිමය ගනුදෙනු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230 කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයි ද මහ බැංකුව අපේක්ෂා කරයි.
    ඒ කියන්නේ ගාන 240ක් උනත් වෙන්න පුළුවන් කියන එකද
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,017
    167,855
    113
    එකමත් එක රටක
    විදේශ විනිමය ගනුදෙනු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230 කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයි ද මහ බැංකුව අපේක්ෂා කරයි.
    ඒ කියන්නේ ගාන 240ක් උනත් වෙන්න පුළුවන් කියන එකද
    230ට අඩුවෙන් තියාගන්න කතාවක් නේද කියන්නේ මේකේ විදියට ?
    සම්පුර්ණ පාකිරීමක් නෙවෙයි කියන්නේ.
     
    • Like
    Reactions: SupiriKollek

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    විදේශ විනිමය ගනුදෙනු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230 කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයි ද මහ බැංකුව අපේක්ෂා කරයි.
    ඒ කියන්නේ ගාන 240ක් උනත් වෙන්න පුළුවන් කියන එකද
    230 පන්නන් නෑ මචං
    කලින් 198 හෝල්ඩ් කලා වගේ දැන් 230 හෝල්ඩ් කරලා
    එචච්රයි

    පා කරන එක හොඳයි
    හැබැයි එහෙම පා කලොත් වෙන එකම දේ දැනට බ්ලැක් මාර්කට් එකව උන් බැංකු හරහා සල්ලි එවයි

    හැබැයි අනික් පැත්තෙන් ඉඳිකට්ටේ ඉඳන් හැමදේම ඇඩෙන්න ගණන් යයි.
     
    • Like
    Reactions: tha123 and TCB Rox

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    විදේශ විනිමය ගනුදෙනු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230 කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයි ද මහ බැංකුව අපේක්ෂා කරයි.
    ඒ කියන්නේ ගාන 240ක් උනත් වෙන්න පුළුවන් කියන එකද
    OW 230 balen thiyagannawa kiyala na. Kelinma float larala thiyanne
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    ඩොලර් ලැබුනා කියලා දුප්පතාගෙ බෙහෙත් ටික කිරි පිටි ටික පොහොර ටික මුන් ගෙන්නනවා කියලා ශුවර් නෑනේ. මුන් ඒ සල්ලි වලින් උන්ට වාහන ගෙන්න ගනී
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,131
    1
    11,135
    113
    තීන්දුවක් භාගෙට ගන්න එක තීරණය නොගෙන ඉන්නවට වඩා නරකයි."

    OW 230 balen thiyagannawa kiyala na. Kelinma float larala thiyanne
    Pissuda ban 230 ta control karala tiyenne.. meka time to time karanne..
    ------ Post added on Mar 8, 2022 at 7:13 AM
     
    • Like
    Reactions: KrishanL89

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    තීන්දුවක් භාගෙට ගන්න එක තීරණය නොගෙන ඉන්නවට වඩා නරකයි."


    Pissuda ban 230 ta control karala tiyenne.. meka time to time karanne..
    ------ Post added on Mar 8, 2022 at 7:13 AM
    Ithin gazzette notice eke ehema kiyala nane. Control karanawa kiyala kohediwath kiyala na
     
    • Like
    Reactions: Janithsl88

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,984
    113
    ෆෝන් එහෙම කඩා ගන්න එපා, කරන වැඩේ කරලා පරිස්සමින් බෑග් එකේ දාගන්න. ඉස්සරහට internet එහෙමත් පැය ගාණකට සීමා වෙයි , මෙහෙමම ගියොත්.
     
    • Love
    Reactions: flag au:

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,398
    113
    KrishanL89