ඩොලර් නැති නිසා ආණ්ඩුවත් දැන් වලිගය නැති ගොනා වගේ – ගම්මන්පිල

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මිල පාලනයක් පවත්වාගත නොහැකි තත්ත්වයකට මේ වන විට ආණ්ඩුව පත් ව ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

    අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පවතින ඩොලර් අර්බුදය ඊට හේතු වී ඇති බව ය.

    “මේ ඩොලර් නැති හින්දා තමයි ගෑස්, කිරිපිටි, සිමෙන්ති හිඟය ඇති වෙන්නේ ආණ්ඩුවට මිල පාලනය පවත්වාගෙන යන්න බැරි වෙලා තියෙනවා. එතකොට ඩොලර් හිඟයෙන් ඩොලර් දුප්පත්කමෙන් ආණ්ඩුව පෙළීම නිසා ආණ්ඩුව ත් දැන් වලිගය නැති ගොනා වැනී,” යනුවෙන් ඔහු සඳහන් කළේ ය.

    මෙහිදී ඉන්ධන මිල සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් යොමු කළේ ය.

    ඊට පිළිතුරු ලබා දෙමින් උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.

    “මේ අයවැය මාසේ ඉන්ධන මිල තීරණය කිරීම ගරු මුදල් ඇමතිතුමාට භාරයි. තෙල් සංස්ථාවට සහනාධාරයක් දෙනවා ද? එහෙම නැත්නම් ඉන්ධන මිල වැඩි කරනවා ද? එහෙමත් නැත්නම් ඉන්ධන මත තිබෙන බදු අඩු කරනවා ද? කියන එක තීරණය කිරීම මුදල් අමාත්‍යතුමා විසින් ප්‍රකාශ කරාවි.”

    ඔහු සඳහන් කළේ, මේ වන විට රටේ භුමිතෙල් ඉල්ලුම දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ය.

    දෛනිකව භූමිතෙල් මෙට්‍රික් ටොන් 550ක් අලෙවි වන බව ත් භූමිතෙල් විකිණීමෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිනකදී රුපියල් මිලියන 23ක පාඩුවක් දරන බවත් උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ය.

    “පසුගිය නොවැම්බර් 3 වන දා විදුලි වැඩ වර්ජනයක් හේතුවෙන් රටේ විදුලිය ඇණහිටලා අඳුරට යනවා ය කියලා කටකතාවක් පැතිරුණා. ඒ නිසා ආරක්ෂාකාරී පියවරට රටේ හැමෝ ම භූමිතෙල් මිල දී ගන්න පෙළඹුණා. ඉතා ම සුළු පිරිසක් මිල දී ගනිමින් සිටි ඉන්ධන වර්ගයක් වන භූමිතෙල් හදිසියේ සමස්ත ජාතිය ම මිල දී ගන්න පෙළඹුණු නිසා තමයි ක්ෂණික භූමිතෙල් හිඟයක් ඇති වුණේ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    භූමිතෙල් සල්ලි වලට අරගත්තු උන් අහවි අපි භූමිතෙල් සල්ලි වලට ගන්නෙ. එහෙනං පාඩු වෙන්නෙ කොහොමද කියලා.

    අනිත් අතට,
    දෛනිකව භූමිතෙල් මෙට්‍රික් ටොන් 550ක් අලෙවි වන බව ත් භූමිතෙල් විකිණීමෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිනකදී රුපියල් මිලියන 23ක පාඩුවක් දරන බවත් උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ය.

    මොකක්ද ඕයි මේ රට?

    ඕන එකාටයි එපා එකාටයි හැම එකාටම පාඩුවට භූමිතෙල් (විතරක් නෙවෙයි) විකුණනවා ඇත්ත මිල වහලා. තමන්ගෙ ඡන්ද ටිකට කෙළවෙයි කියලා. එහෙම හැංගි හැංගි වෙස් බැඳලා දැන් එළිපිට නටන්න වෙලා තියෙන්නෙ. හොඳම වැඩේ.

    රට ෆේල් කියන එක රටේ මෝඩ හරක් පිළිගන්න කන් ඔහොම වලටම තමා.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මිල පාලනයක් පවත්වාගත නොහැකි තත්ත්වයකට මේ වන විට ආණ්ඩුව පත් ව ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

    අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පවතින ඩොලර් අර්බුදය ඊට හේතු වී ඇති බව ය.

    “මේ ඩොලර් නැති හින්දා තමයි ගෑස්, කිරිපිටි, සිමෙන්ති හිඟය ඇති වෙන්නේ ආණ්ඩුවට මිල පාලනය පවත්වාගෙන යන්න බැරි වෙලා තියෙනවා. එතකොට ඩොලර් හිඟයෙන් ඩොලර් දුප්පත්කමෙන් ආණ්ඩුව පෙළීම නිසා ආණ්ඩුව ත් දැන් වලිගය නැති ගොනා වැනී,” යනුවෙන් ඔහු සඳහන් කළේ ය.

    මෙහිදී ඉන්ධන මිල සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් යොමු කළේ ය.

    ඊට පිළිතුරු ලබා දෙමින් උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.

    “මේ අයවැය මාසේ ඉන්ධන මිල තීරණය කිරීම ගරු මුදල් ඇමතිතුමාට භාරයි. තෙල් සංස්ථාවට සහනාධාරයක් දෙනවා ද? එහෙම නැත්නම් ඉන්ධන මිල වැඩි කරනවා ද? එහෙමත් නැත්නම් ඉන්ධන මත තිබෙන බදු අඩු කරනවා ද? කියන එක තීරණය කිරීම මුදල් අමාත්‍යතුමා විසින් ප්‍රකාශ කරාවි.”

    ඔහු සඳහන් කළේ, මේ වන විට රටේ භුමිතෙල් ඉල්ලුම දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ය.

    දෛනිකව භූමිතෙල් මෙට්‍රික් ටොන් 550ක් අලෙවි වන බව ත් භූමිතෙල් විකිණීමෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිනකදී රුපියල් මිලියන 23ක පාඩුවක් දරන බවත් උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ය.

    “පසුගිය නොවැම්බර් 3 වන දා විදුලි වැඩ වර්ජනයක් හේතුවෙන් රටේ විදුලිය ඇණහිටලා අඳුරට යනවා ය කියලා කටකතාවක් පැතිරුණා. ඒ නිසා ආරක්ෂාකාරී පියවරට රටේ හැමෝ ම භූමිතෙල් මිල දී ගන්න පෙළඹුණා. ඉතා ම සුළු පිරිසක් මිල දී ගනිමින් සිටි ඉන්ධන වර්ගයක් වන භූමිතෙල් හදිසියේ සමස්ත ජාතිය ම මිල දී ගන්න පෙළඹුණු නිසා තමයි ක්ෂණික භූමිතෙල් හිඟයක් ඇති වුණේ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බදුර්දීන්ගේ Media Unit එක අදත් උදේම වැඩ

    pDNOSMk.png

    ------ Post added on Dec 18, 2021 at 4:14 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    @nicjosh83 USD thiyada???? demalunta puka dennath una neda pons

    ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන එක හමාරක ණය මුදලක් ඉල්ලා තිබේ.

    ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ණය මුදල ඉන්ධන, ඖෂධ සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව විසින් ඉල්ලා ඇති බවයි.

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතා අතර සිදුව ඇති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම සිදු කර තිබේ.

    එමෙන්ම ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීම සඳහා ඉන්දියාව විසින් ලබා දීමට එකඟ වී ඇති ඩොලර් මිලියන 500 සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කර ඇතැයිද සඳහන්ය