තකට තක

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ධම්මික සමාජ ශාලාවට ගොස් තම මිතුරන් සමඟ විනෝද වී ආපසු ගෙදර ආවේ පාන්දර යාමයේය. ඔහු සාක්කුවට අත දමා යතුර ගෙන, හෙමින් සීරුවේ දොර හැර, සපත්තු දෙක ගලවා, එක් අතකින් ගෙන ඇඟිලිතුඩු බිම තබමින් හොර බළලකු මෙන් පඩිපෙළ නගින්නට වූයේ තම බිරිඳ ඇහැරෙතැයි බියෙනි.

හදිසියේම අමුතු සද්දයක් ඇසී හේ වහා හිස හරවා තමා පසුකර ආ පියගැට පෙළ වෙත නෙත් හෙළීය. ඔහුගේ බිරිඳද සෙරෙප්පු දෙක අතින් ගෙන, පා ඇඟිලි තුඩු හෙමිහිට බිම තබමින් පඩිපෙළ නඟිමින් සිටියාය.