ඩොලරය 160 පනී

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    හර්ෂණ තුෂාර සිල්වා



    රුපියල තවදුරටත් අවප්‍රමාණය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (7) 160 ක් දක්වා පහළ ගියේය.


    ශ්‍රී ලංකා මහ බැංකුව අද (7) නිකුත් කළ විනිමය අනුපාත අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂාව රුපියලේ විකුණුම් මිල
    160.00ක් ලෙසත් ගැනුම් මිල 156.91ක් ලෙසත් සටහන් වී තිබිණි.

    ඉකුත් පෙබරවාරි 10 වැනි දා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු ඇති වූ දේශපාලන අස්ථාවරත්වය නිසා රුපියල් අඛණ්ඩව
    පහත වැටුණු අතර රුපියලේ අගය මෙතරම් අගයකට පහත වැටුණු පළමු අවස්ථාව මෙය විය.

    මේ වසරේ ජනවාරි 1 වැනි දා සිට ජූනි 1 වැනි දා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට
    3.3කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. එම කාලයේදී ස්ටලිං පවුමකට සාපේක්ෂව රුපියල සියයට
    2.1කින් ද යුරෝවකට සාපේක්ෂව සියයට 1.3කින් ද අවප්‍රමාණය වී තිබේ.

    රුපියල වැඩි වශයෙන් අවප්‍රමාණය වූයේ අප්‍රේල් මස අගදී සහ මැයි මස මුලදී යැයි මේ වසරේ තෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය
    නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මැයි (11) සඳහන් කළේය.

    පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු
    දත්ත වාර්තාවල දැක්වේ.

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව අද (7) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ස්ටලිං පවුමකට සාපේක්ෂව රුපියලේ විකුණුම්
    අගය 216.05ක් ලෙසත් යුරෝ එකකට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 189.92ක් ලෙසත් දැක්විණි.