ඩොස් ගේම් වෙත කාලතරණය Part I
DOS ගේම්,මේවා ඇත්තටම අපි අතරින් සෙමෙන් ඈත්වුනු සුන්දර දෙයක් කිව්වොත් මම නිවැරදියි කියලා හිතනවා. Ms DOS, පුද්ගලික පරිගණක සඳහා හදුන්වාදීමත් සමග අප අතර ජනප්‍රිය උන මේවා windows 95, 98 කාලය දක්වාම අප අතර පැවතුනා. තාක්ෂණයේ දියුණුවත් එක්ක අලුත් පරිගණක ක්‍රීඩා මගින් මේවා ප්‍රතිස්ථාපනය උනත් තවමත් ඒවායේ අගය නම් අඩු වෙලා නෑ. ඉතිං මම තීරණය කලා මේ ගැන මගේ අත්දැකීම් ඔයාලා එක්ක බෙදා හදා ගන්න.
කොම්පියුටරේ ගන්න කලින් TV game පාවිච්චි කරලා තිබුන නිසා ගේම් එකක් ගහන්නේ මෙහෙමයි කියන අයිඩියා එක තිබුනා. ඒ දවස් වල TV game එකෙත් මගේ ආසම ගේම් එක තමයි Super Mario. මගේ මුල්ම කොම්පියුටරය ගැන මගේ කොම්පියුටර් ඉතිහාසය ලිපියෙන් බලාගන්න පුලුවන්. ඉතිං ඕක ගෙනාපු දවසෙ පිස්සු වගේ තමා. මුලින්ම කලේ අල්මාරියෙ දාලා තිබ්බ Floppy disk ටික ගන්න එක. ඒ කාලේ මගේ පුරුද්දක් තිබ්බා සල්ලි තියෙන වෙලාවට floppy disk අරන් එහෙන් මෙහෙන් ඒවාට games කොපි කරලා තියාගන්න එක. කොහොම හරි Mario ගේම් එක දාලා පටන් ගත්තා. ආයෙ මොනවද ඉතිං, TV ගේම් කැලේ. අනික dos වල පාවිච්චි උනේ 8bit colors. ඉතිං හොඳ වර්ණ සංකලනයක් එක්ක ලස්සන ගේම් හදලා තිබ්බා.
මේ කාලේ 3D ගේම් එච්චර ප්‍රසිද්ධ වෙලා තිබ්බෙ නෑ. තිබ්බත් Graphics අන්තිමයි. 2D ගේම් තමා මේ කාලෙ නැගලා ගියේ. දැං තියෙන ගේම් එක්ක බලනකොට මේවා මොනවද කියලා සමහර කෙනෙක්ට හිතෙන්න පුලුවන්. ඒත් මේ DOS ගේම් වල එක විශේෂත්වයක් මම දකිනවා. අපි දැන් ගහන ගේම් එකක් සාමාන්‍යයෙන් කොහොම හරි ඉවර කරන්න පුලුවන්. ඒත් මම තාමත් මේ එක dos ගේම් එකක් වත් අවුරුදු ගානක් ගහලත් ඉවර කරලා නෑ. ඒ වගේම මේවයි තියෙන අනික් විශේෂත්වය තමයි ආරම්භය ඉතා සරළව පටන් අරන් අවසානය අති දුෂ්කර විදිහට නිම කරන්න සකස් කර තිබිම.
මේ වගේම මම තවත් ආස කරපු පුංචි ගේම් එකක් තමයි Dangerous Dave. Dave 1 කියලා තමයි අපි නම් කිව්වේ..
මේකෙත් level 10ක් තියේ. 9ට යනකන් ගැහුවා. ඒත් ඉවර කරන්න බැරි උනා. ඉවර කරපු කෙනෙක් ඉන්නවා නම් කියන්න
Dave 2 , dave 3 කියලා ගේම් දෙකකුත් ආවා. ඒ දෙකත් කියලා වැඩක් නෑ.
මේ දවස් වෙනකොට 3D ගේම් එහෙමත් ජනප්‍රිය වෙන්න පටන් අරන් තිබ්බේ. පුද්ගලික පරිගණකයකට සකස් කරපු පලමු 3d ගේම් එක හැටියට හැදින්වෙන්නේ 3D Monster maze කියන ගේම් එක. මේක සාමාන්‍ය පරිගණකයක නම් ක්‍රියා කරවන්න හැකියාවක් තිබ්බෙ නෑ. Sinclair ZX81 කියන පරිගණකයට තමයි මේක විශේෂයෙන් සකස් කරලා තිබුනේ. අපි දැනට පාවිච්චි කරන සාමාන්‍ය පරිගණකයක ක්‍රියා කරන 3D ගේම් එකක් විදිහට ආවෙ wolfenstein 3D කියන ගේම් එක.
මම කලින් කිව්වා මතකනේ floppy disk වලට ගේම් එකතු කරන පුරුද්දක් තිබ්බා කියලා. කොහොම හරි දවසක් මේ ගේම් එක ගන්න ගිහින් ලොකු අමාරුවක වැටුනා.ගේම් එක 1.44mb වලට වඩා වැඩියි. ඒ පාර floppy disk දෙකකට කොපි කරන්න බැලුවා. ඒත් බෑ. එක file එකක සයිස් එක 1.5mb විතර. ඉතිං දැං මොනවා කරන්නද. ගේම් එකත් ඕනා, floppy disk එකේ ඉඩත් නෑ. අන්තිමට මට උදව්වට ආවෙ windows 95 වල ආපු Disk compression tool එක. ඒකෙන් floppy disk එක compress කරලා කොහොම හරි කොපි කරගත්තා.
මම ආස කරපු තව ගේම් එකක් තමයි Prince of Persia. ආ කට්ටිය බලනවා ඇති Prince of persia වල dos ගේම් එකකතුත් තිබ්බද කියලා. එකක් නෙමෙයි දෙකක්ම තිබිලා තියෙනවා. මේක මුලින්ම හදලා තියෙන්නේ Apple II කියන පරිගණකයට 1989දී. අවුරුද්දකට විතර පස්සේ Atari හා DOS වගේ platform වලටත් නිකුත් කරලා තියෙනවා. Prince of persia 2 කියලා මේකෙ දෙවනි කොටසත් 1993 දී නිකුත් උනා.
Dos ගේම් ගැන කියනවා නම් ඉතිං ලිපි ලියන්න පුලුවන් ඕනා තරම්. ගොඩක් අය මේ ගේම් දැකලා වත් නැතුව ඇති. ඒත් මම නම් තාමත් මේවාට ආසයි. DOS box දාගෙන තාමත් මේවා සෙල්ලම් කරනවා. මේ වගේම මම ආස කරපු තව ගේම් තමයි Commander Keen, Jazz jack rabbbit, Budo(shadow night), Bomber man (මේක නං සිරා) Lion king, Jungle book, Galacta.. ඇයි තව Prehistorik 2
මේකෙ නම් screenshot එකක් දානවාමයි. මේකෙ ඉතිං පොල්ලෙං ගමකට නෙලන්න තමයි තියෙන්නෙ 
ආස කෙනෙක් ඉන්නවා නම් DOS box දාලා මේවා play කරලා බලන්න පුලුවන්. මේවා තාමත් අන්තර්ජාලයේ තියෙනවා. මට මගඇරුන හොඳ ගේම් තියේ නම් අපේ කට්ටය මතක් කරන්නකෝ. Game හොයාගන්නම බැරි නම් comment එකකින් කියන්න. මගේ ගාවත් හොඳ dos ගේම් collection එකක් තියේ.
කට්ටිය ගේම් හොයන නිසා මේ ගේම් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් සයිට් කීපයක් දෙන්න හිතුවා. මේ සයිට් වල සර්ච් කරලා බැලුවොත් ඕන ගේම් එකක් හොයාගන්න පුලුවන්.
www.dosgamesarchive.com
www.dosgames.com
(Google කරලා බලන්න. හොයන්න බැරි දෙයක් නෑ
)
ගත්තේ මගේ blog එකෙන් www.kaniya.info
DOS ගේම්,මේවා ඇත්තටම අපි අතරින් සෙමෙන් ඈත්වුනු සුන්දර දෙයක් කිව්වොත් මම නිවැරදියි කියලා හිතනවා. Ms DOS, පුද්ගලික පරිගණක සඳහා හදුන්වාදීමත් සමග අප අතර ජනප්‍රිය උන මේවා windows 95, 98 කාලය දක්වාම අප අතර පැවතුනා. තාක්ෂණයේ දියුණුවත් එක්ක අලුත් පරිගණක ක්‍රීඩා මගින් මේවා ප්‍රතිස්ථාපනය උනත් තවමත් ඒවායේ අගය නම් අඩු වෙලා නෑ. ඉතිං මම තීරණය කලා මේ ගැන මගේ අත්දැකීම් ඔයාලා එක්ක බෙදා හදා ගන්න.
කොම්පියුටරේ ගන්න කලින් TV game පාවිච්චි කරලා තිබුන නිසා ගේම් එකක් ගහන්නේ මෙහෙමයි කියන අයිඩියා එක තිබුනා. ඒ දවස් වල TV game එකෙත් මගේ ආසම ගේම් එක තමයි Super Mario. මගේ මුල්ම කොම්පියුටරය ගැන මගේ කොම්පියුටර් ඉතිහාසය ලිපියෙන් බලාගන්න පුලුවන්. ඉතිං ඕක ගෙනාපු දවසෙ පිස්සු වගේ තමා. මුලින්ම කලේ අල්මාරියෙ දාලා තිබ්බ Floppy disk ටික ගන්න එක. ඒ කාලේ මගේ පුරුද්දක් තිබ්බා සල්ලි තියෙන වෙලාවට floppy disk අරන් එහෙන් මෙහෙන් ඒවාට games කොපි කරලා තියාගන්න එක. කොහොම හරි Mario ගේම් එක දාලා පටන් ගත්තා. ආයෙ මොනවද ඉතිං, TV ගේම් කැලේ. අනික dos වල පාවිච්චි උනේ 8bit colors. ඉතිං හොඳ වර්ණ සංකලනයක් එක්ක ලස්සන ගේම් හදලා තිබ්බා.
මේ කාලේ 3D ගේම් එච්චර ප්‍රසිද්ධ වෙලා තිබ්බෙ නෑ. තිබ්බත් Graphics අන්තිමයි. 2D ගේම් තමා මේ කාලෙ නැගලා ගියේ. දැං තියෙන ගේම් එක්ක බලනකොට මේවා මොනවද කියලා සමහර කෙනෙක්ට හිතෙන්න පුලුවන්. ඒත් මේ DOS ගේම් වල එක විශේෂත්වයක් මම දකිනවා. අපි දැන් ගහන ගේම් එකක් සාමාන්‍යයෙන් කොහොම හරි ඉවර කරන්න පුලුවන්. ඒත් මම තාමත් මේ එක dos ගේම් එකක් වත් අවුරුදු ගානක් ගහලත් ඉවර කරලා නෑ. ඒ වගේම මේවයි තියෙන අනික් විශේෂත්වය තමයි ආරම්භය ඉතා සරළව පටන් අරන් අවසානය අති දුෂ්කර විදිහට නිම කරන්න සකස් කර තිබිම.
මේ වගේම මම තවත් ආස කරපු පුංචි ගේම් එකක් තමයි Dangerous Dave. Dave 1 කියලා තමයි අපි නම් කිව්වේ..
මේකෙත් level 10ක් තියේ. 9ට යනකන් ගැහුවා. ඒත් ඉවර කරන්න බැරි උනා. ඉවර කරපු කෙනෙක් ඉන්නවා නම් කියන්න
Dave 2 , dave 3 කියලා ගේම් දෙකකුත් ආවා. ඒ දෙකත් කියලා වැඩක් නෑ.මේ දවස් වෙනකොට 3D ගේම් එහෙමත් ජනප්‍රිය වෙන්න පටන් අරන් තිබ්බේ. පුද්ගලික පරිගණකයකට සකස් කරපු පලමු 3d ගේම් එක හැටියට හැදින්වෙන්නේ 3D Monster maze කියන ගේම් එක. මේක සාමාන්‍ය පරිගණකයක නම් ක්‍රියා කරවන්න හැකියාවක් තිබ්බෙ නෑ. Sinclair ZX81 කියන පරිගණකයට තමයි මේක විශේෂයෙන් සකස් කරලා තිබුනේ. අපි දැනට පාවිච්චි කරන සාමාන්‍ය පරිගණකයක ක්‍රියා කරන 3D ගේම් එකක් විදිහට ආවෙ wolfenstein 3D කියන ගේම් එක.
මම කලින් කිව්වා මතකනේ floppy disk වලට ගේම් එකතු කරන පුරුද්දක් තිබ්බා කියලා. කොහොම හරි දවසක් මේ ගේම් එක ගන්න ගිහින් ලොකු අමාරුවක වැටුනා.ගේම් එක 1.44mb වලට වඩා වැඩියි. ඒ පාර floppy disk දෙකකට කොපි කරන්න බැලුවා. ඒත් බෑ. එක file එකක සයිස් එක 1.5mb විතර. ඉතිං දැං මොනවා කරන්නද. ගේම් එකත් ඕනා, floppy disk එකේ ඉඩත් නෑ. අන්තිමට මට උදව්වට ආවෙ windows 95 වල ආපු Disk compression tool එක. ඒකෙන් floppy disk එක compress කරලා කොහොම හරි කොපි කරගත්තා.
මම ආස කරපු තව ගේම් එකක් තමයි Prince of Persia. ආ කට්ටිය බලනවා ඇති Prince of persia වල dos ගේම් එකකතුත් තිබ්බද කියලා. එකක් නෙමෙයි දෙකක්ම තිබිලා තියෙනවා. මේක මුලින්ම හදලා තියෙන්නේ Apple II කියන පරිගණකයට 1989දී. අවුරුද්දකට විතර පස්සේ Atari හා DOS වගේ platform වලටත් නිකුත් කරලා තියෙනවා. Prince of persia 2 කියලා මේකෙ දෙවනි කොටසත් 1993 දී නිකුත් උනා.
Dos ගේම් ගැන කියනවා නම් ඉතිං ලිපි ලියන්න පුලුවන් ඕනා තරම්. ගොඩක් අය මේ ගේම් දැකලා වත් නැතුව ඇති. ඒත් මම නම් තාමත් මේවාට ආසයි. DOS box දාගෙන තාමත් මේවා සෙල්ලම් කරනවා. මේ වගේම මම ආස කරපු තව ගේම් තමයි Commander Keen, Jazz jack rabbbit, Budo(shadow night), Bomber man (මේක නං සිරා) Lion king, Jungle book, Galacta.. ඇයි තව Prehistorik 2
මේකෙ නම් screenshot එකක් දානවාමයි. මේකෙ ඉතිං පොල්ලෙං ගමකට නෙලන්න තමයි තියෙන්නෙ 
ආස කෙනෙක් ඉන්නවා නම් DOS box දාලා මේවා play කරලා බලන්න පුලුවන්. මේවා තාමත් අන්තර්ජාලයේ තියෙනවා. මට මගඇරුන හොඳ ගේම් තියේ නම් අපේ කට්ටය මතක් කරන්නකෝ. Game හොයාගන්නම බැරි නම් comment එකකින් කියන්න. මගේ ගාවත් හොඳ dos ගේම් collection එකක් තියේ.
කට්ටිය ගේම් හොයන නිසා මේ ගේම් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් සයිට් කීපයක් දෙන්න හිතුවා. මේ සයිට් වල සර්ච් කරලා බැලුවොත් ඕන ගේම් එකක් හොයාගන්න පුලුවන්.
www.dosgamesarchive.com
www.dosgames.com
(Google කරලා බලන්න. හොයන්න බැරි දෙයක් නෑ
)ගත්තේ මගේ blog එකෙන් www.kaniya.info