තක්කඩි.......
.
1. මනුස්සකම තුට්ටු දෙකට වැද මළගිය සේක....
"මේ ලෝකෙ කිසිම මනුස්සකමක් නෑ.. මිනිස්සු තිරිසන්නු වෙලා..." ඔන්න ඔය ජාතියේ ටෝක්ස් නිතර ඉසූ කරන ඩෑල් ඉන්නව නේද?. මුන් නියම තක්කඩි. තමුන් ගාවවත් නැති මනුස්සකමක් ලෝකෙන් ඌට දෙන්න ඕනෙ කියලා හිතනවා. ඇත්තටම මනුස්සකම තියෙන එකෙක් නං ලෝකෙ උන්ගෙ අමනුස්සකං හොය හොයා ඉන්නෙ නෑ. තමුන්ගෙ මනුස්සකම බෙදාගන්නවා මිසක.
2. කෝ පුතේ යාළුවෝ? - සල්ලි තියෙනකං විතරයි අම්මේ.....
මේ අනික් තක්කඩි. ඌ අනික් උන්ට හොඳ යාළුවෙක් වුනානං සල්ලි ඇතා නැතා ඌට යාළුවෝ ඉන්න ඕනේ. තක්කඩි අදහස් ඇතුව මිනිස්සු ආශ්රය කරලා මූව තේරුම් අරන් උං දාලා ගියාම ඔය අඳෝනාව තමයි කියන්නේ. මේකේ හොඳම සිද්දිය තමයි ඔහොම කියන උන්ට කවදාවත් සල්ලි තිබිලත් නෑ.
3. බුද්ධාගම විනාස වෙනවා...
මේ අනික් තක්කඩි. නියම බෞද්ධයෙක් නං ඌ ගාව බුද්ධාගම ගෙඩිය පිටින් තියෙන්න එපැයි? බුද්ධාගම විනාස වෙනවා නේද කියලා කවුරුහරි ඇහුවොත් "පිස්සුද ඕයි... මං ගාව බුද්ධාගම තියෙනවා" කියලා කියන්න පුළුවන් වෙන්න එපැයි. ඔය බුද්ධාගම් විනාස භීතිකාවෙන් පෙළෙන එවුන් එකෙක්වත් ආගම හරියට පිළිපදින එවුන් නෙමේ. උන් හිතං ඉන්නවා උන් වෙනුවෙන් හාමුදුරුවරුයි වෙන උපාසකලයි බුද්ධාගම ලෙසටම රකින්න ඕනෙයි කියලා.
4. හැම ආගමකම උගන්නන්නේ එකම දේ....
මට පෙන්නන්නම බැරි ජාතිය. ඕම කියන උන් හොඳටම දන්නවා එක එක ආගම්වල උගන්නන්නේ එක එක මනස්ගාත කියලා. ඒ වුනාට අනික් මනස්ගාතයකට ගැහුවොත් තමුන්ගේ එකටත් බැක්ෆයර් වෙන බව දන්න හින්දා සේරම ආගම් ටික ඕකෙන් කවර් කරගන්නවා. පව් අසරණ මිනිස්සු.
5. මම නං ආයෙ එකෙකුටවත් චන්දෙ දෙන්නෙ නෑ.. ආපුදෙංකෝ ඉල්ලගෙන.....
මේ තමයි අම්බ තක්කඩි. තමුන් බොක්කෙන් කඩේ යන පක්ෂේ ඇදගෙන නානකොට හරි, බලාපොරොත්තුවුනු මොකක්හරි වරදානයක් නොලැබුනාම හරි වස්තරේ බේරගන්න ගහන තැටිය ඕක තමයි. අටුවා ටීකා ඕනෙ නෑ. චන්දෙදාට මුගේ කෙරුවාව බලාගත්තෑකි.
6. අපි බොක්කෙන් - අපිට බෙලෙක්කෙන්......
ඕකෙම තියෙනවා උගේ තක්කඩිකම. බොක්කෙන් දෙන එකා බෙලෙක්කෙන් වත් බලාපොරොත්තු නොවී දෙන්නේ. කුණු අදහස් ඇතුව මිනිස්සුන්ට උදව් කරලා, බලාපොරොත්තු වෙච්චි දේවල් නොලැබුනාම තමයි ඕම කියව කියව යන්නේ.
තව ගොඩක් තිබුණා. මතක නෑ.....
Charmi Samයන්ගේ මසුරං කියුම්
උපුටා ගැනීම බුකිය- ලහිරු බබිලගොඩ
.1. මනුස්සකම තුට්ටු දෙකට වැද මළගිය සේක....

Last edited:

+11