ණයයි පොලියයි ගෙවන්න ආදායම මදි‘

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ණයයි පොලියයි ගෙවන්න ආදායම මදි‘

    image_1ff2761fc3.jpg



    ‘ණයයි පොලියයි ගෙවන්න ආදායම මදි‘
    (අනීෂා මානගේ)

    “ලබන අවුරුද්දේ ණය වාරිකයයි පොලියයි ගෙවාගන්න රජයේ ආදායම මදි වෙනවා. අමාරුකම් විඳගෙන අපි හැමකෙනෙක්ම කටයුතු කරන්න ඕනෑ” යැයි මගී ප්‍රවාහන, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ පැවසූයේ අද(24) අඟුණකොළපෑලැස්ස නිවසේදී පැවැති තංගල්ල ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

    මට මේ රටේ අවධානම තේරුණා. රටේ මිනිස්සුන්ට හිඟා කන්න වෙනවා බඩගින්නේ මැරෙන්න වෙනවා මේ යන විදියට . ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ඒ අභියෝගය තිබෙනවා. ලබන අවුරුද්දේ ණය වාරිකයයි, පොලියයි ගෙවාගන්න රජයේ ආදායම මදි වෙනවා. කොහොමද අපි රට කරන්නේ. මේවා අලුතින් හිතන්න වෙන දේවල්. සමෘද්ධිය වැඩි කළා ලක්ෂ හයකට. රාජ්‍ය සේවයට විශාල ප්‍රමාණයක් ඇතුළු කළා. මේවා නවත්වන්න බැහැ රජය වෙනස් වුණා කියලා.

    මැතිවරණ පොරොන්දු ඉෂ්ඨ කරන්නත් වෙනවා. මේ ඔක්කොම කරන්න අපිට ලොකු අමාරුවක් තිබෙනවා. ඒ අමාරුව විඳගෙන අපි හැමකෙනෙක්ම කටයුතු කරන්න ඕනෑ. අඩු තරමේ රැකියාවක් ලැබෙනකල් ගෙදර වත්ත වගා කරන්න. අපිට අවශ්‍ය මිරිස් ටික රටේ හදාගත්තත් ඇති. අවුරුද්දට වරායවල් දෙකක් හදන්න පුළුවන් මිරිස් රටින් ගේන්නේ නැත්නම්. ගුවන්තොටුපොළවල් තුනක් හදන්න පුළුවන් අවුරුද්දකට මිරිස් කන එක රටින් ගේන එක නැවැත්තුවොත්. මේ අවධානම අපි තේරුම් අරගෙන අපි එය කරන්න පටන් ගමු. ඒ ඉල්ලීම රටේ ජනතාවගෙන් ඉල්ලනවා. රටේ දේශීය නිශ්පාදනය අපි ශක්තිමත් කරමු.

    රටේ ජනතාව බඩු මල්ල දිහා බලාගෙනවත්, දෙනවා කියන දේ දිහා බලාගෙනවත් නෙවෙයි ඡන්දය භාවිතා කළේ. රට ගැන සිතා භාවිතා කළ ඡන්දයක් ලෙසයි අපි මෙවර ඡන්දය දකින්නේ. රට මුල් කරගත් ඡන්දයක් මේ රටේ ඉතිහාසයේ තිබුණා නම්, අපේ සිංහල බෞද්ධකම මුල්කරගත් ඡන්දයක් ජයග්‍රහණය කළා නම් එම පළවෙනි අවස්ථාව 16වැනිදා තිබුණා. සමහරු ඡන්දේ දාලා ඡන්ද පෙට්ටියට වැඳලා ගිහිල්ලාත් තිබුණා.

    සමහරු නම් සිමෙන්තිත් ගත්තා. සමහරුන්ට නිවාස ණයත් හම්බවුණා. හැබැයි රට හදන ඡන්දය ඒ අය භාවිතා කළා. ඒ විශ්වාසයෙනුයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ජයග්‍රහණය මුල් වුණේ. අද පත්ව තිබෙන ජනාධිපතිවරයාට සෘජුව තීරණ අරගෙන කටයුතු කරන්න සම්පූර්ණ බලය ලැබී තිබෙනවා. වෙනදා බලයට පත් වුණාම බලයට පත්කළ අන්තවාදීන් විශාල පිරිසක් තනතුරුවල රැකෙන්න දෙන්නේ නැහැ. අන්තවාදීන්ට වුවමනා විදියටයි ජනාධිපතිවරයා සහ ආණ්ඩුව හසුරුවන්න සූදානම් වෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කිසිදු අන්තවාදියෙකුගේ ක්‍රියාවකට යටත් වෙන්නේ නැතුව ස්වාධීනව කටයුතු කරන්න හැකියාව තිබෙනවා.

    මම ඒ කාලයේත් කියූ දෙයක් තමයි අපිට එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආණ්ඩු කරන්න බැහැ කියන එක. අවුරුදු දෙකකට කලින් කිව්වේ. අපිට තේරුණා ඒක ගැලපෙන්නේ නැහැ. ඒ අයගේ අදහස් මේ රට ගොඩනගන්න නෙවෙයි තිබෙන්නේ. අපි හිටපු ජනාධිපතිතුමාටත් කිව්වා මේ අයත් එක්ක ගමනක් නැහැ කියලා. අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සහය පළ කරන්න තීන්දු කළ දවසේ තමයි රටේ මධ්‍යස්ථව සිටි ජනතාව තීන්දු කළේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සහය පළ කරන්න. ‘
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    රනිල් විදේශ සම්බන්ධතා ජාත්‍යන්තර සම්බන්ධතා නිසා යන්තම් ඇදගෙන ගියා.මුන්ට අදිනවා තියා හිතන්නවත් බෑ.රනවිරු ගාය නිට්ටවටම සනීප වෙයි මුන් මාස හයක් ඉන්නකොට.ආය අපි බෙහෙත් දෙන්න ඕන නෑ.:lol:
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ඔව් ඉතිං තොපේ මහා හු. පුතා කාබාසිනියා කරලා ගිය රට නේ මේ....

    කාබාසිනියා කරන්න රටක් තිබ්බද පොන්ස්.නහුතෙට කොමිස් ගහලා එක එක සහනාදාර දීලා චීන නය කන්දක් රීලා ගියාම රට උඩට.තොපි හිතුවේ අපි ඇවිල්ල නය කන්ද ගෙවලා රට හදලා භාන්ඩාගරය පුරවලා තොපිට ආපහු දෙයි කියලා නේද තව අවුරුදු දහයක් කන්න.නෑ අපිත් තොපිට දුන්නේ ඒ නය කනද උඩ තව නය කන්දක් රීලා තමයි.බලමුකො පොහොට්‍ටුවො ආන්ඩු කරන හැටි.:lol:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කාබාසිනියා කරන්න රටක් තිබ්බද පොන්ස්.නහුතෙට කොමිස් ගහලා එක එක සහනාදාර දීලා චීන නය කන්දක් රීලා ගියාම රට උඩට.තොපි හිතුවේ අපි ඇවිල්ල නය කන්ද ගෙවලා රට හදලා භාන්ඩාගරය පුරවලා තොපිට ආපහු දෙයි කියලා නේද තව අවුරුදු දහයක් කන්න.නෑ අපිත් තොපිට දුන්නේ ඒ නය කනද උඩ තව නය කන්දක් රීලා තමයි.බලමුකො පොහොට්‍ටුවො ආන්ඩු කරන හැටි.:lol:

    අම්මෝ රිදිලි තියෙන රිදිල්ල..;)
    මේ රටේ ආදායම එන ඔක්කොම විකුණන් කාපු ආණ්ඩුව ගැන උඔඨ තියෙන කැක්කුම..:shocked:
    තාම උඔට මංගල ගෙවනවා නේද? :yes:
    ඇත්ත කියපං කීයක් ගෙවනවද ? :lol: