තණමල්විල_කොල්ලෙක්_අසාර්ථකයි

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    106937086_3174998669254145_1454234218590692168_n.jpg

    🔴#තණමල්විල_කොල්ලෙක්_අසාර්ථකයි?🔴
    ===============
    “තෙරුවන් සරණයි මහත්තයා.. කාලෙකින්...“☺
    “එහෙමයි අපේ හාමුදුරුවො...
    මම මේ කතා කරේ අපේ අර බුරුමේ යන ගමන අප්‍රේල් බැරිවුනානේ...
    ඊළඟ අප්‍රේල්වත් කරමු කියන්න...“ මහත්තයා කීවේය.😐

    “ඔව් ඔව්... පැරණි ආරාමික අධ්‍යාපනය සහ පංසල වටා බැඳුනු ගම කියන එක හොදින් තවමත් බලාගන්න පුළුවන් තැනක්නේ බුරුමය.“ මම කීවෙමි.☺
    “එහෙමයි... මම හිතන්නේ තවම ඡන්ද පාවිච්චි කරන්නෙත් වත් නෑ හිමිවරු. “🤔
    “ඔව්... දේශපාලනය කරන්නෑ...
    ඡන්ද නෑ ඒ රටෙ හිමිවරුන්ට...
    ඒක හොද දෙයක් සාසනය පැත්තෙන් බැලුවාම මහත්තයා...“ මම කීවෙමි.♥
    “ගම හා දේශපාලන කියද්දි මතක් වුනේ... අපේ හාමුදුරුවො බැලුවා ද “තණමල්විල කොල්ලෙක්.. නාට්‍ය“... ඔහු ඇසුවෙය. 🤔
    “ඔව්... මම බැලුවා.. මහත්තයා මොකද හිතන්නේ...“🙄
    “මෑතකාලීනව බලපු හොඳම නාට්‍යක් හාමුදුරුවනේ...
    අපේ පැරණි ගම ඒ විදිහට ස්මතුකරලා පෙන්වනවා... අපි ඉතිං පරණ ගම්වල මිනිස්සුනේ...
    අද මෙහෙම යානවාහන තියාගෙන කොළඹ හිටියාට“ ඔහු කීවේය.👍
    "මමත් ඉතිං ගමේ ඉඳන් ආපු, තවමත් ගමක ඉන්න කෙනෙක්නේ මහත්තයා...
    ඒ අනුව බැලුවාම මම හිතන්නේ නාට්‍ය අසාර්ථකයි... දෙන්න හදපු පණිවිඩය කවුරුත් ගත්තේ නැති නිසා...“ මම කීවෙමි.🤮
    “මොකද්ද හාමුදුරුවනේ දෙන්න හදපු පණිවිඩය?“
    “මහත්තයා හිතන්නේ මොකද්ද?“🤔
    “එක්දාස් නවසිය අනූ ගණන්වල ලංකාවේ තිබුණු ගම සහ එහි පරිසරය ගැන සහ ගමෙන් එළියට ගිහින් දියුණුවෙච්චි දීප්තගේ රටාව ගැන“ මහත්තයා කීවේය. 🙂
    “ඔව් ඒ කෝණයෙන් බලන්නත් පුළුවන්...
    මහත්තයා කීවා වාගේ දීප්තගේ දියුණුව කියන කාරණය එක්ක...
    දෙන්න හදපු පණිවිඩය අසාර්ථකයි කියලා මට හිතෙනවා...“🤐
    “දීප්තගේ දියුණුව ගැන කතා කරොත් හාමුදුරුවෙනේ...
    ඒ පිටුපස ඉන්නේ ගෑනු සමූහයක්නේ...
    ඒ ගෑනු ටික උදව් කරන නිසානේ දීප්ත දියුණු වෙන්නේ...
    එතකොට හාමුදුරුවො කියන්නෙ ගෑනුන්ගෙන් උදව් අරගෙන දියුණු වෙන පණිවිඩියක් ගැන ද?“ මහත්තයා ඇසුවේය..😂
    “එතකොට මහත්තයා කියන්නේ...
    පිරිමින්ට දියුණු වෙන්න නම්...
    එක ගෑනිට වඩා උදව් හම්බෙන්න ඕනි කියලා ද?
    මා සිනා සෙමින් ඇසුවෙමි...😂🤣🤣
    “නෑ... හාමුදුරුවෙනේ...
    ඒතැන හරි විශේෂයක් තියෙනවා...
    හාමුදුරුවො කියන්න දීප්තගේ ප්‍රධාන ලක්ෂණ කීපයක් ගැන...“😒
    “අහිංසක... අවංක... ලස්සන කොල්ලෙක්...“ ♥
    “ඇත්තටම හාමුදුරුවෙන්...
    දීප්තගේ ඔය ගතිගුණ එක්ක මට මෙහෙම දෙයක් කියන්න පුළුවන්...
    ගෑනු උදව් කරන්නේ...
    ගෑනු කැමැති, තමන්ට යටහත් පහත් පිරිමින්ට කියලා...“🙄
    බොරුද බලන්න... ඒ සියලුම ගෑනුන්ට දීප්ත ගරු කරනවා... අවංකව ඉන්නවා... යටහත් පහත්ව ඉන්නවා...
    එතකොට හාමුදුරුවනේ...
    ගෑනු කැමැතියි තමන්ට යහපත් පහත් තමන් නිසා යැපෙන පිරිමින්ට...
    උදව් කරන්නේ එහෙම අයට.. “😂
    “හී... හී... මහත්තයා නම් මොකද්ද තරහක් තියෙන පාටයි...“ මම කීවෙමි.😂😂😂
    “හරි එතකොට හාමුදුරුවො කියන්නේ මොකද්ද? ඇයි අසාර්ථක..“🤔
    “මම යූ ටියුබ් එකෙන් බැලුවේ...
    මම එතැන කමෙන්ට්ස් කියවලා බැලුවා...
    කවුරුත් මේ මම කියන අදහස අරගෙන නෑ...“ 🤐
    “මොකද්ද ඒ... “ මහත්තයා ඇසුවේය. 🙄
    “අරක්කු නිසා මිනිසාගේ ඉදිරිගමන වැලකේ “ යන පණිවිඩය. ✅
    “අහ් ඒ කොහොමද හාමුදුරුවෙනේ...
    ඒකේ නාට්‍යයේ තියෙන තරමක් තිබ්බේ අරක්කු බොන දර්ශනනේ...
    ඒ කොටසකට සමහර විට අරක්කු බොන දර්ශන 3ක් - 4ක් තිබ්බා වාරවල් මට මතකයි...“ මහත්තයා කීවේය.🤮
    “ඒක තමයි මම කිවේ... කථාව අසාර්ථකයි කියලා...“🙄🤐
    “පැහැදිලි මදි හාමුදුරුවනේ...“😐
    “දැන් බලන්න...
    අංක 1. තමයි, දීප්ත අරක්කු බීලා හොදටම ආසධ්‍ය වෙලා... ආපු දවසේ... අක්කගේ අවවාදය... බොන්න එපා කියලා..🔻
    අංක 2. දම්මිගේ අවවාදය සහ ඇය බයිසිකලේ යාමත් ප්‍රතික්ෂේප කරනවා...🔻
    අංක 3. යශෝධරා අක්කාගේ අවවාදය... ‘යාලුවො හම්බෙන්න යනවානම් පොත් සහ ඇඩ්මිෂන් තියලා යන්න... වාගේ කතා.🔻
    අංක 4. නිධන් කෙරුවාව මාට්ටු වෙන්නේ... කූරා බීලා නටන පිස්සුවක් නිසා...🔻
    අංක 5. හරිම විශේෂම සිදුවීමක් තමයි “ජගත් මැරෙන්නේ බීලා හිටපු නිසා. කොහේදෝ යන රණ්ඩුවකට පැටලිලා...🔻
    අංක 6. ඒ සිද්ධිය මතක් කර කර කීප දෙනෙක්ම බනිනවා හොඳ සිහියෙන් හිටියනම් ඔහොම වෙන්නෑ කියලා...🔻
    අංක 7. යාලුවෝම ජගත්ට බොන්න එපා කියනවා... උඹ විභාගේ කරන එකා කියලා... ඒ පණිවිඩියවත් අපේ අය ගත්තේ නැ...🔻
    අංක 8. මඟුල් ගෙවල් දෙකක් තිබ්බා... ඒ එකකවත් දීප්ත බීවේ නෑ.🔻
    අංක 9. විශේෂ චරිතයක් වෙච්චි තාත්තා බොන කෙනෙක් නෙවෙයි. 🔻
    අංක 10. සිරිරතන හාමුදුරුවො ගිහි කාලේ කට්ටිය එක්ක හිටියට බොන කෙනෙක් නෙවෙයි. 🔻
    අංක 11. බීලා පංසලට ගියපු එකවතාවක්වත් නෑ... ඒ කියන්නේ ආගමික විරෝධය...🔻
    අංක 12. අඩුම ගානේ කොළඹදිවත් දීප්ත බීමට හුරු වෙන්නෑ...🔻
    අංක 13. මළගෙවල් වල දුක නැති කරගන්න තමයි පිරිමි හුඟක්ම බොන්නේ... එත් යශෝධරා මැරිලා වත් , අනික් යාලුවා බොනකොටවත් බීවෙත් නෑ.🔻
    අංක 14. පිටරට ගිහින් ඉන්න දීප්තගේ ෆිජ් එකේ අරක්කු නෑ.🔻
    අංක 15. හොදමට හයිලයිට් කරලා පෙන්වන සිද්ධියක් තියෙනවා අන්තිම කොටසේ...
    ලංකාවට එන්න සුදානම් වෙන දීප්ත, යාලුවෙ මත්පැන් වීදුරුවක් දෙනවා..
    🔻ඒ වෙලාවෙත් ප්‍රතික්ෂේප කරනවා... හොදටම බොන්න හැකියාව තිබියදී...‘♥
    “ෂහ් අපේ හාමුදුරුවො... ඔය කියන කම් මට එහෙම හිතුන්නෑනේ...“🙏
    “ඒක තමයි මම කීවේ අසාර්ථකයි කියලා....“ 🙄
    “ඒ ඇයි අපේ හාමුදුරුවනේ...“😏
    “හැම කොටසකම අරක්කු බොන දර්ශනයක් දෙකක් තියෙනවා මයි...
    දැන් බලන්න... කුඹියො නාට්‍ය.. මුළු නාට්‍යයටම අරක්කු බොන දර්ශන 5ක් වත් නෑ මයේ හිතේ.
    නාට්‍ය දෙකම දුවන්නේ බුද්ධිමතුන් දෙන්නෙක් මත. එතකොට ඒ දෙන්නාම අරක්කු බොන්නෑ. 😐
    කුඹියො එකේ තිබ්බ උත්තේජනය වෙනම එකක්නේ. දේශපාලනය. හොදට කතා කරා. මෙකෙත් එහෙමයි. එත් පතෝලයා අරක්කු බීලා කතා කරන දේශපාලන කතා, හරි අපූරුවට බොන්නේ නැතුව ‘ජෙහාන් කියන්නේ...🙄
    ඒකයි මම කියන්නේ අසාර්ථකයි කියලා...
    “එහෙමයි....‘🙏
    “ඊළගට... හැම තැනටම සිරිරතන හාමුදුරුවො හරහා පහර ගැහුවා... ආගමික සාමාජීය දේවල් වලට.
    කුල වාදයට, ධනවත් හිමිවරුන්ට, මිනිස්සුන්ගේ මිත්‍යා දෘෂ්ටි වලට...
    නමුත් අරක්කු බීමට එරෙහිව එක වචනයක් බුදුබණෙන් කියන්නෑනේ සිරිරතන හාමුදුරුවො...
    හැම දේටම බුදු බණෙන් මොකක් හරි කියන සිරිරතන හාමුදුරුවො... 🤐අරක්කුබීම ගැන මුළු කතාව පුරාවටම එකම එක අවවාදයක් වත් දෙන්නේ නැ. 🤐
    “කැලුම්සිරි මහණවීමම... සාසනික කුල ප්‍රශ්නය ගැන කතා කිරීමක්නේ නේද අපේ හාමුදුරුවො...“ මහත්තයා කිවේය. 👍
    “අනිවාර්යෙන්ම... ඒ වාගේ ගොඩාක් බෞද්ධ සංකල්ප තොගයක් තියෙනවා. මම හිතන්නේ බෞද්ධ සංකල්ප එච්චර තොගයක් එකවර කතා කරපු එකම නාට්‍යයට ද මන්දා මෑත කාලීන. හැබැයි අරක්කු බීම හෝ සිගරට් බීම ගැන කෙලින් කතා කරේම නෑ...
    “එහෙමයි...“ 🙏
    “පතෝලයා කියනවා එක අවස්ථාවක “මාසෙකට සැරයක්වත් මේ ලමයින්ට කටට රහට කෑමක් නැ කියලා. නමුත් වැලි ගොඩදාපු ගමන් බෝතලයක් ගෙන්න දුවන්නේ... ඉතිං අද මිල කීයද මහත්තයා ගල් බෝතලයක්...?😅
    “3000ට වැඩි හාමුදුරුවෙනේ...🤨😐
    “එකනේ ඒක අදට ගලපලා බැලුවොත් රයිස් 6ක් ගන්න පුළුවන් සල්ලි. එතකොට රු. 3000ට ගෙදරට එළවළු බඩු අපූරුවට ගන්න පුළුවන් දවස් 5 විතර හොදට කන්න. හැබැයි පතෝලයා සතියට දෙතුන් පාරක්ම අරක්කු බොනවා...“ 🤐
    “එතකොට හොඳට පේනවා, නාට්‍යයේ කියන විදිහට සමාජ ක්‍රමයේ නෙවෙයි අවුල...
    බීමත් කමේ.... අනික හැමදාම අසිහියෙන් නින්දට ගිහින්...
    වෙරිමතේ නැගිටින මිනිස්සුන්ට මොන ආර්ථික දියුණුවක් ද මහත්තයා...“ 🤐
    “එහෙමයි...“🙏
    “නොයෙකුත් අය නොයෙකුත් දෘෂ්ටියෙන් කතාව බැලුවත් මට පෙන්නේ... බොන අය අතර, නොබී සිටපු, කැලුම් සිරි, දීප්ත වාගේ අයගේ දියුණුව තමයි කතාවෙහි හරය. ලෝකොත්තර දියුණුව කැලුම් සිරි. ලෞකික දියුණුව දීප්ත...“🙏✅
    “ෂහ් හාමුදුරුවො ඒක නම් අපූරු විග්‍රහයක්,
    මෙලොව දියුණුව දීප්ත,
    පරලොව දියුණුව කැලුම්සිරි...“
    ඒ නොබීම නිසා...
    නේද අපේ හාමුදුරුවනේ...“♥
    “හරියට හරි මහත්තයා...“ අන්න ඒ පණිවිඩිය කවුරුත් ගත්තේ නෑ.
    පිරිමි කම කියන්නේ, “බොන යාලුවො රොත්තක් මැද, බොන්න සල්ලි තියෙද්දි, නිදහස තියෙද්දි, හැකියාව තියෙද්දි, ගන්න පුළුවන් කම තියෙද්දි නෝබී ඉන්න එක කියලයි දීප්ත අන්තිම කොටස දිත් ඉගැන්වූයේ. “✅
    “එහෙමයි... හරියට මම, සහ ඔබවහන්සේ වැනි අය“ ♥
    “ අන්න හරි. හැකියාව මුදල් තිබියදී නොබී ඉන්න අපි වාගේ අය. නමුත් යු ටියුබ් කමෙන්ට් බලද්දි නම් ඒ බවක් පෙන්න නෑ මහත්තයා... හැමෝම බොන එක වර්ණානා කරනවා විතරයි. 🤐
    “ඇත්තටම ගම දියුණු නොවීමේ, ප්‍රධාන හේතුව අරක්කු - සිගරට්“ 😐
    ---------------
    🔴සතියකට එක වතාවක් හෝ දෙකක් මගෙන් සමහර බිරින්දෑවරු සහ මව්වරු මා අමතා විමසනු ලබන්නේ...
    “ හාමුදුරුවනේ බීම නවත්තන්න ක්‍රමයක් තියෙනවාද? ගංජා ගහන එක නවත්තන්න ක්‍රමයක් තියෙනවාද “ ආදී වශයෙනි.
    🔴අධික බීමත් කම හා කුඩු අයිස් වැනි ද්‍රව්‍යයන් හට, කවරෙකුවත් එකව වර ඇබ්බැහි වන්නේ නැත. සිගරට් අරක්කු දෙක මූලික අඩිතාලම වේ. පසුව ගංජා අයිස් කුඩු වැනි ද්‍රව්‍ය වලට ඇබ්බැහි වේ. ඒ නිසා දුක්විඳින කාන්තාවන් හා දරුවන් මම අපමණ දැක ඇත්තේමි.
    🔴සිඟාලෝවාදයේ සුරාව පිළිබඳව මෙසේ දැක්වේ.
    ‘‘ඡ ඛොමෙ, ගහපතිපුත්‌ත, ආදීනවා සුරාමෙරයමජ්‌ජප්‌පමාදට්‌ඨානානුයොගෙ. සන්‌දිට්‌ඨිකා ධනජානි, කලහප්‌පවඩ්‌ඪනී, රොගානං ආයතනං, අකිත්‌තිසඤ්‌ජනනී, කොපීනනිදංසනී, පඤ්‌ඤාය දුබ්‌බලිකරණීත්‌වෙව ඡට්‌ඨං පදං භවති.
    🔻1. ක්ෂණිකව ම සිදුවන ධන හානිය
    🔻2. වියවුල් අධික වීම
    🔻3. සෞඛ්‍ය පරිහානිය ට පාදකවීම
    🔻4. අපකීර්තිය ට ලක්වීම
    🔻5. අසභ්‍යචර්ය්‍යාවන්ට පෙළඹීම
    🔻6. චින්තන ශක්තිය පිරිහීම
    🔴භෝග විනාශය හෙවත් ධන විනාශ මුඛයෙහි පළවෙනි දොරටුව ද සුරාව වේ.
    ✅ව්‍යග්ඝපජ්ජ සූත්‍රය අනුව ද සුරාව ධන විනාශ මුඛයකි.
    ✅නොකළ යුතු වෙළාදාම් 5න් එකක් වන්නේ ද මත්ද්‍රව්‍ය.
    මෙතරම් කරුණු තිබියදී සිරිරතන හිමියන් එකඳු බණපදයක් වත් සුරාව ගැන කියන්නේ නැත. 🙄
    🔴පහුගිය වතුකර කම්කරු රු. 1000 සම්බන්ධ ගැටලුවේදී වතුකරයේ දුගීකම පිළිබඳ ලිපියක් දුටුවෙමි. ඒ අනුව වතුකර කම්කරුවන් 104% මත්පැන් සඳහා මුදල් වියදම් කරනු ලැබේ. එනම් ණයටත් 4% ගෙන අරක්කු බීමට යොදවයි. එසේහෙයින් දුගීබව සැමදා පවතී.
    🔴රු. 35000ක් පඩි ගන්නා ගුරුවරු ද අලංකාර නිවාස සාදාගෙන යානවාහන සහිතව ජීවත් වේ. එනමුත් දවසකට රු. 2000ක් ගන්නා ගෙවල් සැදීමට අත් උදව් දෙන්නෙකු මාසෙකට 60000ක් ඉපැයීමක් කළ ද ඔවුන්ගේ දියුණුවක් නැත. හේතුව සුරාව වේ.
    🔴අරක්කු නිසා වැළදෙන රෝග සංඛ්‍යාව ද 320ට වැඩිය.
    🔴බීමතින් රියපැදවීමනිසා වසරකට සිදුවන මරණ ප්‍රමාණය 2800ට වැඩිය.
    🔴ගෘහස්ථ හිංසනයන්ට ද අතිශයින්ම මඟ පාදන්නේ සුරාවය.
    🔴✅එබැවින් “තණමල්විල කොල්ලෙක්“ ගේ පාඩම නිවැරිදිව උගනිමු.🤐
    ------------
    2020.06.28
    🌹🌹🌹
    (හෙරලි.)
    ‍හෙරලියාවල රතනතිස්ස හිමි.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    දෙවෙනි ඉනිම උඩ දාගෙන බලන ඒ ජරාවෙ තලු මරන තට්ට පකාලා කලාතුරකින් හොදයි කියන්න පුලුවන් කතාවක් ආවම ඒක අසාර්තකයිලු. තට්ට්යො, ඒක කතාවක්. ඒක මේ ස්පිල්බර්ග්ගෙ ෆිල්ම් එකක් ගානට දාගෙන හැමිනෙන්නෙ නැතුව ඉන්න කියපන් ඔය හෙරලි තට්ටයට.
     

    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    දෙවෙනි ඉනිම උඩ දාගෙන බලන ඒ ජරාවෙ තලු මරන තට්ට පකාලා කලාතුරකින් හොදයි කියන්න පුලුවන් කතාවක් ආවම ඒක අසාර්තකයිලු. තට්ට්යො, ඒක කතාවක්. ඒක මේ ස්පිල්බර්ග්ගෙ ෆිල්ම් එකක් ගානට දාගෙන හැමිනෙන්නෙ නැතුව ඉන්න කියපන් ඔය හෙරලි තට්ටයට.
    Uba meka full kiyewwada
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    Uba meka full kiyewwada
    ඔව් කියෙව්වා. මූත් අර තණමල්විල කොල්ලෙක් ෆෑන් බේස් එකෙ වහල් බල්ලෙක් වගෙ පතරංග ජාතක ලියලා. හොද කතාවක්, දැන් ඒක ඉවරයි. ඒක අමතක කරලා යුනිකෝඩ් නාස්ති නොකර ඉන්න කියපන් ඔය තට්ටයට.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Meeta wada hodai kuhaka lapakotage kathawak damma nam .kohomath drama balanne na godak ewun. oya dote inna jvp karayo wage un tama godak owa balanne Anura kumarage kathwak wagema diga nisa :D :yes: ;) :D
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    Meeta wada hodai kuhaka lapakotage kathawak damma nam .kohomath drama balanne na godak ewun. oya dote inna jvp karayo wage un tama godak owa balanne Anura kumarage kathwak wagema diga nisa :D :yes: ;) :D

    "kuhaka lapakota".. yeka maru wachana deka. aasawe be..

    kuhaka lapakota
    kuhaka lapakota
    kuhaka lapakota
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Ape rate dilindukamata mulika hethuwa beemathmaka thamai. Nethuwa minissun salli upayanne nethi kama nowe.
    Me telenattiye ema paniwidaya anthargathawa thibunath ..eya niweradiwa ismathuwee prekshaka manasata nogiyenam ??

    ...............Prekshakayada asarthakai.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,500
    113
    මටනම් තණමල්විල කොල්ලෙක් එකේ එකම හොඳේ තමයි බැරි බැරි ගාතේ කතාව ඇදගෙන යන්නේ නැතුව හරි කොටස් ගානකින් ඉවර කරපු එක. කතාවේ නම් ගන්න තරම් දෙයක් නෑ
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඔච්චර එකක් කියවන්න කම්මැලි... මොකක්ද වෙලා තියෙන්නේ
    :sorry: :rofl: