ඒක තමා දැං කරන්නෙ.

ඒක කරන්න පුළුවන් සීමාවක් තියනවා. මොකද අච්චු ගහන්න ගහන්න මුදලේ වටිනාකම අඩු වෙනවා.
බැහැ නෙ මචං. කරන්න පුළුවන් සංසරණය වන මුදල් වල වටිනාකම වැඩි කරන එක විතරයි. ඒකට මුලිංම රුපියල කඩා වැටෙන එක නවත්තගෙන, ස්ථාවර කරගන්න ඕන. ඊට පස්සෙ තමා පුළුවන් වෙන්නෙ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් කරන්න.
ඒකට,
*. ණය ටික ප්‍රතිව්‍යුහගත කරන්න ඕන.
*. ආදායම් මාර්ග රටක් විදියට වැඩි කරගන්න ඕන.
*. රාජ්‍ය අංශයේ සිදුවන මුදල් නාස්තිය අඩු කරන්න ඕන.
*. ජාතික ව්‍යාපෘති වල සිදුවෙන මූල්‍ය වංචා සහ දූෂණ නවත්තන්න ඕන.
Inflation එක වැඩි රටවල් හැම එකකම කතාව අරගෙන තියන ණය ගෙවාගන්න රජයට වත්කම් නැතිව යාම. එතකොට තාවකාලික විසඳුමක් විදියට තමන්ගෙ රටේ මුදල් ඒකකය වැඩිපුර print කරලා, රජය වත්කම් වැඩි කරගන්නවා. ඒක දිගුකාලීනව බොහොම නරක දෙයක්. වෙනුසියුලාව, තුර්කිය, ආර්ජන්ටිනාව, සිම්බාබ්වේ හැම එකකම තියෙන්නෙ එකම කතාව. දේශපාලනයේ තීන්දු තීරණ ගන්න එවුං ආත්මාර්ථකාමී සහ අදූරදර්ශී වුනාම තමා ඉතිං මේක වෙන්නෙ.
------
Post added on Mar 30, 2022 at 8:58 PM