තට්ට ගෑනු
නිලූකා හට තම සැමියා පිළිබඳව පැවතියේ බලවත් සැකයකි. තනිවූ වහාම ඔහු අන් අඟනන් ඇසුරු කරතැයි ඇය නිරන්තරයෙන් සිතුවාය. එසේ සිතා කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම සැමියාට ඇනුම්පද කියන්නටත් දෙස් දෙවොල් තබන්නටත් පටන් ගත්තාය. සෑම දිනකම හවස ඔහු නිවෙසට පැමිණි පසු ඔහුගේ කලිසම් කමිස පිරික්සා බලා කෙසේ හෝ දිග කෙස් ගසක් ;හායා ගෙන තම සැමියාට අවලාද කීවාය. සාප කරමින් බැණ වැදුණාය.
එක් දිනක් සවසක මහත් පරිශ්රමයක් දරා ඔහුගේ ඇඳුම් පරීක්ෂා කර බැලුවද ඇය කිසිදු කෙස් ගසක් සොයා ගන්නට අපොහොසත් වූවා ය. ඔහුගේ ඇඳුම් පුටුවක් මතට වීසි කළ ඇය මහ හඬින් හඬන්නට වූවාය.
‘ඒ පාර මොකද යෝදියේ මේ බෙරිහන් දෙන්නේ?’ සැමියා ඇසුවේ කෝපයෙනි.
‘අනේ දෙයියනේ ඒ පාර මේ මිනිහා තට්ට ගෑනු එක්කත් යන්ඩ පටන් අරන්.’
නිලූකා හිසේ දෑත් බැඳ මහ මලකඩ හඬින් විලාප තැබුවාය.
අලි මදිවට හරක්
දියණියන්ම දුසිමක් ලබා සිටි පියතිස්ස පුතෙකු ලැබීමේ නොතිත් ආශාවෙන් පසුවිය. දරු ප්රසූතිය අපේක්ෂාවෙන් රෝහලේ නවත්වා සිටි බිරිඳ බැලීමට ගිය හෙතෙම, ඇය සිටි ඇඳ හිස්ව තිබෙනු දැක වටපිට බලද්දී ඔහු වෙත ආ සාත්තු සේවිකාවක් බිරිඳ දරු ප්රසූතිය නිම කළ බැව් කීවාය.
‘මිසී, මේ වාරෙවත් පුතෙක් ද?’ පියතිස්ස ඇසුවේ නොඉවසිල්ලකිනි.
‘ඔව්, තුන් දෙනාගෙන් එක දරුවෙක් පුතෙක්.’ සාත්තු සේවිකාව සිනා වෙමින් කීවාය.
වැඩ බැලීම
රැකියාවක් නොමැතිව අසහනයෙන් පසු වූ සෝමපාල සිල්ලර කඩයක් වෙත ගොස් එහි අයිතිකරුගෙන් රස්සාවක් ඉල්ලා සිටියේය.
‘මේ කඩේ වැඩ කටයුතු සේරම තනියම කරගන්නෙ මමමයි. ඉතින් තමුසෙ ඇවිල්ලා මෙතන මොනවා කරන්න ද?’ සෝමපාල දෙස සාවඥ බැල්මක් හෙළු මුදලාලි ඇසීය.
‘ඉතින් මට පුළුවන් නෙ මුදලාලි හරියට වැඩ කරනවද කියල බලන්ඩ.’ සෝමපාල කීවේය.
දුම්රිය අනතුර
‘තමුසෙ කවදාහරි දුම්රිය අනතුරකට මුහුණ පාලා තියෙනව ද?’ මරදාන දුම්රිය පොළෙන් දුම්රියකට ගොඩ වී මීරිගම බලා යමින් සිටියදී නෙවිල් තම මිතුරු මනෝජ් ගෙන් ඇසීය.
‘අපොයි ඔව්... දවසක්දා මං ගිය කෝච්චිය දිග බිං ගෙයක් ඇතුළෙන් යද්දි කෙල්ල කියලා හිතලා වැරදිලා මං කෙල්ලගෙ අම්මට හාද්දක් දුන්නා.’ මනෝජ් කීවේ කට ඇද කොට කම්මුලත් අත ගාමිනි.
තව එකක්
මේ බලනවා මුදලාලි, තමුසෙගෙ හෝටලේ වේටර්ලගෙ හැසිරීමේ තරම. මගෙ ඇඟේ හැපිලා තේ එකක් මගේ අලුත්ම ෂර්ට් එකේ හැලුවා. අනපේක්ෂිත සිදුවීමෙන් ඉමහත් කෝපයට පත් සංජීව හෝටලයේ කැෂියර් කූඩුවේ සිටි මුදලාලිට තදින් දෝෂාරෝපණය කරන්නට විය.
‘වේටර්...
මුදලාලි තදින් කෑගැසීය.‘බූරුවා වගෙ ඔතන බලා ඉන්නෙ නැතුව මේ මහත්තයාට විගහට තව තේ එකක් ගෙනත් දෙනවා.’
source: silumina

හොද නම් Comment එකක් දපල්ලා ඈ..