එහෙම උනත් ඩොලර් එක 180ට තියෙද්දි බහුතරයක් දෙනා කරපු දේවල් ඩොලර් එක 290ට යනකොට කරන්නෙ නෑ. වියදම් පාලනය කරනව. අත්‍යාවශ්‍ය වියදම් විතරයි කරන්නෙ. ඒත් ඩොලර් වලින් හොයන අයට එහෙම ප්‍රශ්නයක් නෑ. එයාලට පුරුදු ලයිෆ්ස්ටයිල් එක ගෙනියන්න පුලුවන්.ඩොලර් එක 1000ක් උනත් වෙඩක් නෑ ඒ 1000 වටින්නේ නෑ. ඩොලර් එක 180 ට තියෙද්දී කරන්න පුළුවන් දේම තමයි 1000ක් උනත් කරන්න පුළුවන්. අන්නේකයි අව්ල
මේ තියෙන්නෙ මගේ POS system එකේ හොදටම සේල් තිබ්බ සුපර්මාකට් එකක්. මෙතන බිස්නස් කැඩිල නෑ. ඒ කියන්නෙ අහලපහල අයට බිස්නස් වැඩි වෙලා නෑ. මොකද මෙයා තමා අඩුම මිල. ඒවගේම හොදට පිලිවෙලට කරනව. මාසෙට කෝටියට වඩා බිස්නස් කරල දැන් බිස්නස් එක ඩ්‍රොප් වෙලා. හරි නම් බඩු ගනන් ගිය නිසා කලින් බිස්නස් එකම කලත් සේල්ස් එක තිබ්බට වඩා වැඩි වෙන්න ඕනෙ. බඩු ගනන් ගිහින් සේල්ස් ඩ්‍රොප් වෙලා. එයා කියනව කලින් ගෙදරට විසිදාහක බඩු ගත්ත අය දැන් ඒ බඩු ලිස්ට් එක ගත්තොත් 30ක් වත් යනව. ඒත් ඒ අය දැන් ගන්නෙ පහලොස්දාහකලු. ඒ කියන්නෙ අනවශ්‍ය කෑම බීම මුකුත් නෑ. ඒදාවේල පිරිමහගෙන කනව.


