තණමල්විල මල්

medianet85

Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    තණමල්විල මල් තොගයක් මැදවච්චියෙන් අල්ලයි

    තණමල්විල සිට මැදවච්චිය ප්‍රදේශයට ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු මැදවච්චිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

    මෙසේ අත් අඩංගුවට ගත් තිදෙනා අතර වැඩ තහනමට ලක්වු පොලිස් කොස්තාපල්වරයෙකු ද සිටින බව පොලිසිය සඳහන් කරයි. සුපිරි මෝටර් රථයකින් අදාළ ගංජා තොගය ප්‍රවාහනය කරමින් සිටියදී ඔවුන් අත් අඩංගුවට ගෙන තිබේ..

    මෝටර් රථයේ පසුපස අසුනට යටින් ඉතා සූක්ෂම ලෙස මෙම ගංජා තොගය අසුරා තිබියදී සොයාගෙන ඇති බව සඳහන් වේ. කිලෝ ග්‍රෑම් එක බැගින් බරැති ගංජා පැකට් 10ක් පොලිසිය එහි දී සොයාගෙන ඇත.

    මොවුන් දීර්ඝ කාලයක සිට මෙම ගංජා ප්‍රවාහන කටයුතුවල යෙදී සිට ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

    http://www.adaderana.lk/sinhala/news.php?nid=11009