තත්පර 60කදී 1,572,877GB

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
අන්තර්ජාලය තුල දෛනිකව හුවමාරුවන දත්ත හා තොරතුරු ප්‍රමාණය අතිමහත් ය. ඒ අතුරින් විනාඩියක් තුල අන්තර්ජාලය හරහා සිදුවන දත්ත හා තොරතුරු ප්‍රමාණය පිළිබඳ සංක්ෂිප්ත සටහනක් පහත දක්වා ඇත.

මිනිත්තුවක් තුල අන්තර්ජාලයේ හුවමාරුවන දත්ත ප්‍රමාණය ගණනින් 1,572,877GB වේ.

වෙළද දැන්වීම් මිලියන 10ක් ප්‍රචාරය වේ. ට්විටර් වෙබ් අඩවිය හරහා විනාඩියකට ට්විටර් පණිවුඩ 347,222 ක් මුදාහැරේ.

ෆේස්බුක් වෙබ් අඩවිය හරහා නිකුත් කෙරෙන වෝල් පෝස්ට් ප්‍රමාණය මිලියන 3.3ක් වන අතර හුවමාරුවන පුද්ගලික පණිවුඩ ප්‍රමාණය මිලියන 6.9 කි.

අන්තර්ජාලය හරහා හුවමාරුවන දත්ත තොරතුරු අතරින් හරි අඩක් යූටියුබ් සහ නෙට්ෆ්ලික්ස් හරහා හුවමාරුවන දත්ත වේ. (නෙට්ෆ්ලික්ස් යනු රූපවාහිනි වැඩසටහන් නැරඹිම සඳහාම වෙන්වූ වෙබ් අඩවියකි. දැනට මෙම වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුල නිසි පරිදි ක්‍රියාත්මක නොවේ.

චීන සම්භවයක් සහිත ඔන්ලයින් බිස්නස් වෙබ් අඩවියෙ වැඩකරන දිනක දී විනාඩියක් තුල වෙළඳ අදායම ඇමරිකානු ඩොලර් මිලියන 400 කි.

අන්තර්ජාලයේ විශ්වකෝෂ ලෙස පිළිගැනෙන විකිපිඩියා හි විනාඩියක් තුල පරිශීලනය වන වෙබ් පිටු ගණන 438,801 කි.

විනාඩියට හුවමාරු වන කෙටි පණිවුඩ (SMS) ප්‍රමාණය මිලියන 34.7 කි.

වීචැට් (weChat) හරහා හුවමාරු වන පණිවුඩ ප්‍රමාණය මිලියන 10 කි.

ජංගම දුරකථන සදහා බාගත කර ස්ථාපනය කරනු ලබන ඇප්ස් ගණන 194,064 කි.

අන්තර්ජාල වෙළඳාම හරහා ඇමසන් වෙබ් අඩවිය විනාඩියකදී සිදුකරන ගනුදෙනු වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 133,436 කි

පැන්ඩෝරා වෙබ් අඩවිය හරහා විනාඩියක් තුල ධාවනය වන සංගීත කණ්ඩ ප්‍රමාණ තනි පුද්ගලයකු ශ්‍රවනය කරන්නේ නම් ඒ සඳහා පැය 31,773 ගතවේ.

ඉන්ස්ටග්‍රැම් සමාජ වෙබ් අඩවියට අලුතින් එකතුවන ජායාරූප ගණන 38,194 කි.

පින්ටරෙස්ට් (Pinterest) වෙබ් අඩවියේ වෙබ් පිටු 57,870 ක් විනාඩියක දී පරිශීලනයට ලක්වේ

ගුගල් වෙබ් අඩවිය හරහා මිනිත්තුවකට මිලියන 4.1 සෙවුම් ප්‍රමාණයක් සිදු කරනු ලබයි.

විනාඩිය ට යූටියුබ් වෙබ් අඩවියට අලුතින් එක්වන විඩියෝ ප්‍රමාණය නැරඹීමට පැය 100ක් ගත කළ යුතු අතර පැය 138,889 කට අදාල විඩියෝ ප්‍රමාණයක් විනාඩ්යක් තුල නරඹනු ලබයි.

නෙට්ෆ්ලික් වෙබ් අඩවියේ විනාඩියට නරඹන විඩියෝ ප්‍රමාණය එක් පුද්ගලයකුට නැරඹිට පැය 23,148 ක් ගත වේ.


Source: facebook
 

ErnE

Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    avatar458219_1.gif