ඩොලර් රුපියල් සටන

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඩොලර් රුපියල් සටන

    ශ්‍රී ලංකා රුපියලේ අගය හිටි ගමන් ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ඇද වැටෙතියි මෑත දී මාධ්‍ය වාර්තා පළ කළේය. ශ්‍රී ලංකා රුපියලේ අගය බැලීමේදී ශ්‍රී ලංකාව ඇමෙරිකා ඩොලරය යොමුවක් ලෙස පාදක කරගනී. ශ්‍රී ලංකා මහ බැංකුව දැන් ඔවුන්ගේ රට සල්ලි අනුපාතය පළ නොකරයි. වර්ෂ 2000 සිට ශ්‍රී ලංකාව විනිමය අනුපාතය පළ නොකළේය. ඒ වෙනුවට මහ බැංකුව කළේ විනිමය අනුපාතය නිදහසේ පාවෙන්නට ඉඩ හැරීමයි. ඒ අනුව වෙළෙඳ පොළෙහි විනිමය අනුපාත දෙකකි. ඒ දෙකම ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවලට අදාළ වන්නේය. ශ්‍රී ලංකා මහ බැංකුව මෙම අනුපාත දෙකම සිය වෙබ් අඩවියේ පළ කරයි. එසේ කරනුයේ දවසක් පමා කිරීමෙනි. ඉන් එකක් වනුයේ වැඩ කරන දින දෙකක් ඇතුළත දී ඩොලරයේ සමානුපාතික මිල කුමක්දැයි දක්වා සිටීමයි. තමන් අතර ගනුදෙනු සඳහා වාණිජ බැංකු ඇමෙරිකා ඩොලරය මේ සඳහා පාවිච්චි කරයි. අන්තර් බැංකු විනිමය අනුපාතික වෙළෙඳපොළ යනුවෙන් එය හැඳින්වේ.

    දෙසතියකට පෙර මෙම අනුපාතිකය ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව රුපියල් 155 ශත 75 ක් විය. දෙසතියකට කලින් මෙම අනුපාතිකය ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව රුපියල් එකසිය පනස් හතයි ශත හැට පහ දක්වා පහත වැටුණේය. එසේ පහත වැටුණේ අප්‍රේල් 27 දාය. එය රුපියල් එකයි අනූවකින් බාල්දු වීමකි. අනෙක් ක්‍රමය වනුයේ මාධ්‍ය හා විශ්ලේෂකයන් අතර පවත්නා සාමාන්‍ය අනුපාතික ක්‍රමයයි. වෙනත් වචන වලින් කියතොත් ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිලයි. රුපියලේ ඉරණම ඒ අනුව විසඳේ. ගනු දෙනුකරුවන් විදුලි පණිවුඩ යැවීමේ ක්‍රමයෙන් වාණිජ බැංකු හා ගනුදෙනු කරයි. දෙසතියකට පෙර එනම් අප්‍රේල් 16 වැනිදා ගැනුම් මිල රුපියල් එකසිය පනස්තුනයි ශත 76 ක් විය. විකුණුම් මිල රුපියල් 157. 53 කි. එහි මධ්‍යම අනුපාතිකය රුපියල් 155 යි. ශත 64 කි. අප්‍රේල් 27 දා එය පිළිවෙළින් රුපියල් 155 යි ශත 40 ක් හා 159 ශත එකක් විය. මධ්‍යම අනුපාතිකය රුපියල් 157 යි ශත 21 ක් විය. තොරතුරු අනුපාතිකය අනුව එය රුපියල සමග සැසැඳීමේ දී රුපියල දෙසතියක් ඇතුළත දී රුපියල් 1 යි ශත 57 ක් අවප්‍රමාණ විය. මාධ්‍යවේදීන් හා විවේචකයන් අතර කලබලයක් ඇති වූයේ රුපියල මෙසේ පල්ලම් බැස ගිය නිසාය. මෙය අස්වාභාවික තත්ත්වයක් නොවේ. 1977 සිට එවැනි තත්ත්වයක් රටේ පවතී. එම වර්ෂයේ සිට විනිමය අනුපාතිකය පහසුවෙන් නැමෙන සුළු තත්ත්වයෙන් විනිමය අනුපාතය පවත්වා ගෙන යෑම ඊට හේතුවයි. ඊට පෙර ශ්‍රී ලංකාවේ පැවතියේ මහ බංකුවෙන් නම නියම කැරෙන අනුපාත ක්‍රමයයි. ඒ අනුව රුපියලේ හා ඩොලරයෙහි අනුපාතිකය රජයෙන් නියම කළේය. එය රජයේ ප්‍රතිපත්තිය අනුව ගන්නා තීරණයකි. නියත වශයෙන්ම රටේ විදේශ විනිමය ලැබීම් හා ගෙවීම්වල හිඟයක් පවතින විට නිත්‍ය අනුපාතික ක්‍රමයක් දිගටම පවත්වාගෙන යෑමේ ඉඩක් නැත. එහෙයින් ආනයන සීමා කළ යුතුය.

    ඒ සඳහා ඉතා බරපතළ හා දැඩි ලෙස නීති පැනවිය යුතුය. ආනයන හා විදේශ විනිමය පාලනය සම්බන්ධයෙන් දැඩි නීති රීති පැන විය යුතුය. එය හරියටම රෙද්දේ ප්‍රමාණයට කබාය කපා ගැනීමක් බඳුය. විය යුත්තේ කබායට ඇති තරම් ලොකුවට රෙද්ද කපා ගැනීමකි. ඇඟේ ප්‍රමාණයට කබාය මසා ගැනීමයි. එසේ නොකිරීමෙන් සියලුම ශ්‍රී ලාංකිකයන් තදට මැසූ කබායක සිරකරුවන් වීමයි. ලක් වැසියෝ රුපියල්වලින් මිල නොගෙවූහ. බැංකු වලින් ඩොලර් ගැනීමට ඔවුහු මහත්සේ වෙහෙසුණාහ. මෙම ක්‍රමයෙන් ඇති වූයේ සීමාසහිත ඉඩ කඩකි. කෝටා ක්‍රමයක් ලැබීමයි. 1977 දී කෝටා ක්‍රමය සිඳ බිඳ දැමිණි. රුපියල් වැඩියෙන් ගෙවා ඩොලර් හිමි කර ගැනීමයි. ඒ අනුව 1950 දක්වා රු. 4.76 නොවෙනස්ව පැවැති රුපියලේ හා ඩොලරයේ අනුපාතය 1968 දක්වාම එලෙසම පැවතුණි.

    රජය 1968 දී එය 20% න් අවප්‍රමාණ කළේය. ඉන් පසුව කිහිප වරක්ම රුපියල බාල්දු කැරිණි. එක් වරක් රුපියලේ අගය වැඩි කැරිණි. අලුතින් විනිමය අනුපාත ක්‍රමය ඉන්පසුව හඳුන්වා දෙන ලදී. නිල වශයෙන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රු. 8.81 වට්ටමේ පැවතියේය. එහෙත් මෙම අනුපාතය නොමඟ යවන සුළු විය. බොහොමයක් ආනයන ගනුදෙනු හා සුළු ආනයන ගනුදෙනු විශේෂ බද්දකට යටත් කර සිදු කැරීම ඊට හේතුවයි. 65% කටත් වඩා විශේෂ බද්දක් අය කරමින් එය සිදු විය. විදේශ විනිමය හිමිකම් සහතික නම් වූ ක්‍රමයක් රජය හඳුන්වා දුන්නේය. ඒ අනුව අමෙරිකා ඩොලරයෙහි කාර්යක්ෂම විනිමය අනුපාතය රු. 14.54 කි. එම කාලයට පෙර පැවැති දශකයේදී රජයට වැදගත් ආදායම් මාර්ගයක් වූයේ විදේශ විනිමය හිමිකම් සහතික ක්‍රමයෙන් ලැබුණු ආදායමයි. විවිධ ගනුදෙනු සඳහා විවිධ අනුපාත යටතේ සිදු කළ මෙම ගනු දෙනු බහු විධ මුදල් හුවමාරුව නමින් හැඳින්විණි. 1977 මෙම බහුවිධ විනිමය අනුපාතය අහෝසි කැරිණි.

    රුපියල ඩොලර අනුපාතය ඒකාකාර ක්‍රමයකට වෙනස් කැරිණි. එවිට ඩොලරයකට රුපියල් 15.56 ක් ලැබිණි. ක්‍රියාකාරී අනුපාතයට වඩා 7% ක් පමණ මිල මට්ටම ඩොලරය වෙනුවෙන් හඳුන්වා දෙන ලදී. රුපියල එක් අතකට පමණක් යාහැකි මඟකට ගමන් කළේ මෙම අනුපාත ක්‍රමය හඳුන්වා දීමෙන් පසුවය. ගිය සතිය අවසන් වන විට ඇමෙරිකා ඩොලරයට රුපියල් 157 ක් වී පල්ලම් බැසීම සිදු විය. එය ශ්‍රී ලංකා රුපියල බලාපොරොත්තු නොවූ ඉරණමකට පත් වීමකි. රුපියල තනි අතකට පමණක් මෙසේ ගමන් කිරීමට හේතුවක් ද වෙයි. යම් රටක් තම මුදල් ස්ථාවර අගයක තබා ගැනීමට ඕනෑ කමක් ඇත්තේ නම් ඊට ඇත්තේ එකම වට්ටෝරුවකි. එම වට්ටෝරුවේ මිශ්‍රණය සඳහා ප්‍රමාණවත් පරිදි රට සල්ලි අවශ්‍ය වන්නේය. එම රටේ වැසියන්ගේ විදේශ මුදල් රටට ලැබිය යුත්තේය. රට සල්ලි උපයා ගන්නා මාර්ග රැසකි. එකී මාර්ගයක් වනුයේ භාණ්ඩ පිටරට යවා විදේශ විනිමය උපයා ගැනීමයි. සේවා විකුණා විදේශිකයන්ගෙන් රට සල්ලි සොයා ගැනීම තවත් ක්‍රමයකි. මෙම ක්‍රමය යටතේද අභ්‍යන්තර මුදල් එවීමෙන්ද එතෙර වැඩ කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන රට සල්ලිද තවත් ක්‍රමයකි. අනෙක් අතට භාණ්ඩ ආනයනය සඳහා ශ්‍රී ලාංකිකයෝ රට සල්ලි සොයති. ණය ගැනීම්වලට ගෙවන පොලියෙන් හා ලාබ ලබන ආයෝජනවලින්ද රට සල්ලි සොයා ගත හැකියි. මෙම ගනු දෙනු ඒකාබද්ධ කළ හැකියි. මෙම ගනුදෙනු එක් ගිණුමකට පමණක් මාරු කළ හැකිය.

    ගෙවිය යුතු ණය හා බැංකු ණය වශයෙන් එසේ කළ හැකිය. ව්‍යවහාර මුදල් ශක්තිමත් මට්ටමක තබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. අභ්‍යන්තර හුවමාරු ක්‍රමය ද රට සල්ලි ඉපයීමේ තවත් මාර්ගයකි. එවැනි මුදල් රටකට තෑගි ලෙස ලැබේ. එතෙර වැඩ කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් එසේ මුදල් ලැබේ. අනෙක් අතට ශ්‍රී ලාංකිකයෝ භාණ්ඩ ගෙන්වීමට රට සල්ලි ඉල්ලති. සේවා වෙනුවෙන් ද රට සල්ලි ඉල්ලති. ගන්නා ණය වෙනුවෙන් පොලී ගෙවීමටත් ආයෝජන ලාබ සඳහාත් එම රට සල්ලි යොදා ගැනේ. මෙවැනි ගෙවීම්වලට තෑගි ද ඇතුළු කැරේ. ශ්‍රී ලාංකිකයන් විදේශිකයන් සමඟ කරන එවැනි ගනු දෙනු බාහිර මුදල් ගෙවීම් ලෙස සැලකේ. මෙවැනි ගනු දෙනු ගිණුම් ශේෂයට ඒකාබද්ධ කිරීමේ හැකියාව ඇත. විශ්වාසය මත ණයට මුදල් දීම හා ගෙවිය යුතු ණය වශයෙන් එම ගනුදෙනු හැඳින්වේ. යම් මුදල් මාර්ගයක් ශක්තිමත් හා ස්ථාවර භාවයේ අත්‍යවශ්‍ය සාධකයක් වනුයේ එම ගිණුම සමබරව තිබීමයි. එසේ නැතිනම් එම ගනු දෙනුවේ හිඟයක් ඇත්නම් වෙනත් අවුරුදුවල අධිභාරය මගින් ඒවා පියවා ගැනීමයි. ඕනෑකම පිරිමසා ගැනීමෙන් පසු ඉතිරිවන කොටස මුදල හෝ ලාබය අධිභාරයයි. එවැනි අධිභාර දිගටම සිදු වෙතොත් එහි තේරුම වනුයේ විදේශ විනිමය වැඩි වැඩියෙන් උපයා ගැනීමයි. එසේත් නැත්නම් රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා විදේශ විනිමය උපයා ගැනීමයි.

    මෙම අතිරික්තය වෙනත් රටවලට ණයට නොදෙන්නේ නම් එම රටේ මුදලේ අගය දිගටම ඉහළ යෑමට හැකිබව පෙනේ. එහෙත් දිගටම මුදල් හිඟයක් පවතින්නේ නම් විදේශ මුදල් හිඟයක් ඒ රටේ ඇති වන්නේය. මෙම හිඟය මකා ගැනීමට වෙනත් රටවලින් මුදල් ණයට ගත යුත්තේය. එවිට ඒ රටේ මුදල තාවකාලික වශයෙන් ශක්තිමත් වන්නේය. එසේ කළ හොත් එම රටේ විදේශ ණය ගොඩට එම මුදල් එකතු වේ. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එය ව්‍යාධියක් හෝ අසනීපයක් විය හැකිය. එසේ වූ විට එම රට ණය උගුලක පැටලේ. ඒ රටේ ආර්ථිකය එවිට නරක අතට හැරී තනි පැත්තකට පමණක් ඇති පාරකට යොමු වී එම රටේ මුදල බාල්දු වන්නේය. ශ්‍රී ලංකාව මුහුණ පානුයේ දෙවැනි තත්ත්වයටයි. ශ්‍රී ලංකාව 1977 සිට මෙම අත්දැකීම ලබා ඇත. ශ්‍රී ලංකා ආර්ථීකය දැන් හිඟයකට මුහුණ පා සිටී. එහි ආර්ථිකය එසේත් නැත්නම් දළ දේශීය නිෂ්පාදනය හිඟයකට මුහුණ පා සිටී. සමහර වසරවල එම හිඟය 16% ක් තරම් ඉහළ නැග ඇත. එම හිඟය ඉහළ යනවිට කනස්සල්ල පළවේ. එය සුළු ප්‍රමාණයකින් පහළ වැටෙන විට සුළු ආත්ම තෘප්තියක් ඇති කර ගනී. එය ඉහළ යන විට රට කනස්සල්ලට පත්වේ.

    කලබලවේ. ඉතා සුළුවෙන් එය පහළ බසින විට සුළු සතුටකින් චූන් වෙයි. රට මුහුණපාන ආර්ථික අනතුර හා අවදානම ගණන් නොගනී. 2012 සිට 2017 දක්වා ජංගම ගිණුමේ වාර්ෂික හිඟය දළ දේශීය නිෂ්පාදනයෙන් 3% පමණ විය. ඒ නිසා රුපියල බාල්දු කිරීමේ පීඩනයක් හට ගත්තේය. පසුගිය රජය කළේ පිටරටින් මුදල් ණයට ගැනීමයි. එම මුදල් වෙළෙඳ පොළට ඉදිරිපත් කළේය. එය හරියටම පිළිකා රෝගියෙකුට වේදනා නාශකයක් දීම වැනි ක්‍රියාවකි. වේදනානාශකයක් දුන්විට වේදනාව තුනීවී යයි. එහෙත් එමගින් ලෙඬේ සුව නොවේ. නිසි බෙහෙත් නැති නිසා ලෙඬේ වැඩි වෙයි. එහි ප්‍රතිඵලය වනුයේ පිළිකාව දරුණු වීමයි. එවිට ලෙඬේ උත්සන්නවී හමාරය. දීමට බෙහෙතක්ද නැත. ලෙඩා පිළිකාවෙන්ම මරණයට පත්වේ. නව රජය 2015 ජනවාරියේ බලයට එද්දී මේ බව දැන සිටියේය. එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ද මුදල් අමාත්‍යාංශය ද එවැනි ආර්ථික අර්බුදයක් නැති බවට කටයුතු කළේය. 2014 මහබැංකු වාර්ෂික වාර්තාව 2015 අප්‍රේල් මාසයේදී නිකුත් විය. නව රජය එම වාර්තාව හැඳින්වූයේ ඔක්කොම හරි යන න්‍යායෙනි. රජ ගෙදර කුරුල්ලකු සේ නවරජය ක්‍රියා කළේය. රුපියල ස්ථාවර වී ඇතැයි උද්දාමයෙන් හැසිරුණේය. ඇමෙරිකා ඩොලරයට වඩා ලංකා රුපියල ශක්තිමත් වී ඇතැයි රජ කුරුල්ලන්ගේ හැඟීම විය. සෙසු මුදල් සමඟ රුපියලේ අගය ඉහළ යතියි ඔවුහු අමන්දානන්දයට පත්වී සිටියහ.

    රුපියලේ මෙම වටිනාකම වෙළෙඳ පොළේ සෙසු මුදල් හා සසඳමින් ශ්‍රී ලංකා මහබැංකුව කාර්යක්ෂම විනිමය අනුපාත දෙකක් ඉදිරිපත් කළේය. ඉන් එකක් රුපියලේ නාමික අගය වෙනුවෙනි. අනික සැබෑ අගය වෙනුවෙනි. එම දර්ශක දෙකම අනුව 2014 දී රුපියලේ අගය ඉහළ ගොස් තිබිණි. එහි තේරුම වූයේ අපනයන තරග කාරිත්වයෙන් ශ්‍රී ලංකාව පරාජය වී ඇති බවය. ආනයන සම්බන්ධයෙන් රුපියල වඩා හොඳ මට්ටමක සිටි බව කියති. මෙය අසනීපයකි. ව්‍යාධියකි. එයින් ලෙඬේට හේතුව යටපත් කරයි. ආනයනයට දිරි ගන්වයි. එමගින් දීර්ඝ කාලීනව රුපියලට දැඩි පීඩාවක් එල්ල විය. රුපියල මේ තත්ත්වයට ඇද වැටීමේ ප්‍රධාන සාධකය එයයි. ශ්‍රී ලංකා මහ බැංකුව එදා මේ ගැන රජයට අනතුරු ඇඟවිය යුතුව තිබිණි. එහෙත් ඔවුන් එය ඉටු කළේ නැත. සියල්ල සුබ දායක යයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වූ චිත්‍රයත් සමග රජය උද්දාමයට පත්විය. එදා මුදල් ඇමැතිව සිටි රවි කරුණානායක රට වැසියාට විස්මය ජනක පොරොන්දු ඉදිරිපත් කළේය. විනිමය අනුපාතය රුපියල් 131 සිට (ඩොලරයට සාපේක්ෂව) 105 දක්වා ගෙන එන බව ඔහු කීවේය. එම පොරොන්දුව ඉටු කිරීමට අපොහොසත්වූ හිටපු මුදල් ඇමැති බෙල්ජියමේ ආයෝජකයකු මගින් ඇමෙරිකා ඩොලර් බිලියන තුනක (කොටි 300) ආයෝජන ගෙන එන බව කීවේය. එවැනි තවත් පොරොන්දු රැසක්ම ඔහු දුන්නේය.

    ඬේලි එෆ්.ටී. පුවත්පතේ පළවූ ලිපිය පරිවර්තනය කළේ
    ඩබ්ලිව්.ජී. ගුණරත්න

    http://www.lankadeepa.lk/features/%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A-%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B6%A7%E0%B6%B1/2-528770
     
    • Like
    Reactions: somalal and EvilEye

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආර්තික ඔස්තාර් වද රනිලගෙ නොහැකියාව තමයි...කියුවෙනම් කොහොමද පොන්න රනිල ඒ කාලෙ ...ඒකටත් හරියන්ඩ ඒ කාලෙ ඌට උක දෙන්න unp බැල්ලියො ටික නොදකින් හැදීගෙන ආව රට කෑව වද රනිලව අගමැති කරල...

    අනික තමයි ඔය විග්‍රහයත් වද රනිල මහ බැකුව හොරාකාපු එකෙන් කිසිම බලපෑමක් වෙලාම නැ ඩොලර් එක ඉහල යන්ඩ... වද රනිලගෙ මහ බැකු හොරකමෙන් පස්සෙ ආයෝජකයො ආවෙ නැති එකයි උන්න අය ඩොලර් අරන් ආපහු ගිය එකයි ඒවගෙන් බලපෑමක් වෙලාම නැ ...:lol::lol::lol: තාමත් වද රනිල වෙනස උදාකරල දෙයි කියල බලාගෙන ඉනන් උන්ප් බැල්ලියන්ට නම් ස්වයන් වින්දනේ ලබන්ඩ හොද විග්‍රයක්...
     
    thread ekak danna ba moo renawane...:angry::angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    thread ekak danna ba moo renawane...:angry::angry::angry::angry:

    ඇත්ත කියද්දි රිදුනට කරන්ඩ දෙයක් නැ...මේ ඩොලර් එක ඉහල යන එකට තනිකර වග කියන්ඩ ඔනෙ තොපිලගෙ වද රනිල... රටේ අගමැති මහ බැකුව හොරා කද්දි ඩොලර් එක ඉහල ගියෙ නැත්තන් තමයි පුදුම වෙන්ඩ ඔනෙ..ඕක යට ගහල අගමැති පොල් බූරුවව සුද්ද කරන්ඩ දැගලුවට කිසිම වැඩක් වෙන්නෙ නැ...වද රනිලගෙ සාපයෙන් රට ගැලවෙනකම් ඩොලර් එක ඉහල යන එක වලක්කන්ඩම බැ...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ආර්තික ඔස්තාර් වද රනිලගෙ නොහැකියාව තමයි...කියුවෙනම් කොහොමද පොන්න රනිල ඒ කාලෙ ...ඒකටත් හරියන්ඩ ඒ කාලෙ ඌට උක දෙන්න unp බැල්ලියො ටික නොදකින් හැදීගෙන ආව රට කෑව වද රනිලව අගමැති කරල...

    අනික තමයි ඔය විග්‍රහයත් වද රනිල මහ බැකුව හොරාකාපු එකෙන් කිසිම බලපෑමක් වෙලාම නැ ඩොලර් එක ඉහල යන්ඩ... වද රනිලගෙ මහ බැකු හොරකමෙන් පස්සෙ ආයෝජකයො ආවෙ නැති එකයි උන්න අය ඩොලර් අරන් ආපහු ගිය එකයි ඒවගෙන් බලපෑමක් වෙලාම නැ ...:lol::lol::lol: තාමත් වද රනිල වෙනස උදාකරල දෙයි කියල බලාගෙන ඉනන් උන්ප් බැල්ලියන්ට නම් ස්වයන් වින්දනේ ලබන්ඩ හොද විග්‍රයක්...

    ube oya wandha kathawai maha banku kathawai nitharama hama topic ekatama maddata panala danna epa. ekath ara issara mahinda hora hora wage nitarama kiyala minissunta athi wenawa.

    Ubata okata lassasnata reply karanna puluwan 2000 indan rupiyala paw une mehemai, mewai hethu, habai me dan pawenna maha bankuwe horakama nisa kiyala hari hapan facts logics athiwa. ewata kiyanne constructive criticism
     
    මම දෙන්නෙ බන් හරිම උත්තරේ ආයෙ කිසිම තර්කයක් ඉතුරු වෙන්ඩ මම සාමන්යෙන් කතා කරන්නෙ නැ..දැන් රුපියල පාවෙන එකට රනිලගෙ මහ බැකු හොරකම සම්බන්ධ නැ කියල කවුරු හරි කියනවනම් ඌට මොලේ අමාරුව..රටේ මහ බැකුව අගමැතිය හිස් කරාට පස්සෙ මොන රටද හැදෙන්නෙ???? ඒක තේරුම් ගන්ඩ බැරි තරමට මොලේ මෝරල නැද්ද ?????

    පුලුවන් නම් කියපන්කො වද රනිල බලේට ආවට පස්සෙ ලකාවට ආපු එකම එක විදේශ ආයෝජනයක්...එකම එකක් කියපන් බලන්ඩ පුලුවන් නම් එහෙම බල්ලෙක්වත් ආවෙ නැ රටට...අගමැති රනිල මහ බැකුව හොරා කනව කියල දැන දැන ආයෝජනය කරන්ඩ කාටවත් මොලේ අමාරුවක් නැ... :no::no::no:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ආර්තික ඔස්තාර් වද රනිලගෙ නොහැකියාව තමයි...කියුවෙනම් කොහොමද පොන්න රනිල ඒ කාලෙ ...ඒකටත් හරියන්ඩ ඒ කාලෙ ඌට උක දෙන්න unp බැල්ලියො ටික නොදකින් හැදීගෙන ආව රට කෑව වද රනිලව අගමැති කරල...

    අනික තමයි ඔය විග්‍රහයත් වද රනිල මහ බැකුව හොරාකාපු එකෙන් කිසිම බලපෑමක් වෙලාම නැ ඩොලර් එක ඉහල යන්ඩ... වද රනිලගෙ මහ බැකු හොරකමෙන් පස්සෙ ආයෝජකයො ආවෙ නැති එකයි උන්න අය ඩොලර් අරන් ආපහු ගිය එකයි ඒවගෙන් බලපෑමක් වෙලාම නැ ...:lol::lol::lol: තාමත් වද රනිල වෙනස උදාකරල දෙයි කියල බලාගෙන ඉනන් උන්ප් බැල්ලියන්ට නම් ස්වයන් වින්දනේ ලබන්ඩ හොද විග්‍රයක්...

    :yes::yes::yes: ela
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,016
    22,049
    113
    ගම මහනුවරයි
    ආර්තික ඔස්තාර් වද රනිලගෙ නොහැකියාව තමයි...කියුවෙනම් කොහොමද පොන්න රනිල ඒ කාලෙ ...ඒකටත් හරියන්ඩ ඒ කාලෙ ඌට උක දෙන්න unp බැල්ලියො ටික නොදකින් හැදීගෙන ආව රට කෑව වද රනිලව අගමැති කරල...

    අනික තමයි ඔය විග්‍රහයත් වද රනිල මහ බැකුව හොරාකාපු එකෙන් කිසිම බලපෑමක් වෙලාම නැ ඩොලර් එක ඉහල යන්ඩ... වද රනිලගෙ මහ බැකු හොරකමෙන් පස්සෙ ආයෝජකයො ආවෙ නැති එකයි උන්න අය ඩොලර් අරන් ආපහු ගිය එකයි ඒවගෙන් බලපෑමක් වෙලාම නැ ...:lol::lol::lol: තාමත් වද රනිල වෙනස උදාකරල දෙයි කියල බලාගෙන ඉනන් උන්ප් බැල්ලියන්ට නම් ස්වයන් වින්දනේ ලබන්ඩ හොද විග්‍රයක්...

    :lol::lol:

    184i Dan sapadaaaa gon haththa ...

    Ko gota krada?? :lol::lol:
     
    • Haha
    Reactions: Identity

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    ආර්තික ඔස්තාර් වද රනිලගෙ නොහැකියාව තමයි...කියුවෙනම් කොහොමද පොන්න රනිල ඒ කාලෙ ...ඒකටත් හරියන්ඩ ඒ කාලෙ ඌට උක දෙන්න unp බැල්ලියො ටික නොදකින් හැදීගෙන ආව රට කෑව වද රනිලව අගමැති කරල...

    අනික තමයි ඔය විග්‍රහයත් වද රනිල මහ බැකුව හොරාකාපු එකෙන් කිසිම බලපෑමක් වෙලාම නැ ඩොලර් එක ඉහල යන්ඩ... වද රනිලගෙ මහ බැකු හොරකමෙන් පස්සෙ ආයෝජකයො ආවෙ නැති එකයි උන්න අය ඩොලර් අරන් ආපහු ගිය එකයි ඒවගෙන් බලපෑමක් වෙලාම නැ ...:lol::lol::lol: තාමත් වද රනිල වෙනස උදාකරල දෙයි කියල බලාගෙන ඉනන් උන්ප් බැල්ලියන්ට නම් ස්වයන් වින්දනේ ලබන්ඩ හොද විග්‍රයක්...

    රනිලා හොරාකාපු එකෙන් පැහැදිලිවම බලපෑමක් උනා ආර්තිකේට.. ඌව බලු කූඩුවට දක්කයි කියලා අපිට බලාපොරොට්තුවක් තිබුනා..

    එහෙම හිතපු එක ගැන දැන් අපිටම හිනා.. :lol: :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ආර්තික ඔස්තාර් වද රනිලගෙ නොහැකියාව තමයි...කියුවෙනම් කොහොමද පොන්න රනිල ඒ කාලෙ ...ඒකටත් හරියන්ඩ ඒ කාලෙ ඌට උක දෙන්න unp බැල්ලියො ටික නොදකින් හැදීගෙන ආව රට කෑව වද රනිලව අගමැති කරල...

    අනික තමයි ඔය විග්‍රහයත් වද රනිල මහ බැකුව හොරාකාපු එකෙන් කිසිම බලපෑමක් වෙලාම නැ ඩොලර් එක ඉහල යන්ඩ... වද රනිලගෙ මහ බැකු හොරකමෙන් පස්සෙ ආයෝජකයො ආවෙ නැති එකයි උන්න අය ඩොලර් අරන් ආපහු ගිය එකයි ඒවගෙන් බලපෑමක් වෙලාම නැ ...:lol::lol::lol: තාමත් වද රනිල වෙනස උදාකරල දෙයි කියල බලාගෙන ඉනන් උන්ප් බැල්ලියන්ට නම් ස්වයන් වින්දනේ ලබන්ඩ හොද විග්‍රයක්...

    බලාගෙන යද්දි ස ත් මොනව හරි හොරා කාලා තියනව වගේ. ඒකනෙ මෙච්චර ඩොලර් එක උඩ යන්නෙ :lol:
     
    • Haha
    Reactions: SadSandun