ලංකාව ණය උගුලක හිර කළේ කවුද?
ලංකාව විශාල ණය උගුලක පැටලී සිටින බව මේ වන විට බොහෝ දෙනෙකු දන්නා සහ පිළිගන්නා කරුණකි. ණය උගුලෙන් ගැලවීමේ උපාය මාර්ග සෙවීමේදී මේ ණය උගුලේ පැටළුණු ආකාරය අවබෝධ කරගැනීම වැදගත් වුවත් එහි වගකීම යම් නිශ්චිත පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මත පැටවීමෙන් ලැබෙන විශේෂ වාසියක් නැත.
ණය මල්ලට සම්මාදම් වූ අය කවුරු වුවත් එයින් ගැලවීමේ ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම ප්‍රධාන වශයෙන්ම ඇත්තේ මේ වන විට රටේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය කරන පුද්ගලයින් අතේය. එසේ ගන්නා නිවැරදි ක්‍රියා මාර්ගයකට සහයෝගය දීම රටේ සෑම පුරවැසියෙකුගේම වගකීමකි. එමෙන්ම, රටේ පාලනාධිකාරිය එම සහයෝගය ලබා ගත හැකි පරිදි ක්‍රියාකිරීමද වැදගත්ය. කෙසේවුවද, සිදුවන්නේ එවැන්නක්ද යන්න සැක සහිතය.
ලංකාව නිදහස ලබන විට ඉංග්‍රීසින් විසින් භාර දී ගියේ ලෝකයටම ගෙවන්නට ඇති ණය ගොඩක් සමඟ හිස් භාණ්ඩාගාරයක් නොවේ. 1950 වන විටද ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් මිලියන 654ක් පමණක් වූ අතර එම මුදල දළ දේශීය නිෂ්පාදිතයෙන් 16.9%ක් පමණි. එතැන් සිට සියළු රජයයන් යටතේ සිදු වුණේ මේ ණය මල්ල පැටවු ගැසීමයි. 2015 අවසාන වන විට රුපියල් මිලියන 8,503,227ක් දක්වා මේ ණය මල්ල ලොකු වූ ආකාරය පහත වගුවේ පෙන්වා තිබේ.
නිදහසින් පසු කිසිම රජයක් යටතේ ලංකාවේ ණය අඩු වී නැත. එහෙත්, ඇතැම් කාලවලදී වෙනත් කාල වලදීට වඩා අඩුවෙන් ණය ගෙන තිබේ. පහත රූප සටහනේ ඇත්තේ එක් එක් කාල වකවානු තුළ රාජ්‍ය ණය ප්‍රමාණය වර්ධනය වූ සාමාන්‍ය වේගයයි.
නිදහසින් පසු පැවති බොහෝ පාලන කාලයන්හිදී අඩු වශයෙන් 13-14% පමණ ප්‍රතිශතයකින් වාර්ෂිකව ලංකාවේ ණය ප්‍රමාණය ඉහළ ගියේය. මේ ප්‍රවණතාව ඇරඹුණේ 1950 දශකයේදීමය.
ඒ කාලයේ ඇරඹුණු සහනාධාර ආර්ථිකයෙන් ගැලවෙන්නට ලංකාවට පහසු වුනේ නැත. කෙසේ වුවද, ණය වැඩි වීමට සමාන්තරව රටේ දළ දේශීය නිෂ්පාදිතය වැඩි වීමේ වේගයේ සිදු වූ වෙනස්කම් නිසා රටේ ආදායමේ ප්‍රතිශතයක් ලෙස ඇතැම් කාලාන්තර තුළදී ණය ප්‍රමාණය වැඩි වීමත් තවත් කාලාන්තර වලදී අඩු වීමත් සිදු විය.
නිදහසින් පසු ගතවූ මුල් දශක දෙක තුළදීද පෙර වසරට සාපේක්ෂව ලංකාවේ ණය වර්ධනය සිදු වූයේ පසුකාලීනව එය සිදු වූ වේගයට ආසන්න වේගයකිනි. එහෙත්, ඒ කාලයේදී ණය කන්දක් ගොඩ ගැසී නොතිබුණු නිසා මෙය බරපතල ප්‍රශ්නයක් ලෙස පෙනුණේ නැත.
සමඟි පෙරමුණු රජය ඇරඹෙන විට ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය ප්‍රමාණය 62.5%ක් වූ අතර එම පාලන කාලය තුළ ණය ගැනීම සිදුවුනේ අඩුවෙන් නිසා ජයවර්ධන පාලනය ඇරඹෙන විට මේ ප්‍රතිශතය 58.5% දක්වා අඩු විය.
ලංකාව ණය උගුලට පා තැබුවේ නිදහස ලැබූ අළුතම වුවත් ගැලවෙන්නට නොහැකි පරිදි උගුලේ හිර වුනේ ජයවර්ධන පාලන කාලයේදීය. 1977-88 කාලය තුළ වාර්ෂික සාමාන්‍ය ණය වර්ධනය 24% පමණ වූ අතර එම වසර 12 තුල රටේ ණය මල්ල 13 ගුණයකින් වර්ධනය වී දළ ජාතික නිෂ්පාදිතයද ඉක්මවා ගියේය. රට ණයෙන් දුවනවාට අමතරව ණයෙන් දුවන ගෘහස්ථ ආර්ථික සංස්කෘතියක් ප්‍රවර්ධනය කළේද ජයවර්ධන පාලනයයි.
මහ බැංකු වාර්තා පරික්ෂා කර අවශ්‍ය කෙනෙකුට තහවුරු කර ගත හැකි මා ඉහත ඉදිරිපත් කර ඇති සංඛ්‍යාලේඛණ වලින් මේ කරුණු පැහැදිලි විය යුතුය. ජයවර්ධන පාලනය අවසන් වන විට රටේ රාජ්‍ය ණය ප්‍රමාණය ද.දේ.නි. ඉක්මවා තිබුණු අතර 1988/89 කාලයේදී ජවිපෙ විසින් රටේ ආර්ථික වර්ධනය අඩාල කිරීමේ හේතුවෙන් 1989 අවසන් වන විට ලංකාවේ ණය මල්ල රටේ සමස්ත නිෂ්පාදිතයටද වඩා 8.7%කින් වැඩි විය.
ජයවර්ධන යුගයෙන් පසු අද දක්වාම ලංකාව පාලනය කෙරෙන්නේ එදාවේල ක්රමයටය. රජයේ ආදායම ණය පොලී හා වාරික සඳහාවත් ප්‍රමාණවත් නැති තත්ත්වයකට පත් වීමෙන් පසු, එක් වර සිදුවිය හැකි විශාල ආර්ථික කඩා වැටීමක් වහා සිදුවීම වලක්වා ගත හැකි එකම ක්‍රමය තව තවත් ණය ගැනීමයි. ජයවර්ධන යුගයෙන් පසු දිගටම සිදු වූයේත්, සිදු වන්නේත් එයයි. ණය නොගෙන සිටියහොත් ආර්ථිකය වහා අර්බුදයකට ලක්වීම වැළැක්විය නොහැකිය.
කෙසේ වුවද, ණය මල්ල වැඩි වෙද්දී අළුතින් තවත් ණය ගැනීම එන්න එන්නම අමාරු වේ. ණය ආපසු ලැබීමේ අවදානම වැඩි නිසා වැඩි වැඩියෙන් පොලී ගෙවන්නට සිදු වන අතර එයින් ණය බර තවත් වැඩි වේ. ඇතැම් විට අවශ්‍ය ණය අරමුදල් කවර කොන්දේසි යටතේ වුවද සපයා ගැනීම අසීරු වේ. ජයවර්ධන යුගයෙන් පසු රට පාලනය කළ සෑම රජයකටම මේ යථාර්තයට මුහුණ දෙන්නට සිදු විය. ඒ නිසා, ඒ සෑම රජයක්ම රාජ්‍ය අයවැය පරතරය අඩුවෙන් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය හඳුනා ගත්තේය. එහෙත්, ඒ සඳහා දැරුණු උත්සාහයන් බොහෝ අවස්ථා වලදී ආර්ථික නොවන දේශපාලනික කරුණු මත ව්‍යවර්ථ විය.
පසුගිය ජනධිපතිවරයාගේ ධුර කාලය තුළද රටේ ණය විශාල ලෙස ඉහළ ගිය නමුත් ඒ කාලයේ වාර්ෂිකව රාජ්‍ය ණය තොගය වර්ධනය වූ 13%ක වේගය නිදහසින් පසු ප්‍රථම අගමැති වරයාගේ ධුර කාලය හැරුණු විට අඩුම වේගයයි. අනෙක් සෑම කාලයකදී රාජ්‍ය ණය වර්ධනය මීට වඩා වේගයෙන් හෝ ආසන්නව මේ වේගයෙන්ම සිදු වී තිබේ. අනෙක් අතට, නිදහසින් පසු රටේ ආර්ථික වර්ධනය වැඩිම වේගයෙන් සිදුවූයේ මේ කාලයේදීය. ඒ නිසා, 2014 වන විට ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස 70.7 දක්වා අඩු කර ගැනීමට හැකි විය. ඒ නිසා රාජ්‍ය ණය බරෙහි වගකීම පසුගිය පාලනය මත පැටවීම තේරුමක් නැති දෙයක් වනවාට අමතරව තර්කානුකූලද නැත.
ලංකාවේ ආර්ථිකය මෙහෙයවීම කවරෙකු භාර ගත්තද මේ වන විට පවතින තත්ත්වය අනුව, ඇත්ත වශයෙන්ම ජයවර්ධන යුගයෙන් පසුව දිගටම පවතින තත්ත්වය අනුව, ක්ෂණික කඩා වැටීමක් වලක්වා ගැනීම සඳහා පමණක් වුවද තව තවත් ණය ගැනීමට සිදුවීම ප්‍රායෝගික යථාර්තයකි. එසේ ගනිද්දී, යම් හෙයකින් ආර්ථිකය කඩා වැටුනොත් සිදුවන අවදානමද එන්න එන්නම වැඩි වේ.
කෙසේවුවද, කළ යුත්තේ අළුතින් ණය ගැනීම හැකිතාක් සීමා කිරීම හා තිබෙන සීමිත සම්පත් හැකි උපරිම කාර්යක්ෂමතාවයෙන් ආර්ථික වර්ධනය උදෙසා උපයෝගී කර ගැනීමයි. දැනට පෙනෙන්නේනම් ණය වර්ධනය වීම පැවති වේගයටත් වඩා වැඩියෙන් සිදුවන බවයි. පසුගිය පාලනය යටතේ ලබාගත් ණය ගැන ප්‍රචාරණය කිරීම වර්තමානයේ වැඩි වේගයකින් සිදුවන දේශීය ණය ගැනීම් ආවරණය කර ගැනීමට ගන්නා උත්සාහයක් බව පෙනේ. මෙය රජයට පාරාවළල්ලක් විය හැකි ආකාරය ගැන පසුව කතා කරමු.