bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ලංකාව ණය උගුලක හිර කළේ කවුද?

    ලංකාව විශාල ණය උගුලක පැටලී සිටින බව මේ වන විට බොහෝ දෙනෙකු දන්නා සහ පිළිගන්නා කරුණකි. ණය උගුලෙන් ගැලවීමේ උපාය මාර්ග සෙවීමේදී මේ ණය උගුලේ පැටළුණු ආකාරය අවබෝධ කරගැනීම වැදගත් වුවත් එහි වගකීම යම් නිශ්චිත පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මත පැටවීමෙන් ලැබෙන විශේෂ වාසියක් නැත.

    ණය මල්ලට සම්මාදම් වූ අය කවුරු වුවත් එයින් ගැලවීමේ ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම ප්‍රධාන වශයෙන්ම ඇත්තේ මේ වන විට රටේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය කරන පුද්ගලයින් අතේය. එසේ ගන්නා නිවැරදි ක්‍රියා මාර්ගයකට සහයෝගය දීම රටේ සෑම පුරවැසියෙකුගේම වගකීමකි. එමෙන්ම, රටේ පාලනාධිකාරිය එම සහයෝගය ලබා ගත හැකි පරිදි ක්‍රියාකිරීමද වැදගත්ය. කෙසේවුවද, සිදුවන්නේ එවැන්නක්ද යන්න සැක සහිතය.

    ලංකාව නිදහස ලබන විට ඉංග්‍රීසින් විසින් භාර දී ගියේ ලෝකයටම ගෙවන්නට ඇති ණය ගොඩක් සමඟ හිස් භාණ්ඩාගාරයක් නොවේ. 1950 වන විටද ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් මිලියන 654ක් පමණක් වූ අතර එම මුදල දළ දේශීය නිෂ්පාදිතයෙන් 16.9%ක් පමණි. එතැන් සිට සියළු රජයයන් යටතේ සිදු වුණේ මේ ණය මල්ල පැටවු ගැසීමයි. 2015 අවසාන වන විට රුපියල් මිලියන 8,503,227ක් දක්වා මේ ණය මල්ල ලොකු වූ ආකාරය පහත වගුවේ පෙන්වා තිබේ.


    debttrap1.png


    නිදහසින් පසු කිසිම රජයක් යටතේ ලංකාවේ ණය අඩු වී නැත. එහෙත්, ඇතැම් කාලවලදී වෙනත් කාල වලදීට වඩා අඩුවෙන් ණය ගෙන තිබේ. පහත රූප සටහනේ ඇත්තේ එක් එක් කාල වකවානු තුළ රාජ්‍ය ණය ප්‍රමාණය වර්ධනය වූ සාමාන්‍ය වේගයයි.


    debttrap2.png


    නිදහසින් පසු පැවති බොහෝ පාලන කාලයන්හිදී අඩු වශයෙන් 13-14% පමණ ප්‍රතිශතයකින් වාර්ෂිකව ලංකාවේ ණය ප්‍රමාණය ඉහළ ගියේය. මේ ප්‍රවණතාව ඇරඹුණේ 1950 දශකයේදීමය.

    ඒ කාලයේ ඇරඹුණු සහනාධාර ආර්ථිකයෙන් ගැලවෙන්නට ලංකාවට පහසු වුනේ නැත. කෙසේ වුවද, ණය වැඩි වීමට සමාන්තරව රටේ දළ දේශීය නිෂ්පාදිතය වැඩි වීමේ වේගයේ සිදු වූ වෙනස්කම් නිසා රටේ ආදායමේ ප්‍රතිශතයක් ලෙස ඇතැම් කාලාන්තර තුළදී ණය ප්‍රමාණය වැඩි වීමත් තවත් කාලාන්තර වලදී අඩු වීමත් සිදු විය.

    නිදහසින් පසු ගතවූ මුල් දශක දෙක තුළදීද පෙර වසරට සාපේක්ෂව ලංකාවේ ණය වර්ධනය සිදු වූයේ පසුකාලීනව එය සිදු වූ වේගයට ආසන්න වේගයකිනි. එහෙත්, ඒ කාලයේදී ණය කන්දක් ගොඩ ගැසී නොතිබුණු නිසා මෙය බරපතල ප්‍රශ්නයක් ලෙස පෙනුණේ නැත.

    සමඟි පෙරමුණු රජය ඇරඹෙන විට ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය ප්‍රමාණය 62.5%ක් වූ අතර එම පාලන කාලය තුළ ණය ගැනීම සිදුවුනේ අඩුවෙන් නිසා ජයවර්ධන පාලනය ඇරඹෙන විට මේ ප්‍රතිශතය 58.5% දක්වා අඩු විය.

    ලංකාව ණය උගුලට පා තැබුවේ නිදහස ලැබූ අළුතම වුවත් ගැලවෙන්නට නොහැකි පරිදි උගුලේ හිර වුනේ ජයවර්ධන පාලන කාලයේදීය. 1977-88 කාලය තුළ වාර්ෂික සාමාන්‍ය ණය වර්ධනය 24% පමණ වූ අතර එම වසර 12 තුල රටේ ණය මල්ල 13 ගුණයකින් වර්ධනය වී දළ ජාතික නිෂ්පාදිතයද ඉක්මවා ගියේය. රට ණයෙන් දුවනවාට අමතරව ණයෙන් දුවන ගෘහස්ථ ආර්ථික සංස්කෘතියක් ප්‍රවර්ධනය කළේද ජයවර්ධන පාලනයයි.

    මහ බැංකු වාර්තා පරික්ෂා කර අවශ්‍ය කෙනෙකුට තහවුරු කර ගත හැකි මා ඉහත ඉදිරිපත් කර ඇති සංඛ්‍යාලේඛණ වලින් මේ කරුණු පැහැදිලි විය යුතුය. ජයවර්ධන පාලනය අවසන් වන විට රටේ රාජ්‍ය ණය ප්‍රමාණය ද.දේ.නි. ඉක්මවා තිබුණු අතර 1988/89 කාලයේදී ජවිපෙ විසින් රටේ ආර්ථික වර්ධනය අඩාල කිරීමේ හේතුවෙන් 1989 අවසන් වන විට ලංකාවේ ණය මල්ල රටේ සමස්ත නිෂ්පාදිතයටද වඩා 8.7%කින් වැඩි විය.

    ජයවර්ධන යුගයෙන් පසු අද දක්වාම ලංකාව පාලනය කෙරෙන්නේ එදාවේල ක්‍රමයටය. රජයේ ආදායම ණය පොලී හා වාරික සඳහාවත් ප්‍රමාණවත් නැති තත්ත්වයකට පත් වීමෙන් පසු, එක් වර සිදුවිය හැකි විශාල ආර්ථික කඩා වැටීමක් වහා සිදුවීම වලක්වා ගත හැකි එකම ක්‍රමය තව තවත් ණය ගැනීමයි. ජයවර්ධන යුගයෙන් පසු දිගටම සිදු වූයේත්, සිදු වන්නේත් එයයි. ණය නොගෙන සිටියහොත් ආර්ථිකය වහා අර්බුදයකට ලක්වීම වැළැක්විය නොහැකිය.

    කෙසේ වුවද, ණය මල්ල වැඩි වෙද්දී අළුතින් තවත් ණය ගැනීම එන්න එන්නම අමාරු වේ. ණය ආපසු ලැබීමේ අවදානම වැඩි නිසා වැඩි වැඩියෙන් පොලී ගෙවන්නට සිදු වන අතර එයින් ණය බර තවත් වැඩි වේ. ඇතැම් විට අවශ්‍ය ණය අරමුදල් කවර කොන්දේසි යටතේ වුවද සපයා ගැනීම අසීරු වේ. ජයවර්ධන යුගයෙන් පසු රට පාලනය කළ සෑම රජයකටම මේ යථාර්තයට මුහුණ දෙන්නට සිදු විය. ඒ නිසා, ඒ සෑම රජයක්ම රාජ්‍ය අයවැය පරතරය අඩුවෙන් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය හඳුනා ගත්තේය. එහෙත්, ඒ සඳහා දැරුණු උත්සාහයන් බොහෝ අවස්ථා වලදී ආර්ථික නොවන දේශපාලනික කරුණු මත ව්‍යවර්ථ විය.

    පසුගිය ජනධිපතිවරයාගේ ධුර කාලය තුළද රටේ ණය විශාල ලෙස ඉහළ ගිය නමුත් ඒ කාලයේ වාර්ෂිකව රාජ්‍ය ණය තොගය වර්ධනය වූ 13%ක වේගය නිදහසින් පසු ප්‍රථම අගමැති වරයාගේ ධුර කාලය හැරුණු විට අඩුම වේගයයි. අනෙක් සෑම කාලයකදී රාජ්‍ය ණය වර්ධනය මීට වඩා වේගයෙන් හෝ ආසන්නව මේ වේගයෙන්ම සිදු වී තිබේ. අනෙක් අතට, නිදහසින් පසු රටේ ආර්ථික වර්ධනය වැඩිම වේගයෙන් සිදුවූයේ මේ කාලයේදීය. ඒ නිසා, 2014 වන විට ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස 70.7 දක්වා අඩු කර ගැනීමට හැකි විය. ඒ නිසා රාජ්‍ය ණය බරෙහි වගකීම පසුගිය පාලනය මත පැටවීම තේරුමක් නැති දෙයක් වනවාට අමතරව තර්කානුකූලද නැත.

    ලංකාවේ ආර්ථිකය මෙහෙයවීම කවරෙකු භාර ගත්තද මේ වන විට පවතින තත්ත්වය අනුව, ඇත්ත වශයෙන්ම ජයවර්ධන යුගයෙන් පසුව දිගටම පවතින තත්ත්වය අනුව, ක්ෂණික කඩා වැටීමක් වලක්වා ගැනීම සඳහා පමණක් වුවද තව තවත් ණය ගැනීමට සිදුවීම ප්‍රායෝගික යථාර්තයකි. එසේ ගනිද්දී, යම් හෙයකින් ආර්ථිකය කඩා වැටුනොත් සිදුවන අවදානමද එන්න එන්නම වැඩි වේ.

    කෙසේවුවද, කළ යුත්තේ අළුතින් ණය ගැනීම හැකිතාක් සීමා කිරීම හා තිබෙන සීමිත සම්පත් හැකි උපරිම කාර්යක්ෂමතාවයෙන් ආර්ථික වර්ධනය උදෙසා උපයෝගී කර ගැනීමයි. දැනට පෙනෙන්නේනම් ණය වර්ධනය වීම පැවති වේගයටත් වඩා වැඩියෙන් සිදුවන බවයි. පසුගිය පාලනය යටතේ ලබාගත් ණය ගැන ප්‍රචාරණය කිරීම වර්තමානයේ වැඩි වේගයකින් සිදුවන දේශීය ණය ගැනීම් ආවරණය කර ගැනීමට ගන්නා උත්සාහයක් බව පෙනේ. මෙය රජයට පාරාවළල්ලක් විය හැකි ආකාරය ගැන පසුව කතා කරමු.
     
    • Like
    Reactions: Vandetta

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ආර්ථික වර්ධනය හා පක්ෂ ප්‍රතිපත්ති

    unpslfp.jpg


    ඇමරිකාවේ ආර්ථික වර්ධනය හා බලයේ සිටින ජනාධිපතිවරයාගේ දේශපාලන පක්ෂය පිළිබඳව ඇමරිකන් ඉකොනොමික් රිවීව් විමර්ශිත ජර්නලයේ පළවූ පර්යේෂණ පත්‍රිකාවක් ඇසුරෙන් මම මසකට පෙර සටහනක් පළ කළෙමි. මේ සටහනට ප්‍රතිචාරයක් ලෙස පාඨකයෙකු විමසා සිටියේ ලංකාව හා අදාළවද මෙවැනි විශ්ලේෂණයක් කළ හැකිද යන්නයි. ඇමරිකාවේ මෙන් නිශ්චිත දිනයකට මැතිවරණ නොපැවැත්වෙන හා මැතිවරණ ක්‍රමය කිහිප වරක් සංශෝධනය වුනු ලංකාව හා අදාළව මෙවැන්නක් කිරීම තරමක් සංකීර්ණ කටයුත්තකි. මේ ඒ සඳහා කෙරෙන සරල උත්සාහයකි.

    ඇමරිකාවේ මෙන්ම ලංකාවේද ඇත්තේ ද්විපක්ෂ ක්‍රමයකි. නිදහසින් පසු දිගටම ලංකාව පාලනය කලේ එජාප හෝ ශ්‍රීලනිප ඇතුළත් වූ සන්ධානයකි. 1977 වන තුරු ලංකාවේ රාජ්‍ය පාලනය මෙහෙයවුනේ අගමැතිවරයෙකුගේ ප්‍රධානත්වයෙනි. ඒ නිසා ඒ කාලය සැලකිල්ලට ගැනීමේදී සැලකිය යුත්තේ අගමැතිවරයා අයත් වූ දේශපාලන පක්ෂයයි. ඉන්පසුව, විධායක ජනාධිපතිවරයෙකු විසින් රාජ්‍යය මෙහෙයවුනද බොහෝ විට අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය පත් වූයේ ජනාධිපතිවරයා අයත් වූ පක්ෂයෙන්මය. පළමු වරට මේ තත්ත්වයේ සුවිශේෂී වෙනසක් සිදුවූයේ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ කාලයේදී රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත් වූ කාල වකවානුවේදීය. කෙසේවුවද, මේ කාලය තුළ රටේ ආර්ථික ප්‍රතිපත්ති මෙහෙයවූයේ එජාපය බව සැලකීමෙහි වරදක් නැත. ඉන්පසුව, පසුගිය වසරේ රාජ්‍ය පාලනය භාරගත් එජාප-ශ්‍රීලනිප සම්මුති ආණ්ඩුව සම්බන්ධවනම් ඇත්තේ තරමක් අපැහැදිලි තත්ත්වයකි.

    පහත රූපසටහනේ ඇත්තේ එජාප හා ශ්‍රීලනිප ප්‍රමුඛ වූ සභාග අතර බලය මාරුවුනු විවිධ කාල වකවානු වල ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයයි. කිසියම් වසරක් තුළ වැඩිම කාලයක් රට පාලනය කළ පක්ෂය එම වසර තුළ රට පාලනය කළ බව සලකා තිබේ. ඒ නිසා 1960 ඩඩ්ලි සේනානායක අගමැතිව සිටි තුන්මස් එජාප ආණ්ඩුව ආණ්ඩු වෙනසක් ලෙස මෙහි නොපෙනේ. එකම පක්ෂයේ පුද්ගලයින් අතර සිදුවූ බල හුවමාරුද වෙන් වශයෙන් සලකා නැත.


    partyand%2Bgrowth.bmp


    රූපසටහන ලෙස බැලූ විට, නිදහසින් පසු සෑහෙන කලක් යනතුරුම එජාප ප්‍රධාන වූ ආණ්ඩු යටතේ ආර්ථික වර්ධනය ශ්‍රීලනිප ප්‍රධාන ආණ්ඩු යටතේ වූ වර්ධනයට සාපේක්ෂව කැපී පෙනේ. පසුගිය දශකය මුල පමණ දක්වා පිළිගැනුණු රටේ ආර්ථිකයට හොඳ එජාප ආණ්ඩු බවට වූ ජනප්‍රිය අදහස සමඟ මෙය ගැලපේ. මේ වෙනසට පදනමක් විය. මුල් කාලයේදී එජාප ආර්ථික ප්‍රතිපත්ති වඩා නිදහස් වූ අතර ශ්‍රීලනිප බොහෝ විට අනුගමනය කළේ ජාතිකවාදී, ආරක්ෂනවාදී ආර්ථික ප්‍රතිපත්තියකි. මුල්කාලීන එජාප රජයයන් යටතේ සිදුවී ඇති සාපේක්ෂව ඉහළ ආර්ථික වර්ධනය එම පක්ෂය අනුගමනය කළ නිදහස් ආර්ථික ප්‍රතිපත්තීන්හි ප්‍රතිඵලයකි.

    කෙසේවුවද, පසුකාලීනව ශ්‍රීලනිප ප්‍රතිපත්තියද නිදහස් වෙළඳපොළ දෙසට යොමුවූවක් ලෙස වෙනස් වීමත් සමඟ පක්ෂ දෙක අතර කලක් තිස්සේ පැවති ආර්ථික ප්‍රතිපත්ති වෙනස මෙන්ම මේ එක් එක් පක්ෂ වල පාලනයන් යටතේ රටේ සාමාන්‍ය ආර්ථික වර්ධනයේ වෙනසද ක්ෂය විය. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ 2004-2014 කාලයේ සාමාන්‍ය ආර්ථික වර්ධනය නිදහසින් පසු සියළු කාල වකවානු වල පැවති මට්ටම් ඉක්මවා කැපී පෙනේ.

    වත්මන් රජයට මේ සාමාන්‍යය ඉක්මවීමට හැකියාවක් ඇත්දැයි තීරණය කිරීමට ගත වූ වසරක කාලය ප්‍රමාණවත් නැතත් එවැනි ශක්‍යතාවක් මේ වන තුරුනම් ප්‍රදර්ශනය කෙරී නැත. අනෙක් අතට දැන් පවතින්නේ එජාප රජයක්ද යන්නත් පැහැදිලි නැත.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    2015 මහ බැංකු වාර්තාව එළි දකී!


    පසුගිය 2015 වසර සඳහා වූ මහ බැංකු වාර්ෂික වාර්තාව එළි දක්වා තිබේ. 2015 යනු පැවති රජය මෙන්ම මහ බැංකුවේ අධිපතිවරයාද වෙනස් වීමෙන් පසුව ගෙවුණු පළමු වසරයි.

    මේ ලිපියෙන් මහ බැංකු වාර්තාවේ ඇති කරුණු පිළිබඳව පුළුල් විග්‍රහයක් කිරීමට බලාපොරොත්තුවක් නැත. එහෙත්, එහි බොහෝ දෙනෙකු බලා සිටින ප්‍රධානම කරුණු අතරින් ආර්ථික වර්ධනය දෙස පළමුව බැලූ විට පසුගිය වසරේ ලංකාවේ ආර්ථිකය 4.8%කින් වර්ධනය වී තිබේ. මෙය 1977දී ලංකාවට නිදහස් ආර්ථික ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව පවත්වාගත් සාමාන්‍ය වර්ධන වේගයට වඩා අඩු අගයකි.

    මහ බැංකුවේ ප්‍රවෘත්ති නිවේදනය අනුව "රාජ්‍ය අයවැයෙහි වියදම් විශාල ලෙස ඉහළ යාම, ද.දේ.නි.හි ප්‍රතිශතයක් ලෙස 4.4%ක් වූ ඉලක්කගත අයවැය හිඟය 7.4% දක්වා ඉහළ යෑමට" හා "මධ්‍යම රජයේ ණය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 76.0% දක්වා ඉහළ යෑමට" හේතු වී තිබේ. 2014 අවසාන වන විට රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,390.9ක් වූ අතර වසර අවසානය වෙද්දී මේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 8,503.2ක් දක්වා 15%කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ. 2014 අවසානයේදී ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස රජයේ ණය ප්‍රමාණය 70.7% මට්ටමේ පැවතුණි. වෙනත් අයුරකින් කිවහොත් රටේ ඒක පුද්ගල ණය ප්‍රමාණය වසර මුල වූ රුපියල් 355,799 සිට රුපියල් 405,571 දක්වා ඉහළ ගොස් ඇත.

    2015 මුලදී ඉදිරිපත් කළ රාජ්‍ය මූල්‍ය කළමණාකරන වාර්තාවෙන් අයවැය හිඟය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 4.4% දක්වා අඩුකර ගැනීමටද රාජ්‍ය ණය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 72% මට්ටමේ පවත්වා ගැනීමටත් සැලසුම් කර තිබුනද රජය මේ ඉලක්ක සපුරාගැනීමට අසමත්ව ඇති බව මහ බැංකු පුවත් නිවේදනය පෙන්වා දෙයි. පොලී ගෙවීමේ වියදම් ඉවත් කර හදන ප්‍රාථමික ගිණුමේ හිඟයද 2014දී පැවති 1.5% සිට 2.9% දක්වා වැඩි වී තිබේ.

    එමෙන්ම, වසර තුළ ගෙවුම් තුලනය ඩොලර් මිලියන 1,489කින් "පිරිහීමත් සමඟ රටෙහි දළ නිල සංචිත ප්‍රමාණය 2014 වසරේ තිබූ ඩොලර් බිලියන 8.2හි සිට 2015 වසර අවසානය වන විට ඩොලර් බිලියන 7.3ක් දක්වා" අඩු වී තිබේ.

    බැංකු අංශයෙන් රජයට ලබා දෙන ණය මුලින් ඇස්තමේන්තු කළ ප්‍රමාණය ඉක්මවා "රුපියල් බිලියන 326කින් සැලකිය යුතු ලෙස" වැඩි වී ඇති අතර වසර තුල මහ බැංකුව විසින් රටේ ආර්ථිකයට අළුතින් සංචිත මුදල් රුපියල් බිලියන 95.5ක පමණ මුදලක් පොම්ප කර තිබේ. මේ අනුව, රටේ පුළුල් මුදල් සැපයුම පෙර වසරේ පැවති 13.4% වර්ධනය සැලකිය යුතු ලෙස ඉක්මවමින් 17.8%කින් වර්ධනය වී තිබේ.

    සමස්තයක් වශයෙන් පසුගිය වසරේ ආර්ථික වර්ධනයන් පිළිබඳව මහ බැංකු වාර්තාවෙන් පෙන්වන චිත්‍රය එතරම් හොඳ නැති බව කිව යුතු නොවේ.



    ඩොලර් මිලියන 633.5ක
    විදෙස්‌ ආයෝජන රටින් පිටව යයි

    ශ්‍යාම් නුවන් ගනේවත්ත - දිවයින

    ගිය වසරේ (2016) මුල සිට පසුගිය පෙබරවාරි මස මැද දක්‌වා කාලය තුළ රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර තිබූ විදේශ ආයෝජන ඇමෙරිකානු ඩොලර් මිලියන 633.5 ක ප්‍රමාණයක්‌ රටින් පිටව ගොස්‌ ඇත.

    2016 වසර තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 324.3 ක්‌ සහ 2017 වසරේ පෙබරවාරි 14 දින දක්‌වා කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 309.2 ක්‌ ද ශුද්ධ වශයෙන් රාජ්‍ය සුරැකුම්පත්වලින් විදෙස්‌ ආයෝජකයන් ඉවත් කරගෙන ගොස්‌ තිබේ.

    මේ අනුව රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කර තිබූ මුළු විදේශ ආයෝජන ප්‍රමාණය සියයට 4.4 ක්‌ දක්‌වා මේ වන විට සැලකිය යුතු ලෙස පහත වැටී ඇත.
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    2015 naya wala prathishtaya 92 % wenna ona.
    gananaya karana kramaya wenas kala nisayi adu wenne...
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රඹා;21313727 said:
    මොකක්ද බන් ඔය ගනනය කරන අලුත් ක්‍රමය?

    rAjaya maha banda garaya widihata gatha naya witharayi 78 %
    eth rajayata ayithi septco electricity bord eka waraya adi kariya widihata gatha loku naya thinawa.
    ewa gewime wagakimath thinne rajayatamayi...