ණය අර්බුදය තවත් සුනාමියක් නොවේවා
ශ්රී ලංකාව මේ වනවිට මුහුණ දී තිබෙන ණය අර්බුදය දේශපාලන පක්ෂ පාට බේදයකින් තොරව දැකිය යුතු බැරෑරුම් එකකි. ශ්රී ලංකාව කිසිදිනක ණය පැහැර හැර තිබෙන රටක් නොවන නමුත් එවැනි අවධානමක් හමුවේ රට තිබෙන බව පාලකයින් තේරුම්ගත යුතුය.
මෙවැනි අවස්ථාවන් උද්ධච්ඡ කමින් කළමනාකරණය කළ නොහැකි අතර වඩාත් උපායශීලී ප්රවේශයක් මේ මොහොතේ තෝරාගත යුතුය. මා එසේ පවසන්නේ අනාගතය පුරෝකතනය කරමිනි. ලබන වසරේ ඩොලර් බිලියන 06 කට ආසන්න විදේශ ණයක් ගෙවිය යුතු අතර තිබෙන විදේශ සංචිත සහ ලැබිය හැකි ආදායම් තත්ත්වය අනුව රට පවත්වාගෙන යමින් මෙම අභියෝගයට මුහුණදීමට නිසි සැලසුමක් ඇතැයි තවමත් නොපෙනේ.
මේ නිසා, මේ අවස්ථාවේ විදේශීය ණයකරුවන්ගෙන් ණය සහන කාලයක් ඉල්ලා සිටීමට රජය උනන්දු වන්නේ නම් එය යම් අස්වැසිල්ලක් වනු ඇතැයි මගේ හැගීමයි.
Harsha De Silva