ඩොල්පින්

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    බබාලා කස්ටියම ඉවරවුනු විභාගේ සමරන්න හිතාගෙන වැනෙන කුක්කු බෝතල් 2ක 3කුත් අරන් හිමිදිරි පාන්දරම හික්කඩුව වෙරළතීරය බලා පිටත් වුනා. ඔන්න ඉතිං කිරි බබා ඇරෙන්න (අපි අහිංසකයි …..) අනිත් උන් ටික හවස් වෙනකොට බෝතලේ බලෙන් එක එක දේවල් කරනවා… අනේ අපේ කැස්සා වෙරලේ වැලි කකා අඩනවා මං ඒකිට අච්චර කරල ඒකි මාව දාලා ගියෝ කියල (ඔය කියන්නේ මොනා කරපු එක ගැනද දන්නේ නෑ) අපේ ඔටු දෙකේ මොල්ලියා ලෙවක් බවක් නැතුව හිනා වෙනවා දෙන්නෙක් ශිහානයගේ සිංදු ශිහාන් කවදාවත් හිතපු නැති තාලෙට බෙරිහන් දිදී කියෝනවා. මෙව්වා මෙහෙම වෙද්දි කොටා ගත්තා snoggle එකයි mask එකයි. මං යනවා මාලු බලන්න කියල මූ මුහුදේ පනින්න දඟලනව දන්න කියන සිංහල දාලා කිව්වට මූ අහන්නෙම නෑ අන්තිමට කොන්දේසි සහිතව මුහුදට බැස්සුවා

    ඔන්න ඉතිං කොන්දේසි වලට අනුව වෙරලේ ඉඳන් අඩි 10ක් වත් ගැඹුරට යන්න බෑ … කොටත් ඉතිං හොඳ කොටා වගේ ළඟ ළඟම තමා පීන පීන හිටියේ … කොටාව ටික වෙලාවකින් අපේ රේඩාර් එකෙන් අයින් උනා …
    ඊට පස්සේ මුලින්ම කොටාව දැත්තේ අඬ අඬ හිටිය කැස්සා “අන්න අරෑ ගිලෙනවා……..‘‘
    හුට්ට පටා වැඩේ ඇත්ත …. ටික වෙලාවක් දඟලපු කොටා එක පිම්මේ ගොඩට පීනනවා snoggle එකයි mask එකයි අතේ. අපි මඟක් දුරට වතුරට ගිහින් කොටාව ගොඩට ඇදගෙන ආව… මිනිහට හොඳටම වතුරත් පෙවිල … ප්‍රශ්නෙ උනේ හොඳට පීනන්න දන්න කොටා එක පාරට ගිලුනේ ඇයි කියන එකයි. මිනිහට හොඳ සිහිය එනකම් ඉඳල අපි උගෙන් ඇහුව මොකද උනේ කියල…. එතකොට කොටා කියනවා
    ‘‘ මං මුහුදට බැහැල මාළු බල බල ඉස්සරහට යනකොට මට ඩොල්පින් කෙනෙක් හම්බුනා…. ඩොල්පින් ඇහුව මගෙන් ඇයි බං උඹ බිව්වේ කියල…. උට “විභාගේ ඉවරයි” කියන්න කට ඇරිය විතරයි බං නහය කට කඩාගෙන වතුර ඉස්මොල්ලේ ගියා නේ… තව පොඩ්ඩෙන් ගිලෙනවා ‘‘
    හික් හිත්….. අපිට එතකොටයි තේරැනේ කට ඇරියාම snoggle එක ගලවල යනවා …..
    හිනා වෙලාම බෝතලේ බල බිඳුනා … අනේ ඉතිං රැ වෙනකොට ඔක්කොමලා හොඳ බබාලා වගේ ගෙදර ගියා…
    අදටත් කොටාට ඩොල්පින් මතක් කලොත්, කොටා ඩොල්පින්ගෙයි මතක් කරන කෙනාගෙයි අම්ම මුත්තා මතක් තොරල ශුද්ධ සිංහලෙන් පිං දෙනවා………. හිකිස්

    උපුටා ගැනීමකි....... http://www.thelastrow.net/?p=21754" style="font-size:16px;" target="_blank
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    peter20pan20bump.gif