ඩොලර් $25 පරිගණකයක් !

shyaminayesh

Member
Dec 25, 2013
20
21
3
ඩොලර් $25 පරිගණකයක් !

මම මේ ෆෝරම් එකට අලුත්. ඉතින් මේ මම දාන පලවෙනි පොස්ට් එක. තවම මේ ෆෝරම් එක ගැන ලොකු දැනුමක් නැ මේකේ වැඩ කටයුතු වෙන විදිය ගැන. සමහරක් interest මාතෘකා කතා කරලා තියෙනවා දැක්ක නිසා මේ පැත්තේ එන්න හිතුනා. ඉතින් මෙන්න මමත් පොඩියට මගේ බ්ලොග් එකේ දාපු පොස්ට් එකක් දාන්නයි යන්නේ. කියවලා ගන්න දෙයක් තියේ නම් අරගන්න.

මාතෘකාව දැක්කනේ ඩොලර් 25 යි හරි. මෙහෙට එනකොට තව චුට්ටක් වැඩි වෙයි. :P දන්නවනේ ඉතින් ඩොලර් 25 ක් කියන්නේ පුංචි මුදලක්. රුපියල් වලින් නම් 3000 ක් විතර නේ. හරි මේක ගැන මම විස්තර කියන්න යන්නේ ඔන්න. ඔක්කොටොම කලින් පින්තුරේ බලන්නකෝ. සමහරු නම් දන්නවත් ඇති. හරි හරි. ප්‍රශ්නයක් නැ මේ කියන්නේ දන්නේ නැති අයට මේක ගැන මම දන්නා ටික.

7513051848_9a6ef2feb8_o-1024x682.jpg


හරි ඔය උඩ තියෙන රූපේ තියෙන්නේ අන්න ඒ ඩොලර් 25 හේ පරිඝනකය තමයි. නමින් කියනවනම් මේක හදුන්වන්නේ Raspberry Pi කියලා. මේකේ සැකැස්ම ගැන හොඳ අවබෝදයක් ගන්න පුළුවන් මෙන්න මේ පහල රුපය ගැන හොඳ විමසිල්ලෙන් බැලුවොත්.

RaspiModelB-1024x902.png


පරිඝනකයකට අවශ්‍ය හැම දේම වගේ තියෙනවා නේද ?. මුලින්ම මේකේ SD Card එකක් ඇතුළු කරන්න අවකාශය සලසලා දීලා තියෙනවා. අපි දාන Operating System එකක් අන්න ඒ Card එකට දාලා එකෙන් මේ පරිඝනකය boot කරන්න හැකියාව ලබා දෙන්න තමයි එකේ අරමුණ. 32GB capacity එකක් වෙනකම් SD Card එකක් මේ හරහා මේ Raspberry Pi ට Data Store කරන්න පුළුවන්. ඒ වගේම HDMI out එකක් තියෙනවා මේ Port එක උපකාරී කරගෙන HDMI Enable TV එකකට හෝ Monitor එකකට මේ Raspberry Pi ගෙන් එන Video Out එක ලබා දෙන්න පුළුවන් එහෙමත් නැත්තම් HDMI Converter එකක් පාවිච්චි කරලා පරණ Monitor එකකට උනත් සවි කරන්න පුළුවන්. තව මේකේ USB Port දෙකක්, RJ45 Network Port එකක්, Audio Out Port එකක්, Power Supply කරන්න Port එකකුත් තියෙනවා. ඒ ඇරුනාම 45g ක් බර මේ Raspberry Pi Model B එකේ 512MB RAM ධාරිතාවයක් තියෙනවා. ඉතින් ඉස්සරහට මේ Raspberry Pi එකෙන් කරන්න පුළුවන් වැඩ, මේකට දාන්න පුළුවන් Operating System එක ගැන විස්තරයක් ගේන්නම්. අදට මෙතනින් ඉවරයි. අවසාන වශයෙන් මෙන්න මේ Video එකත් බලලා පොස්ට් එක හොඳ නම් comment එකක් දාලා යාලුවන්ටත් බලන්න bump කරලා යන්න. මටත් කැමතිනම් rep එකක් දෙන්න. එහෙනම් හැමෝටම ජය වේවා !

 
Last edited:

shyaminayesh

Member
Dec 25, 2013
20
21
3
rep දීපු අයටත් අනිත් හැමෝටමත් ස්තුතියි !

නියමයි මචන් ඔක ගන්න කොහෙද තියෙන්නේ..

http://www.farnell.com/distributors/srilanka_osp.htm

මෙන්න මේ කට්ටිය ගාව තියෙනවා මචං. එහෙම නැත්තම් ebay එකෙන් වගෙත් ගන්න පුළුවන්. නමුත් ඉතින් 25 කට වඩා වැඩි වෙයි එතකොට. මේකෙන් පට්ට වැඩ ටිකක් කරන්න පුළුවන් හොඳට හිතුවොත්. :)

 

raman2

Well-known member
  • Feb 16, 2009
    9,952
    12,015
    113
    meke ekama awla thiyenne ARM architecture eke duwana eka witharai. x86 software wada naha.
    mama podi linux server ekak try karala thiyanawa. maru..
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    ඕක පට්ට බන් මම ඔකේ ඇන්ඩොයිඩ් දාගන Use කළා බන් පට්ට බන් ලංකාවේ ගන්න තැනක් තියනවද බන් කියක් වෙනවද ලංකාවේ ඉන්ටෙර්නෙට් කැෆේ එකකට වගේ මාරු බන් ඕක