තංගමලේ_ඩයරීස්

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,165
    8,157
    113
    M-Town
    '#තංගමලේ_ඩයරීස්' ප්‍රධාන චරිතයෙන් සන්නස්ගල සිනමා තිරයට 🎞🎬📽💪
    Upul Shantha Sannasgala

    එක්තරා කාලවකවානුවක ලංකාවේ දැවැන්ත සිංහල ගුරුවරයෙකු වූ උපුල් ශාන්ත සන්නස්ගල මහතා ලෝකයේ ලොකුම සිංහල පන්තියට ද උරුමකම් කීවේ මෙරට දූ දරුවන් දස දහස් ගණනකගේ in නෙත් පාදමිනි. හපුතලේ යහලබැද්ද ග්‍රාමයේ උපත ලැබූ ඔහු කොළඹ තර්ස්ටන් විද්‍යලයෙන් අධ්‍යපනය ලැබුවේය.

    ගුරුවරයෙකු ලෙස ජනප්‍රිය නාමයක් වූ උපුල් ශාන්ත සන්නස්ගල ‍නාමය ඉන් ඔබ්බට ගෙන ගොස් ගී පද රචකයෙකු, චිත්‍රපට නිෂ්පාදකවරයෙකු, සහ ලේඛකයෙකු ලෙස ද කා අතරත් ජනප්‍රිය වූ ඔහු සමාජය, දේශපාලනය ආදීය පිළිබඳව ද විවිධ වෙනස් වූ මත ප්‍රකාශ කළේය. ඒවා පිළිබඳව ද සමාජයේ නිතර කතා බහට ලක් විය.

    සිනමාවට මීට වසර ගණනාවකට පෙර අත්පොත් තැබූ උපුල් ශාන්ත සන්නස්ගල චිත්‍රපට තුනක් පමණ නිෂ්පාදනය කළේය. එසේම නවකතා විස්සක් පමණ රචනා කළ අතර මෙරට ජනතාව ඉතමා ආදරයෙන් වැළඳගත් ගීත රැසක්ම අකුර කළ ඔහුට කලාව පිළිබඳව බොහෝ අත්දැකීම් ඇති පරිණත පුරවැසියෙකි.

    මෑත කාලයේ මැදිවිය පසු කළ පුද්ගලයන් අතරින් තාක්ෂණයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් සයිබර් අවකාශය තුළ ද තම සන්නාමය ගොඩනගා ගත් පුරවැසියෙකු ලෙස උපුල් ශාන්ත සන්නස්ගල මහතා හැඳින්විය හැක. යූ ටියුබ්කරුවෙකු ලෙස ද මේ වනවිට ඔහු ජනප්‍රිය වී ඇත. තාක්ෂණය සමඟ යාවත්කාලීන වෙමින් ලෝකය සමඟ ගණුදෙනු කරන ඔහු සිය නිර්මාණය සයිබර් අවකාශය තුළට මුදාහරින්නේ අනාගතය ලෝකය පිළිබඳව පෙර නිමිති දැකීම නිසා යැයි පැවසිය හැක.

    ඔහු කෝවිඩ් 19 කාලවකවානුව තුළ නිතරම චිත්‍රපට නැරඹු අතර එහිදී ඔහුට චිත්‍රපටයක් නිර්මාණය කිරීමට අදහසක් පැමිණියේය. වසර තුනක් පමණ විවිධ පුදගලයන් සමඟ එකතුවී එම චිත්‍රපටයේ තිරපිටපත නිර්මාණය කළ අතර එම චිත්‍රපටය වෙනුවෙන් ගීත කිහිපයක් ද ඔහු විසින් රචනා කළේය. එම චිත්‍රපටය 'තංගමලේ ඩයරීස්' නමින් නම් කරන ලදී. සියවස් භාගයක පමණ සිට චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සිහින දුටු උපුල් ශාන්ත සන්නස්ගල මහතාගේ සිහිනය සාක්ෂාත් වීමට ඇත්තේ තවත් නොබෝ දිනකි.

    'තංගමලේ ඩයරීස්' සිනමාපටය මෙරට සිනමා කලාවේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් වනවාට කිසිදු සැකයක් නැත. එසේම මෙම චිත්‍රපටය සුවිශේෂී පුද්ගලයන් රැසක් දයක වීමට නියමිතය. 'තංගමලේ ඩයරීස්' සඳහා කේරලයෙන්, තමිල්නාඩුවෙන්, යාපනයෙන්, ත්‍රිකුණාමලයෙන්, මඩකලපුවෙන්, අම්පාරෙන්, හපුතලෙන්, තංගමලෙන් ආදී ප්‍රදේශ වලින් මෙම චිත්‍රපටයට නළු නිළියන් යොදා ගැනීමට සන්නස්ගල මහතාට අවශ්‍ය වූ අතර ඒ සඳහා නළු නිළි වරණයක් සිදු කරන ලදී. මෙම චිත්‍රපටයට ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයන් රැසක් දායක වේ.

    මෙම චිත්‍රපටයේ තවත් සුවිශේෂී කරුණ නම් මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා, නිෂ්පාදකවරයා සහ ප්‍රධාන නළුවා යන භූමිකා තුනම උපුල් ශාන්ත සන්නස්ගල මහතා නිරූපණය කිරීමයි. මේ ඔහුගේ මංගල අධ්‍යක්ෂණය වේ. 'බාසි' නම් ප්‍රධාන චරිතය නිරුපණය කරන්නේ උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසිනි. එසේම ප්‍රවීණ කලාකරුවන් වන Mahendra Perera (As himself), Gopani Ekanayek (Jemila Jamal), Hemal Ranasinghe (OIC Indrajith), Dharmapriya Dias (Sabapathi), Priyantha Sirikumara (Tikiri-Banda), Senaka Batagoda (As himself), Stefan Tirimanne (Podi Hamuduruwo), Daya Wayaman (Peter), Abiramy Patkunamm (Parvathie), Lakshman Mendis (Mr.Hennayaka), W.Jayasiri (As himself), Ajith Perera (As himself), Ananda Kumara Unnahe (Chandare), Lanin Lusena (Jagath Wijemuni), Ranjith Dissanayake (Golu Hamuduruwo) ආදී ප්‍රවීණ කලාකරුවන් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කිරීමට නියමිතය.

    සිනමා කැමරාකරණයේ ප්‍රවීණයෙකු වන චන්න දේශප්‍රිය මහතා විසින් සිය කැමරා ඇසින් තංගමලේ ඩයරීස් කැමරා අධ්‍යක්ෂණය සිදුකරයි.

    එසේම මෙම චිත්‍රපටයේ,
    Visual Effects Supervisor - Chathra Weeraman
    Casting Director - Priyantha Sirikumara
    Editor - Tissa Surendra
    Script Wirither - Susitha Wijemuni
    Audio Recordist - Striner Macklain Adams
    Sound Designer - Sasika Marasinghe
    Assistant Director - Sarath Senarathne
    Assistant Director - Pasan Thilakawardhana
    Makeup Artist - Narada Thotagamuwa
    Line Producer - Nalinda Premarathne
    Production Manager - Manjula Perera
    Costume Designer - Lasantha Udukumbura
    Music Director - Chinthaka Jayakodi
    Director’s Assistant - Mola Senavirathna

    ආදී ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් දායක වී නිර්මාණය වන තංගමලේ ඩයරීස් සිනමා රසිකයන්ට වෙනස්ම අත්දැකීම්ක් ලබාදෙනු නිසැකයි.

    'තංගමලේ ඩයරීස්' ශ්‍රී ලංකාවේ ඓතිහාසික වැදගත්කමකින් යුත් සුන්දරම කලාපයක් පාදක කරගෙන නිර්මාණය වී ඇත.

    1964 වසරේ වැලිමඩ නිම්නයේ තංගමලේ උපන් උපුල් ශාන්ත සන්නස්ගලගේ නිර්මාණයක් වන මෙම සිනමාපටය දශක භාගයක් පුරාවට ඔහුගේ ගම ආශ්‍රිතව සැබෑ ජීවිතයේ සමාජ දේශපාලන අත්දැකීම් පාදක කරගනිමින් නිර්මාණය වී ඇත.

    ⭐️‘තංගමලේ ඩයරීස්’ ආරම්භ වන්නේ බාසිගේ උපන් ගමෙන් වන අතර ඔහු පසුව කොළඹ අගනුවර පදිංචි වූ අතර, වසර 50 කට පසු යූ ටියුබ්කරුවෙකු ලෙස තම උපන් ස්ථානයට නැවත පැමිණේ. බාසිගේ අනපේක්ෂිත පැමිණීමෙන් පසු දිග හැරෙන සිදුවීම් දාමය තංගමලේ ඩයරීස් සඳහා පාදක වේ.

    ⭐️වර්තමානයේ සමාජ, දේශපාලන හා සංස්කෘතික ක්ෂේත්‍රවල ප්‍රමුඛ පෙළේ මතධාරියෙකු වන ප්‍රධාන චරිතය වන බාසි, බොහෝ කලකට පෙර එහි සිදු වූ සිදුවීම් කිහිපයක් පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට ඔහුගේ උපන් ස්ථානයට පැමිණෙන්නේ දැඩි කුතුහලයෙන්. ඔහුගේ සති දෙක අප්‍රේල් 6 සිට අප්‍රේල් 21 දක්වා - 2019 කුප්‍රකට පාස්කු ඉරිදා චිත්‍රපටයේ ආවරණය වන කාල පරිච්ඡේදයයි.

    ⭐️ බාසිගේ පැමිණීමෙන් පසු, තම අතීත තොරතුරු සඟවා නිශ්චල ජීවිතයක් ගත කරන චන්දරේගේ - ඔහුගේ ළමා මිතුරිය වන පාර්වතීගේ - ගොළු ගමේ පූජකයා ඇතුළු බොහෝ ජීවිත ගමේ සාමය හා සමතුලිතතාවයට බල කරමින් සම්පූර්ණ පරිවර්තනයකට භාජනය වේ. අනපේක්ෂිත කඩා වැටීම. චිත්‍රපටයේ තියෙන්නේ ඒ ගැටුම ගැන.

    ⭐️බාසිගේ පැමිණීමෙන් පසු, - ඔහුගේ ළමා මිතුරා වන චන්දරේගේත් - තම අතීත තොරතුරු සඟවා නිහඩ ජීවිතයක් ගත කරන පාර්වතීගේත්, ගොලු ගමේ පූජකයා ඇතුලු ගමේ ජීවිත, ගමේ සාමය හා සමතුලිතතාවයට බල කරමින් අනපේක්ෂිත කඩා වැටීම හමුවේ සම්පූර්ණ පරිවර්තනයකට ලක් විය. හදිසි අනපේක්ෂිත කඩා වැටීමක්. චිත්‍රපටයේ තියෙන්නේ ඒ ගැටුම ගැන.

    "ජීවිතයේ තමන්ගේ කලාත්මක ඇරියස් එක ඇරගන්න තියන හොඳ ම තැනක් තමයි සිනමාව කියන්නෙ. සන්නා ඒකට ලෑස්ති වෙනවා."
    -ප්‍රසන්න ජයකොඩි-

    සටහන✍️ - Dinitha Jayarathna
    Dinitha J Jayarathna

    #apefilm1 #sannasgala #ThangamaleDiaries #SriLanka #films #filmmaking #dinithajayarathna
    FB_IMG_1660792411486.jpg

    FB_IMG_1660792414344.jpg

    FB_IMG_1660792416831.jpg
    FB_IMG_1660792424416.jpg
    FB_IMG_1660792431478.jpg
     

    Attachments

    • FB_IMG_1660792436408.jpg
      FB_IMG_1660792436408.jpg
      20.2 KB · Views: 53
    • FB_IMG_1660792441469.jpg
      FB_IMG_1660792441469.jpg
      19.1 KB · Views: 48

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අපෝ මූගෙ සිංහල ක්ලාස්වලට ගිහින් නැනස පාදපූ උන්ට දැන් සරු ඇති
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    film eka hodai nam echchcarai,

    ලංකාවේ තියන අනිත් ගොබ්බ ෆිල්ම් වලට වඩා මේක හොදයි නම් මරු ,මනුස්සයගෙන් වැඩක් නෑ ,

    හොද ෆිල්ම් එකක් මතක ඇති කාලෙක ආවේ නෑ .මේක ආව්හමත් බලමු
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මේකේ දැන් තත්වේ කොහොමද ? දන්න එකෙක් අප්ඩේට් එකක් දීපල්ලා