ණයට දුන් මුදල යළි ඉල්ලුවැයි ඝාතනය කරලා …

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    කැරීම බල්ලෙක් නේ උ....

    මුදල් ගණුදෙනුවක් සම්බන්ධයෙන් මිතුරන් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුර දිග ගොස් මිතුරා එල්ල කළ පිහි පහරකින් අනෙක් මිතුරා මිය ගොස් ඇතැයි නාඋල පොලිසිය කියයි.

    මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල කළුන්දෑව කලෝගහඇල ප්‍රදේශයේ පදිංචි අලුත් ගෙදර නිරෝෂාන් මධුසංක කුමාරසිංහ විසි තුන හැවිරිදි එක් දරු පියෙකු බව නාඋල පොලිසිය කියයි.

    නාවුල නිකුල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුට ණයට ලබා දුන් රුපියල් හැත්තෑ පන්දහසක මුදල ඉල්ලා ගැනීම සඳහා ගිය අවස්ථාවේ දී නිකුල ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදු වී ඇතැයි පොලිසිය කියයි.

    මියගිය තරුණයා ගොවිතැන් කරන අයෙකි . ඔහු කුඩා නිවසක වසර හතරක කුඩා පුතු සමඟ තනිව ජීවත් වෙන බවත් ඔහුගේ බිරිඳ මේ වන විට විදේශ රටක ගෘහ සේවය සඳහා පිටත්ව ගොස් ඇතැයි ඥාතීහු කියති.

    මිය ගිය පුද්ගලයාගේ මව සඳහන් කළේ පුතාගේ බිරිද එවූ මුදල් මිතුරෙකුට ලබා දී කාලයක් ගත වී එය නොදීම නිසා දිවා කාලයේ ගොස් එම මුදල් ඉල්ලා සිටි බවයි.
     

    Similar threads