චීනය ලංකාව වරාය ණය උගුලට හසු කළ හැටි - නිව්යෝර්ක් ටයිම්ස් හෙළිදරව්ව.
මේ දිනවල ආන්දෝලනයක් ඇතිකර තිබෙන How China Got Sri Lanka to Cough Up a Port නමැති නිව්යොර්ක් ටයිම්ස් පුවත්පතේ හෙළිදරව්වට අදාළ ලිපියේ සිංහල පරිවර්තනයක් පහතින්
--------------
ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ සංවර්ධනය පිණිස වරාය ව්‍යාපෘතියක් සඳහා ඔහුගේ චීන
මිතුරන්ගෙන් ණය හා ආධාර ඉල්ලා සිටි හැම විටම එම ඉල්ලීම් සපුරා දුන්නේය. චීන මිතුරන් එම ඉල්ලීම්වලට එකඟ වූයේ එම වරාය සාර්ථක නොවන බව ශක්‍යතා අධ්‍යයනවලින් පෙන්වා දී තිබිය දීය. ඔවුන් එකඟ වූයේ නිතර ණය දෙන ඉන්දියාව වැනි රටවල් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිදීය. ඔවුන් එකඟ වූයේ රාජපක්ෂ පාලනය යටතේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය වේගයෙන් වැඩි වනතත්වයක් ද යටතේය.
බෙයිජිං රජයට අයත් විශාලම ව්‍යාවසායක් වන චියිනා හාබර් ඉන්ජිනියරින් සමාගම කළ ඉදිකිරීම් හා නැවත නැවතත් සිදුකළ සාකච්ඡා මැද, හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය, පුරෝකථනය කර තිබූ
ආකාරයටම අසාර්ථක විය. ලෝකයේ ඉතාම කාර්ය බහුල මුහුදු මාර්ගයක් අසල පිහිටා තිබුණත් 2012 වර්ෂයේ මෙම වරායට පැමිණියේ නැව් 34 ක් පමණි.ඉන් පසු එය චීන වරායක් විය.
බලය පැතිර වීම සඳහා චීනය ණය හා ආධාර යොදා ගන්නා ආකාරය:
රාජපක්ෂ මහතා 2015 දී ඡන්දයෙන් පරාජය වූ නමුත් ගෙන තිබූ ණය ගෙවා දැමීම නව රජයට විශාල අභියෝගයක් විය. දැඩි පීඩනයක් යටතේ හා මාස ගණනාවක් තිස්සේ චීනය සමග පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව රජය දෙසැම්බර් මාසයේ වරාය හා ඒ අවට අක්කර 15,000 චීන සමාගමට 99 අවුරුද්දට භාර දුන්නේය. මෙම පැවරීම නිසා චීනයට තම විරුද්ධවාදීයා වන ඉන්දියාවේ වෙරළේ සිට සැතපුම් සිය ගණනකට ඈතින් භූමියක පාලනය ලැබුණු අතර තීරණාත්මක වාණිජ හා හුදු ජල මාර්ගයක උපායමාර්ගික පා ඉඩක්ද ලැබුණේය.
ලොව පුරා තම බලය පැතිර වීම සඳහා චීනය ණය හා ආධාර යොදා ගන්නා ආකාරය පිළිබඳ මෙය එක් ප්‍රබල උදාහරණයක් වන අතර ණය ආපසු ලබා ගැනීමට නිර්දය ක්‍රම යොදා ගන්නා ආකාරය ද එය පෙන්වා දෙයි.
මෙම ණය ගනුදෙනුව, ජනාධිපති සී ජින්පින්ගේ තේමාත්මක කලාප හා මාර්ග ව්‍යාපෘතිය (Belt and Road Initiative) කෙරෙහි දැඩි දෝෂාරෝපණය වැඩි කිරීමට ද හේතු විය. එනම් ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන ආයෝජනය හා ණය දීමේ චීන වැඩසටහන ලොව පුරා අනාරක්ෂිත රටවලට ණය උගුලක් වී ඇති බවත් ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගැනීමට උත්සාහයක් ගන්නා මෙම රටවල දූෂණය හා ඒකාධිපති ප්‍රවණතා වැඩි වී ඇති බවත්ය.
ශ්‍රී ලාංකික, ඉන්දීය, චීන හා බටහිර රටවල නිලධාරීන් සමග මාස ගණනක් තිස්සේ පැවැත්වූ සාකච්ඡාවලින් හා වරාය ව්‍යාපෘතියේ ගිවිසුම් හා නිල ලේඛන විශ්ලේෂණය කිරීමෙන් පැහැදිළිව පෙනී ගියේ චීනය හා එහි පාලනය යටතේ ඇති සමාගම්, අරමුදල් හිඟයෙන් පෙළෙන කුඩා රටක ඔවුන්ගේ අයිතීන් තහවුරු කර ගත් ආකාරයයි.
රාජපක්ෂ සෑම අවස්ථාවක ම චීන කොන්දේසිවලට එකඟවිය :
ශ්‍රී ලංකාවේ 2015 මැතිවරණ සමයේ දී චීන වරාය ඉදි කිරීමේ අරමුදල්වලින් රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක ව්‍යාපාරයේ සහකරුවන්ට හා කටයුතුවලට විශාල ගෙවීම් කර තිබේ.
රාජපක්ෂ මහතා සෑම අවස්ථාවක ම චීන කොන්දේසිවලට එකඟ වූ අතර ඔහු දකුණු ආසියාවේ ඉන්දියානු බලපෑම අඩු කිරීමේ චීන උත්සාහයේ වැදගත් හවුල්කරුවෙක් ද විය. රජයේ විමර්ෂණයක විස්තරාත්මක ව සඳහන් වන මෙම ගෙවීම් හා මුදල් චෙක්පත් පිළිබඳ විස්තර, ලේඛනවලින් තහවුරු වන අතර එය මෙම පුවත්පතේ කාර්ය මණ්ඩලය දැක තිබේ. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීනයට ඇත්තේ වාණිජමය උනන්දුවක් පමණක් යයි චීන නිලධාරීන් හා විශ්ලේෂකයන් අවධාරණය කළත්, ශ්‍රී ලාංකික නිලධාරීන් කියා සිටියේ ආරම්භයේ සිටම සාකච්ඡාවල කොටසක් වූයේ වරාය පිහිටි ස්ථානයේ ඇති යුදධමය හා උපායමාර්ගික වැදගත්කම බවයි. කාල වකවානු වෙනස් කිරීමටත්, වැඩිපුර අරමුදල් ලබා ගැනීමට නැවත සාකච්ඡා කරන ලෙස ශ්‍රී
ලාංකික නිලධාරීන්ට දැනුම් දීමත් සමග වරාය ව්‍යාපෘතියට ණය දීම සඳහා මුලදී තිබූ කොන්දේසි වඩාත් බරපතල ස්වරූපයක් ගත්තේය. මෑත අවුරුදුවල මෙම ණයෙන් ගැලවීමට ශ්‍රී ලාංකික නිලධාරීන් දුෂ්කර ප්‍රයත්නයක් දරද්දී චීනය තැත් කළේ කොන්දේසි ලිහිල් කිරීමට නොව වරායේ කොටසක් ඉල්ලා සිටීමටයි.
ශ්‍රී ලංකාව දැන් කවර දිනකටත් වඩා චීනයට ණය ගැතිවී තිබේ:
මේ නිසා වරාය ව්‍යාපෘතිය සඳහා ගත් ඩොලර් බිලියනයක පමණ ණය අඩු කර ගැනීමට හැකි වුවත් ශ්‍රී ලංකාව දැන් කවර දිනකටත් වඩා චීනයට ණය ගැතිවී තිබේ. මෙයට හේතුව ගෙවීමට වෙනත් ණය තිබීම පමණක් නොව ඒවායේ පොළී අනුපාත අනිකුත් ජාත්‍යන්තර අරමුදල් සපයන ආයතනවලට වඩා බොහෝ වැඩි වීමයි. මෙම ලිපිය සඳහා අදහස් දැක්වන ලෙස මාස ගණනාවක් තිස්සේ කරන ලද බහුවිධ ඉල්ලීම්වලට රාජපක්ෂ
මහතා හෝ ඔහුගේ සහායකයින් ප්‍රතිචාර දැක්වූයේ නැත. චීන හාබර් සමාගමේ නිලධාරීන් ද අදහස් දැක්වීමෙන් වැළකී සිටියේය.
ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යංශයේ ඇස්තමේන්තුවලින් දැක්වෙන්නේ ඉතා අසතුටුදායක තත්වයකි. මේ වර්ෂයේ රජය ඩොලර් බිලියන 14.8 ක ආදායමක් අපේක්ෂා කරයි. නමුත් ලොව පුරා ණය ලබා දී ඇති ආයතනවලට ගෙවීමට නියමිත ණය වාරික එකතුව ඩොලර් මිලියන 12.3 ක් වේ.
රටක් යටත් කරගැනීමේ මග ?
නව දිල්ලියේ විද්වත් මණ්ඩලයක් වන ප්‍රතිපත්ති පර්යේෂණ සඳහා වූ මධ්‍යස්ථානයට (Center for Policy Research) සම්බන්ධ හා ඉන්දියානු රජයට උපදෙස් දෙන විෂ්ලේෂකයෙක් වන බ්‍රහ්මා චෙලනි කියා සිටියේ “රටක් යටත් කරගැනීමේ මග වන්නේ කඩුව හෝ ණය යයි ජෝන් ඇඩම්ස් කියා ඇති අතර චීනය දෙවැන්න තෝරා ගෙන ඇති” බවයි.
ශ්‍රී ලංකාවේ ආරාධනාවකින් තොරව එය යුද කටයුතු සඳහා යොදා ගැනීම තහනම් බව අවසාන බදු ගිවිසුමේ සඳහන් වෙන නමුත් ශ්‍රී ලංකාව ඉතා දුෂ්කර තත්වයකට වැටී ඇති බැවින් ණය සහන සැලසීමට හම්බන්තොට වරාය යුදමය කටයුතු සඳහා යොදා ගැනීමට ඉඩ දෙන ලෙස චීන රජය ඉල්ලා සිටීමට ඉඩ ඇතැයි ඉන්දියානු නිලධාරීන්ගේ බියක් පවතී.
හම්බන්තොට වරාය ඉදි වන කාලයේ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ හා හිටපු
විදේශ ලේකම්වරයෙක් වන ෂිවශන්කර් මෙනන් කියා සිටියේ “හම්බන්තොට කර ඇති ආයෝජනය සාධාරණීකරණය කළ හැකි එකම ක්‍රමය වන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආස්ථානයකින් පමණක් වන නිසා ඔවුන් මහජන විමුක්ති හමුදාව එහි ගෙන එන” බවයි.
අනුබද්ධ මිතුරා
චීන විප්ලවයෙන් පසුව මාවෝ ගේ කොමියුනිස්ට් රජය පිළිගත් මුල් රටක් ලෙස ශ්‍රී ලංකාව හා චීනය අතර දීර්ඝ නම්‍ය සබඳතාවක් තිබුණි. නමුත් චීනය අත් හළ නොහැකි තත්වයට පත්වූයේ මෑත කාලයේ දක්නට තිබූ ගැටුමේදීය. එනම් දෙමළ බෙදුම්වාදීන් සමග පැවති 26 අවුරුදු බිහිසුණු යුද්ධයේදීය.
මානව හිමිකම් කඩ කිරීම නිසා ශ්‍රී ලංකාව හුදකලාවූ යුද්ධයේ අවසාන අවුරුදුවල රට පාලනය කළේ 2005 බලයට පත්වූ රාජපක්ෂ මහතායි. ඔහු යටතේ ශ්‍රී ලංකාව ආර්ථික සහාය, හමුදා උපකරණ හා එක්සත් ජාතීන් විසින් සම්බාධක පැනවීම වැළැක්වීම ආදී කරුණු සම්බන්ධයෙන් චීනයේ පිහිට ලබා ගත්තේය.
'රාජපක්ෂ සහෝදරයින් රජයේ වියදම්වලින් සියයට 80 ක් පාලනය කළා '
2009 දී යුද්ධය අවසන් වී රට සාමාන්‍ය තත්වයට පත් වෙද්දී රාජපක්ෂ හා ඔහුගේ පවුල ඔවුන්ගේ ග්‍රහණය දැඩි කළේය. රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ දී ජනාධිපති හා ඔහුගේ සහෝදරයන් තිදෙනා බොහෝ අමාත්‍යංශ හා රජයේ වියදම්වලින් සියයට 80 ක් පමණ පාලනය කළෝය. චීනය වැනි ආණ්ඩු ඔවුන් සමග කෙළින්ම ගනුදෙනු ගැන සාකච්ඡා කළෝය.
ඒ අනුව ජනාධිපති ඔහු උපන් දිස්ත්‍රික්කය වන හම්බන්තොට යෝධ වරාය සංවර්ධන ව්‍යාපෘතියක් යෝජනා කළ විට එයට විරුද්ධව ගෙනා මත සාර්ථක වූයේ නැත.
මිලියන 22 ක ජනගහණයක් සහිත බ්‍රිතාන්‍යයෙන් හතරෙන් පංගුවක් තරම් භූමි ප්‍රමාණයක් ඇති රටක දෙවැනි ප්‍රධාන වරායක් තැනීම ඥානවන්ත ක්‍රියාවක් ද යන්න මුල සිට ම නිලධාරීන් ප්‍රශ්න කළෝය. අගනුවර ඇති ප්‍රධාන වරාය හොඳින් ක්‍රියාත්මක වන අතර පුළුල් කිරීම සඳහා ඉඩකඩ ද එහි තිබේ.
රජයේ ඉල්ලීම් මත කරන ලද ශක්‍යතා අධ්‍යයනවල නිගමනය වූයේ හම්බන්තොට වරාය ආර්ථික වශයෙන් සාර්ථකව පවත්වා ගැනීමේ හැකියාවක් නැති බවයි.
“මේ වරාය ඉදි කිරීම සම්බන්ධයෙන් ඔවුන් මුලදී අපට ආරාධනය කළත් ඉන්දියානු සමාගම් කැමති වූයේ නැත” යි හිටපු ඉන්දීය විදේශ ලේකම් මෙනන් මහතා ප්‍රකාශ කළේය. ඔහු වැඩි දුරටත් කියා සිටියේ “එදා මෙන් ම අදත් එය ආර්ථික වශයෙන් නිෂ්ඵල ව්‍යාපෘතියක්” බවයි. නමුත් රාජපක්ෂ මහතා ව්‍යාපෘතිය ආරම්භ කරමින් ප්‍රවෘත්ති නිවේදනයක් මගින් ආඩම්බරයෙන් කියා සිටියේ සියලු අනතුරු ඇඟවීම් ඉවත දමමින් තමා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් එයට චීනයේ සහයෝගය ලැබෙන බවත්ය.
ණය ලබා ගැනීම සඳහා වරාය ඉදිකිරීමේ කටයුතු චයිනා හාබර් සමාගමට:
මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වූ නිලධාරියෙකුට අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ආර්ථික වශයෙන් ස්ථාවර පරීක්ෂාකාරී සැලැස්මක් 2007 දී සකස් කළේය. එහි පදනම වූයේ සීමිත ව්‍යාපාරික කටයුතු සඳහා එය විවෘත කිරීමත්, ප්‍රධාන පුළුල් කිරීමට පෙර ආදායම් ඉපදවීමත්ය.
මේ සඳහා ලබාගත් පළමුවැනි ණය මුදල වූ ඩොලර් මිලියන 307 ලබා ගත්තේ චීන රජයේ අපනයන ආනයන (Exim) බැංකුවෙනි. විකිලීක්ස්වලට ලැබුණු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ කේබල් පණිවුඩයකට අනුව ණය ලබා ගැනීම සඳහා වරාය ඉදිකිරීමේ කටයුතු චයිනා හාබර් සමාගමට ලබාදීමට ශ්‍රී ලංකාවට
එකඟවීමට සිදුවිය.
මෙය ලොව පුරා ඔවුන්ගේ ව්‍යාපෘතිවල දී චීනය නිතරම ඉදිරිපත් කරන ඉල්ලීමකි. එනම් විවෘත ලංසු තැබීමේ ක්‍රියාමාර්ගයෙන් පරිබාහිර ව කටයුතු කිරීමයි. මෙම කලාපයේ නිලධාරීන්ට අනුව දහස් ගණනක චීන කම්කරුවන් හා චීන සමාගම් ලවා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බෙයිජිං ආණ්ඩුව මෙම කලාපය පුරා අධික පොළී යටතේ ඩොලර් බිලියන ගණනින් ණය ලබා දෙයි.
ණයවලට ඈඳුණු තවත් කොන්දේසි තිබේ. උදාහරණයක් වශයෙන් ආරම්භයේ සිටම චීනය දුටු හම්බන්තොට වරායේ උපායමාර්ගික අගය දැක්විය හැකියි. ශ්‍රී ලංකාවේ හිටපු විදේශ ලේකම්වරයෙක් හා චීනයේ තානාපති ලෙස කටයුතු කළ නිහාල් රොඩ්‍රිගෝ ප්‍රකාශ කළේ බුද්ධි තොරතුරු හවුලේ බෙදා ගැනීම මෙම ගනුදෙනුවේ අවශ්‍යම කොටසක් බව චීන නිලධාරීන් පැහැදිළිවම කියා සිටි බවයි “ද ටයිම්ස්” පුවත්පත සමඟ රොඩ්‍රිගෝ මහතා පැවැත්වුව සාකච්ඡාවක දී ඔහු කියා සිටියේ චීන මතය වූයේ “මෙහි එන්නේ යන්නේ කවුරුන්ද යන්න ඔවුන්ට දැන්වීම අපේක්ෂා කළ” බවයි.
අවුරුදු ගණනාවක් තිස්සේ ඔවුන්ගේ සියලුම කොන්දේසිවලට එකඟ වූ රාජපක්ෂ මහතා සමග ශක්තිමත් සබඳතා පවත්වා ගැනීමට චීන නිලධාරීන් හා චයිනා හාබර් සමාගම දැඩි උත්සාහයක් ගත්තේය.