ණය තොරතුරු වාර්තාව(iReport)-cibe Report

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    ණය තොරතුරු වාර්තාව(iReport)-cibe Report

    ඔබගේ ණය තොරතුරු වාර්තාව (iReport)​


    lease,HP ,loan හරි කුමන ණයක් හරි අරන් තියනවනම් වැදගත් වේවි .

    1990 අංක 18 දරන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ පනතේ 2008 අංක 42 දරන සංශෝධනයේ විධි විධාන ප්‍රකාරව, ඕනෑම පුද්ගලයෙකුට හෝ ව්‍යාපාර ආයතනයකට තම ණය තොරතුරු වාර්තාව (iReport) පරීක්ෂාකර බැලීමේ අවස්ථාව 2009 දෙසැම්බර් මස සිට කාර්යාංශය විසින් සළසා දී ඇත.

    ඔබගේ ණය තොරතුරු වාර්තාව හෙවත් iReport යනු…

    “iReport” යනු ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය විසින් නිකුත් කරනු ලබන ඔබගේ ණය තොරතුරු වාර්තාවයි.ඔබ විසින් ලියාපදිංචි ණය දෙන ආයතනවලින් ලබාගත් ණය හා ඒවා සඳහා ආපසු ගෙවිම් සිදුකරන ආකාරය පිළිබඳ තොරතුරු, ඔබගේ ණය තොරතුරු වාර්තාවෙන් පෙන්නුම් කරයි.

    ඔබගේ ණය තොරතුරු වාර්තාව (iReport) පරීක්ෂා කිරීම වැදගත් වන්නේ ඇයි?

    · ඔබ වගකීමෙන් බැඳි ණය පහසුකම්වල වර්තමාන තත්වය, බැංකු හා මූල්‍ය ආයතනවලට පෙර ඔබටම දැක බලා ගැනීමට හැකිවේ.

    · ඔබගේ ණය ආපසු ගෙවීමේ ක්‍රියා පටිපාටිය ක්‍රමවත් කරගැනීමට උපයෝගි කරගත හැක.

    · අඩුපාඩු සහිත තොරතුරු අඩංගු වන්නේ නම් ඒවා නිවැරදි කර ගැනීමට ඉඩ සැළසෙන අතර දත්තවල යාවත්කාළීන බව ඔබටම තහවුරු කරගත හැකිය.

    · ඔබ බද්ධ ණය කරුවෙකු/ ඇපකරුවෙකු ලෙස සම්බන්ධවූ ණය පහසුකම් පිළිබඳව නිරීක්ෂණය කළ හැක.

    · ඔබගේ ණය ආපසු ගෙවීමේ ක්‍රියාවලිය ක්‍රමවත් කරගත හැක.

    බැංකු හා මූල්‍ය ආයතන භාවිතා කරනු ලබන ණය තොරතුරු වාර්තාව හා iReport අතර වෙනසක් තිබේද?

    බැංකු හා මූල්‍ය ආයතන වල ඉල්ලීම මත ණය තොරතුරු නිකුත් කිරීමේදී, කාර්යාංශය විසින් පවත්වාගෙන යනු ලබන ප්‍රතිපත්තීන් හා අනුකූලතා වලට අනුකූලව යම් යම් සීමාවන් ආදේශ කෙරේ.

    එහිදී එම ණය තොරතුරු වාර්තා කරන ලද බැංකු හෝ මූල්‍ය ආයතනයේ හා ශාඛාවෙහි නම, ඇපකරු ලෙස සම්බන්ධවූ ණය පහසුකම්වල ණයකරුවන් පිළිබඳ තොරතුරු, පසුගිය සය මසක කාලය තුල ඔබගේ ණය තොරතුරු පරීක්ෂා කරන ලද බැංකු හා මූල්‍ය ආයතන, ශාඛා පිළිබඳ විස්තර ආදිය පූර්ණ වශයෙන් ඇතුලත් නොවේ.නමුදු ඔබගේ ණය තොරතුරු වාර්තාවෙහි (iReport) තොරතුරු ඉදිරිපත් කිරීමේදී කාර්යාංශය විසින් ඉහත සඳහන් කළ කිසිදු සීමාවක් ආදේශ නොකරන අතර ඒ පිළිබඳව පූර්ණ තොරතුරු ලබාගැනීමේ අවස්ථාවiReport මගින් ඔබට හිමිවේ.

    ආදර්ශ පුද්ගල ණය තොරතුරු වාර්තාව (iReport – Individual)
    http://www.crib.lk/en/images/crib_specimen_ireport_individual.pdf
    ආදර්ශ ආයතනික ණය තොරතුරු වාර්තාව (iReport – Corporate)
    http://www.crib.lk/en/images/crib_specimen_ireport_corporate.pdf



    ඔබගේ ණය තොරතුරු වාර්තාව (iReport) පරීක්ෂා කර බැලිය හැක්කේ කෙසේද?​


    1990 අංක 18 දරන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ පනතේ 2008 අංක 42 දරන සංශෝධනයේ විධි විධාන ප්‍රකාරව, ඕනෑම පුද්ගලයෙකුට හෝ ව්‍යාපාර ආයතනයකට තම ණය තොරතුරු වාර්තාව (iReport) පරීක්ෂාකර බැලීමේ අවස්ථාව 2009 දෙසැම්බර් මස සිට කාර්යාංශය විසින් සළසා දී ඇත.ඔබගේ ණය තොරතුරු වාර්තාව (iReport) සඳහා ඉල්ලුම් කළ හැකි ක්‍රම 3කි.

    ඕනෑම බැංකු ශාඛාවක් මගින් අයදුම්පතක් කාර්යාංශය වෙත එවා, තම ණය තොරතුරු වාර්තාව (iReport) ලියාපදිංචි තැපෑලෙන් නිවසටම ගෙන්වාගත හැකිය.

    සතියේ කාර්යාලීය දිනවල පෙව 9 සිට පව 3.30 දක්වා කාලය තුල පෞද්ගලිකව ණය තොරතුරු කාර්යාංශය වෙත පැමිණීමෙන්ද ඒ මොහොතේම තම ණය තොරතුරු වාර්තාව (iReport) ලබාගත හැකිය.
    iReportonline සේවාව සඳහා ලියාපදිංචි වී අන්තර්ජාලය හරහා එසැණින් පරීක්ෂා කර බැලිය හැක.
    මෙම සේවාව සඳහා ලියාපදිංචි වීමට සතියේ කාර්යාලීය දිනවල පෙව 9 සිට පව 3.30 දක්වා කාලය තුල පෞද්ගලිකව ණය තොරතුරු කාර්යාංශය වෙත පැමිණිය යුතු වේ. ඔබගේ පරිශීලක හැඳුනුම් අංකය ( User ID) හා මුර පදය (Password) එවෙලෙහිම නිකුත් කෙරේ.

    සැ.යු. - ආයතනික ණය තොරතුරු වාර්තාවක් (Corporate iReport) සඳහා ඉල්ලුම් කළ හැක්කේ බැංකු ශාඛාවක් හරහා පමණක් බව කරුණාවෙන් සළකන්න.

    බැංකු ශාඛාවක් මගින් අයදුම්පතක් කාර්යාංශය වෙත එවාතම ණය තොරතුරු වාර්තාව (iReport) ලබා ගැනීමේ ක්‍රියා පිළිවෙල​

    uq2rP8Z.jpg
     
    • Like
    Reactions: rcccc and laMir

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    ඔය සොන්නහ් වාර්තාව ඔන්ලයින් බලන්න බැරිද කුකුලණි
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඕකට iReport කිව්වම කව්රුත් දන්නේ නෑ. apple සමාගමේ product එකක් කියල හිතයි. :lol::lol: ඕකට කියන්නේ ක්‍රිබ් එක (CRIB) එක කියලා :)
     

    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113

    ඔය සොන්නහ් වාර්තාව ඔන්ලයින් බලන්න බැරිද කුකුලණි

    ඕකට iReport කිව්වම කව්රුත් දන්නේ නෑ. apple සමාගමේ product එකක් කියල හිතයි. :lol::lol: ඕකට කියන්නේ ක්‍රිබ් එක (CRIB) එක කියලා :)

    iReport නිසා සෑහෙන ගානක් ඇති :(

    CRIB bump

    thanks machoo
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඕකට iReport කිව්වම කව්රුත් දන්නේ නෑ. apple සමාගමේ product එකක් කියල හිතයි. :lol::lol: ඕකට කියන්නේ ක්‍රිබ් එක (CRIB) එක කියලා :)

    na machan Ireport kiyanne api java wala use karana report generate karana software ekata:P:P:P
     

    Similar threads