තත්පරයකට දැනෙන දේවල්...

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    තත්පරයකට දැනෙන දේවල්


    තත්පරයක් දෙකක් තුනක්
    සිතුම් පැතුම් ටිකක් ගොඩක්
    මට ඕනේ නෑ අරකක් මේකක්
    ඇයි මට එපා වෙන්නේ දේවල්

    අමාරුවෙන් උදේම මලකුන අවදිකර
    බලෙන්ම දියුනුවට සිත යොමු කර
    තත්පරයක් දෙකක් ඉද හිට නැවතී
    බලයි මම මාව වෙලා ඉවරයි බොරුව

    ඉරට සදට අප අපවම උපමා කර
    අපගේම ලස්සන අවලස්සන දැක
    මේ මගුල අස්සේම අපි අපිම සමග
    හපොයී යකෝ මොන මගුලක්ද මෙය

    සතුටත් බොරුවක් මට වෙලාවකට
    හිතලා මම සතුටු වෙනවා වෙලාවකට
    කාලෙකින් සතුටු වෙන්නට වෙලාවකට
    වෙලාවක් වෙන් කර ගෙන ඉන්නවා වෙලාවකට

    මල්ලි මමයි තනියම
    දැන් හරියටම අවුරුදු හතරක් විතර
    මතට තිත රාගයට නෑ ඒ තිත
    හිතනවා අඩෝ ආතල් නේ මේක

    ලොකයෙන් ඇත්තටම යන්න පුලුවන්නම්
    මමත් දැන් ගිහින් ගොඩාක් කල්
    ඇති දේකුත් නෑ රකින්නට වටින
    යන්නට හැකි දමා මේ ඔක්කොම

    හපොයි තෝ ගියාද පරයෝ වල් කමේ
    හිමියන් දෙසූ දහම කෝ තොගේ
    අම්මා ඇහුවා දත් කා පොලිසියේ
    පොඩි හිමියෝ වැඩ වුන්නේ එහා ඇදේ

    .....A/l කාලේ නිකන් වචන ටිකක් හිතිලා ලිව්වා.. අද ආයේ හම්බුනා..